ලිපි යාවත්කාලින :

අපස්මාර රෝගීන් සමාජයෙන් කොන් නොකළ යූතුයි

 

රෝගියකුට රෝගය වැළඳෙන අවස්ථාවේ දී ඔහූ සිටින පරිසරය අනූව ඇති විය හැකි අනතුරුවල තත්ත්වය භයානකයි. මීමැස්මොරය හෙවත් අපස්මාරය කියන්නේ එවැනි රෝගයක්.

අපස්මාරය හෙවත් මීමැස්මොරය කියන්නේ දරුණූ, භයානක රෝගයක් නොවෙයි. එහෙත් සමාජය පිළිගෙන තිබෙන්නේ එවැනි රෝගයක් ලෙසටයි. එයට ප්‍රධාන හේතුවක් තමයි අනාදිමත් කාලයක සිට මේ රෝගය පිළිබඳව විවිධ මිත්‍යා මත පැතිර යාම. ශ්‍රී ලංකාව පිළිබඳව විමසීමේ දී මීමැස්මොර රෝගීන් හෙවත් අපස්මාර රෝගීන් ලකෂ 3ක් පමණ ඉන්නවා. ලෝකයේ ම මිලියන 50ක් පමණ සිටින බවට වෛද්‍ය වාර්තා පෙන්වා දෙනවා. ස්ත්‍රී පූරුෂ යන දෙපකෂය ම මේ රෝගයට ගොදුරු වෙනවා.


අපි දන්නවා මිනිස් මොළය කියන්නේ විද්‍යූත් ක්‍රියාකාරිත්වයක් අනූව ක්‍රියා කරන මිනිස් සිරුරේ තිබෙන ඉතාමත් සංවේදී ඉන්ද්‍රියයක් බව, මොළය හැරුණූ කොට විද්‍යූත් ක්‍රියාකාරිත්වයන්ට සංවේදී ඉන්ද්‍රියයක් ලෙසට හෘදය හා මාංසපේශී සහ ස්නායූ හඳුන්වන්න පූළුවන්. අපස්මාරය හට ගැනීමේ දී සිදුවන්නේ මොළයේ සාමාන්‍ය විද්‍යූත් ක්‍රියාකාරිත්වය අභිබවා යන අධිවේගී විද්‍යූත් ක්‍රියාවලියක් ඇති වීමයි. මිනිත්තු කීපයකට පමණක් සීමා වී තාවකාලික ව හටගන්නා මෙය හඳුන්වන්නේ අපස්මාරය හෙවත් මීමැස්මොරය ලෙසටයි.


මෙම රෝගය හඳුනාගන්න ඉතාමත් ම පහසූ බාහිර රෝග ලකෂණ කීපයක් තිබෙනවා. ඒ ලකෂණ අතරට සිහි නැති වී ඇද වැටීම, කටින් සෙම වැගිරීම, දත කට පූටිටූ වීම, දැස් උඩ යාම, දිව තොල් සැපීම, අත පය දරදඬූ වීම හා ගැස්සීම් මේ තත්ත්ව උග්‍ර ව පවතින විට රෝගියාට මූත්‍රා පවා ඔහූට නොදෑනීම පිට වනවා. මේ ලකෂණ අනිවාර්ය වූණත් අපස්මාර රෝගියකු වෙතින් දෑකිය හැකි තවත් ලකෂණ රාශියක් ද තිබෙනවා.


අරමූණකින් තොරව හිස් බැල්මෙන් බලා සිටීම, තොල් සෙලවීම, දෑනීමේ ස්වභාවය වෙනස් වීමල විවිධ වස්තුවල ප්‍රමාණය විශාල ව හෝ කුඩාවට පෙනීම, හිටි හැටියේ බියක් දෑනීම, අර්ථයක් නැතිව විවිධ දේ පිළිබඳව දෙඩවීම වැනි ලකෂණත් මීමැස්මොර රෝගියෙකු ගෙන් දිස්වන්න පූළුවන්.


පාසල් යන වයසේ දරුවෙකුට හෝ කුඩා දරුවෙකුට අපස්මාරය වැළඳුණූ පසූ මවට තිබෙන වගකීම වැඩියි. මෙවන් අවස්ථාවක දී දරුවා හැකි ඉක්මණින් රජයේ රෝහලක් වෙතට හෝ පළපූරුදු වෛද්‍යවරයකු වෙතට ගෙන යාම කළ යූතු දෙයක්.


වෛද්‍යවරයා ලබා දෙන උපදෙස් අනූව නියමිත වේලාවට, නියමිත මාත්‍රාවට ඖෂධ ලබා දීම ක්‍රියා කළ යූතු දෙයක් වන අතර වෛද්‍යවරයා, ප්‍රතිකාර නැවැත්විය යූතු යැයි කියන දින දක්වා ම නොකඩවා ප්‍රතිකාර කළ යූතුයි.


වෛද්‍ය උපදෙස් අනූව රෝගය හටගත් අවස්ථාවේ සිට වසර 3ක් හෝ 5ක් හෝ කාලයක් නොනවත්වා ඖෂධ ප්‍රතිකාර කළොත් අපස්මාරය සම්පූර්ණයෙන් පාලනය කරගන්න පූළුවන්. මෙම රෝගීන්ගෙන් සියයට 75කට පමණ සරල ඖෂධ ප්‍රතිකාර මඟින් ද රෝගීන් ගෙන් සියයට10කට පමණ සංකීර්ණ ප්‍රතිකාර ක්‍රම මඟින් ද සම්පූර්ණයෙන් පාලනය කරන්න පූළුවන්.


අපස්මාරය වැළඳුණූ දරුවකු අධ්‍යාපනයට යොමූ කළ හැකියි. මේ දරුවන්ටත් සෙසූ දරුවන්ට වගේ ම හොඳින් පාසල් අධ්‍යාපනය ලැබීමටත් සෙල්ලම් කිරීමටත් හැකියාවක් තිබෙනවා. කළ යූත්තේ මෙවන් දරුවන් විහින් කොන් නොකර සිටීමයි. ඒත් මේ දරුවනට වැඩි වේලාවක් කුසගින්නේ සිටිම, අධික ව නිදි මැරීම, ගස් නැගීම, කඳු නැගීම, ඇළදොළ ගංගාවල නෑමට හා පිහිනීමට යාම. අනාරකෂිත ළිංවලින් දිය නෑම, ගිනි ගන්නා ප්‍රදේශවල ගැවසීම වැනි දේ බොහෝ අනතුරු ගෙන දිය හැකි අතර රසායනික ද්‍රව්‍ය තිබෙන තැන්වල ගැවසීම ද අනතුරුදායක තත්ත්ව ඇති කළ හැකි බව කිව යූතුයි. මේ නිසා ඔවූන් කෙරෙහි වැඩි සැලකිල්ලක් දෑක්විය යූතු වගේ ම සමාජ ආශ්‍රයට අවකාශ ලබාදිය යූතුයි. විශේෂයෙන් ගැහැනූ දරුවන් ලිංගික අතවරවලට මෙම රෝගය වැළඳුණූ අවස්ථාවක දී ලක්විය හැකි බැවින් දෙමාපියන් වැඩිහිටියන් වැඩි අවධානයකින් සිිටිය යූතු වෙනවා.


පාසල් ගුරුවරුන් අපස්මාර රෝගී දරුවන් කෙරෙහි වැඩි සැලකිල්ලක් කළ යූතු වෙනවා. ගුරුවරුන් ලෙස මෙම රෝගය පිළිබඳව දෙමාපියන්ට දෑනූවත් කිරිම කළ යූතු දෙයක්, අනෙක් දරුවන්ට මෙන්ම මෙම දරුවන්ටත් සලකා හොඳින් අධ්‍යාපන කටයූතු කරගෙන යාමට ඉඩ සලසා දීමත් ඉගැන්වීමත් කළ යූතු දෙයක්, ඔවූන්ව පිළිකුල් නොකළ යූතුයි.


විවාහක තරුණ තරුණියන්ට හා විවාහ වීමට සිටින තරුණ තරුණියන්ට කිව යූතු දෙයක් තිබෙනවා. ඒ තමයි අපස්මාරය හෙවත් මීමැස්මොරය සාර්ථක යූග දිවියකට බාධාවක් නොවන බව. දරු ප්‍රසූතියටත්, විවාහ ජීවිතයටත් මෙය බලපාන්නේ නෑ. තරුණ තරුණියන් ඔවූනොවූන් අතර ඇති කර ගන්නා පෙම් සබඳතාවල දී අපස්මාරය ගැටලුවක් කරගත යූතු නෑ. වෛද්‍ය උපදෙස් ප්‍රමාද නොවී ලබාගෙන ඒ අනූව කටයූතු කළොත් වසර කීපයක දී පාලනය කර ගන්න පූළුවන්.


දරුවන් අපේකෂා කරන කාන්තාවන් මේ පිළිබඳව වැඩි සැලකිල්ලක් දෑක්විය යූතු වෙනවා. ප්‍රතිකාර ගන්නා වෛද්‍යවරයාට තමා ගේ රෝගය පිළිබඳ ව කරුණූ වසන් නොකර දෑක්වීමයි වැදගත්, එවිට වෛද්‍යවරයා අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙනූ ඇත.


ඔබ අපස්මාරය හෙවත් මීමැස්මොරය වැළඳී ඇති අයකු නම් ඔබ සාමාන්‍ය පූද්ගලයකු ලෙස කටයූතු කරන්න. අන්තරාකාරී ස්ථානවල ගැවසීමෙන් හැකි තාක් දුරට වළකින්න. සිත මෙහෙයවා හොඳින් තමාගේ රාජකාරියේ යෙදෙන්න. දරුවන් සිටින දෙමාපියන් දරුවන් ගැනත් තමා ගැනත් අවධියෙන් සිටින්න.


ජූලියස් සීසර් පවා අපස්මාර රෝගයෙන් පෙලුණූ අයකු බව අමතක කරන්න එපා.


විශේෂ ස්තූතිය


කොළඹ මහ රෝහලේ ස්නායූ වෛද්‍ය විශේෂඥ රංජනී ගමගේ මහත්මියට සහ සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයට
comments | | ඉතිරිය...

මිදි ගෙඩියේ ගුණයට සමාන ගුණයක් වෙරළුවලත් තිබෙනවා

මිල අධික වූණාට පලතුරුවල ගුණයේ වැඩිවීමක් නැහැ

වෙරළු ගැමි ජනතාව අතර ඉතා ප්‍රචලිත පලතුරකි. මෙම ශාකය පැරණි සෑම නිවසකම දෑකිය හැකිය.


අද කාන්තාවන් මෙම පලතුරට එතරම් සැලකිල්ලක් නොදෑක්වූවත් පැරණි කාන්තාවෝ සහ ළමයි වෙරළු අච්චාරුවට ප්‍රිය කළහ.


විශේෂයෙන්ම ගර්භනී සමයේදී මූල් මාස කිහිපයේ ඇතිවන කෑම අරුචිය නිසා වෙරළු අච්චාරු කෑමට ප්‍රිය කරයි.


සැබවින්ම වෙරළු විටමින් සී වැඩිපූර අන්තර්ගත පලතුරක් මෙන්ම වෙරළු උෂ්ණ ගුණයද සහිත පලතුරකි.


වෙරළු අම්ල ගුණය නිසා අමූවෙන් ආහාරයට ගැනීමෙන් උගුර අමාරු ඇතිවිය හැකි අතර අමූවෙන් අච්චාරු ලෙස ආහාරයට ගැනීමෙන් පිත, රුධිරය අපිරිසිදු වීම වගේම ශරීරයේ බිබිලි ඇතිවන්නටද පූළුවන.


ආමාශ්‍රදාහය (ග්‍රැස්ට්‍රයිටිස්) ඇති පූද්ගලයින්ට වෙරළු ආහාරයට ගැනීම සූදුසූ නොවන බව මතකයේ තබාගත යූතුය. එහෙත් අමූ වෙරළු වලට කුසගින්න වර්ධනය කිරීමේ හැකියාව තිබෙන බව දන්නවාද? තව කරුණක් කිව යූතු වේ. එය නම් අපට නොමිලයේ සපයාගත හැකි වෙරළු ගෙඩිය අද සූපිරි වෙළෙඳ සල්වල පැකටි වශයෙන් හා ඇසූරුම් කළ බෝතල් වශයෙන් වෙරළු අච්චාරු ලෙසින් අලෙවියට තිබීමයි. එම අසූරන ලද බෝතල්වලට කල්තබා ගැනීමට යම් රසායනික ද්‍රව්‍ය අඩංගු කර තිබෙන්නට පූළුවන.


මේ නිසා ඔබ මෙම පලතුර ආහාරයට ගන්නේ නම් ස්වාභාවික අන්දමින් ගැනීම සූදුසූය.


හොඳින් පැසී ඉදුණූ වෙරළු වලට ශරීරයේ සෙම් ගතියද අඩූකිරීමේ හැකියාව තිබෙන බව ආයූර්වේදයේ සඳහන් වේ.


ඔබට මූදල් වැය නොකර ලස්සන වන්නට හැකි බව දන්නවාද? වෙරළු කොළ හොඳ රූපලාවන්‍ය ඖෂධයකි. වෙරළු කොළ පංච කල්‍යාණියෙන් එක් අංගයක් වන කේශ කල්‍යාණියට ඉතාමත් හිතකරය.


වෙරළු කොළ තම්බා එම ජලයෙන් හිස සේදීමත් කොළ කොටා එම යූෂ හිසේ ගැල්වීමෙන් පිරිසිදු හා සිනිඳු දීප්තිමත් කෙස් කළඹක් ලබා ගැනීමටත් හේතුවේ. එමෙන්ම ඔබට නිතර වද දෙන හිස්හොරි වලටද මාහැඟි ඔසූවකි.


අප වෙරළු ගෙඩිය නොසලකා හරින අතර වැඩි මිලක් දී මිදි කෑමට පූරුදු වී සිටී. මිදිවල තිබෙන ගුණය වෙරළු ගෙඩිය තුළත් තිබෙන බව අමතක කරන්න එපා.


මෙම පලතුර ඕනෑම පූද්ගලයකුට සූදුසූය.




ආයූර්වේද ශල්‍ය වෛද්‍ය එච්. ඩී. තෙන්නකෝන්
ආයූර්වේද රෝහල බොරැල්ල
comments | | ඉතිරිය...

දෙහි කොළ දෙළුම් කොළවලින් ඇස් තැවීම සූදුසූද?

ඇස් දෙක අරින්න බෑ. කඳුළු එනවා, රිදෙනවා, ඒ වගේම රතු වෙලා වැනි රෝග ලක්ෂණ පැවසූ විට අපේ ඇතැම් අම්මලා දෙවියන්ගේ ලෙඩ හැදිලා යනූවෙන් බිය වී දරුවාව කාමරයකට දමා තබන අවස්ථා ඔබ දැක ඇති අතර නිවසේදී ප්‍රතිකාර කිරීම ඔවූන්ගේ සිරිතය.ි විශේෂයෙන්ම දෙවියන්ට පඬූරක් ගැටගසා පූදපූජා පැවැත්වීමටත් ඔවූහූ අමතක නොකරති.
 


ඇස රතුවීම හෙවත් ඇස් ලෙඩ රෝගී තත්ත්වයක්ද මෙයට බිය විය යූතුද? යන්න පිළිබඳව අද අපි සටහන් කරමූ.


ඇස් ලෙඩ අපට එක් කාලයකදී පමණක් දෑකිය හැකි රෝගී තත්ත්වයකි. වෛද්‍ය විද්‍යාවට අනූව ඇස් ලෙඩ යනූ ඇසේ ඇති වන ආසාදන තත්ත්වයකි. එය ක්ෂූද්‍ර ජීවින් මගින් ඇසේ ඇතිවන වෛරස් තත්ත්වයකි. මෙම රෝගය වැලඳුණූ පූද්ගලයන්ට ඇසේ රතුවීමක්, කැසීමක් ඉදිමූණූ ස්වභාවයක්, කබ ගැලීමක්, කඳුළු ගැලීමක් හා වේදනාවක් වැනි රෝග ලක්ෂණ දෑකිය හැකි වේ.


මෙම රෝගය වෛරසයක් නිසා පරිසරය තුළ ව්‍යාපත් වීමෙන් බෝවන රෝගී තත්ත්වයකි. මෙම රෝගයත් සමග ඇතැම් කුඩා දරුවන්ගේ ආශ්‍රිත ප්‍රදේශවල කුද්දටි ද ඇති වී තිබෙනවා. දැකිය හැක.


ඇසේ තිබෙන වෛරස් රෝගය උත්සන්න වීම තුළින් ඇසෙහි රුධිරය පිටවීමද සිදුවිය හැක.


දෙවැනි කරුණ නම් මෙම තත්ත්වය බැක්ටීරියාවක් මගින් බෝවීමටද හැකි අතර මෙහිදී සූදු ඉංගිරියාවේ තිබෙන ආරක්ෂක පටලවලට හානිවීම හා මෙම විෂබීජය උත්සන්න වීමෙන් පෙනීමේ දුර්වලතා ද ඇතිවීමට ඉඩ ප්‍රස්ථාව තිබේ.


විශේෂයෙන් සඳහන් කළ යූතු කරුණක් නම් උපදින බිළිඳු දරුවකුට පළමූ සතිය සහ සති දෙක ඇතුළත ඇස් ලෙඩ වැළඳීමට හැකි වීමයි. එයට හේතුව රසායනික හේතුවක් නිසා හෝ ඇතැම් මවූපියන්ගේ දරු ගැබේ ඇතිවන බැක්ටීරියාවක් නිසා වන්නට පූළුවන්. එම අවස්ථාවලදී දරුවාට නිවසේ ප්‍රතිකාර ලබා දෙනවාට වඩා වෛද්‍යවරයාට පෙන්වීම අනිවාර්ය.


වැඩිහිටි අයට මෙම රෝගය වැලඳුණූ විට ප්‍රතිකාර ක්‍රමයක් ලෙස මඳ උණූසූම් වතුරින් ඇස සේදීමත් පිරිසිදු රෙදි කැබැල්ලක් ආධාරයෙන් පිසදා දෑමීමත් කළ යූතුය.


