ලිපි යාවත්කාලින :
Home » , , » තුවාල කැළැල් නිටිටාවටම සූවකළ හැකිද?

තුවාල කැළැල් නිටිටාවටම සූවකළ හැකිද?

 

පූංචි සන්ධියේ සිට දුව පැන ඇවිදින දරුවන් නිතර නිතර තුවාලවීම්, සීරීම්වලට ලක් වෙන්න පූළුවනි. මෙම තුවාල කාලයත් සමග සූවවීමට භාජන වූවත් ඉන් ඉතිරිවෙන තුවාල කැළල එහෙමත් නැත්නම් සිහිරීම් කැළල කාලයක් යනතුරු ඒ අයූරින්ම පැවතිය හැකියි. ඇතැම් විට මෙම තත්ත්ව වැඩිහිටියන්ගේ පවා සූලබ වේ. ඇත්තටම සමේ ඇති වන තුවාල කැළැල් සමේ ඇති වන සීරිම්වල කැළැල් නිටිටාවට සූව කළ හැකිද?


මූලින්ම අපි බලන්න ඕන කැළැලක් ඇති වෙන්නේ කොහොමද කියලා. සමේ සාමාන්‍යයෙන් තියෙන අපිචර්මය ඉවත් වෙලා සමේ යම් කිසි පටක ප්‍රමාණයක් අඩූවූණාම තමයි තුවාලයක් ඇතිවෙන්නේ. තුවාලයක් හොඳ වෙනවා කියන්නේ නැතිවෙච්ච පටක වර්ධනය වීමක්. තුවාලයෙන් ඇති වූ හිඩැස වහන්න අපිචර්මය එකපැත්තකින් උඩින් වැඩෙනවා වගේම නමූත් හිඩැස වහන්න කොලජන් තන්තු එකතු වෙනවා. මෙසේ එකතු වන කොලජන් තන්තු උඩින් අපිචර්මය වර්ධනය වෙලා තුවාලයෙන් ඇති වූ හිඩැස සම්පූර්ණයෙන්ම වැහෙනවා. මෙම හිඩැස වැසූනූ ප්‍රදේශය තමයි බොහෝ විට අනෙක් තැන්වලට වඩා කළුවට දිස්වෙන්නේ. සාමාන්‍ය සමක තියෙන පටක වර්ග සහ ෙසෙලවර්ග නෙවෙයි තියෙන්නේ තුවාල කැළලක. ඉතින් ඒක නිසා තුවාල කැළල ඉවත් කරන්න බැහැ. ප්‍රදේශය කපලා ඉවත් කරලා නැවත මහන්න පූළුවනි. හැබැයි නැවතත් මැහූම් දෑමීම තුළින් තවත් කැළලක් ඇතිවිය හැකියි. මෙය කවදාවත් ඉවර වෙන වැඩක් වෙන්න විදිහයක් නැහැ. ප්‍රායෝගිකව කැළලක් ඉවත් කිරීම කළ නොහැකි වැඩක්.


යම් කිසි කැළලක් අවපාතයක් ලෙස සමෙන් ගැඹූරට හෝ ඉලිප්පීමක් ලෙස සමෙන් ඉවතට නෙරා නොමැති නම් අපි ඒ කැළල හඳුන්වනවා පිළිගැනීමට හැකි කැළලක් වශයෙන්. අපි හිතමූ යම් කිසි කැළලක් අවපාතයක් ලෙස හෝ ඉලිප්පීමක් ලෙස පැවතෙන අවස්ථාවලදී අපට පූළුවනි එම කැළල සමේ තත්ත්වයට ගෙනෙන්න උදව් කරන්න. එතනදී වෙන්නේ ඉදිරියට නෙරා ගිය හෝ පහළට අවපාතයක් ලෙස පැවති කොලජන් තන්තු නියමිත මටිටමට ගේන්න පූළුවනි. මෙම ප්‍රතිකාර ඉතාම මිල අධිකයි. විශේෂයෙන්ම කිලොයිඩ් තත්ත්වයකදී එම කැළල සමේ මටිටමට ගේන්න පූළුවන්. මෙවැනි කැළලක් සමේ මටිටමට ආවාම කරන්න දෙයක් නැහැ.


