ලිපි යාවත්කාලින :
Home » , , » දියණියගේ මල්වරවීම සූබද අසූබද?

දියණියගේ මල්වරවීම සූබද අසූබද?

 

ස්ත්‍රියක් ත්‍රිවිධෝත්පත්තියකට හිමිකම් කියනූ ලබයි. එනම් එය උපත, මල්වරය හා විවාහයයි. දැරියකගේ වයස අවූරුදු 10ඃ13 අතර මල්වරය සිදුවන කාලය වූව ද වර්තමානයේ ආහාර සමග ලැබෙන හෝමෝන ක්‍රියාකාරීත්වය තුළින් ඊට ප්‍රථම වූව ද මල්වරයක් වීමට බලපෑම ඇත.


උපන් කේන්ද්‍රයේ 1ඃ2ඃ4ඃ5ඃ7ඃ8ඃ9ඃ12 යන රාශියට සඳු පැමිණ කුජ විසින් දකිනූ ලැබූ විට ස්ත්‍රියකගේ මාසයක් පාසා සිදුවන ඔසප්වීම සිදුවන අතර මෙකී අනූපාධ රාශි නර රාශියක්ව (මිථූන ඃ කන්‍යා ඃ තුලා ඃ ධනූ පූර්වාර්ධය කුම්භ) චන්ද්‍රයා එහි සිට කුජ විසින් දකිනූ ලැබූවේ නම් සූදුසූ වයසට පැමිණි කුමරියගේ ප්‍රථම මල්වරය සිදුවේ. තව ද ඉහත සඳහන් රාශියක කුජ ඃ සඳු සම අංශකයන් පැමිණි විටද මල්වරය සිදුවන අතර ඡන්ම කේන්ද්‍රයේ 7 වැන්නට වැටෙන රාශියක කුජ ඃ සඳු යෝගය යෙදෙන දිනයද මල්වරයට බලපායි. කුජ තක්කාල හෝරාවේ ශනි පංචම කාලයද මල්වරයකට බලපෑම ඇති කරයි.


දැරියගේ මල්වරය පිළිබඳව ශුභා ශුභ පවසනූයේ දැරිය මල්වර වූ අවස්ථාවේ තක්කාල කේන්ද්‍රයේ පදනම් කරගෙන වන අතර මල්වරය පිළිබඳව විමසීමට පැමිණි තැනැත්තා බූලත් හූරුල්ල ජ්‍යොතිෂඥයාට දුන් මොහොතේ උදාවූ තක්කාල ලග්නයට අනූවද සැප පල පැවසිය හැකිය.


මෙහිදී ලග්නය ඃ නීතිය ඃ හෝරාව ඃ නැකත ඃ දිනය මෙන්ම තක්කාල කේන්ද්‍රයේ තැන්පත් ග්‍රහයන්ට අනූව ප්‍රතිඵල ප්‍රකාශ කළ හැකිවේ.


පළමූව ලග්නය එනම් තක්කාල ලග්නයට අනූව ඇති කරවන ප්‍රතිඵල මෙසේය.


මේෂ ලග්නයෙන් මල්වර වූ දැරිය ඃ දිළිඳු වීමද චර්යාව අයහපත් වන ව පැවසේ.


වෘෂභ ලග්නයෙන් නම් ( ධනවත්භාවයද දියූණූවද ඇති කරවන බව පැවසේ.


මිථූන ලග්නයෙන් නම් ( දූ දරුවන් ලබා සැප සතුට ලබයි.


කටක ලග්නයේ නම් ( කුලයට නොරිසිදේ කරන අයහපත් ක්‍රියා කලාපයක් ඇති අයෙකු වේ.


සිංහ ලග්නයේ නම් ( දරු සැප වාසනාව ඇතිවේ.


කන්‍යා ලග්නයේ නම් ( දේපල ගේ දොර හිමි වාසනාවන්ත අයෙකු වේ.


තුලා ලග්නයේ නම් ( සැපය හා ධනය වාසනාව ඇති කරයි.


වෘශ්චික ලග්නයේ නම් ( ක්‍රියාකලාපය අසූබ වීමටද සැරපරුෂ වීමටද නිරෝගී නොවීමටද හේතුවේ.


ධනූ ලග්නයේ මූල් කොටසේ නම් ( පවිටූ බව ද දුක් සහිත බවද, කලහකාරි බව ද, අනූන්ගේ වැරැදි සෙවීමටද වෙන අතර, ධනූ දෙවන කොටසේ නම් ( යහපත් බවද, අනූන්ට සේවය කිරීමේ ලැදියාව හා සතුටද ඃ සැපතද ලබන්නෙකි.


මකර ලග්නයේ නම් ( හීනමාන ක්‍රියාවේ නිරතවේ.


කුම්භ ලග්නයේ නම් ( මල්වර වූ දැරිය උඩගු බව ද දේපල ගේ දොර ඇති වීමටද යටත් නොවීමද හේතුවේ.


මීන ලග්නයේ නම් ( ශරීර ලකෂණය අඩූ වූව ද පිංවන්ත දරුවන් ලැබීමටද ත්‍යාග ශීලී ගතියෙන්ද යූක්තවේ.


මල්වරවීමෙන් ඇතිවන සූබපල පිළිබඳව තවත් තොරතුරු ඉදිරි සතියේ ලිපි පෙළින් බලාපොරොත්තු වන්න.


ජ්‍යොතිෂ්‍යාචාරිනි ඩබ්. පී. හසන්තා සිරිමතී
Share this article :

Post a Comment

එකතු වන්න
 
X
 
Company Info | Contact Us | Privacy policy | Term of use | Advertise with Us | Site map
Copyright © 2011. Sinhalamag . සියලු හිමිකම් ඇවිරිණි. මෙහි පලවන ලිපි පිටපත් කල හැකිමුත් මුලාශ්‍රය www.sinhalamag.com යෙදීමට කාරුණික වන්න
Design Template by Sinhala-online | News by Srilanka Sinhala News | Powered by Blogger