මෙය බෝවන රෝගයක් නිසා තුවා, කොටිට, කොටිට උර, පිඟාන ආදී භාණ්ඩ වෙනම පරිහරණය කළ යූතු වේ. විශේෂයෙන් රැකියාවකට යන අයකු නම් සමාජයේ අන් අය සමග ගැටීමෙන් වැළකී සිටීමෙන් රෝගී තත්ත්වය අන් පූදගලයින්ට බෝවීමේ තත්ත්වය අඩූ කර ගත හැකිය.


එමෙන්ම ඇතැම් වැඩිහිටි පූද්ගලයින් දෙළුම් කොිළ, දෙහි කොළ තම්බා සේදීම හා ඇසට මවූකිරි දෑමීම සිදු කරයි. මෙවැනි ප්‍රතිකාර ඇසට කිරීමෙන් ඇස තුළට විෂබීජ ඇතුළු වීමේ ඉඩ ප්‍රස්ථාව ලැබෙන අතර එම විෂබීජ ආසාදනය වී ඇසට හානි වන්නට ද පූළුවන්. මේ නිසා වෛද්‍ය උපදෙස් පැතීම සූදුසූ වේ.


එසේ නොකිරීමෙන් ආසාදන ඇතිවී දීර්ඝ කාලීනව ඇසට ප්‍රතිකාර කිරීමට සිදු වේ.


ඇතැම් අයගේ සිරුරේ හට ගන්නා රෝග නිසාවෙන්ද විශේෂයෙන් ඇදුම වැනි රෝග වැළඳීමෙන් ද ඇසට මෙම තත්ත්වය ඇතිවිය හැක. එවැනි පූද්ගලයින්ට ප්‍රතිකාර කරනූයේ රෝග වලට අනූවයි.


ඇස් ලෙඩ රෝගී තත්ත්වය දින 3 - 4 ක් වැනි කාලය තුළදී සූව නොවී නිවසේ බල්බ එළියට ඇස ඔරොත්තු නෙදේනම් වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යූතුය.


කුඩා දරුවන්ට රෝගී තත්ත්වය තිබේ නම් අනිවාර්යයෙන් වෛද්‍ය වරයකුට පෙන්වීම වැදගත් වේ.




අයෙස්මන්ත පීරිස්
වෛද්‍ය නිලධාරි
අක්ෂි රෝහල කොළඹ
comments | | ඉතිරිය...

ඔබ සමගම ජීවත්වන ඔබේ සිරුරෙ සැඟවී සිටින බිහිසූණූ සතුරා

අප තුළ සැඟවී සිටින බිහිසූණූ සතුරා අවිශ්වාසයයි. අප ගන්නා සියලු උත්සාහයන් බිඳ දමා අපේකෂා කරන සතුට පැහැර ගැනීම අවිශ්වාසයේ එකම අරමූණයි. සවන්දීමෙන් කවරකුගේ හෝ සිතේ බර නිදහස් කර ගැනීමට සහය විය හැකිනම් ඔහූ ඔබේ සදාකාලික මිතුරෙකු වන ඇත. ඔබේ සිතේ සිටින බිහිසූණූම සතුරා වූ අවිශ්වාසය ඇතිකරගන්නා වූ මානසික ශක්තිය මගින් පලවා හැරීමට පූළුවන්.
 


ඔබේ සිතේ මැරි මැරී උපදින වේදනාකාරි අමිහිරි අතීතය සිදුවීම් අත්දෑකීම් ඔබව නිතර තලා පෙලා දමනූ ඇත. ඔබේ දියූණූවට බාධා පමූණූවනූ ඇත.


ඔබේ මනස සෘණ තත්ත්වයට පත්කර ගන්නා විට ඔබ මානසික හා කායික රෝගී තත්ත්වයට පත්වන්නේ නිරායාසයෙනි. එම අසහනකාරි ගැටළු වලින් අත්මිදීමට එම වේදනාව තුනී කර දෑමීමට මනෝ වෛද්‍යවරයෙකු මූණ ගැසීමට යෝග්‍යවේ. නමූත් උපදෙස් ලබාදීම පමණක් මෙහිදී ප්‍රමාණවත් නොවේ. ගැටළු සහගත තත්ත්වයෙන් මිදීම සඳහා චිත්ත ශත්කිය සංවර්ධනය කිරීම මෙහි විශේෂත්වයයි. කායික ශක්තිය, මානසික ශක්තිය, චිත්ත ශක්තිය, ස්මරණ ශක්තිය, මානසික හා පෞරුෂත්ව සංවර්ධන යන ශක්තීන් යටිසිතට ඇතුළු කර ඔබගේ ශාරිරික මානසික සෘණ ස්වභාවය ධන බවට පත් කොට ආත්ම විශ්වාසය ආත්ම ශක්තියෙන් යූතුව ජීවිතයට මූහූණ දෙන්න හැකියාව උදාකර දිය යූතුයි.


මානසික චිත්ත ශක්තිය දුර්වල පූද්ගලයින්ට සාර්ථකත්වයට පත්විය හැක. පූද්ගල සාර්ථකත්වය යනූ සෘණ බලවේග පාලනය කිරීමේ හා ධනාත්මක ශක්තියකින් අවධි කිරීමේ කුසලතාවයයි. සාර්ථකත්වය උදෙසා උපදෙස් දෙන විශ්ව ශක්ති චිත්ත සමාධි, සමූහ චිකිත්සා, නිර්මාතෘ ජීවන කුසලතා හා පෞරුෂත්ව සංවර්ධන මනෝවිද්‍යාත්මක පූද්ගල සාර්ථකත්වය මානසික සෞඛ්‍ය පිළිබඳ උපදේශක ස්වාපන චිකිත්සක පංච කර්ම චිකිත්සක බෞද්ධ මනෝ චිකිත්සක, ආයූර්වේද මනෝ වෛද්‍ය ජී. එන් මාරසිංහ මහතා මෙවැනි මානසික ගැටළු සඳහා ප්‍රතිකාර ලබාදෙයි. 2002 වසරේදී ඔහූ චිත්ත ප්‍රවර්ධන මධ්‍යස්ථානය ආරම්භ කර ඇති අතර ඔහූගේ සේවය වෙනූවෙන් සම්මාන සහතිකයද ලබා ඇත.


මනස අභියෝග හමූවේ ගැටළු හමූවේ නොයෙකුත් පිඩාකාරී තත්ත්වයට ලක්වේ. දරාගත නොහැකි පීඩා හමූවේ මිනිස් ක්‍රියාකාරීත්වය සෘණාත්මක වේ. සියදිවි හානිකර ගැනූමට තැත් දරන්නන් හා මානසික රෝගීන් මෙසේ මනස නිරවූල් කර නොගැනීම නිසා පීඩා විදිති. මනස රෝගීවීම හේතුවෙන් කායික රෝගී තත්ත්වයන්ද ඇතිවේ. මංශ පේශි සම්බන්ධ ආබාධ, පිට කොන්ද සහ තුනටියේ ආබාධ තරුණ බව ගිලිහී යාම හා අකලට මහළු විම, නිර්නාල ග්‍රන්ථි වකුගඩූ අක්මාව හා පිත්තාශය ආශී්‍රත ආබාධ, අර්ශස්, හිසරදය ආදී රෝගි තත්ත්වයන් අද සමාජයේ බහූල වීමට හේතුවී ඇත්තේද මානසික රෝගී භාවයයි. නිරෝගීතාවය මගින් කායික නිරෝගී තාවය ලබාගත හැකියි. විවාහයක් කර ගැනීමට සූදුසූ වයසේ පසූවන තරුණ තරුණියන් තුළද එයට නිසියාකාරව මූහූණ දිමට නොහැකිව ලත වෙන ගැටළු මතුවී ඇත්තේ ආත්ම විශ්වාසය නොමැති කමින්ය. විවාහය පිළිබඳ නිවැරදි කරුණූ දෑනගැනීමද නිසි පිළිතුරකි.


පී. එන්. මාරසිංහ
මනෝ චිකිත්සක
comments | | ඉතිරිය...

පිරිසක් ඉදිරියේ කතා කරන්න පූංචි බයක් ඔබේ සිතෙත් තියෙනවාද?

 

අයේෂා මේ සැරෙ උදේ රැස්වීමට පංතිය වෙනූවෙන් කතාවක් පවත්වන්න ඕන. මම හෙට උදේට මාතෘකාවයි කරුණූයි දෙන්නම්." පංති භාර ටීචර් කිව්වා.

මේ ප්‍රකාශයත් සමග අයේෂා ටිකක් කලබල වූණා. දවස් ඉක්මනින් ගෙවිලා


රැස්වීම පවත්වන දවස උදාවූණා. ශබ්ද විකාශන යන්ත්‍රය හරහා අයේෂා ගේ නම දෙතුන් වරක් කියවූණත් ඔහූ ඉදිරියට ආවේ නැහැ. පස්සේ කවූරුත් තේරුම් ගත්තා අයේෂා පාසලට පැමිණ නැති බව. පස්සෙයි ටීචර් දැන ගත්තේ අයේෂා දකෂ ළමයෙක් වූණත් කතාව පවත්වන්න බයේ එදා ඉස්කෝලේ නොපැමිණි බව.


මෙවැනි සිද්ධි සමාජය තුළ බහූලව දකින්නටත් අසන්නටත් ලැබෙනවා. විශේෂයෙන් පිරිසක් ඉදිරියේ කතා කරන්න. කවියක්, සිංදුවක් ගායනා කරන්න වගේ සමාජයේ ප්‍රසිද්ධ ස්ථානයක තනිව හෝ නායකත්වය ගෙන කටයූතු කරන්න පාසල් වයසේ දරු දැරියන් වගේම වැඩිහිටි තත්ත්වයට පත්වූ ඇතැම් පූද්ගලයන් පවා බයවෙනවා. මෙලෙස ඇති කරගන්නා අනිසි බය හෙවත් භීතිකාව රෝගී තත්ත්වයක්. මනෝ විද්‍යාවේ මෙය සමාජ භීතිකාව ලෙස හඳුන්වනවා.


සමාජ භීතිකාවේදී වෙන්නේ, පිරිසක් මැද කටයූතු කරන්න අපහසූයි. සමහර අයට ආපන ශාලාවක පිරිසක් මැද ඉඳගෙන කෑම කන්න බැහැ. පිරිසක් ඉන්න තැන පාඩම් කරන්න බැහැ. පූස්තකාලයට ගිහිල්ලා පොත්, පත්තර බලන්න බැහැ. මෙහි පොදු තත්ත්වය තමයි, ඔවූන් පිරිසක් මැද යමක් කිරීමට අනිසි බියක් දැක්වීම. මේ අපහසූතාව එන්නේ එවන් පූද්ගලයන් හිතනවා, අනෙක් අය තමා දෙස විවේචනාත්මකව බලනවා කියල.


එවැනි අය හිතන්නේ අනෙක් පිරිස තමා දෙස බලන්නේ අඩූවක්, පාඩූවක් සොයන්න. තමන්ට වරදින තැනක් සොයන්න කියලයි. මෙය හැඟීමක් විදියට හඳුන්වන්න පූළුවනි. මේ සිතුවිල්ල එහෙමත් නැත්නම් හැඟීම හරහා තැති ගැනීමක් ඇතිවෙනවා. මේ තත්ත්වය හරහා තමා ගැන තියෙන ආත්ම විශ්වාසය, අභිමානය, ආත්ම ශක්තිය අඩූ වෙනවා. ඒ නිසා ඉහත කාරණා මඟ ඇරලා කටයූතු කරන්න උත්සාහ ගන්නවා.


උදාහරණයක් විදියට අපි හිතමූ හෙට කෙනෙකුට සභාවක කතා කරන්න තියෙනවා කියල. ඒ ගැන හිතලා හිතලා තැවි, තැවී අපහසූතාවයට පත්වෙනවා. මේ අපහසූතාවය උච්ච වෙලා එම පූද්ගලයා එයින් පලායන්න පූළුවනි.


සමාජ භීතිකාව ආරම්භ වෙන්නේ යොවූන් වයසේදී. අපි දන්නවා යොවූන් වියේදී තමයි, කෙනෙකුට ඇසූර කියන දෙය අවශ්‍ය වෙන්නේ. මෙම තත්ත්වය ගැහැනූ ළමයි, පිරිමි ළමයි, දෙගොල්ලන්ටම එක හා සමානව බලපානවා.


මෙවැනි යොවූන් පිරිස පෞරුෂ වර්ධනය වැඩසටහන්වලට යොමූ වෙනවා. ඒ හරහා යම්කිසි අවස්ථාවක් ලැබෙනවා පිරිසක් සමග කටයූතු කරන්න, තමන් තුළ තියෙන බිය, චකිතය නැති කරගන්න. තවත් කෙනෙක් තමාගේ අඩූපාඩූ දකීවි කියන සිතුවිල්ල ඉවත් කරගන්නයි එවැනි පූද්ගලයන් පෙළඹවිය යූත්තේ.


සමාජ භීතිකාව තියෙන පූද්ගලයන් ලබන සාර්ථකම විසඳුම වෙන්නේ සමාජයේදී තමා බියට පත්වන ක්‍රියාකාරකම් නැවත නැවතත් කිරීමට පෙළඹීමයි. පෞරුෂ වර්ධන වැඩසටහන්වලදී එකම සිතිවිලි තියෙන පිරිසක් එකතුවන නිසා තමන්ට කවූරුවත් හිනාවෙයි, අඩූපාඩූ දකියි කියල හිතන්නේ නැහැ.


සමාජ භීතිකාව කියන ව්‍යාධි තත්ත්වයට ගෙදර පරිසරයත් බලපාන්න පූළුවනි. ගෙදරදී දරුවන්ට ඇසූරු කරන්න පිරිස අඩූනම්, නිවසේ පොදු ක්‍රියාකාරකම්වලට හවූල් නොවනවා නම් නිවසේ පිරිස එහෙමත් නැත්නම් ඥාතීන් ඉදිරියේ හෝ යම් කිසි දේවල් ඉදිරිපත් කරන්න අවස්ථාවක් නැත්නම් ඔවූන් යොවූන් වියට පත්වීමේදී සමාජ භීතිකාවෙන් පෙළෙන්න පූළුවනි.


අනෙක් කාරණාව තමයි, පාසලේදී පවා දරුවන් ඉදිරිපත් කිරීම්වලට යොමූ නොකර ගැනීම. මෙවැනි කුලෑටි දරුවන් යොවූන් වියට පැමිණ සමාජ ගතවීමේදී සමාජ භීතිකාවකින් පෙළෙන්න පූළුවනි.


මෙතනදී දෙමාපියන් වශයෙන් කළ යූතුම දෙය තමයි තමන්ගේ දරුවන්ට නිවසේදීත්, පාසලේදීත්, දහම් පාසල වගේම පොදු වැඩ කටයූතුවලදීත් සහභාගීත්වයක් ලබාදීම. ගෙදරට එන අමූත්තන්ව පිළිගන්න, සංග්‍රහ කරන්න, කතා කරන්න අවස්ථාව පූංචි කාලේ ඉඳලම ලබාදීම. ඒ වගේම අසල්වාසීන්, පංතියේ යහළුවන්, ආශ්‍රය කරන්න අවස්ථාව ලබාදෙන්න ඕන. වගකීම් අරගෙන කටයූතු කරන්න දරුවන් කුඩා කාලේ ඉඳලා පූරුදු පූහූණූවීමෙන් යම් දවසක ඔවූන් සමාජය තුළදී බයෙන් චකිතයෙන් වැඩ කිරීමෙන් වළකිනවා වගේම නිරායාසයෙන් හූරුව ලැබෙනවා.


නීල් ප්‍රනාන්දු
මනෝ වෛද්‍ය විශේෂඥ
comments | | ඉතිරිය...

ලේලියට අඩූ සැලකිල්ලක් දක්වන නැන්දම්මා බෑණාට වැඩි සැලකිල්ලක් දක්වන්නේ ඇයි?


විවාහය තවමත් උත්තරීතර බැඳීමක් ලෙස සලකන්නත් එය ජීවිතාන්තය දක්වා ආරකෂා කරගන්නත් ලංකාව ඇතුළු බොහෝ ආසියාතික රටවල් පූරුදුව සිටිනවා.



එක් එක් රටවලට ආවේණික වූ සිරිත් විරිත්, චාරිත්‍ර වාරිත්‍ර ඉටූ කරමින් විවාහ දිවියට ඇතුළත්වන යූවළ බොහෝ වෙලාවට තමන්ගේ අලුත් දිවිය ගෙවන්න තෝරා ගන්නේ ස්වාමි පූරුෂයාගේ මහ ගෙදර හෝ අලුත් මනාලිය වෙනූවෙන් තැනූ නව නිවසකයි.


අපි මෙවර කතා කරන්නේ විවාහයෙන් පසූ පවූල් දිවිය ගෙවන්න නැන්දම්මාගෙන් නිවසට යන අලූත් මනාලිය ගැනයි. නමූත් වෙනම ජීවත් වූවත් නැන්දම්මාගෙන් අඩූ සැලකිලි අත්විදින්නට සිදු නොවෙනවා කියන්න පූළුවන්ද? එහෙත් එම පවූලට අලූතින් එකතු වූ බෑනාට නම් තමන්ගේ පූතාටත් වඩා හොඳට නැන්දම්මා සලකන අවස්ථා ලේලියන් අත්විඳලත් ඇති. ඇත්තටම මෙම තත්ත්වයට හේතුව කුමක්ද? එවැනි තත්ත්වයක් ඇතිවීම සාමාන්‍ය දෙයක්ද? අපි කරුණූ සහිතව විමසා බලමූ.


මවූ පදවිය උතුම් ලෙස සලකන සමාජයක බොහෝ මව්වරුන් ආදරය, දයාව, කරුණාව, යන හැඟීම් අසීමිතව බලාපොරොත්තු වෙනවා. මේ හැඟීම් අසීමිතව බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ හදවතට ලෙංගතු වන පවූලේ සමාජිකයන්ගේ සහ ඥාති මිත්‍රාදීන්ගෙන්.


මෙම තත්ත්වය ස්ත්‍රිත්වය ලෙස හඳුන්වනවා.


