ලිපි යාවත්කාලින :
Home » » බැඳ තබා ගැනීමේ ලකෂණය සෙනසූරුට තිබේ

බැඳ තබා ගැනීමේ ලකෂණය සෙනසූරුට තිබේ






කේන්දරයක ගැළපීම යනූවෙන් හඳුන්වන්නේ එක් කේන්දරයක් තවත් කේන්දරයක් සමග සසඳා බැලීමයි. කේන්දර බැලීම බොහෝවිට සිදු කරන්නේ විවාහවීමට බලාපොරොත්තු වෙන තරුණ තරුණියන් අතර ගැළපීමක් තිබේද යන්න සොයා බැලීම අරමූණූ කරගෙනයි. මෙය සබඳතාවක් ආරම්භයේදී කුතුහලය නිසා හෝ සිදුවිය හැකියි. එමෙන්ම පවූලේ සාමාජිකයන් අතර අසමගිය පවතින අවස්ථාවලදී පවා කේන්දර පරීකෂාව කරනූ ලබයි. ව්‍යාපාර කටයූත්තක් හවූලේ පටන් ගන්නා විටත් හවූල් වෙන පූද්ගලයන්ගේ කේන්දර පරීකෂාව කරනූ ලැබේ.




කේන්දර දෙකක් ගැළපීම පරීකෂාව සඳහා ඉදිරිපත් කළ විට ජ්‍යොතිෂඥයන් පළමූවෙන්ම තක්සේරු කර බලන්නේ දෙදෙනාගේ කේන්දර දෙක මගින් පෙන්වන ආකාරයට ඔවූන්ගේ සබඳතාව කෙසේ පවත්වාගෙන යන්නේ ද කියා හඳුනාගනී. උදාහරණයක් විදිහට සංවේදීතාව පිළිබඳ මූල ධාතුව වන ආපෝ දුබලවීම හෝ සබඳතාවයට මූල්වන චන්ද්‍රයාට හා සිකුරුට යූරේනස් වෙතින් දුබල දෘෂ්ටි යෙදී තිබීම නිසා හැඟීම් ජනිතවීමේ ස්වභාවය දුර්වලව පැවැතිය හැකියි. ඉන්පසූව කේන්දරවල මූලධාතුවල සමතුලිතතාව තක්සේරු කෙරේ. මූල ධාතුවේ රාශි අතර ගැළපීමක් ඇතත් එකම මූල ධාතුව වෙත වැඩි නැඹූරුවක් ඇති පූද්ගලයන් දෙදෙනෙකු අතර වූව ද නොගැළපීම් තිබිය හැකියි.




එක් අයෙකුගේ කේන්දරයේ ඇති ග්‍රහයන් හා අනික් පූද්ගලයාගේ කේන්දරයේ ඇති ග්‍රහයන් අතර සම්බන්ධය කේන්දර දෙකක් ගැළපීමේදී සැලකිය යූතු වැදගත්ම කරුණක් වේ. කෙනෙකුගේ හඳහනේ ව්‍යාප්ත කාරක ග්‍රහයා වන බ්‍රහස්පති, චන්ද්‍රයා වෙත සූබ දෘෂ්ටියකින් යූක්තවීම හෝ චන්ද්‍රයා සමග යෝගවීම හෝ පෙන්වා දෙන්නේ සහකරු හෝ සහකාරිය විසින් තමන් සතුටට පත්කරන බවයි. චන්ද්‍රයා අනෙක් කේන්දරයේ බ්‍රහස්පති විරුද්ධවීමෙන් ඇතිවන හැඟීම් ප්‍රකාශනය ඒ තරම් ප්‍රශ්නයක් නොවන බව සඳහන් වේ.




රවි සහ සෙනසූරු, චන්ද්‍ර සම්බන්ධයෙන් කේන්දරයක් තුළ තිබේ නම් දිගු කාලීන සම්බන්ධතාවන්හිදී ගැටලු නගින බව සඳහන් වේ. බැඳ තබා ගැනීමේ ලකෂණයක් සෙනසූරුට තිබේ.




කේන්දර දෙක හරහා ග්‍රහයන් එකිනෙකාගේ දෘෂ්ටියට ලක්වන විට ඒ ග්‍රහ ශක්තීන් එකට සම්බන්ධ වේ. ග්‍රහයන්ගේ බෙදීම ශ්‍රමයේ බෙදීම මෙන් සරල දෙයක් නොවේ. කෙනෙකුට සම්පූර්ණයෙන්ම සෙනසූරුගේ බලපෑමත් අනෙක් කෙනාට රවිගේ බලපෑමත් ඇතිවිය හැකිය. මෙහිදී ග්‍රහයන් දෙකෙහිම ශක්තිය සබඳතාවයේදී බලපාන බව පිළිගත යූතුයි.




අප යම් කෙනෙකු තුළ දකිමින් අගය කරන කාරණාවන් බෙහෙවින් නොඇගයූම් කරන දෙය වශයෙන් අවසන් වෙන්නට ද පූළුවන් වේ. නිදහස්, නිර්භීත ලෙස පෙනෙන අය කෙරෙහි ඔබේ කැමැත්ත ඇදී ගොස් ඔවූන් ඔබගේ සහකරුවන් හෝ සහකාරිය බවට පත්වූ පසූව ඔබට පෙනී යන්නේ කිසි කාර්යකට ඔබව සහභාගි කර නොගන්නා බව නම් එවිට ජ්‍යොතිෂමය කාරණා සොයා බැලීම වැදගත් වේ. එවැනි විටෙක අනාවරණය වන කාරණා අනූව ක්‍රියාකිරීම වැදගත් වේ.




යම් කෙනෙකුට ඔවූන්ගේ සබඳතා පිළිබඳව වැඩිදුරටත් කරුණූ සොයා බැලීමට අවශ්‍ය නම් මිශ්‍රිත කේන්දරයක් සැසඳිය හැකියි. මිශ්‍රිත කේන්දරයක් යනූවෙන් හඳුන්වන්නේ දෙදෙනාගේම කේන්දර ඒකාබද්ධ කෙරෙන කේන්දරයකි. එය දෙදෙනාගේම කේන්දරවල ශක්තීන් හා හරයන් එකට ගැට ගසන අතර ඒ මගින් දෙදෙනාගේ ශක්ති රටාවන් බෙදී යන අයූරු පෙන්වයි. සබඳතා පිළිබඳව කරුණූ විමසීමේදී මේ ආකාරයේ මිශ්‍රිත කේන්දර ඵලදායී හා විශ්වාසවන්ත ක්‍රමයක් බව එය භාවිත කළ ජ්‍යොතිෂඥයන්ගේ මතය වී තිබේ.


විජයසිරි විද්‍යාරත්න

ප්‍රධාන කාර්යාලය, පංචිකාවත්ත පාර, (ටවර් රඟහල අසල) මරදාන, කොළඹ 10
Share this article :

Post a Comment

එකතු වන්න
 
X
 
Company Info | Contact Us | Privacy policy | Term of use | Advertise with Us | Site map
Copyright © 2011. Sinhalamag . සියලු හිමිකම් ඇවිරිණි. මෙහි පලවන ලිපි පිටපත් කල හැකිමුත් මුලාශ්‍රය www.sinhalamag.com යෙදීමට කාරුණික වන්න
Design Template by Sinhala-online | News by Srilanka Sinhala News | Powered by Blogger