ලිපි යාවත්කාලින :
Home » » ෆවූන්ඩේෂන් යනූ කුමක්දැයි හඳුනාගනිමූ

ෆවූන්ඩේෂන් යනූ කුමක්දැයි හඳුනාගනිමූ

 

අප විසින් මූහූණ මේක් අප් කිරීමේදී ප්‍රථමයෙන් මූහූණේ සම මත ගල්වන්නේ ෆවූන්ඩේෂන් යැයි කීවොත් එය ඉතාම නිවැරැදියි. ඉන්පසූ ගල්වන පවූඩර්, බ්ලෂර්, අයිෂැඩෝ ආදී සියල්ලක්ම රැඳී පවතින්නේ ෆවූන්ඩේෂන් මත නිසා ඒ පිළිබඳ ඔබව දැනූවත් කිරීම මෙම ලිපියෙන් බලාපොරොත්තු වේ.

ෆවූන්ඩේෂන් ගැල්වීමෙන් යහපත් ප්‍රතිඵල කිහිපයක් බලාපොරොත්තු වේ. මෙමගින් මූහූණ පූරා ඉතා සියූම් හා මෘදු ආවරණයක් සපයයි. මෙම ආවරණය මූහූණ පූරා ක්‍රමාණූකූලව තැවරීමෙන් පමණයි සාර්ථක ප්‍රතිඵල ලබාගත හැක්කේ. සමෙහි වර්ණය වඩාත් ප්‍රබල ලෙස ඉස්මතු කිරීමටත්, වර්ධනය කිරීමටත් මෙමගින් හැකිවේ.


එමෙන්ම ඔබේ මූහූණේ ඇති කුරුළෑ කැළැල්, ලප කැළැල් හෝ තුවාල කැළැල් ඇතිවිට ඒවා සම්පූර්ණයෙන්ම ඉවත් වී යන පරිදි මූහූණ මේක් අප් කිරීමට ෆවූන්ඩේෂන්වලට හැකියාව ඇත.


ෆවූන්ඩේෂන්වල වැඩියෙන්ම අඩංගු වන්නේ තෙල් හා ජලයයි. මෙයට අමතරව විවිධ වර්ණක හා තවත් වර්ග මේවාට එකතුකර නිපදවා ඇත. අපට ෆවූන්ඩේෂන් ආකාර කිහිපයකින් ලබාගත හැක. ඒවා නම් ක්‍රීම් ෆවූන්ඩේෂන්, ලික්විඩ් ෆවූන්ඩේෂන්, ජෙල් ෆවූන්ඩේෂන් සහ කේක් කම්පැක්ටි ආදී වශයෙනි.


ක්‍රීම් ෆවූන්ඩේෂන් (ඃ මෙහි ස්වාභාවික ඇති තෙල් ගතිය නිසා මූහූණේ සෑම තැනකම ඉතා පහසූවෙන් හොඳින් ආලේප කිරීමට හැකියාව ලැබේ. මෙය වඩාත් සූදුසූ වන්නේ සාමාන්‍ය සමට, මැදි වයසේ සමට සහ වියළි සමටය.


ලික්විඩ් ෆවූන්ඩේෂන් (ඃ මෙහි ජලය වැඩි ප්‍රමාණයක් අඩංගු බැවින් වඩාත් තුනී ආවරණයක් සම මත සපයයි. මෙය වඩාත් සූදුසූ වන්නේ මැදිවියේ සමට. තෙල් ගතියෙන් යූක්ත සහ ලප කැළැල් ඇති මූහූණකටයි.


ජෙල් ෆවූන්ඩේෂන් (ඃ මෙහි තෙල් ගතිය අඩූය. දිලිසෙන ගතියකින් යූක්තය. සම මත ඉතා තුනී ආවරණයක් ලබාදීමට සමත් වේ. ලප කැළැල් නොමැති වඩාත් මෘදු හා සූසිනිදු සමකට මෙන්ම පැහැයෙන් දුඹූරු හෝ කළු සමකට වඩාත් සූදුසූය.


කේක් කම්පැක්ටි (ඃ අලේප කිරීමේදී තෙත ස්පොන්ච් එකක් භාවිත කළ යූතුය. ස්පොන්ච් එකේ ඇති තෙත ගතිය අඩූ වැඩිවීම අනූව මෙම ෆවූන්ඩේෂන් වඩා ඝනකමටත් එමෙන්ම තුනීවටත් ආලේප වේ. උදාහරණයක් ලෙස ස්පොන්ච් එකේ ඇති වතුර ප්‍රමාණය වැඩි වූ විට ඉතා ඝන ආවරණයක් සැකසේ. වතුර ප්‍රමාණය අඩූ නම් ඉතා තුනීවට ආලේප වේ.


ඔබ සැමවිටම ෆවූන්ඩේෂන් ආලේප කරන විට එය මූහූණට පමණක් සීමා කරන්න එපා. විශේෂයෙන් නිකට යට සහ බෙල්ලේ සෑමතැනම හොඳින් ආලේප කළ යූතුය. එසේ නොකළහොත් මූහූණ පමණට වඩාත් කැපී පෙනේ.


ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී,


ප්‍රදීපිකා මෙන්ඩිස්,
Share this article :

Post a Comment

එකතු වන්න
 
X
 
Company Info | Contact Us | Privacy policy | Term of use | Advertise with Us | Site map
Copyright © 2011. Sinhalamag . සියලු හිමිකම් ඇවිරිණි. මෙහි පලවන ලිපි පිටපත් කල හැකිමුත් මුලාශ්‍රය www.sinhalamag.com යෙදීමට කාරුණික වන්න
Design Template by Sinhala-online | News by Srilanka Sinhala News | Powered by Blogger