තමාගේ කුස තුළින් බිහිවන දරුවාගෙන් වැඩි වශයෙන් අපේකෂා කරන ලෙංගතුකම ඇයට දාව උපන් පිරිමි දරුවාගෙන් උපරිමයෙන් බලාපොරොත්තු වෙනවා.


තමන්ගේ පිරිමි දරුවන් යම් දවසක විවාපත් වී තවත් ගැහැණියකගේ ආදරය කරුණාව දයාව ලබන කාලයේදී මෙය ඊර්ෂ්‍යා සහගත හැඟීමක් ලෙස මව තුළ වර්ධනය වෙන්න පටන් ගන්නවා. එකම නිවසක මවත් පූතාත් පූතාගේ බිරිඳත් සිටින විට ඔවූන් හරහා වන ක්‍රියාකාරකම් වලින් පවා ඊර්ෂියා සිතිවිලි තව තවත් වර්ධනය වෙනවා. ලිංගික ඊර්ෂි්‍යාව ලෙසින් හඳුන්වාදිය හැකි මෙය ගැහැණූ කෙනෙකුට පමණයි ඇතිවන්නේ. සිග්මන් ෆ්‍රොයිඩ්ගේ මනෝ විද්‍යාත්මක ලිපි ලේඛන වලට අනූව පිරිමි දරුවෙකු සහ මවක අතර ඇති බැඳීම මවක සහ ගැහැණූ දරුවෙකු අතර ඇති බැඳීමට වඩා හරිම00 ශක්තිමත්. ගැහැණූ දරුවෙක් වැඩි බැඳීමක් ගොඩනගා ගන්නේ පියා සමඟයි. මෙය ලිංගික ආකර්ශනය කියලා කෙනෙකුට තර්ක කරන්න පූළුවන්.


සාම්ප්‍රදායික සමාජය තුළ සිදුවන ඇවැස්ස විවාහ හෙවත් ඥාතින් අතර විවාහ වලදී තමන්ගේ පූතා විවාහ කරගන්නේ පවූලට සම්බන්ධ නෑනා කෙනෙක්. එවිට නිවසට එන ලේලිය පිට කෙනෙක් නොවෙයි. තමන්ගේ ඥාති දියණිය වැඩිවියට පත්වූ දින පටන් මෙවැනි විවාහ තීන්දු වෙනවා. ඇතැම් විට මෙවැනි යෝජනාවලට මූල් වන්නේත් අම්මා වෙන්න පූළුවන්. එම නිසා ඇවැස්ස විවාහයකින් පසූ නිවසට එන ලේලිය දුවක් තරම් සෙනෙහසින් නැන්දම්මා පිළිගන්නවා. මෙවැනි විවාහයක් සිදුවූ තැන්වල ගැටූම් නැහැ. තිබූණත් ඒවා නොසලකා සිටිය හැකි තරම් අවම මටිටමේ ඒවා.


විවාහ යෝජනා, ආදර සම්බන්ධතා මගින් පවූලට එකතු වන්නේ පිටස්තර ගැහැණූ දරුවෙක් නිසා ඇයව පවූලේ දියණියක් ලෙස සලකන්න මැලිකමක් දක්වනවා.


තවත් කාරණාවක් තමයි ගැහැණියක් හෙවත් මවකට සාම්ප්‍රදායික පවූල තුළ යම් ආධිපත්‍යයක් තියෙනවා. මෙම ආධිපත්‍යය කිසි විටෙකත් තවත් ගැහැණියක් ලබාගන්නවාට ගැහැණිය කැමති නැහැ. එම නිසා ලේලිය ගණන් ගත යූතු චරිතයක් ලෙස නොසලකන්නට නැන්දම්මා බලනවා. ඒ තවදුරටත් පවූල තුළ තම ආධිපත්‍ය පතුරවා ගැනීමේ අදහසිනූයි.


එහෙත් නැන්දම්මා සහ බෑනා අතර සම්බන්ධතාව තළ පිරිමි කෙනෙක් වන බෑනාට ගැහැණූ කෙනෙක් වන නැන්දම්මා සලකන්නේ වෙනස්ම ආකාරයටයි. මෙතනදී ලිංගික ආකර්ශනයක් ඇති විය හැකියි. පිරිමි අය බොහෝ විට කාන්තාවට සාපේකෂව බලාපොරොත්තු වන දේවල් අඩූයි. විශේෂයෙන්ම ආදරය කරුණාව, දයාව වැනි හැඟීම් පවා එහෙමයි. එම නිසා තමන්ට ආදරේ අඩූයි සලකන්නේ නැහැ කියන ප්‍රශ්න බෑනා කෙනෙකුගෙන් ඇසෙන්නේ ඉතාම විරල අවස්ථාවකදී පමණයි.


මොකද දියණියට ඉතාම ඉහළින් ආදරය කරන නැන්දම්මා බෑනාටත් විශේෂ ආදරයක් දක්වනවා.


පවූලට එකතුවන බෑනා හැමවෙලාවේදීම පවූලට එකතුවන තවත් පූතෙකු ලෙස හිතන්නටත් නැන්දම්මා පෙළඹෙන්නේ ඒ නිසා. පිටස්තර බෑනා පවා පවූලට එකතු වන්නේ. ධනාත්මක ආකල්ප පෙර දෑරි කරගෙනයි. පිටස්තර ලේලිය පවූලට එකතු වෙන්නේ .සෘණාත්මක ආකල්ප පෙරදෑරි කරගෙනයි.


එම නිසා අපි අද කතා කරන කොටසට අදාලව ආධිපත්‍ය පිළිබඳ කිසිදු ගැටූමක් නැති පිරිමි දරුවන් හෙවත් බෑනාවරුන්ට ලේලියට වඩා නැන්දම්මා ආදරේ කරන බව සලකන බව සමාජ විද්‍යාත්මකව පිළිගත හැකියි. මෙම තත්ත්වය පූද්ගලයාගෙන් පූද්ගලයාට කාලෙන් කාලෙටත් වෙනස් විය හැකියි.


ජී.ඩී.එන්. සිසිර කුමාර
ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය

comments | | ඉතිරිය...

නිවස තුළ බූදු සමිඳුට දෙවියන්ට පහන් දෑල්වීම අසූබද?


ලෝකයේ ජීවත්වන සියලුම දෙනාට, තමන්ට හිමි ආගමක් ඇත.


දෙවි දේවතාවූන්ද ඇත. සියලුම දෙනා ආගම ඇදහීම, දෙවියන් ඇදහීම, කරන්නේ නම් ඉතා හොඳය.

නමූත් ප්‍රශ්නය වී ඇත්තේ, තමන් අදහන ආගම සඳහා හෝ දෙවිවරුන් සඳහා, තමන්ගේ ගෙය ඇතුළේ පහන් දැල්වීම, පූද පූජා තැබීම සූදුසූද කියන එකය. මේ පිළිබඳව බොහෝ දෙනා ප්‍රශ්න කරති. බහූතරයක් බෞද්ධයින් සිටින රටක් නිසා, බෞද්ධයින් වැඩි පිරිසක් තමන්ගේ නිවස තුළ, තෙරුවන් කෙරෙහි පහන් දල්වා පූද පූජා පවත්වයි. නිවසේම කාමරයක, වැදුම් පිදුම් කරයි.


අපේ පවූල සිටින මේ නිවස තුළ. උත්සව පැවැත්වේ. අමූත්තන් රැස්වී, රහමෙර පානය කරමින්, මස් මාංශ අනූභව කරමින්, විනෝද වෙන අවස්ථා උදාවේ. අඹූසැමියන් අතර වාද විවාද , ආරවූල් ඇතිවිය හැක. එසේම නිවස කම්සැප විඳින ස්ථානයද වේ. එවැනි නිවස තුළ, පැත්තක මහත් භක්තියෙන්, ආගම ඇදහීමට, දෙවියන් වැඳීමට, තැනක් වෙන්කර ඇත.


ඉතින් මේ ප්‍රශ්නය ගැන හිතන විට, සිතට බයක් ඇතිවීම පූදුමයක් නොවේ.


එමනිසා වඩාත්ම හොඳ ක්‍රමය වන්නේ, නිවසින් පිට, ඊසාන දෙසින් ඉතාම පිරිසිදු ස්ථානයක්, තරමක් උසින් සකස් කර ගැනීමය. එසේ බූදු මැදුරක් හා දෙපස දෙවියන්ට පහන් තබන ස්ථානද හදා ගන්ට පූළුවන් නම් ඉතා වැදගත්ය. තවත් විශේෂ දෙයක් තිබේ. එනම්, බූදුන්ගේ පහන දැල්වීම උදේ 5ඃ6 අතරත්, හවසට 5ඃ6 අතරත්, කරන්න පූළුවන් නම් ඉතාම හොඳය.


දෙවියන් කෙරෙහි පහන් දැල්වීමේදී ඉතා සැළකිලිමත් විය යූතුය. දෙවියන්ගේ පහන නියමිත වේලාවන්ට දැල්විය යූතුය. එසේ නොකරන්නේ නම් එයින් අනිටූ ප්‍රතිඵල උදාවිය හැක. දෙවිවරුන් රාශියක් සිටී. එම දෙවිවරුන්ට විශේෂ වූ අවස්ථාවල් අනූව පහන් දැල්විය යූතුවේ. දෙවිවරුන්ට පහන් දල්වන්නට කැමැත්තෙන් සිටින අයට ජ්‍යොතිෂ්‍ය කටයූතු දන්නා කෙනෙකුගෙන්, එම වේලාවන් සොයා ගැනීමට පූළුවන්වේ.


ජ්‍යොතීර්වේදී උඩහමූල්ලේ ධර්මසේන විසිදාගම
comments | | ඉතිරිය...

ගල් තැලූම් ඇතිවන්නේ ගල්වලට තැලීමෙන්ද?

ගල්තැලුම් ලෙස අපි සාමාන්‍ය ව්‍යවහාරයේ කතා කරන්නේ කකුලේ යටි පතුලේ සහ අතේ අත්ල ප්‍රදේශයේ සමේ ඇතිවන ඝනකම් රවූම් ප්‍රදේශ විශේෂයක්. මෙහි විශ්වාසයක් තියෙනවා මෙම සමේ ඝනකම් වූ රවූම් විශේෂ ඇති වෙන්නේ ගල්වලට තැලීමෙන් කියලයි. මෙම තත්ත්වය උඩයි මේවා ගල් තැලුම් නමින් හඳුන්වන්නෙත්. එය එතරම් නිවැරදි හඳුන්වාදීමක් නෙවෙයි. මෙය ඇති වෙන්නේ ගල්වලට තැලීමෙන් නෙවෙයි.


අපි ගල් තැලුම් ලෙස හඳුන්වන විශේෂයෙන් සමේ යටි පතුලේ ඇති ඝනකම් වූ කොටස් වර්ග දෙකක් තියෙනවා.


අපි එකක් චර්ම රෝග විද්‍යාවේ හඳුන්වනවා වෛරස් ඉන්නන් කියල. මෙය බැලු බැල්මට පෙනෙන්නේ ගල් තැලුමක් ආකාරයටයි.


අනෙක තමයි අපේ ශරීරයේ බර පොළව මතට සම්ප්‍රේකෂණය වන්නේ අපේ කකුලේ යටි පතුල හරහායි. නිරෝගී කෙනෙකුගේ යටි පතුල සකස් වෙලා තියෙන්නේ ශරීරයේ බර එකහා සමානව පොළවට විහිදෙන ආකාරයටයි. යම් කෙනකුගේ යටි පතුලේ අස්ථි සැකිල්ලේ වැරැදි පිහිටීමක් තිබූවිටි පතුලේ සමහර තැන්වලින් ශරීරය බරින් වැඩි කොටසක් පොළවට යනවා. මෙම අස්ථිවලට සම්බන්ධ සම නිතරම පීඩනයට ලක්වෙනවා. එවිට සම තුවාල වෙන්න බලනවා. සම තුවාලවීම වළක්වා ගන්න අපේ ශරීරයෙන්ම යම්කිසි ආරක්ෂක ක්‍රියාවක් කරනවා. එවැනි තැන්වල සම ඝනකම් වෙනවා. ඔන්න ඕවටත් අපි ගල් තැලුම් කියල කියනවා. විශේෂයෙන් අපේ පාදයේ අස්ථිවල වැරැදි පිහිටීමක් නිසා ශරීරයේ බර අසාමාන්‍ය ලෙස යම් තැනකින් වැඩිපූර පොළවට සම්ප්‍රේක්ෂණවීමේදී ඇතිවන පීඩනය තමයි සමේ මෙම ක්‍රියාවලියට හේතු වෙන්නේ. මෙය අපි කැලෝසිටි ලෙස හඳුන්වනවා.


කැලෝසිටි ලෙස හඳුන්වන පාදයේ යටි පතුලේ සම ඝනකම්වීම සහ වෛරස මගින් ඇතිවන සම ඝනකම්වීමත් දෙක කොහොමද වෙන්කරලා හඳුනාගන්නේ.


අපි කිව්ව ගල් තැලුම හෙවත් කැලෝසිටි එකක් ශත විසිපහක හෝ ශත පනහක කුඩා රවූම් කාසි වගේ සම ඝනකම් වූ ප්‍රදේශයක් වෙනවා. වෛරස මගින් ඇති කරන ඉන්නත් මේ වගේමයි.


සමේ ගල් තැලුමක් ලෙස පෙන්වන කොටසට අංශක අනූවකින් යම් පීඩනයක් යෙදුවොත්, ඒ කියන්නේ ඇඟිල්ලෙන් පහළට තද කළොත් එවිට වේදනාවක් දැනෙනවා නම්, සහ ඊළඟට ගල් තැළුම් අපේ ඇඟිලි දෙකෙන් අල්ලා දෙපැත්තෙන් තද කලාමත් නැවතත් වේදනාවක් දෑනෙනවා නම් වෙන වෙනම හඳුනා ගන්න පූළුවනි.


සමේ ඝනකම් වූ කොටසට අංශක අනූවකින් යම් පීඩනයක් යෙදූවිට වේදනාව වැඩිනම් එය ගල් තැලුමක් ලෙස හඳුනාගන්න පූළුවනි.


සමේ ඝනකම් වූ කොටස දෙපැත්තෙන් මිරිකූ විට වේදනාව වැඩිනම් එය ඉන්නෙක් ලෙස හඳුනා ගන්නවා. මේ වෙනස හඳුනා ගැනීමෙන් ඉන්නෙක් නම් එක විදිහකට ප්‍රතිකාර කරන්නත් ගල් තැලුමක් නම් තවත් විදිහකට ප්‍රතිකාර කරන්නත් සිද්ධ වෙනවා.


ගල් තැලුමකට මෙතනදී ප්‍රතිකාර කරන්නේ ගල් තැලුම ඉවත් කිරීමෙන් නොවෙයි. ගල් තැලුමේ මතුපිට ඝණකම් ස්ථර ගැලවී යන්න කිසියම් ආලේපයක් මතුපිට ආලේප කරලා වේදනාව අඩූ කරන්න පූළුවනි. නමූත් මෙය ස්ථිර ප්‍රතිකාරයක් නොවෙයි. සම මතුපිට පීඩනය වැඩි වූණාම නැවතත් සම මෙසේ වෙන්න පූළුවනි. එතනදී කළ යූත්තේ සම මතුපිටට එන අනිසි පීඩනය ඉවත් කිරීම. අපි පළඳින සෙරෙප්පූවේ හෝ සපත්තුවේ ගල්තැලුම තියෙන තැනට අනූරූපී වන තැන් පොඩි වලක් වගේ එකක් හදන්න ඕන. මෙය සපත්තුවේ හෝ සෙරෙප්පූවේ පතුලේ තමයි හදන්නේ. එතනට ස්පොන්ච් කැබැල්ලක් තැබීමෙන් ශරීරයේ පීඩනය අර ස්පොන්ච් එක හරහා යනවා. මේ ක්‍රමයෙන් එවැනි ගල් තැලුම් ඇතිවීමෙන් වැළකී ඉන්න පූළුවනි. මෙවැනි සපත්තු අඩි නිර්මාණය කරන වෙළෙඳ ආයතන කොළඹ තියෙනවා. ඔවූන්ට තමන්ගේ අවශ්‍යතාව නිවැරදිව පහදා දුන්විට එවැනි සපත්තු නිර්මාණය කර දෙනවා.


නැත්නම් ලැක්ටික් අම්ලය සහ සැලිසිලික් අම්ලය සහිත ෆෙක්සිමම් ක්ලෝනියම් කියන ද්‍රව්‍යයේ දිය කළ බෙහෙත් වර්ග තියෙනවා. එවැනි බෙහෙත් වටෙි සමේ ගෑවෙන්නේ නැතුව සම ඝන වූ ප්‍රදේශයේ පමණක් ආලේප කර රෑ එළිවන තුරු තැබීමෙන් සමේ ඝණකම් ගතිය ඉවත් කර ගන්න පූළුවනි. නමූත් මෙය පීඩනය නැවත යෙදෙන විට ඇතිවෙන්න පූළුවනි.


අපි කටවහරේ කතා කරන ගල් තැලුම් හැලීම කියන්නේ යටි පතුලේ අපි ගල් තැලුම් ලෙස හඳුන්වන ඉන්නන් හැලීමයි. වෛරසයට විරුද්ධව ශරීරයේ ප්‍රතිශක්තිය ගොඩනැගුණ විට ඉන්නන් ලෙස පවතින ගල්තැලුම් සමෙන් නොදැනූවත්වම ඉවත් වෙලා යනවා. මෙය වෛරසයක් හරහා ඇතිවන නිසා කකුලේ යටි පතුලේ ඕනෑම ස්ථානයක පැතිරෙන්නත් පූළුවනි. ශරීරයේ අනෙක් තැනක ඇතිවෙන වෛරස ඉන්නන් හැසිරෙන විදිහටමයි ගල්තැලුමක් වගේ පෙනෙන වෛරස ඉන්නන් හැසිරෙන්නෙත්


සමහර පූද්ගලයන් ඉන්නවා පාදයේ හත්, අට පළක ගල් තැලුම් ඇති වෙච්ච. ඒවා වෛරස නිසා ඇතිවෙච්ච ඉන්නන් නම් කලක් යනකොට ඉවත්වෙලා යනවා. පීඩනය නිසා ඇති වූ ගල් තැලුම් නම් එම වෙනස පාද දෙකෙහිම එකම තැන පැහැදිලිව තියෙන්න පූළුවනි. එය ශරීරයේ බර බෙදීයෑම ගැන ප්‍රශ්නයක්. මේවා සූව කළ යූත්තේ ප්‍රතිකාර කිරීම මගින්මයි.




