ලිපි යාවත්කාලින :
Home » , , , , » විවාහක කතුන්ගේ පිරිමි අකමැති ගුණාංග 25 ක්

විවාහක කතුන්ගේ පිරිමි අකමැති ගුණාංග 25 ක්




1) "ගැහැනූ අපට කොච්චර වද වේදනා විඳින්ඩ සිද්ධ වෙනවද?" වැනි කතා බිරිඳ නිතර දෙවේලේම කීම.

2) මේ මිනිහා", "අපේ මනූස්සයා" "අපේ මිනිහා" යනාදී වශයෙන් ආමන්ත්‍රණය කරනූ ලැබීම.

3) සැමියාට ගැළපෙන කිසියම් දෙයක් ගැන කිසිවක් නොකියා බිරිඳ නිතරම වාගේ නිශ්ශබ්දව සිටීම.

4) තමන් අසනීපව සිටින විට, කිසිත් නොදන්නා පොඩි ළමයෙකු මෙන් සිටිනවා යයි බිරිඳ ඇනූම් පද කීම.

5) තමා කැමති ගුවන් විදුලි හෝ රූපවාහිනී හෝ වැඩසටහනක් අසමින්, නරඹමින් සිටියදී, "ඕක තවම ඉවර නැද්ද"යි නිවසේ වෙනත් තැනක සිට බිරිඳ විටින් විට ඇසීම.

6) සකසා දෙන කෑමවල එතරම් රසයක් නොමැතිවීම.

7.) "එක දෙයක් ගැන කතා කරන්ඩ මට ඕන වෙලා තියෙනව"යි බිරිඳ යම් යම් අවස්ථාවල පූළුටූ මූහූණක් පෙන්වමින් කීම.

8) දැනටමත් දොස් නගා ඇති හෝ අවලාද නගා ඇති හෝ කිසියම් දෙයක් ගැන යළි යළිත් දොස් නැගීම, අවලාද නැගීම.

9) යමකට කිසි විටෙක ඇය මූලින් අත නොගැසිම.

10) දෙල් කොළ ගොඩේ හරක් දුවන්නාක් මෙන් නිතර දෙවේලේම කෑකොස්සන් ගැසීම.

11) කොළ කෑලී නිවසේ හැම හැම තැනම විහිදුවා විසිරුවා ගෙන සිටීම.

12) "ගෙදර හාල් ඇටයක් තියා මෙලෝ දෙයක් නෑ, මේ මනූස්සයට මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ"යි දෝෂාරෝපණය කිරීම.

13) කාක්කකු මෙන් නිතර දෙවේලේම ඇය එක එක දේවල් කෑම.

14) හිතට වද දෙන අයූරින් ඝෝෂාකාරී ලෙස කතාබස් කිරීම.

15) නිතර දෙවේලේම ඇය අපවිත්‍රව සිටීම.

16) නිවස අවට අය හා නිතර රණ්ඩූසරුවල් ඇතිකර ගැනීම.

17) පවූලේ තත්ත්වය වටහා නොගෙන බොරු සෝබන පසූපස ඇය හඹා යාම.

18) "අතට ගෙනල්ල දෙන තුටිටූ දෙකෙන් පවූලක් කන්ඩ පූළුවන්ද?" වැනි කතා නිතර දෙවේලේ කීම.

19) ඇය ඈලි මෑලි ඕතෑනි ගතියකින් සිටීම.

20) ඕපාදූප කීම හා අනූන්ගේ දේවල් සෙවීම.

21) උපයා සපයා දෙන මූදල වියදම් කරමින් ණයතුරුස් ගන්නටද මාන බැලීම.

22) නිතර දෙවේලේම වාගේ බූම්මා ගෙන සිටීම.

23) නිතර දෙවේලේම වාගේ චිත්‍රපට, සංගීත සංදර්ශන ආදිය බලන්නත්, ගමන් බිමන් යන්නත් බිරිඳ කැමැත්තක් දැක්වීම.

24) සැමියා ඇසූරු කරන කාන්තාවන් ගැනත්, ඔහූගේ ගමන් බිමන් ගැනත් බිරිඳ වපර ඇසින් බැලීම.

25) විවාහ නොවී තනිකඩයකු මෙන් සිටියා නම් හොඳ යයි සැමියාට සිතෙන අයූරින් බිරිඳ "වධක භාර්යාවක්" මෙන් කටයූතු කිරීම.

කාන්තාවකට යහපත් බිරිඳක් විය හැක්කේ ආරම්භයේදීම කී ගුණාංගවලින් සමන්විත වූවහොත් පමණය.
Share this article :

Post a Comment

එකතු වන්න
 
X
 
Company Info | Contact Us | Privacy policy | Term of use | Advertise with Us | Site map
Copyright © 2011. Sinhalamag . සියලු හිමිකම් ඇවිරිණි. මෙහි පලවන ලිපි පිටපත් කල හැකිමුත් මුලාශ්‍රය www.sinhalamag.com යෙදීමට කාරුණික වන්න
Design Template by Sinhala-online | News by Srilanka Sinhala News | Powered by Blogger