සමහර වෙලාවට අපේ ළඟට එන ඇතැම් රෝගීන් පවසන කරුණක් තමයි ඩොක්ටර් මේ කැළල ඉවත් කරන්න කොච්චර බෙහෙත් කළත් කැළල ඉවත් වූණේ නැහැ කියන සාම්ප්‍රදායික කතාව. කැළලක් ඉවත් කරන්න එකම ක්‍රමයයි තියෙන්නේ. ඒ තමයි කැළල කපලා ඉවත් කිරීම. නමූත් මෙම ක්‍රියාවලියෙනූත් නැවත කැළලක් ඇති වෙනවා. ටිකක් පළල තුවාල කැළලකට නම් මෙම ක්‍රමය මගින් කැළලේ ප්‍රමාණය අඩූ කරගන්න පූළුවන්.


එහෙත් ඉතාමත් තද පැහැයෙන් දිස්වෙන කැළලක වර්ණය අඩූ කිරීම කරන්න පූළුවනි. අධික තද පැහැයට හේතුවෙන්නේ මෙලනින් අධිකව තැන්පත් වීම. එම නිසා විවිධ ප්‍රතිකාර මගින් මෙවැනි කැළල් වල පැහැය නැති කරන්නටම නොහැකි වූවත් පැහැය අඩූ කරන්න පූළුවන්. මෙලනින් ඉවත් කරන ප්‍රතිකාර වලදී සම මතුපිට මෙලනින් ඉවත් වූණාට සමේ ගැඹූරුම ප්‍රදේශවල මෙලනින් ඉවත් වෙන්නේ නැහැ. මතුපිට මෙලනින් වර්ණය ඉවත් වූණාම තියෙන තද වර්ණය අඩූ වෙලා යනවා. ඇතැම් උදවිය වයිටිනින් කී්‍රම් ලෙස පාවිච්චි කරන්නේ මෙලනින්වල වර්ණය ඉවත් කරන රසායන ද්‍රව්‍ය අඩංගු බෙහෙත් තමයි. මේවා ඉතාම ප්‍රවේසමෙන් පාවිච්චි කරන්න ඕන. මේවා දිගු කාලීනව පාවිච්චි කරන්න ගියාම දිගු කාලීන අනතුරු සිදුවිය හැකියි. මට හිතෙන්නේ වේෂ නිරූපන කටයූත්තක් සඳහා යම් කිසි ආලේපනයක් භාවිත කරනවා නම් ඒක බොහොම ටික කාලයකට නිසා අනතුරු අඩූයි. නමූත් කාලයක් පූරාවට වයිටිනින් කී්‍රම් පාවිච්චි කරන්න යෑම ඉතාම නූසූදුසූයි. මොකද අපි සම මතුපිටට ආලේප කරන සෑම කී්‍රම් වර්ගයක්ම රසායන ද්‍රව්‍යවල එකතුවක් නිසා වෛද්‍ය උපදෙස්වලින් තොරව කී්‍රම් ආලේප කරන්නට යෑම ඉතාම අනතුරුදායකයි.


චර්ම රෝග විශේෂඥ වෛද්‍ය
අසෝක කමලදාස
Share this article :

Post a Comment

එකතු වන්න
 
X
 
Company Info | Contact Us | Privacy policy | Term of use | Advertise with Us | Site map
Copyright © 2011. Sinhalamag . සියලු හිමිකම් ඇවිරිණි. මෙහි පලවන ලිපි පිටපත් කල හැකිමුත් මුලාශ්‍රය www.sinhalamag.com යෙදීමට කාරුණික වන්න
Design Template by Sinhala-online | News by Srilanka Sinhala News | Powered by Blogger