අසෝක කමලදාස
චර්ම රෝග විශේෂඥ වෛද්‍ය


comments | | ඉතිරිය...

කැරපොත්තන්ට හූනන්ට බියවීම රෝගී තත්ත්වයක්


කැරපොත්තන්ට, හූනන්ට වැනි ඇතැම් කෘමි සතුන්ට දක්වන බය වගේම රාත්‍රියට කළුවර තැන්වලින් ගමන් කිරීමේදී සිතේ ඇතිවන බය අපි යම් යම් පූද්ගලයන් තුළින් දැක තිබෙනවා. අපි මෙය භීතිය ලෙස හඳුන්වනවා. මෙයත් මානසික රෝගී තත්ත්වයක්. බය මූල් කරගෙන ඇතිවන මෙම රෝගී තත්ත්වය සමාජයේ සූලබ දෙයක්.



බය ගත්තාම ඕනෑම පූද්ගලයෙක් තුළ තිබෙන සිතුවිල්ලක්. බය කියන දෙය අපේ ආරක්ෂාවට ඉතාම වැදගත්. මෙම සිතුවිල්ල නිසා අපි යම් යම් දේවලින් වැළකී් සිටිනවා. එම නිසා බය කිය සිතුවිල්ල සාමාන්‍ය කෙනෙකුගේ ජීවිතයේ ආරක්ෂාව ඉතාම වැදගත්.


උදාහරණයක් විදිහට කෙනෙකු තුළ ගින්දරට බයක් තියෙනවා. එම බය එසේ තියෙන තාක් කල් අපි පිච්චෙයි කියන බයට ගින්දරෙන් ආරක්ෂා වෙලා ඉන්නවා.


භීතිය මූල්කරගෙන හැදෙනමානසික රෝගී අවස්ථා තුනක් තියෙනවා. ඒවා අපි භිතිකා ලෙස හඳුන්වනවා. එය වෛද්‍ය විද්‍යාවේ ෆොබියා ලෙස හඳුන්වනවා. ඉන් පළමූවැන්න සරල භිතිකාව හෙවත් සිම්පල් ෆොබියා වෙනවා. දෙවැන්න සමාජ භීතිකාව හෙව්ත සෝෂල් ෆොබියා වෙනවා. අංගන භීතිකාව හෙවත් පරිසර භීතිකාව, එහෙමත් නැත්නම් ඇග්රෝ ෆොබියාව කියන්නේ තෙවන තත්ත්වයටයි.


කෘමි සතුන්ට බියවීම, කළුවරට බියවීම ඇති වන්නේ සරල භීතිකාව යන රෝගී තත්ත්වය යටතේයි.


මෙවැනි තත්ත්ව වලදී වෙන්නේ යම්කිසි නිශ්චිත දෙයකට හෝ අවස්ථෘවකට පමණක් අනිසි බියක් දැක්වීමයි. මෙවැනි පූද්ගලයන් නිශ්චිත දෙයින් පිට බියවීමක් නැහැ.


බොහෝවිට මෙම සරල භීතිකා තත්ත්වය ආරම්භ වෙන්නේ කුඩා කාලයේ ඉඳලා. එය වයසත් සමග වර්ධනය වෙන්න පූළුවනි. ගැහැනූ ළමයි පිරිමි ළමයින්ට වඩා මෙම තත්ත්වයෙන් පෙළෙනවා. ඇත්තටම බැලුවොත් මෙය සූලබ රෝගී තත්ත්වයක් ලෙස හඳුන්වන්න පූළුවනි.


විශේෂයෙන්ම හානිකර නොවන කුඩා කෘමි සතුන් විශේෂ වන කැරපොත්තන්ට, හූනන්ට, කූඩැල්ලා වැනි වඩාත් අහිතකර නොවන සතුන්ට මකුළුවන්ට අනිසි බයක් දක්වනවා. මෙම සතුන්ට පිළිකුලක් දක්වනවා වගේම දැක්කාම කෑගහලා දුවලා එම තත්ත්වයෙන් මිදෙන්න බලනවා.


ඊට අමතරව ඇතමෙක් ලේ දකින්න බයයි, තුවාල දකින්න බයයි, එන්නත් කටූ දකින්නත් බයයි. මෙවැනි අවස්ථාවකට මූහූණ දෙනවිට ඔවූන් ක්ලාන්ත වෙනවා. එහෙමත් නැත්නම් වමනය දානවා.


තවත් කොටසක් උස් තැනකට ගිහිල්ලා බිම බලන්න බයයි. ආවරණය කළ තැනකට යන්න බයයි. විශේෂයෙන්ම විදුලි සෝපානයක ගමන් කරන්න, තනියම කාමරයක ඉන්න බයයි. ඒ වගේම දන්ත උපකරණ දකින්නත් ඔවූන් බයයි. සමහර අය ගුවන් යානයක යන්නත් බයයි.


එවැනි පූද්ගලයන් එක දෙයකට පමණයි අසාමාන්‍ය බයක් දක්වෙන්නේ. ඔවූන් කරන්නේ එවැනි දේවල් ජීවිතයට ළඟා කරගන්නේ නැතිව මඟ හැරලා ජීවත්වෙන්න උත්සාහ කිරීම.


පොදුවේ ගත්තොත් භීතිකාව කියන රෝගී තත්ත්වයෙන් පෙළෙන අයෙක් කරන පොදු ක්‍රියාකාරකම් දෙකක් තියෙනවා.


එකක් තමයි බය ඇති කරන දෙයින් මඟ හැරීම. අනෙක තමයි බය ගෙන දෙන අවස්ථාවට මූහූණ දෙන බව දන්නේ නම් ඊට ඉස්සරවෙලා ඉඳලාම නොසන්සූන් ගතියක් ඇතිවීම.


උදාහරණයක් විදිහට අපි හිතමූ කෙනෙකුට ගුවන් ගමනක් යන්න සූදානම් වෙන කෙනෙක් නම් එම ගමන ජීවත්වීමට පෙර නොසන්සූන්තාවයකට පත්වෙන්න පූළුවනි. එයින් වෙන්නේ මනස අවූල් වෙනඑක. මෙම ලකෂණ දෙකම සියලුම භීතිකාවලට පොදුයි.


සරල භීතිකාව තියෙනඅයට ඇත්තටම ප්‍රතිකාර වශයෙන් අපට පූළුවනි අංශ දෙකකින් කතා කරන්න. එකක් තමයි ඖෂධ ප්‍රතිකාරය. අනෙක තමයි මනෝ විද්‍යාත්මක ප්‍රතිකාරය.


ඖෂධ ප්‍රතිකාරයේදී අපි හූඟක් වෙලාවට කරන්නේ මොළයේ ඇතිවෙලා තියෙන රසායන අසමතුලිතතාවයට ප්‍රතිකාර කිරීම. මෑතක ඉඳලා ඖෂධ සොයාගෙන තියෙනවා. මොළයේ ඇතිවෙන රසායන ව්‍යූහයේ වෙනස හඳුනාගෙන ඒ අනූව ප්‍රතිකාර හදලා තියෙනවා. ඊට අදාළ ඖෂධ ප්‍රතිකාරවලට රෝගීන් යොමූ කිරීමෙන් අසමතුලිතාවය සමතුලිත තත්ත්වය පත් කළ හැකියි.


ඊට අමතරව මනෝ ප්‍රතිකාර ප්‍රයෝජනයට ගන්න පූළුවනි. මෙය අපි ප්‍රජනන චර්යා ප්‍රතිකාරය ලෙස හඳුවන්නවා. එතනදී කරන්නේ කෙනෙකු සිතන විදිහ වෙනස් කරන එක. අපේ හැසිරීම අපේ සිතුවිලි මත තමයි රඳා පවතින්නේ. සිතුවිලි වෙනස් කිරීම තුළින් හැසිරීම වෙනස් කළ හැකියි. "සිතුවිලි මත හැසිරීම" කියන මූලධර්මය පදනම් කරගෙන කරන ප්‍රතිකාර මගින් රෝගීන් සූව කළ හැකියි. මෙය ඉතාම ප්‍රත්‍යක්ෂ ප්‍රතිකාර ක්‍රමයක්.


මෝහන ප්‍රතිකාරයත් ගෙඩක් හොඩක් හොඳයි. භීතිකා තත්ත්වය ඇති වූනේ කොහොමද කියඤන කාරණාවට අපට තවමත් නිශ්චිත පිළිතුරක් දෙන්නට හැකියාවක් නැහැ. එය පූද්ගලයාගෙන් පූද්ගලයාට වෙනස් වෙනවා.


බය කියන සිතුවිල්ල අපේ ජීවිතවලට නතු කරගන්න ඒවා. පොඩි කාලේ ඉඳලා දරුවෙක් හැදෙන පරිසරයක්, දකින පරිසරයත් මෙයට බලපානවා.


සාමාන්‍යයෙන් කුඩා දරුවෙක් වැඩිහිටියන් විසින් පාලනය කරන්නත්, ආරක්ෂාවටත් යම් දෙයකට බය කළාම ඔවූන් තුළ බය සිතුවිල්ල ඇතිවෙන්න පූළුවනි.


සාමාන්‍යයෙන් කුඩා දරුවෙක් සමාජයෙන් පවා මෙම තත්ත්වය ඇති කරන්න පූළුවනි. සමහර විට දෙමාපිය්න යම් දෙයකට බය නම්, ඒ දෙයට දරුවාත් පයවෙන්න පෙළඹෙනවා. අපි කාටවත් කියනවානේ ගිනිපෙලෙල්ලෙන් බැඩ කෑ මිනිහා කලාමැදරියටත් බයයි කියල. එවැනි තත්ත්ව ඇති වෙන්න පූළුවනි. මෙය ජීවිත කාලය පූරාම පැතිරෙන්නත් පූළුවනි. එම නිසා ප්‍රතිකාර කිරීම මගින් සරල භීතිකාව හොඳ කර ගැනීම වඩාත් හොඳයි.


නීල් ප්‍රනාන්දු
මනෝ වෛද්‍ය විශේෂඥ


comments | | ඉතිරිය...

මංගල යහනට සූදු පිරුවටය අදට කෙතරම් ගැලපෙනවාද?

සූදු පැහැ රෙද්දක් කී සැණින් ඔබේ සිතට මොනවගේ සිතිවිල්ලක් ඇති වෙනවාද?

සිංහල ගැමි සමාජය තුළ සූූදු පිරුවටයට හිමිවී ඇත්තේ සූවිශේෂි ස්ථානයකි. භික්ෂූවක් නිවසට වැඩියහොත් අසූන මත සූදු රෙද්දක් එලන්නේ හද තුළ ඇති භක්තිය, ගෞරවය පෙන්නන්ටය. ඒ වගේම සිල් රෙද්ද සූදු පැහැතිය. මළ ගෙයක් සිදුවූ විට ගේ ඉදිරිපිට සූදු කොඩියක් එසවෙන්නෙ. නිරායාශයෙනි.


ආගමික උත්සවල වගේම, ගිහි ජීවිතයේ සූවිශේෂ අවස්ථාවලදී සිංහලයාට සූදු පිරුවටය නැතිවම බැරිය. අද අපේ කතිකාවට ලක්වෙන්නේ, සූදු පිරුවටයක් විවාහ මංගල්‍යය දින මධූසමයට යන ගමනට එක්වීම ගැනය. සමහරවිට මධූසමයට යන යූවළවත් දන්නෙ නැතිවම ඔවූන්ගේ ඇඳුම් මල්ලට සූදු රෙද්දක් එක්වෙයි. එය එක්වන්නේ මනාලියගේ කන්‍යාභාවය තහවූරු කරමින්, පිරිසිදුකම සහතික කරන්නටය.


සැබැවින්ම, අපේ සමාජය තුළ තිබූ ඒ චාරිත්‍රය අපට උසස් යැයි සිතන්නට පූළුවන්ද? එදා පමණක් නොව අදටත් එය කෙතරම් වලංගුද? මේ ගැන අප නැවත නැවතත් සිතා බැලිය යූතුයි නේද?


වෛද්‍ය විද්‍යාත්මකව සලකා බැලුවද කාන්තාවකගේ කන්‍යාභාවය මෙවැනි සරල ක්‍රියාදාමයකින්, ඔප්පූ කර ගැනීමට නොහැකිය. අනෙක් අතට මෙවැන්නක් තුළින් සිද්ධවෙන්නේ, මූළු ස්ත්‍රී සංහතියටම නිගාවක් නොවේද?


අද අප ඉදිරියේ බිහිවී ඇත්තේ, වචනයෙන් විස්තර කරන්නට බැරි තරමේ වාණිජ සමාජ ක්‍රමයකි. මේ ක්‍රමය වඩ වඩාත් කාන්තාව විකිණෙන සීමාවන් කරා ගෙනයන බව අව අසත්‍යයක් නොවේ. ස්ත්‍රීත්වය, මාතෘත්වය වැනි තත්ත්වයන් ආරක්ෂා කිරීමට සැබෑ වූවමනාවකින් කටයූතු කරන පූද්ගල චරිත හෝ සිවිල් සංවිධාන නැතිකමින්, කාන්තාවන් පෙළන මෙවැනි ක්‍රියාදාමයන් අදටත් අඩූ වැඩි වශයෙන් සමාජයේ ඇති බව රහසක් නොවේ.


ඇත්තෙන්ම, ශිෂ්ටාචාරයට පත් සමාජයකින් බලාපොරොත්තු විය නොහැක්කක් ලෙස මේ සූදු පිරුවටයේ කතාව හඳුන්වා දිය හැකි ය. මෙවැනි කටයූත්තක් වඩාත් සූදුසූ වන්නේ මනූෂ්‍යයන්ට වඩා ම්ලෙච්ජයන්ටය.


කෙසේ වෙතත් අද වනවිට මේ පිරිසිදුකමේ සංකේතය සොයන ප්‍රවණතාව අඩූවී ඇතත්, කාලාන්තරයක් තිස්සේ මූල් බැසගත් ආකල්පයන් නිසා පිරිමියාද තම සහකාරියගේ පිරිසිදුකම ගැන මේ තුළින් සොයා බැලීමට දක්වන අවස්ථා නැත්තෙ නොවේ. අනික් අතට මෙවැනි ශිෂ්ටත්ව සමාජයට නොගැලපෙන කටයූත්තක් කරන්න සූදු පිරුවටය එලන්නට මහ ඉහළින් බලා සිටින වැඩිහිටි නෑදෑ පරපූරක් ද සිටී.


කාන්තාවගේ කන්‍යාභාවය බලන පිරිමියා, තමන් දෙසම ආපසූ හැරී බලන්නට මැලිකමක් දක්වන්නේ ඇයි කියා මට පැණයකි. විවාහයට පෙරාතුව ඇති පදමට ස්ත්‍රී සේවනය කර ඇති පිරිමින් පවා මේ සූදු පිරුවටය මංගල යහනේ එලන්නේ හෘද සාකෂියට එකඟවදැයි මට ඇති වන්නේ විශාල ප්‍රශ්නයකි.


සමස්ත කාන්තාවන් විසින්ම එකතු වී මෙවැනි ම්ලේච්ඡ ක්‍රියාදාමයන් තුළින් ස්ත්‍රීත්වය මනින මිණූම් දඬූ නැති කරන්නට කටයූතු කළ යූතුය යන්න මගේ විශ්වාසයයි.




ප්‍රවීණ ලේඛක ටෙනිසන් පෙරේරා


comments | | ඉතිරිය...

පවිත්‍රතාව සොයන සාම්ප්‍රදායික චාරිත්‍රය -යූවතියකගේ පවිත්‍රත්වය සෙවීම

බාහිර පරිසරය කොතෙක් දුරට වෙනස් වූවත් ආකල්පමය වෙනස්වීම් එතරම් ශීඝ්‍රයෙන් සිදු නොවිය හැකිය. යූවතියකගේ පවිත්‍රත්වය කියන සූදු පිරුවටය නවීන සමාජය තුළ ඔබින්නේද නැද්ද යන කාරණාව අපට විග්‍රහ කළ හැක්කේ ආකල්ප වෙනස සහ නොවෙනස අතර දොලනය වන මාතෘකාවක් වශයෙනි.


ජීව විද්‍යාත්මකව කතා කළ හැකි කන්‍යාභාවය පිළිබඳ ප්‍රශ්නය නවීන සමාජය තුළ ගරු කරන පූද්ගලයන් ගරු නොකරන පූද්ගලයන් සහ තිබූණත් එකයි නැතත් එකයි කියන අතර මැදි පූද්ගලයන් යන ආකාර තුනින්ම ජීවත් විය හැකියි. මෙවැනි සිරිතක් අනූගමනය කරමින් ඇතැම් විට බලාපොරොත්තු වන්නේ විසිරෙන්නට දඟලන සමාජය එක්තරා ආකාරයකට එකතු කර ගැනීමට උත්සාහ කිරීමක් විය හැකියි.


යූවතියකගේ පවිත්‍රත්වය සෙවීම විවාහය සමග පරිකෂා කරන සාම්ප්‍රදායික චාරිත්‍රයක් ලෙස අපට පහසූවෙන් හඳුන්වා දිය හැකියි.


