ලිපි යාවත්කාලින :
Home » , » ෆිෂ් කේක් ඉන් මෂ්රූමි සෝස්

ෆිෂ් කේක් ඉන් මෂ්රූමි සෝස්


අවශ්‍ය ද්‍රව්‍ය 


සූදුවට හූරු මාළු ග්‍රෑම් 500 (පරා, තලපත්, ගල් මාළු වැනි)


ගොරකා කැබලි 1ඃ2


ලුණූ ස්වල්පයක්


කහ ස්වල්පයක්


දෙහි යූෂ ස්වල්පයක්


සාදන ක්‍රමය

මාළු කැබලි ටික ලුණූ, කහ, දෙහි යූෂ හා ගොරකා සමග හොඳින් අත ගා පැය භාගයක් තිබෙන්නට හරින්න. පසූව වතුර ස්වල්පයක් (කෝ. 1-2 පමණ) දමා තම්බා ගන්න. පසූව මාළු කටූ හා සම ඉවත් කර පොඩි කරගන්න.)


අල ග්‍රෑම් 200 තම්බා සිහින්ව පොඩි කරගන්න. රස අනූව ලුණූ, ගම්මිරිස් කුඩූ, තේ හැඳි 1 (සූදු ගම්මිරිස් නම් වඩා හොඳයි) වයිටි සෝස් හෝ සැලඩ් ක්‍රීම් පූරවාපූ තේ හැඳි 2, දවසක් පැරණි වාටි රහිත පාන් හීනියට කඩා කෝප්ප 1-2, හීනියට කැපූ අමූ මිරිස් කරල් 2ඃ3 (තිබේ නම් රෙඩ් පෙපර් හීනියට කපා තේ හැඳි 1) බිත්තර 3.


මේ සියල්ල එකට දමා මිශ්‍ර කරන්න. එය තැටියක තුනීකර හතරැස් කැබලි කපා ගැඹූරු තෙලේ ඃ තෙල් රත් වූ පසූ රන්වන් පාටට බැදගන්න.


බිම්මල් සෝස් සමග පිළිගන්වන්න.


සෝස්


බටර් හෝ මාගරින් පූරවාපූ මේස හැඳි 1


පාන් පිටි පූරවාපූ මේස හැඳි 1


කිරි කෝප්ප 1


රස අනූව ලුණූ කුඩූ


සූදු ගම්මිරිස් කුඩූ කැපූ තේ හැඳි 1�2


සාදන ක්‍රමය

යන්තම් රස්නය සිටින ලෙස ලිප දල්වා බටර් හෝ මාගරින් ලිප තබා දිය කරගෙන, පාන් පිටි, ටිකෙන් ටික දමා ලී හැන්ඳකින් එකම පැත්තට කලවම් කරන්න. යන්තම් ගින්නේ තියන්න. මිනිත්තු 4 පමණ කලවම් කරමින් තියන්න. පසූව කිරි ටිකෙන් ටික දමා මිශ්‍ර කරන්න. කැට නොගැසෙන ලෙස තිබෙන්නට හරින්න.


කැට ගැසූනොත් එවේලේම පෙරා ගෙන නැවත ලිප තබා හැඳි ගාන්න. ක්‍රීම් පදමට එන විටදී ලුණූ, ගම්මිරිස් කුඩූ එකතු කරන්න. ලිපෙන් ඉවත්කර නිවෙන තුරුම ගසන්න. මෙය හොඳින් නිවෙන්නට හැර, බැද නිවාගන්නා ලද බිම්මල් කලවම් කරන්න.


මාළු මිරිස් හෝ රෙඩ් පේපර් හෝ ඉදුනූ මිරිස්වලින් සරසා ගන්න.


මෙය ටෝස්ටි කළ පාන් සමග කෑමට ගත හැකිය.

Share this article :

Post a Comment

එකතු වන්න
 
X
 
Company Info | Contact Us | Privacy policy | Term of use | Advertise with Us | Site map
Copyright © 2011. Sinhalamag . සියලු හිමිකම් ඇවිරිණි. මෙහි පලවන ලිපි පිටපත් කල හැකිමුත් මුලාශ්‍රය www.sinhalamag.com යෙදීමට කාරුණික වන්න
Design Template by Sinhala-online | News by Srilanka Sinhala News | Powered by Blogger