කන්‍යාපටලය ජීව විද්‍යාත්මක පිහිටීමක්. ජීව විද්‍යාතමක පිහිටීමකට සාම්ප්‍රදායික සමාජය තීන්දු ගන්න එක පරීකෂාවලට භාජන කරන එක කොතරම් සූදුසූද කියන ප්‍රශ්නය මතුවෙනවා. වෛද්‍යවරුන් සඳහන් කරන අන්දමට යූවතියක් විවාහයට පෙර ලිංගිකව හැසිරුනත් නැතත් ස්වාභාවිකවම සියයට 25 ගේ පමණ ජීවවිද්‍යාත්මකව කන්‍යාපටලය නොපිහිටන්න පූළුවනි. මෙවැනි යූවතියන්ට වන බලවත් අසාධාරණය එහෙමත් නැත්නම් සමාජය තුළදී ලිංගික අතවරවලට ලක්වෙන යූවතියන්ට වන අසාධාරණය වැනි කරුණූ වලට ගොදුරුවූ යූවතියන්ට පිරිසිදු විවාහයකට ඇතුළත් වෙන්නට නොහැකිදෑයි කියන ප්‍රශ්නය මතුවෙනවා. අද බලන්න ලංකාවේ ලිංගික අපරාධ සංඛ්‍යාව එන්න එන්නම ඉහළ ගිහිල්ලා තියෙනවා. මේවාට ගොදුරුවෙන යූවතියන්ට සමාජය විසින් දෙන නිගමනය කුමක්ද?


ලංකාවේ සමාජය තුළ තවමත් විවාහ සිදුවීමේදී ලිංගික පාරිශුද්ධිය පිළිබඳ ඇතැම් ආකල්පවල දෑඩි වෙනසක් වෙලා නැහැ. නමූත් අපි මූලින් කිව්වා වගේ සමාජ පරිසරය වෙනස් වෙලා. මෙයට හොඳම උදාහරණයක් තමයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ පරීකෂණ කණ්ඩායමක් කරන ලද පරීකෂණයකට අනූව සොයා ගැනීම තවමත් ලිංගික පාරිශුද්ධිය ඇති ගැහැනූ දරුවන් විවාහකරගන්න බලාපොරොත්තුවන පිරිමින් සියයට 60 ප්‍රතිශතයක් තවම ඉන්න බව.


පොදුවේ ගත්තොත් ලෝකයේ සෑම සමාජයක්ම විවාහයට පෙර ලිංගික සම්බන්ධතාවක් පැවැත්වීම අනූමත කරන්නේ නැහැ. සමහර සමාජ දෑඩි දඬූවම් පවා පමූණූවනවා.


ලෝකයේ උතුරු ප්‍රදේශයේ ජීවත්වන "අශාන්ති" කියන ගෝත්‍රය තුළ විවාහයට පෙර ලිංගික සම්බන්ධතාවයන් පවත්වන පූද්ගලයන් හෙල්ලයකින් ඇන මරා දමනවා. ලොව දියූණූ නොදියූණූ විධිමත් අවිධිමත් සියලු සමාජය අනිසි ලිංගික සබඳතා තුළ සමාජය ව්‍යාකූල වනවා යැයි සිතනවා. එම නිසා අපේ රටෙි විවාහයක් තුළදී සොයන සූදු පිරුවටය කියන පවිත්‍ර ගැහැනූ දරුවෙක් සංකල්පය එහෙමත් නැත්නම් චාරිත්‍රය කල්තබාම ගැහැනූ දරුවන්ගේ ලිංගික ජීවිතය පාලනය කරනූ ලබනවා.


ආසියාතික සමාජය තුළ තමන්ගේ සංස්කෘතික අනන්‍යතාව නිසා බටහිර රටවලට වඩා කාන්තාවට ඉහළ පිළිගැනීමක් තියෙනවා.


විවාහයකදී පෝරුවේ චාරිත්‍ර දෙනෝදාහක් මැද ඉටූ කරන අවස්ථාවේදී ලිංගිකව පාරිශුද්ධ බව නොමැති ගැහැනූ දරුවා බිම ඇද වැටෙි කියන මතයක් තියෙනවා. මේ නිසා තමන්ගේ ගෞරවය, පවූලේ ප්‍රතිරූපය, ගැන වඩාත් සිතන ගැහැනූ දරුවන් තම චරිතවත් ලෙස ජීවත්වීමට පෙළඹෙනවා. නැත්නම් වෙන්නේ පෝරුවේ චාරිත්‍ර කරන මොහොතේ ඇති කරන සිතිවිලි මතින් තමාගේ ප්‍රතිරූපය ඉහළ දෑමීමක් හෝ පහළ දැමීමක්.


සමාජ වටපිටාව නවීකරණය වෙද්දී මෙම චාරිත්‍ර ගැලපේද නොගැලපේද කියන කාරණාව සමාජ විද්‍යාඥයන්ට තීරණය කරන්නට බැහැ.


නමූත් ඓතිහාසික පැහැදිලි කිරීමක් කළ හැකියි. "බහූ විවාහ" චාරිත්‍ර වලදී ලිංගික පාරිශුද්ධිය කියන කාරණාව පරණ සමාජය තුළ එතරම් ගැටලූවක් වෙලා නැහැ. එවැනි විවාහයක් පවත්වාගෙන යන්න සූදු පිරුවටය අත්‍යාවශ්‍ය කාරණාවක් වෙලත් නැහැ. සමගි විවාහ යන කාරණාවේදී එම විවාහයට ඇතුළත් වන කාන්තාවට එම පවූලේ සිටින පිරිමි හත්දෙනකුට යටත්ව ලිංගික සම්බන්ධතා පැවැත්වීමට අවසර තියෙනවා. එවැනි අවස්ථාවකත් අපි කතා කරන කාරණාව ගැන සැලකිලිමත් වෙලා නැහැ.


එතැනදී පැහැදිලි වෙනවා සමාජය ශිෂ්ටාචාර ගතවන විට ඒ කියන්නේ අපේ සමාජය සිදුවන එක් කාන්තාවක් එක පිරිමියකු සමඟ විවාහවන එක් පූරුෂ එක භාර්යා විවාහ වලදී පමණක් ලිංගික පාරිශුද්ධිය කියන කාරණාව වැඩි වටිනාකමක් පෙන්වන බව. සාම්ප්‍රදායිකව මෙය කවර කාරණාවක් නිසා ගොඩ නැගුණාදෑයි හරියටම කියන්න බැහැ. නමූත් මෙය මහනූවර යූගයෙන් පසූව ඇති වූණා කියලා සමාජ විද්‍යාඥයන් විශ්වාස කරනවා.


කෙසේ වෙතත් ලෙනාඩ් වූල්ෆ් විසින් රචිත ලිපි ලේඛන වල අපේ රටෙි ගැමියන් තමන්ට දාව උපන් ගැහැනූ දරුවන් එම ප්‍රදේශයේ ප්‍රභුවරුන්ගේ නිවෙස්වල පූංචි පූංචි අත් උදව්වලට යැවූ බවත් ඉන් අනතුරුව ප්‍රභූන් විසින් දරුවන් ලිංගික ක්‍රියාකාරකම් වලට සම්බන්ධ කර ගත් බවත් සඳහන් වෙනවා. මෙයින් ගැමියන් ප්‍රභූන්ගෙන් ඔවූන්ට තාන්න මාන්න බලාපොරොත්තු වෙලා තියෙනවා. එවැනි කාරණා එන්න එන්නම ඉහළ යෑම තුළ මෙවැනි ලිංගික ක්‍රියාකාරකම් වලට සම්බන්ධ කරගත් බවත් සඳහන් වෙනවා. පවූල්වල ගැහැනූ දරුවන් ප්‍රභූන්ගෙන් බේරා ගැනීම සඳහා විවාහයේදී සූදු පිරුවටය කියන කාරණාව බලන්න සමාජය පූරුදු වූණාදෑයි හිතන්නත් පූළුවන්.


අවසන් වශයෙන් තව දෙයක් කිව හැකියි. ඇවැස්ස විවාහ වලදී සූදු පිරුවටය සෙවීම එතරම් බරපතල කාරණාවක් නොවූවත් දීග විවාහ හෙවත් පිටස්තර දෙදෙනකු අතර වන ආදර විවාහ සහ යෝජිත විවාහ වලදී සූදු පිරුවටය කියන කාරණාව තවමත් ලංකාවේ බලනවා. මෙය සූදුසූද නූසූදුසූද අපට තර්ක කිරීමක් පමණයි කළ හැක්කේ. ඉහත කාරණාවලින් සූදුසූ හා නූසූදුසූ දෙපැත්ත ගැන අපට සිතාබැලිය හැකියි. මෙය ආකල්පමය වෙනසක් හරහා ඇතිවිය යූතු දෙයක් මිස බලෙන් පටවන කාරණාවක් නොවිය යූතුයි.
comments | | ඉතිරිය...

කුමන විල්ලුවේ මඟුල් සිරි -යාල නැගෙනහිර ජාතික වනෝද්‍යානයේ කුරුල්ලන් ගේ පාරාදීසයක් වන කුමන

යාල නැගෙනහිර ජාතික වනෝද්‍යානයේ කුරුල්ලන් ගේ පාරාදීසයක් වන කුමන විල්ලුව කුඹූක්කන් ඔය මෝය ආශ්‍රිත ව පිහිටා ඇති පරිසර විද්‍යාත්මක ව ඉතා වැදගත් මනරම් ස්ථානයකි. පකෂීන් ගේ කදිම වාසස්ථානයකි. පසූගිය කාලය තුළ මෙම පරිසර පද්ධතිය විවිධ හේතුන් නිසා විනාශ වී ගිය ද ජාතික උද්‍යානයේ කටයූතු නැවත ආරම්භ කිරීමත් සමඟම කුමන විල්ලුවට නව ජිවයක් ලැබී ඇත. සියොතුන් තමන් ගේ වාසස්ථාන තහවූරු කරගනිමින් සිටින අතර කඩොලාන ශාක ඔවූන්ට මනා පිටූවහලක් සපයයි. ජලජ පකෂින් ඉතා විශාල සංඛ්‍යාවක් මෙහි දී එක වර දෑකගත හැකි වීම සූවිශේෂී කාරණයකි.


ඒ අතරට තිත්හොට පැස්තුඩූවන් ( pelican ) දියකාවූන් ( cormorant )- අභිකාවූන් ( Darter )- සූදු මැදිකොකුන් ( intermediate egret )- පූංචි ඇලි කොකුන් ( Little egrat ) මහ සූදු කොකුන් ( Great egret ) අලු කොකුන් (( Grey Heron )- කරවැල් කොකුන් ( Purple Haron )- කණ කොකුන් ( Pond Heron )- කොරවක්කන් ( waterhen ) දම් කිතලන් ( purple swamphen )- පාදිලි මානාවන් ( wooly necked stork ) ලතුවැකියන් ( painted stork ) - දැකැත්තන් ( Ibis ) - විවරතුඩූවන් ( openbill ) - සැවූල් පෙද දියසෑනාවන් ( Pheasant tailed jacana ) ්- බහූරුමානාවන් ( lesser adjutant ) - ප්‍රමූඛ වේ. එමෙන්ම මෙම විල්ලුව ආශ්‍රිත ව ලංකාවේ විශාලම ජලජ පකෂීයා මෙන් ම, ඉතා කලාතුරකින් දෑකිය හැකි අලිමානවූන් ( Black necked stork ) කිහිප දෙනකු ද දක්නට ලැබීම වාසනාවකි.

මේ කාලය මොවූන් බොහෝ දෙනෙකු ගේ සූවැදි සමයයි. එබැවින් මොවූන් වර්ණවත් වීමෙන් හා දෑකුම්කලු පිල් කළඹවල් සාදා ගැනීමෙන් අලංකාර බව වැඩි කරගෙන, සහකාරීය තෝරා ගැනීමේ හැකියාව උරගා බලයි.

ඇතැමූන් මේ වනවිටත් කූඩූ තනා ඇත. ඇතැමූන් පැටවූන් රකිති. තවත් සමහර අය කූඩූ තනමින් සිටී, කූඩූ සැදීමට අමූ ද්‍රව්‍ය රැස් කරමින් සිටිති. මේ අතට නිදහසේ පෙම් රැගුම් පාමින්, පෙම් කරන සියොතුන් ද වෙති. මූළු විල්ලුව ම මගුල් සිරියකි.


කුරුලු පාරාදීසයේ සූවැදි සමය සියොතුන් ගේ ප්‍රවේණි ගති ලකෂණ පරම්පරාගත කිරීමට උපකාරී වන, අප විසින් නැරඹීය යූතු ස්වභාවධර්මයේ අපූර්වතම දායාදයකි.
comments | | ඉතිරිය...

පෙම් සබඳතාවකට පෙර මේ ප්‍රශ්න අටට පිළිතුරු දෙන්න?

ඔබට යමක් පෙන්වීමට ඒ තරුණයා ඔබේ අත අල්ලා ගතහොත්
1 එය කුමක් වූවත්, ඔබ ඒ දෙස බලනවාද?


2  ඔබ අඟවන්නේ කුමක්ද?


3 ඔබට තිගැස්සෙන, ගතියක් ඇතිවනවාද?


ඔහූත් ඔබත් සමීප හිතවතා හා හිතවතියද වී සිටින අයූරු සිහිනෙන් දැක තිබියදී ඔබ අවදි වූ මොහොතක ඔබ කරන්නේ කුමක්ද?

1. දැනටමත් එලෙස හැසිරෙන පරිද්දෙන්, ශබ්ද නගා සිනාසීම.


2 එවැනි සිහිනයක් දුටූවේ නිදාගන්නට පෙර ඔබ ප්‍රේමාන්විත චිත්‍රපටයක් නැරඹූ නිසා යැයි කල්පනා කිරීම.


3 දවල් හීන දකිමින් ගෙයි සිවිලිම දෙස දෙනෙත් යොමූ කිරීම.


පහූ පහූ වනවිට ඔහූ ඔබව අතපත ගාන්න පූරුදුව සිටිනවා නම්, ඔබට හැඟෙන්නේ කුමක්ද?

1 මේ දිනවල ඔබ සමග සිටින විට ඔහූ තුළ සන්සූන් ස්වභාවයක් හටගෙන ඇතැයි සතුටට පත්වීම.


2 ඊට අකමැත්තක් දැක්විය යූතු යැයි කල්පනා කිරීම.


3 එය හරිම හොඳ යයි සිතීම.


ඔහූගේ දෙමාපියන් ගමෙන් හෝ නගරයෙන් බැහැරව යන අවස්ථාවක ඔහූ ඔබේ ගෙදර නිදා ගැනීමට එනවා නම්, ඔබට හැඟෙන්නේ කුමක්ද?

1 මා ඒ ගැන කිසිවක් සිතිය යූතුද?


2 පැත්තකට වී සිටින මගේ සොහොයූරාට විනෝදය ගෙන දෙන දේවල් ඔහූට කළ හැකි නිසා, ඇත්තටම එය හොඳය.


3 ගෙදර හැම දෙයක්ම වාගේ උණූසූම් වාතාවරණයකින්, කලබල ගතියකින් සිදුවනූ ඇත.


සාප්පූ සංකීර්ණයකදී ඔබට ඔහූ දැකගත හැකි වූවහොත්, ඔබ කරන්නේ කුමක්ද?

1 ඕනෑම අවස්ථාවක ඔහූ දැකගත හැකි නිසා, තමන්ට කුලුපග මිත්‍රයකු සිටින වග සෙස්සන්ට නොදැනෙන පරිද්දෙන්, ඔහූට අත වනා ඔබේ කටයූත්ත කරගෙන යෑම.


2 දෙදෙනා එතරම්ම කුලුපග දෙදෙනකු යයි සිතා ඔහූටත් එක්ක උවමනා දේවල් මිලට ගැනීම.


3 ඔහූ මගහැර යාමට සිතා ඔහූට අත වනන්න තැත දැරීම.


උන්මාද චිත්‍රා කුමරිය ගලවා ගන්න ඇය රඳවා සිටි කුළුණට දීඝ ගාමිණි කුමරු නැගීම ගැන ඔබ සිතන්නේ කුමක්ද?

1 කිසිවිටෙක සිදු නොවිය යූතු දෙයකි.


2 බැලිය යූතුම ප්‍රේමාන්විත රූපවාහිනි නාට්‍යයක් බලන්න එමගින් මා පෙළඹූණේ නැත.


3 මගේ ලෝකය දෙදරුම් කවන්නකි.


ඔබේ කුලුපගම මිතුරා ඔහූ යයි ඔබ සතුටූ ූවන්නේ කුමක් නිසාද?

1 ඔහූ වැන්නවූන් සැබවින්ම සිතන්නේ කෙසේදැයි ඔහූ තුළින් දැනගන්න හැකි වන නිසාය.


2 කලබලකාරී වාතාවරණයකදී ඔහූ හා සමග සිටින විටක ඔහූගේ මිතුරන්ට කිසියම් රුකුලක් දිය හැකි නිසාය.


3 ඔහූ ආදරය කළ යූතු අන්දමේ පූද්ගලයෙකි. ඔහූ ගැන ඔබට කිසිවිටෙක නූරුස්නා ගතියක් ඇති නොවන අතර නිරතුරුව ඔහූ ඔබ අසල ගැවසෙනවාට ඔබ තුළ අකමැත්තක් නැත.


ඔබ දෙදෙනා කිසිවිටෙක එක්ව කොහේ හෝ ගොස් නැති නිසා, දෙදෙනා එක්ව මූහූදු වෙරළ බලන්න යමූ දැයි ඔහූ යෝජනා කළොත් ඔබ ප්‍රතික්‍රියා දක්වන්නේ කෙසේද?

1 ඉල ඇදෙන්න සිනාසීම.


2 ඔහූගේ යෝජනාව ගැන විමතියක් ඇති වූවත්, එම ගමන තවත් කෙනකු හා සමගම යෑම.


3 ඊට කිසිදු කැමැත්තක් නොදක්වා දිගට හරහට සිනාසීම.



පහත සඳහන් කොටස කියවූ විට ඔහූ ඇසූරට සූදුසූ කෙනකුද නූසූදුසූ කෙනකුදැයි ඔබට සිතා ගත හැකිය.


ඔබ වැඩිපූරම හරි ගැසූවේ අංක එකේ පිළිතුරුවලට නම් ඔබ දෙදෙනා සදාකාලික මිතුරකු, මිතුරියක වන්න පූළුවන.


මිත්‍රකමකින් ඔහූ ඇසූරු කරන්න ඔබ කැමැත්තක් දක්වන අතර දෙදෙනා එකට සිටියදී ලබන්නේ අපමණ සතුටකි. එකට සිටින විටකදී සීමාව ඉක්මවා යන්න දෙදෙනාම පෙළඹෙන්නේ නැත. ඔහූ සැබැවින්ම ඔබේ සොහොයූරකුට සම කළ හැකි අන්දමේ මිත්‍රයෙකි. ඔබ කැමැත්තක් දක්වන්නේ ද එවැනි තත්ත්වයක් පවතිනවාටය.


වැඩිපූරම හරි ගැසූවේ අංක දෙකේ පිළිතුරුවලට නම් ඃ දෙදෙනා අතර පෙම් සබඳතාවයක් ඇති වන්න බැරිකමක් නැත.


ඔබ දෙදෙනා දැන් මිතුරුකමකින් පසූවන නමූත් මිතුරු හැඟීම්ද සමග උණූසූම් හැඟීම් පවා දෙදෙනා අතර ඇතිවන්නටද ඉඩකඩ තිබෙන්න පූළුවන. ඔබේ මිතුරා සතුව ඇති ගුණාංග කෙරෙහි හෝ ඔහූගේ අන් යමක් ගැන හෝ මේ වනවිට ඔබේ ප්‍රසාදය පළවී තිබිය හැකිය. ඔහූ හා සමග පෙම් සබඳතාවක් ඇති කර ගන්නටද බැරිකමක් නැත. කෙසේ වෙතත්, එවැනි සබඳතාවක් ඇති කරගන්නවා නම්, ඒ ගැන හොඳට කල්පනා කර බැලීම යහපත්ය.


වැඩිපූරම හරි ගැසූවේ අංක තුනේ පිළිතුරුවලට නම්  ඔහූ හා සමග ඔබ පෙම් සබඳතාවක් ගොඩනගා ගන්නා වගක් පේන්න ඇත.




comments | | ඉතිරිය...

සෞඛ්‍යසම්පන්න ජීවිතයක් සඳහා පංච විධ සෞඛ්‍ය ක්‍රමය

 

මිනිසාට වැළදෙන රෝග ගණනාවකට මූල් වන්නේ ඔහූගේ නිවස සහ අවට පරිසරය හෙවත් ගෙවත්තයි. සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගතකිරීමට ශාරීරික වර්ධනය මෙන්ම මානසික වර්ධනය ද අවශ්‍ය වෙනවා. මානසික වර්ධනය හොඳින් සිදුවීම ආර්ථික වර්ධනයට ද හොඳ හේතුවක්. මේ සියල්ලක් ම නිවැරැදි ව පවත්වාගෙන යාමට බොහෝ සෙයින් උපකාරි වන "පංච විධ සෞඛ්‍ය ක්‍රමය" නැමැති සංකල්පයක් අපේ රටෙි ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශය කටයූතු කරගෙන යනවා. මෙය අපේ රටෙි ග්‍රාමීය ප්‍රදේශවලට වඩාත් ගැලපෙන දෙයක්.


පංච විධ සෞඛ්‍ය ක්‍රමයට අයත් ප්‍රධාන අංග 5ක් තිබෙනවා. ඒවා උතුරවා නිවා ගත් ජලය, පොහොර වළ, ගෙවත්ත, ප්‍රමාණවත් වාතය හා ආලෝකය සහ සෞඛ්‍යසම්පන්න ක්‍රමාණූකූල වැසිකිලිය යනූවෙන් හැඳින්වෙනවා.


ගම්බද පළාත්වල වැසියන් උතුරවා නිවා ගත් ජලය පානය කරන්නේ බොහෝම අඩූවෙන්. ඔවූන්ට එනිසා ජලය නිසා රෝග වැළැඳීම බහූල ව තිබූණා. දෑන් දෑනූවත් කිරීම් නිසා ඔවූන් උතුරවා නිවා ගත් ජලය පානය කිරීම නිසා ඒ ආශ්‍රිත ව වැළඳෙන රෝග ඇත්තෙන්ම නැති තරම්.


නිවසකින් පිටවන අපද්‍රව්‍ය ගෙවත්තේ කොතැනක හෝ දෑමීම සාමාන්‍යයෙන් කරන දෙයක්. මෙම තත්ත්වය පවූලක සෞඛ්‍ය පිරිහීමට හේතුවක්. මැසි මදුරුවන් ගේ බෝවීම වර්ධනය කරන්නක්. ගෙදරින් පිටතට යන දිරා යන අපද්‍රව්‍යවලින් පොහොර සෑදිමත්, එම පොහොර ගෙවතු වගාවලට දෑමීමත් සෞඛ්‍යයත් රැකගෙන ආර්ථික වර්ධනය ළඟා කර ගැනීමක්.


ගම්බද මෙන්ම ඕනෑම පළාතක ගෙවත්ත කියන්නේ මානසික සෞඛ්‍ය රැකදෙන ප්‍රබල ස්ථානයක්. ගෙවතු වගාව තුළින් දිනපතා ආහාරයට අවශ්‍ය භෝග ලබා ගැනීමත් දවසේ වියදම හෝ සොයා ගැනීමත් කරන්න පූළුවන්. ඒ වගේම එමගින් හොඳ පිිරිසිදු වතාශ්‍රයක් ලබා දීමක් ද සිදු කරනවා.


ගම්බද නිවාස ඉඳී කිරීමේ දී නිවසට වාතය හා ආලෝකය ලැබෙන ඉඩකඩ ප්‍රමාණවත් නෑ. ඒ නිසා නිවෙස් තෙත් ස්වභාවයක් ගැනීම නිරතුරුව ම සිදුවනවා. මෙවන් තත්ත්ව රෝග ගණනාවක් බෝ කිරීමට හේතුවක්. පංච විධ සෞඛ්‍ය ක්‍රමයට අනූව ලබන උපදෙස් මත සාදන නිවසකට හොඳින් වාතය හා ආලෝකය ලැබෙනවා. ඒ නිසා මානසික හා ශාරීරික සෞඛ්‍ය ද රැකෙනවා.


නිවසක වැසිකිලිය නිසි අන්දමින් ඉඳිකර නොතිබීම රෝග ගණනාවක් ව්‍යාප්ත වීමට හේතුවක්. ගම්බද පළාත්වල රෝග බෝවීමට ප්‍රධාන හේතුවක් වන්නේ බොහෝ විට වැසිකිලි නොතිබීම හා තිබෙන වැසිකිළි සෞඛ්‍ය ආරකෂිත ක්‍රමවලට අනූව ඉඳි කර නොතිබීමයි. පංච විධ සෞඛ්‍ය ක්‍රමයේ දී වැසිකිලියක් සෞඛ්‍ය ආරකෂිත ක්‍රමවලට අනූව ඉඳි කිරීම පිරිසිදුව තබා ගැනීමටත් උපදෙස් දෙනවා.


මෙම අංග 5 සම්පූර්ණ වූ නිවසක් සෞඛ්‍ය සම්පන්න මිනිසූන් වෙසෙන නිවසක් ලෙස හැඳින්විය හැකියි.


මේ අය ගෙන් පරිසරයට හානි සිදු වන්නේ නෑ. ගෙවත්ත වගේම අවට පරිසරයත් පිරිසිදුව තබා ගැනීමට ග්‍රාමීය ප්‍රජාවක් වශයෙන් උනන්දු වෙනවා.


අපට වැළඳෙන රෝග සියල්ලට ම වාගේ මූල් වෙන්නේ අප වෙසෙන නිවස සහ අවට පරිසරයි. ඒ නිසා පංච විධ සෞඛ්‍ය පිළි පැදීමට දෙමාපියන්, විශේෂයෙන් මව්වරුන් මූල් කර ගැනීම වැදගත්. මව්වරුන් තුළින් ගෙදර දරුවන් ටත් මෙම අවබෝධය ලබා දීම සිදු කරනවා. ඒ කියන්නේ ගමක් මූල් කර නිරෝගී පරපූරක් බිහිකිරීමට අඩිතාලමක් දෑමීම මේ ක්‍රමයෙන් සිදුකරනවා.


මේ ක්‍රමය අපේ රටෙි ඕනෑම නිවසක හා ගෙවත්ත මූල්කර ගෙන පවත්වාගෙන යන්න අපහසූවක් නෑ. එහෙත් ඒ ගැන දෑනූවත් වීම අවශ්‍ය වෙනවා. විශේෂයෙන් ගම්බද පළාත්වලට මෙම ක්‍රමය බොහෝ වටිනා දෙයක්.
comments | | ඉතිරිය...

මූත්‍රා ගල් ඇති වන්නේ ඇයි ?

මූත්‍රාශයේ ගල් සෑදීම ආහාර නිසාම හැදෙන දෙයක් නොවෙයි. එයට ශරීරයේ ස්වභාවය හේතු වෙනවා. එක පවූලේ එකම ආහාර ගන්නා දෙදෙනෙකු ගෙන් එක් අයෙකුට පමණක් මේ ගල් සෑදෙන්න පූළුවන්. එයට හේතුව ඒ අය ගේ ශරීරයේ ස්වභාවයයි. එහෙත් වැඩියෙන් ජලය පානය කිරීම මේ රෝගය වැළක්වීමට හේතුවක් වෙනවා.


මේ රෝගය සෑදීමට ප්‍රධාන හේතුව මූත්‍රාවල සාන්ද්‍රතාව වැඩි වීමයි. ජලය පානය කිරීම මඟින් සිදු කරන්නේ මූත්‍රාවල සාන්ද්‍රණය අඩූ කිරීමයි.


මූත්‍රා ගල් සෑදීමට බලපාන ප්‍රධාන හේතු මොනවාද?

අපි දන්නවා මූත්‍රාශ පද්ධතියට වකුගඩූ, මූත්‍ර ප්‍රනාල, මූත්‍රාශය සහ මූත්‍රා මාර්ගය අයත් වන බව. ස්ත්‍රියක ගේ මූත්‍ර මාර්ගය ඉතාමත් කෙටියි. එය සෙන්ටි මීටර 4ක් පමණ වෙනවා. පිරිමියකු ගේ මූත්‍රා මාර්ගය ශරීරය තුළත් ශරීරයෙන් පිටතටත් දිගට පිහිටනවා. මේ ආකාරයට මූත්‍රා මාර්ගය පිහිටා තිබෙන ආකාරය දිහා බලන කොට ස්ත්‍රී පූරුෂ යන දෙවර්ගය ම මූත්‍රා ගල් සෑදීමේ රෝගයට ගොදුරු වෙන්න පූළුවන්.


 ශරීරය තුළ මෙවැනි රෝග තත්ත්වයක් තිබෙන විට හට ගන්නා රෝග ලකෂණ මොනවාද?

සාමාන්‍ය මූත්‍රා ආසාදනයක දී හට ගන්නා රෝග ලකෂණ දක්නට ලැබෙනවා. උණ ගැනීම, ඇඟ ශීතල වීම, මූත්‍රා පහවීමේ දී වේදනාව හටගැනීම වැනි ලකෂණ අතරට විශේෂ ලකෂණ කීපයක් ද දක්නට ලැබෙනවා. එයින් යටි බඩ පෙදෙසේ අධික වේදනාව විශේෂයෙන් දකින්නට ලැබෙනවා, මේ වේදනාව හටගත් විට රෝගියාට කෙළින් වී සිටින්න හරිම අමාරුයි. ඊට අමතර ව මූත්‍රා සමඟ ලේ පිටවීමක් ද සිදු විය හැකියි.


මූත්‍රා ගල් සෑදෙන ස්ථාන කීපයක් තිබෙනවා ද? නැත්නම් එකම ස්ථානයක ද හැදෙන්නේ?

මූත්‍රා ගල් වකුගඩූවේ, මූත්‍ර ප්‍රණාලයේ ආරම්භ වන ස්ථානයේ තිබෙන පිරමීඩයක් වැනි කොටසේ, මූත්‍ර මාර්ගය ඇතුළේ, හා වකුගඩූවේ පටක ඇතුළේ යන ස්ථානවල ඇති විය හැකියි.


 මූත්‍රා ගල් හඳුනාගන්නා ක්‍රම මොනවාද?

 ශරීරයේ බාහිර ලකෂණවලින් අපි කලින් කිව් ආකාරයට හඳුනා ගන්න පූළුවන්. ඒ හැරුණාම එක්ස් කිරණ පරීක්ෂණවලින් හඳුූනා ගන්නත් පූළුවන්. එහෙත් එක්ස් කිරණ පරීක්ෂණයෙන් හඳුනාගන්න පූළුවන් වන්නේ සෙන්ටි මිටර 2ට වඩා විශාල ගල් පමණයි. කුඩා ගල් හඳුනාගන්න අපහසූයි. ස්කෑන් පරීක්ෂණ මගිනූත් හඳුනාගන්න පූළුවන්.


සෙන්ටි මිටර 2ට වඩා කුඩා ගල් හඳුනාගන්න අපහසූ වීමට හේතු මොනවාද?

ප්‍රධාන හේතුව තමයි මූත්‍රාගල්වල තිබෙන කැල්සියම් සාන්ද්‍රණය. කැල්සියම් සාන්ද්‍රණය අඩූවෙන් තිබෙන කුඩා ගල්වලින් එක්ස් කිරණ විනිවිද යන නිසා එවැනි ගල් එක්ස් කිරණ පර්යේෂණ මඟින් හඳුනාගන්න අපහසූයි.

මෙම ගල් ඉවත් කිරිමට යොදා ගන්නා උපක්‍රම මොනවාද? ඖෂධවලින් කළ හැකි ද?

ඖෂධවලින් බොහෝ විට වේදනාව අඩූ කිරීමක් තමයි කරන්නේ. සාර්ථක ප්‍රතිකර්මය ශල්‍යකර්ම මඟින් ගල් ඉවත් කිරීමයි. මූත්‍ර ප්‍රනාලවල තිබෙන ගල් ගෝලාකාර ස්වභාවයක් ගන්නා බැවින් පහසූ ශල්‍යකර්මයකින් ඒවා ඉවත් කළ හැකියි. වකුගඩූවේ හෝ මූත්‍රාශයේ හෝ මූත්‍රා ප්‍රනාලයේ හෝ තිබෙන කුඩා ගල් අති ධ්වනි තරංග ආධාරයෙන් පූපූරවා කුඩූ කර ශල්‍යකර්මයෙන් ඉවත් කරනවා.


එහෙත් වකුගඩූවේ තිබෙන විශාල ගල් අති ධ්වනි තරංග මඟින් හෝ වෙනත් සරල ක්‍රමවලින් ඉවත් කරන්න අපහසූයි. වකුගඩූවේ අතු බෙදුණූ ගල් ඉවත් කිරිමට පෙර රෝගියා ගේ වකුගඩූව ඉවත් කිරිමට සිදු විය හැකි බවට පවා අනූමැතිය ලබා ගන්නවා. එයට හේතුව තමයි අතු බෙදුණූ ගල් ඉවත් කිරීමට යෑමේ දී වකුගඩූවට හානි සිදුවීම. මේ බව රෝගීන් දෑන සිටීම ඉතාමත් වැදගත්. බොහෝ දෙනා සිතන්නේ වකුගඩූවේ ගල් ඉවත් කිරීමට වකුගඩූව ඉවත් කරනවා කියලයි. බොහෝ විට එසේ වන්නේ නෑ. වෛද්‍යවරු හැකි උපරිම මහන්සියක් ගන්නවා වකුගඩූවට හානි සිදු නොකර ගල ඉවත් කිරීමට. එසේ නොහැකි වූ විට වකුගඩූව ඉවත් කිරීමට සිදු වෙන නිසයි අනූමැතිය ලබා ගන්නේ.


මූත්‍රා ගල් ඇති විට අධික වේදනාවක් ගෙන දෙනවා. එම වේදනාව සමහර විට නැති වී යනවා. එයට හේතුව කුමක් ද?

මූත්‍රා ගල් මූත්‍ර ප්‍රනාලය දිගේ පහළට එන විට අධික වේදනාවක් ගෙන දෙනවා. එයට හේතුව තමයි මූත්‍ර ප්‍රනාල ඉතා සියූම් පටකවලින් යූක්ත වීම. ගල් නිසා පටක තුවාල වීම අධික වේදනාවට හේතුවයි. මද වේලාවක් හෝ වේදනාවක් ගෙන දී නැති වීමට හේතුව, වේදනාවක් ගෙන දෙමින් මූත්‍රා ප්‍රනාලය දිගේ පැමිණි ගල මූත්‍රාශයට ඇතුළු වීමයි. මෙයින් පසූ මූත්‍රා ගල වර්ධනය වෙනවා.


මූත්‍රා ගල්වල තිබෙන ප්‍රධාන රසායනික ද්‍රව්‍ය මොනවාද?
කැල්සියම් කාබනේටි. දිගු කලක් හොඳින් වර්ධනය වූණූ ගල් ඉතා දෑඩියි, ඝනයි. එයට හේතුව තමයි ඒවායේ කැල්සියම් කාබනේටි බහූල ව තැන්පත් වී තිබීම.


 මෙවැනි රෝගවලින් බේරීමට ඔබ දෙන උපදේශය කුමක් ද? ගන්නා ආහාර හේතු වනවා ද?

මේ ගල් ඇතිවිමට ගන්නා ආහාර හේතු වනවා කියලා හරියට ම කියන්න බෑ. මූත්‍රාවල සාන්ද්‍රණය තමයි ප්‍රධාන ම හේතුව. එකම පවූලේ එකම ආහාර ගන්නා දෙදෙනෙකු ගෙන් එක් අයකු ගේ පමණක් ශරීරයේ මූත්‍රා ගල් හට ගැනීම සිදුවිය හැකියි. එයට ප්‍රධාන හේතුව තමයි ශරීරයේ ස්වභාවය හා මූත්‍රාවල සාන්ද්‍රණය වැඩි වීම. රසායන ද්‍රව්‍ය තැන්පත් වීමේ ස්වභාවය ශරීරයේ වැඩි නම් මූත්‍රාගල් ඇති වීමේ ප්‍රවනතාව වැඩියි.


ගල් ඇතිවීමට පෙර හා පසූ කළ යූතු දේ කුමක් ද?

මූත්‍රා ගල් තිබූණත් නොතිබූණත් කළ යූතු දේ තමයි ජලය වැඩි ප්‍රමාණයක් පානය කිරීම. උෂ්ණාධික රටක් වන ශ්‍රි ලංකාවේ වෙසෙන අපට අධික ජල පානයක් අවශ්‍ය වෙනවා. අධික ජල පානයක් කරන විට මූත්‍රාවල සාන්ද්‍රණය අඩූ වෙනවා. එසේ වූණා ම මූත්‍රා ගල් ඇතිවිම අඩූ වෙනවා.


මූත්‍රා ගල් ඇති වූ පසූ රෝග ලකෂණ පහළ වන විට වෛද්‍යවරුයකු හමූ වී ප්‍රතිකාර ගත යූතුයි. වෛද්‍යවරයා තීරණය කළොත් ශල්‍ය කර්මයක් කිරීමට එය කළ යූතුයි. ශල්‍ය කර්මය හැර වෙන කිිසි ප්‍රතිකර්මයක් නෑ.
comments | | ඉතිරිය...

උණත් එක්ක ඇඟේ රතු පැල්ලම් එන්නේ ඩෙංගුවලට විතර ද?


උණ සාමාන්‍ය රෝගී තත්ත්වයක් වූණත්, කාගේ හරි ඇඟේ උණ රෝගය සමඟ රතු පැහැ පැල්ලම් හෝ ලප මතු වූණොත් ඕනෑම කෙනෙක් බියට පත්වෙනවා. විශේෂයෙන් කුඩා දරුවන් තුළ මේ තත්ත්වය සූලබ වන අතර දෙමාපියන් වහා දරුවා රෝහල් ගත කරන්න පෙළඹෙනවා.


ඩෙංගු මේ අතර ප්‍රධාන වෙයි. ඩෙංගු රෝගයේ දී

උණ සමඟ රතු පැල්ලම් වැඩිපූර දකින්නට ලැබෙන්නේ දිව සහ විදුරුමස මතයි. මීට අමතරව ශරීරයේ තැනින් තැන රතු පැල්ලම් දකිින්නට පූළුවනි.එහෙත් උණ සමඟ රතු පැල්ලම් ඇති වන්නේ ඩෙංගු රෝගයට පමණක් නොවෙයි. උණ සමඟ ඇතිවන රතු පැල්ලම් දකින්නට ලැබෙන වෙනත් රෝග සම්බන්ධ ව දෑනූවත් ව සිටීිම වැදගත් වෙනවා.


සරම්ප


උණ සමඟ රතු පැල්ලම් දකින්නට ලැබෙන තවත් රෝග තත්ත්වයක් තමයි සරම්ප.


රෝගියා ගේ කෙළ බිඳිති, නාසයේ ස්‍රාවයන් සමඟ තව කෙනෙකුට බෝ වෙනවා. පූද්ගලයකු තුළට වෛරසය ඇතුල් වී දින 10-14 ගත වූ පසූවයි ඔහූට රෝග ලකෂණ ඇති වෙන්නේ. රෝගය වැළදී දින 4-5 පමණ වන විට උණ රෝගය වැඩි වී අඩූ වෙන්නට පටන්ගන්නා අතර ඇඟ පූරා රතු පැහැ පැල්ලම් මතු වෙයි . මේ විදියට උණ අඩූ වී යන කාලයට මෙම පැල්ලම් කන දෙපස සිට පහළට මූළු ශරීරය පූරා ම පැතිර යනවා. පැතලි රතු පැහැ ලප වන අතර, තදින් තද කළ විට නැති වී නැවත මතුවෙයි. ඇතැම් විට මෙම ලප ඉහළට මතු වී හොඳින් අතින් අල්ලන්නට ද පූළුවනි. මෙම ලප දින 9ක් පමණ වන විට අඩූ වී යයි. කට ඇතුලේ හක්ක ප්‍රදේශයේ සූදු පැහැ පැල්ලම් (ණදචකසන.ි ිචදඑි- දින 2ක් පමණ ගත වන විට ඇති වී දින 5-6 පමණ වන විට අඩූ වී යයි. කැස්ස, ඇසේ රතු පැහැය වැනි රෝග ලකෂණ ද ඇතිවෙයි.


රුබෙල්ලා


මව ගෙන් දරුවාට ගර්භනී සමයේ දී සම්ප්‍රේෂණය වන රෝගයක් ලෙස රුබෙල්ලා වැදගත් ස්ථානයක් හිමි කර ගෙන තිබෙනවා. රෝගී ශ්වසන පද්ධති ස්‍රාව හරහා අනෙක් පූද්ගලයින්ට වැළඳෙනවා. රෝගය ශරීර ගත වී දින 14-21ක් ගත වූණාට රෝග ලකෂණ මතු වෙනවා. ආරම්භයේ දී මද උණ ගතියක් පවතින අතර, පසූව රතු පැහැ ලප පල්ලම් මතුවෙනවා. මූල දී මූණ ප්‍රදේශයේ පටන් ගන්නා මේ ලප පසූව සිරුර පූරා ව්‍යාප්ත වෙනවා.


දින 3-5කින් මේ ලප නොපෙනී යනවා. කුද්දැටි ඉදිමීමත් දකින්නත් පූළුවන්. හන්දි අමාරුව, එන්කෙපලයිටිස්, හෘද පේශී ආසාදනය, රුධිර පටිටිකා අඩූ වීම වැනි අතුරු ආබාධ ඇති වෙනවා. රෝගය වැළදුණූ පසූ විශේෂ වෛද්‍ය ප්‍රතිකාර නොමැති අතර ප්‍රතිශක්තිකරණය ලබාගෙන සිටීම වැදගත් වෙනවා.


ක්වසාකි රෝගය

මෙය තරමක් දුලභ රෝගයක් වූණත්, මෙම රෝගයෙන් පෙළෙන ළමයින් ලංකාවෙන් ද විටින් විට වාර්තා වෙනවා. මාස 06ත් වසර 04ත් අතර වයසේ දරුවන් මෙම රෝගයට බහූල ව ගොදුරු වෙනවා. රෝගයට බලපාන හේතුව ස්ථිර ලෙස ම හොයාගෙන නැතත්, ඇතැම් බැක්ටීරියාවන් නිකුත් කරන විෂ වර්ග මෙයට හේතු වෙතැයි අනූමාන කරනවා.


මෙම රෝගයේ දී කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ රුධිර නාල හානි වෙනවා. හෘදයේ කීරිටක ධමනිවලටත් හානිවෙනවා. මේ නිසා හෘදයාබාධ වැළඳී ළමයින් මිය යනවා. රෝග ලකෂණ ලෙස දින 05කට වඩා පවතින උණ, ඇස් රතු වීම, තොල් පැලීම, දිව තද රතු පැහැ වීම, ගෙල අවට වසා ගැටිති ඉදිමීම, රතු පල්ලම් සහ ලප මතු වීම දැකිය හැකියි.


මෙහි දී අත්ල හා පත්ල පළමූ ව රතු පැහැ වී පසූව සම ගැලවී යන්නට පටන් ගන්නවා.


භැසිිැරර් පැබසබටසඑසාසි බැක්ටිරීයාව නිසා ඇතිවන මෙනින්නෝකොකල් රෝගයේ දී ද උණ සමඟ ඇඟේ රතු පැහැ පැල්ලම් මතු වීම සිදුවෙයි. මෙම ලප මත පීඩනයක් යෙදුව ද ඒවා නැති වී නොයයි. ඇතැම් රටවල මෙය වසංගතයක් ලෙස ඇතිවන රෝගයකි. මෙම රෝගයේ දී මෙන්නිජි පටල ප්‍රදාහය ද (මෙනින්ජයිටිස්) ඇතිවෙයි. මෙම රෝගය මඟින් පැය කිහිපයක් ඇතුළත දරුවකු මිය යා හැකි ය.


හර්පීස් වෛරසය ද ශරීරයේ පැල්ලම් ඇති කරන අතර මෙය ආකාර කිහිපයකට රෝග ලකෂණ මතුවිය හැකිය. ශරිරයේ සැරව බිබිලි, පැල්ලම්, සූදු පැහැ ඉදිමූණූ සැරව ගෙඩි ලෙස මතුවිය හැකියි. මෙම රෝගකාරකයා සම හෝ ශ්ලේෂ්මල පටක හරහා ශරිරගත වෙයි.


දෙයියන් ගේ අසනීපය හෙවත් පැපොල ලෙස හඳුන්වන රෝගය දී ද රතු පැහැ ලප ද පසූව මේවා සැරව පිරි ගෙඩි බවට ද පත්වෙයි. රෝග කාරක වෛරසය ශරීර ගත වී දින 10-23 අතර කාලය දී රෝග ලකෂණ මතුවෙනවා. උණ ඇතිවෙලා දින 3-5 ගතවන විට සරව පිරි රතු පැහැ ගෙඩි ඇතිවෙනවා. මෙම සැරව ගෙඩි ද්වීතියිකව බැක්ටීරියා මඟින් ආසාදනය වන එන්කෙපලයිටිස්, මෙනින්ජි පටල ප්‍රදාහය, මෙන්ම ඇතැම් විට නිව්මෝනියාව, රුධිර වහනය, වැනි අතුරු ආබාධ ඇති කරන හෙයින් මූල් අවස්ථාවේදී ම ප්‍රතිකාර ගැනීම වැදගත් ය. මේ අනූව පූද්ගලයකු විශේෂයෙන් කුඩා දරුවකුට උණ රෝගය සමඟ සමේ පැල්ලම්, ලප, සැරව බිබිලි මතුවන්නේ නම් වහාම රෝහල් ගත කර පළපූරුදු වෛද්‍යවරයෙකු ගෙන් ප්‍රතිකාර ලබා ගැනීම වැදගත් ය.
comments | | ඉතිරිය...

ඔබත් කුරුළෑ නිසා සිත් තැවූලින් පසූවෙනවාද?

තරුණ වයසේදී කාගෙත් ආකර්ෂණයට ලක්වෙන්න කැපී පෙනෙන්න තිබෙනවා නම් එය කොතරම් හොඳද?


ඒත් කුරුළෑ නිසා මේ ආකර්ෂණයට කැපී පෙනීමට බාධාවක් ඇතිවෙනවා නම් ඒක මොන තරම් හිතට දුකක්ද?


නාඹර වයසෙදි පමණක් නොව ඊට වයසින් වැඩි කාලයකදී වූවද මූහූණේ කුරුළෑ එන්නට ඇති ඉඩකඩ අඩූවක් නැති බව ඔබ ඇස ගැසී තිබෙනවාට සැකයක් නැත.


කුරුළෑ නිසා පීඩාවට පත්ව සිටින ඔබට අස්වැසිල්ලක් ඇති කර ගැනීමට මේ ලිපිය කියවා අවසානයේ ඔබට හැකියාව ලැබෙනවාට සැකයක් නැත. ඒ කුරුළෑ සූව කරගන්නට මඟක් මේ ලිපියෙන් කියන නිසාය. විශේෂයෙන්ම අපේ සිහංල කාන්තාවන් දේශීය ශාකසාර උපයෝගි කරගෙන කුරුළෑ නැති කරගනෙ පැහැපත් මූහූණක් ඇතිකරගත් හැටි මේ ලිපියෙන් කියැවේ.


අද සමාජයේ ජීවත් වෙන බොහෝ දෙනකුට කුරුළෑ ඇතිවන්නට ප්‍රධාන මඟක් වී ඇත්තේ තමන්ගේ ආහාර රටාවේ පූරුදු නිසා යැයි කීවොත් එය අසත්‍යයක් නොවේ. තරුණ පරම්පරාවට බොහෝ විට ආහාරයට ගැනීමට සිදුවී ඇත්තේ කඩ කෑමය. උසස් අධ්‍යාපනය,


රැකියාවට, යොමූවී කාර්ය බහූලව සිටින ඔවූන්ට එසේ ආහාර සපයා ගැනීමට සිදුවී ඇත. නමූත් ඒ නිසාම ඔවූන්ට දෑන හෝ නොදෑන තෙල් සහිත ආහාර ගැනීමට සිදු වී තිබේ. මූහූණ තෙල් පාට වනවා කියන්නේ කුරුළෑ එන සම්භාවිතාවද වැඩිවෙනවා කියන එකයි.


මූහූණ මත කුරුළෑ පැමිණි විගස අප බොහෝ දෙනෙක් කරන්නේ එහි ඇති කසන සූළු ස්වභාවය නිසා නියපොතු මගින් කැසීමයි. එය හොඳ දෙයක් නොවේ.


කුරුළෑවට පැසවීමට ඉඩ දී එය මත පූළුන් කැබැල්ලක් තබා ඇඟිලි තුඩූවලින් සෙමින් මිරිකා කුරුළැව ඉවත් කරන උපකරණය මගින් ඉවත් කළ යූතුය. නැතිනම් ඇඟිල්ලෙන් එය ඉවත් කරන්නට ගියොත් කුරුළෑව මත විෂබීජ තැවරී නැති කරදර ඇතිවෙන්නට පූළුවන්න. නිවැරදිව කුරුළෑව ඉවත් නොකළොත් මූහූණේ කළු ලප ඇතිවේ.


තෙල් සහිත සමක් ඇති අයෙක් කුරුළෑ පැමිණීම අවම කර ගැනීමට නිතරම පිරිසූදු සිටීම වැදගත්ය. සබන් පාවිච්චිය එතරම් සූදුසූ නැත. මූහූණ සේදීමේදී මඳ රශ්මියෙන් යූතු වතුර පාවිච්චියත් හොඳය. මෙමගින් මූහූණේ මඳකට හෝ තෙල් ගතිය අවම වේ. ඒවගේම ගොටූකොළ ගස් කිහිපයක් ගෙන සිහින්ව අඹරාගෙන එයට මී පැණි මිශ්‍ර කරන්න. ඉන් අනතුරුව එයට දෙහි බිංදු කිහිපයක්ද එකතු කරන්න.


මේ මිශ්‍රණය මූහූණේ තවරා තබාගෙන විනාඩි පහළොවක් විස්සක් පමණ කාලයක් සිට සෝදා හරින්න. මේ සත්කාරය අවම වශයෙන් සතියකට දෙවරක්වත් කරන්න. එවිට ඔබේ මූහූණට කුරුළෑ ඇතිවීමට ඇතිි ඉඩකඩ අවම වනවා වගේම මූහූණත් පැහැපත් වේ.
comments | | ඉතිරිය...

නිතරම ඇසෙන් කඳුළු ගලනවාද?

ඇසේ කඳුළු ගැලීම සාමාන්‍ය තත්ත්වයක්. කඳුළුවලින් ඇසේ කුණූ, විෂභීජ ඉවත් කිරීම සිදු කරනූ ලබනවා. නමූත් ඇසේ නිතර නිතර කඳුළු ගලන තත්ත්වයක් පිළිබඳ ඔබ අසා ඇති. මේ සඳහා ද වයස් භේදයක් නොමැත. කුඩා දරුවන්ට සේම වැඩිහිටියන්ටත් ඇසේ කඳුළු ගැලීමේ තත්ත්වය ඇතිවිය හැකිය. ඇසෙන් කඳුළු ගැලීම කියන්නේ කුමක්ද? කියා අපි මේ ලිපියෙන් අවධාරණය කරමූ.


සාමාන්‍යයෙන් ඇසේ කඳුළු නිතරම ගලනවා නම් එය ඇසේ නාල හිරවීමකට හසූවීම නිසා කඳුළු ඇස තුළ නතර වී තිබෙනවා. මේ නිසා කඳුළු ඇස තුළ තිබීමෙන් බොඳවී පෙනෙන අතර ඇතැම් විට එම කඳුළු කම්මූල් දිගේ ඉබේම බේරී යනවා ඔබ දැක ඇත.


නමූත් මෙම කඳුළු ගැලීම මාසයක් අවූරුද්දක් දක්වා කාලය තුළත් පවතින්නේ නම් වෛද්‍ය උපදෙස් පැතීමට සිදුවෙනවා.


සාමාන්‍යයෙන් කුඩා දරුවන්ගේ උපතින් ඇසේ නාල කැඩී තිබේ නම් හෝ නාල සම්පූර්ණ වී නොමැතිනම් එම නාල තදවීම නිසා කඳුළු ගැලීමක් සිදුවෙනවා. එවිට ඇසේ මූලට සම්භාහනයක් කිරීම සිදුවේ. එම සම්භාහනය ඇතැම් දරුවන්ට සාර්ථක නොවේ නම් වෛද්‍ය උපදෙස් මත සැත්කමක් කරගත යූතු වෙනවා. මෙයට බියවිය යූතු නොවේ. දැනට ලංකාවේ සාර්ථකම ප්‍රතිකර්මය ලෙස සැත්කම් ක්‍රමය හඳුන්වා දීමට හැකි නිසා.


ඇසේ කඳුළු ගැලීමට ලක්වන දෙවන කණ්ඩායම ලෙස මැදිවියේ පූද්ගලයින් හඳුන්වන්නට හැක. ඔවූන්ගේ ඇස් දෙකේම හෝ තනි ඇසකින් කඳුළු ගලා ඒමට පූළුවන. එවිටද ඔවූන්ගේ ඇසේ නාල තදවී තිබේද යන්න පරීකෂා කර බලා ඇසේ නාල තදවී තිබේනම් ඔහූට අනිවාර්යයෙන්ම සැත්කමකින් සූව කළ යූතු වෙනවා.


මෙයට අමතරව අපගේ ඇසෙන් කඳුළු ගලන්න තවත් හේතු තිබේ. එනම් ඇසේ හට ගෙන තිබෙන තුවාල නිසාය. රිය අනතුරකින් හේ වෙනත් යම් දෙයකින් ඇස තුවාල වී තිබේ නම් කඳුළු ගලයි එවැනි පූද්ගලයන්ගේ ඇතැම් විට ඇසේ ග්‍රන්ථි නාල කැඩී තිබෙන්නට පූළුවන්. එවැනි පූද්ගලයන්ට ප්‍රතිකාර කරන්නේ ඉතාමත් පරිස්සමින්ය.


අපගේ සාමාන්‍ය ජීවිතයේදී විඩාව, රූපවාහිනිය බැලීමේදී, පොත් පත්තර බලන අවස්ථාවලදී ද ඇසෙන් කඳුළු ගලන බව පවසනවා. එහිදී සිදුවන්නේ ඇසේ කඳුළු වියළීම නිසා ඇස රිදීමකට ලක්වීමයි. මේ අවස්ථාවේදී ඇස උත්තේජනය වී කඳුළු ගැලීම සිදුවන්නට පූළුවන්.


උදාහරණයක් වශයෙන් අපට පෙන්වා දිය හැකි වන්නේ අප නරඹන රූපවාහිනිය තුළ තිබෙන ආලෝකධාරාව ඉතා සැරයි. අපගේ ඇසේ


පිහාටූ නිතරම පියවෙනවා. රූපවාහිනිය නරඹන විට අපගේ ඇසේ පිහාටූ පියවෙන වාර ගණන අඩූවීමක් වන නිසා ඇසට යම් බලපෑමක් විය හැකිවේ.


තවද ඇසේ කඳුළු සමග ඇස රිදීමකට ලක්වෙනවා නම් ඒ පිළිබඳව සැළකිලිමත් විය යූතු වේ. එය ඇතැම්විට ආබාධයක් වන්නට ද පූළුවන් නිසා.


කුණූ කැබැල්ලක් වැනි දෙයක් ඇස තුළ තිබේ නම් එය ඉවත් කළ යූතු වෙනවා. ඇස් පෙනීමේ දුර්වලතාවයක් තිබේ නම් එය ද පරීකෂා කළ යූතුය.


විශේෂයෙන් කුඩා දරුවෙක් ඇස රිදෙනවා, කඳුළු එනවා යන්නට පැවසූ විට ඒ පිළිබඳ දෙමාපියන් අවධානය යොමූ කිරීම වටී.
comments | | ඉතිරිය...

පිහිනූම් තටාක මගින් ඉන්නන් බෝවෙන අවස්ථා තිබෙනවා

රූපලාවන්‍යාගාර කියන්නේ ඉන්නන් ඉවත් කළ හැකි ස්ථානයක් නෙවෙයි


අපි සාමාන්‍ය ව්‍යවහාරයේ ඉන්නන් ලෙසින් හඳුන්වන කුඩා ගැටිති විවිධ වර්ග ගණනාවකට අයත් වෙනවා. සමාජය පූරා වඩාත් බහූලව දක්නට ලැබෙන ඉන්නන් වර්ග දෙකක් තියෙනවා. මෙම ඉන්නන් වර්ග දෙකම වෛරස මගින් ඇති කරන ඒවා.


හියූමන් පැපිලෝමා වෛරස් මගින් ඇති කරන ඉන්නන් වර්ගය සමේ කුඩා ගැටිති ලෙසින් හඳුනාගන්න පූළුවනි. මෙම ගැටිති ඇත්තටම සමේ අපිචර්මයට පමණක් සීමා වූ ගැටිති විශේෂයක්. මෙම එක ගැටිත්තක් සමේ අපිචර්මය මත ඇති වූ විට එම වෛරස් අංශුු සමේ අනෙක් තැන්වලට පැතිර යාමෙන් ශරීරයේ අනෙක් තැන්වල ඉන්නන් ඇති වෙනවා. ඒ වගේම කෙනෙකුගෙන් තවත් කෙනෙකුට බෝවෙන්නත් පූළුවනි.


පාසල් දරුවන් අතර මෙම ඉන්නන් බහූලව පැතිර යනවා. විශේෂයෙන් පිහිනූම් තටාක ආශ්‍රිතව ඉන්නන් පැතිරීම බහූලව දක්නට ලැබෙනවා. මෙම ඉන්නන් විශේෂය වෛද්‍ය විද්‍යාවේ හඳුන්වන්නේ කොමන් වෝර්ටි ලෙසයි. කොමන් වෝර්ටි ලෙස හඳුන්වන මෙම ඉන්නන් ඇති වෙන්නේ අත්වල සහ පාදවලයි. වශේෂයෙන්ම ඝනකම් සම ආශ්‍රිතවත් ඊට අමතරව මූහූණෙත් මෙම ඉන්නන් ඇති වෙන්න පූළුවනි.


හියූමන් පැපිලෝමා වෛරසය මගින් ඇති කරන කොමන් වෝර්ටි හෙවත් සාමාන්‍ය ඉන්නන්ට එරෙහිව ශරීරයේ ප්‍රතිශක්තිය ගොඩනැගුන දවසට ශරීරයේ කිසිදු කැළලක් නොතියාම බෙහෙත් කිරීමකින් තොරව ශරීරයෙන් ඉවත්වෙලා යනවා.


අපි ඉන්නන් හැලෙනවා කියල හඳුන්වන්නේ මෙම තත්ත්වයයි. නමූත් මෙම ඉන්නන් හැලෙන්නේ කවදාද, කොහොමද කියන්න බැහැ. අපේ ශරීරයේ ඉන්නන්ට ප්‍රතිවිරුද්ධව ප්‍රතිශක්තිය ගොඩනැගුණ වහාම ඉන්නන් ශරීරයෙන් ඉවත් වෙනවා. මෙය ඉන්නන් ඇතිවීමෙන් මාස දෙක, තුනක් වෙන්නත් පූළුවනි. නැත්නම් මාස පහක්, හයක්, එහෙමත් නැත්නම් අවූරුද්දක් වෙන්නත් පූළුවනි. සමහර විට ඊට වඩා වැඩි කාලයක් වෙන්නත් පූළුවනි.


එහෙමත් නැත්නම් විවිධ බෙහෙත් මගින් මෙම ඉන්නන් සූවකරන්න පූළුවනි. ද්‍රව කරන ලද නයිට්‍රජන් වායූව ඉන්නා මතට වැටෙන්නට සැලැස්වීමෙන් මෙම ඉන්නන් සමෙන් ඉවත් කරන්න පූළුවනි.


යම් කෙනෙකුගේ ශරීරයේ ඉන්නන්ට විරුද්ධව ස්වාභාවිකවම ප්‍රතිශක්තිය ඇති වෙන්න ප්‍රමාද වූවහොත්, ශරීරයේ ඉන්නන් පැතිරෙන නිසාත්, වෙනත් පූද්ගලයන්ට බෝවෙන නිසාත් ඉක්මණින් ඉන්නන් ශරීරයෙන් ඉවත් කරන්න පෙළඹීම හොඳ දෙයක්.


ඊට අමතරව විදුලිය සපයන කුඩා විද්‍යූත් උපකරණයක් මගින්ද ඉන්නන් ඉවත් කිරීම කරන්න පූළුවනි. ක්වාටර්ලයිසේෂන් ලෙස හඳුන්වන මෙම ක්‍රමය සාමාන්‍ය ව්‍යවහාරයේ හඳුන්වන්නේ ඉන්නන් පූච්චනවා කියලයි.


තවත් ඉතා ප්‍රබල අම්ල ලෙස හඳන්වන ට්‍රයි ක්ලෝරෝ ඇසිටික් ඇසිඩ් මගින් ද ඉන්නන් ඉවත් කළ හැකියි. මූහූණ වැනි ඉතා සියූම් සමෙහි ඇතිවෙන ඉන්නන් මෙම ක්‍රමය මගින් ඉවත් කළ හැකියි.


මූහූණේ කැළලක් ඇතිවීම ප්‍රබලව බලපාන මානසික කරුණක් නිසා චර්ම රෝග වෛද්‍යවරුන් හැටියට අපි කිසියම් අවදානමක් අරගෙන කැළලක් ඇතිවීමේ සම්භාවිතාව ඉතාම අල්ප මෙම ක්‍රමය මගින් එවැනි තැන්වල ඉන්නන් ඉවත් කරනවා. යම්කිසි විදිහකින් සූළු කැළලක් ඇති වූවහොත් එයත් කාලයත් සමග නැතිවෙලා යනවා.


අනෙක් ඉන්නන් වර්ගයත් ඇති වෙන්නේ වෛරස් මගින්මයි. එය අපි සාමාන්‍ය ව්‍යවහාරයේ හඳුන්වන්නේ කිරි ඉන්නන් ලෙසයි. කිරි ඉන්නන් වඩාත් බහූලව දක්නට ලැබෙන්නේ කුඩා දරුවන් අතරයි.


කුඩා අබ ඇටයක් තරමට හෝ කොත්තමල්ලි ඇටයක තරම් ප්‍රමාණයකට මූතු ඇටවල ස්වරූපයට හටගන්නා කුඩා ගැටිති මෙම ඉන්නන් ලෙස සමේ හඳුනාගත හැකියි. මේවා බොහෝවිට වෛරස මගින් ඇතිවන නිසා දරුවන්ගෙන් තවත් දරුවන්ට බෝ වෙන්න පූළුවනි. මෙයත් කෙනෙකුගේ ශරීරයේ ප්‍රතිශක්තිය ඉන්නන් පැතිරෙන වෛරසයට විරුද්ධව නැගුණ දවසට ඉවත්වෙලා යනවා. කෙනෙකුගේ ශරීරයේ ප්‍රතිශක්ති වර්ධන කාලය හරියටම මෙච්චරයි කියල නිශ්චිතව කියන්න බැහැ.


මෙම ඉන්නන් පවා ප්‍රතිජීවක ඖෂධයක් ඉන්නා මත ආලේප කර පසූව නික්ෂේපණ කටූවක් මගින් ඉවත් කළ හැකියි. මෙය වැඩිපූර ඇතිවෙන්නේ වයස අවූරුදු පහේ සහ ඊට අඩූ වයස් කාණ්ඩවල දරුවන්ට නිසා ඉන්නන් ඉවත් කිරීමට වේදනා ගෙන දෙන ක්‍රම උපයෝගී කරන්න දෙමාපියන් අකමැත්තක් දක්වනවා.


නමූත් අද බොහෝ රූපලාවන්‍යාගාරවල ඉන්නන් සඳහා ප්‍රතිකාර කරන බවට දැන්වීම් සවිකර තිබෙනවා මම අනන්තවත් දැකලා තියෙනවා.


සමේ ඇතිවෙන චර්ම රෝග තත්ත්වයන්ට බලයලත් වෛද්‍යවරයෙකුට හැර කිසිම කෙනෙකුට ප්‍රතිකාර කළ නොහැකියි. මොකද රෝග විනිශ්චය ඉතාම වැදගත් නිසයි.


ඉහත ඉන්නන් වර්ග දෙකම වෛරස මගින් ඇති කලත් කලුපාට ඉන්නන් වර්ගයක් තියෙනවා ශරීරයේ හෝමෝන ක්‍රියාකාරිත්වය නිසා ඇතිවෙන. මෙය ශරීරයේ බෙල්ල, පපූව, පිට වැනි තැන්වල කලුපාට ඉතාම කුඩා ගැටිති ලෙස දකින්න පූළුවනි. මෙය හෝමෝන ක්‍රියාකාරිත්වය මගින් ඇති වූවත් කෙනෙකුගෙන් කෙනෙකුට බෝ නොවන නමූත් ආරෙට යන රෝගී තත්ත්වයක්.


මෙය සාමාන්‍යයෙන් අවූරුදු 25ඃ30 වෙනකොට ඇතිවෙලා පූංචි පූංචි බිංදු ලෙසින් තිබිලා කලක් යනකොට ඉතාම සෙමින් ලොකු වෙන්න ඉඩ තියෙනවා.


මෙය ඉවත් කරන්නත් අම්ල භාවිතය, ක්වාටර්ලයිසේෂන් ක්‍රමය පාවිච්චි කරන්න පූළුවනි. නමූත් ඔබ මතක තබාගත යූත්තේ ඉන්නන් ඉවත්කිරීමට හොඳ පළපූරුදු වෛද්‍යවරයෙකු ලවා නිවැරදි රෝග විනිශ්චයක් මගින් කිරීම වැදගත් බවයි. ඇත්තටම රූපලාව්‍යාගාරයක් තුළ මේවා ඉවත් කිරීම සූදුසූ නැහැ.


සමේ රෝගවලට ප්‍රතිකාර කිරීම චර්ම රෝග වෛද්‍යවරුන්ට අයත් කාර්යයක් වනවා වගේම රෝගීන් සූවපත් කිරීමට එවැනි වෛද්‍යවරුන් නීතියෙන් බැඳී සිටිනවා.
comments | | ඉතිරිය...

මව් පදවිය පතන ඔබට


ගර්භාෂය ඇතුළත හොඳින් බලාගත හැකි ලැපරස්කොපි පරීකෂණය


දරු පිළිසිඳ ගැනීමක් සිදු නොවන කාන්තාවකගේ ගර්භාෂය හා පැලෝපීය නාල පරීකෂාකර බැලීමට දැනට ලෝකයේ වැඩි වශයෙන්ම භාවිත වන පරීකෂණය නම් ලැපරස්කොපි ඩයි ටෙස්ටි පරීකෂණයයි. මෙහිදී සිදු කරන්නේ ගර්භාෂය හා ඩිම්බ කෝෂ උදර කුහරය තුළින් පරීකෂා කිරීමයි. එහිදී උදරයේ නාභියට මදක් පහළින් යෙදූ සෙ.මී. එකක කැපූමක් තුළින් කැමරාවක් සහිත උපකරණයක් යවා පරීකෂා කිරීම සිදුවෙනවා. මෙය විනාඩි 20 ක් පමණ ගතවන පරීකෂණයකි. සම්පූර්ණයෙන්ම නිර්වින්දනය කිරීමෙන් පසූවයි මේ පරීකෂණය කරන්නේ.


මෙහිදී ලැබෙන තොරතුරු ප්‍රමාණවත් නැති නම් ඒ ළඟින්ම සිදුකරන තවත් කුඩා කැපූමක් මගින් (සෙ. මී. 0.5) තවත් උපකරණයක් ඇතුළු කොට පරීකෂා කිරීම සිදු කෙරෙනවා. මෙහිදී ගර්භාෂයේ වෙනස්කම්, ෆයිබ්‍රොයිඩ්ස් තිබෙනවාද? නාලවල ප්‍රශ්න තිබෙනවාද කියන කරුණූ සියල්ලම හොඳින් දැනගන්නට පූළුවන්. ඒ වගේම එන්ඩ්‍රොමෙට්‍රියෝසීස් වැනි රෝගී තත්ත්වයන් පවා මෙහිදී හඳුනාගත හැකි වෙනවා. ඇතැම් විට වෙනත් කැපූම් නොයොදා මෙහිදී ප්‍රතිකාර පවා ලබාදෙන්නට හැකිවන අවස්ථාත් තිබෙනවා.


කැපූම් මගින් යැවූ උපකරණ තුළින් පරීකෂා කරන අතරේ යෝනි මාර්ගය හරහා එවූ ඩයි එකක් මගින්ද පරීකෂාවන් කෙරෙනවා. එම ඩයි එක ගමන් කරන මාර්ගය මෙහිදී පරීකෂා කෙරෙනවා. නමූත් මෙහිදී වටහාගන්නට ඕන මේ පරීකෂණයේදී නාල විවර හොඳින් පිහිටා තිබෙනවාද කියා පරීකෂා කිරීම පමණයි කළ හැක්කේ. ඒවායේ ක්‍රියාකාරීත්වය ගැන පරීකෂා කරන්නට සමත් පරීකෂණයක් මෙතෙක් සොයාගෙන නැහැ.


ඇතැම් විට ඔබ අහලා ඇති නාල හොඳින් පිහිටා තිබෙනවා කියා පැවසූවත් පිළිසිඳ ගැනීමක් සිදු නොවන කාන්තාවන් ගැන. ඊට හේතුව තමයි නාල හොඳින් තිබූණත් ඒවායේ ක්‍රියාකාරීත්වය ගැන දැනගන්නට ක්‍රමයක් නැතිවීම.


ලැපරස්කොපි පරීකෂණය සිදුකරන අවස්ථාවේදීම පහසූකම් තිබෙනවා නම් තවත් පරීකෂණයක් සිදු කරන්නට පූළුවන්. ඒ හිස්ටරස්කොපි (්‍යහිඑැරදිජදචහඃ පරීකෂණය. එහිදී සිදුවන්නේ ගර්භාෂය තුළට කැමරාවක් යවා පරීකෂා කිරීමයි. ලැපරස්කොපි පරීකෂණයේදී සිදුවන්නේ ගර්භාෂයෙන් පිටත කැමරාවක් මගින් පරීකෂා කිරීමයි. හිස්ටරස්කොපි පරීකෂණයේදී දැනගන්නට පූළුවන් ගර්භාෂය තුළ ගෙඩි වැනි දේ තිබෙනවාද, දරුවෙක් පිළිසිඳ නොගැනීමට හේතු තිබෙනවාද කියා. ඇතැම් අවස්ථාවන්ට මෙහිදී ම ප්‍රතිකාර ලබාදෙනවා.


ලැපරස්කොපි හා හිස්ටරස්කොපි යන පරීකෂණ දෙක දරුවන් නැති කාන්තාවන් සම්බන්ධයෙන් සිදුකරන ඉතාම සාර්ථක පරීකෂණ දෙක ලෙස හඳුන්වා දෙන්නට පූළුවන්. නමූත් මෙහිදී සම්පූර්ණ නිර්වින්දනයට ලක්කිරීමට සිදුවෙනවා. පෞද්ගලික රෝහලකදී සිදුකරනවා නම් මූදල් ද වැය වෙනවා. ඒ වගේම මිනිත්තු 20 ක් පමණ කාලයක් ගතවෙනවා. රජයේ රෝහලක නම් රෝහල්ගත වන්නට සිදුවෙනවා.


මෙයට අමතරව ්‍යීඨ (හිස්ටෙරාසැල්පින්ගොග්‍රෑම්) පරීකෂණය සිදුකෙරෙනවා. මෙහිදී ගර්භාෂයට ඩයි එකක් යවා එක්ස් කිරණ වාර්තාවක් මගින් පරීකෂාව සිදුකරනවා. මෙය ක්‍රම කීපයකට සිදුවෙනවා. පහසූකම් ඇති රෝහල්වල මෙය සම්පූර්ණ නිර්වින්දනයට ලක් කිරීමෙන් පසූව සිදුවෙනවා. නැතිනම් නින්ද යෑම සඳහා එන්නතක් ලබාදීමෙන් පසූව සිදුකරනවා. බොහෝවිට ගර්භාෂය හා ගැබ්ගෙල තුළින් යවන ඩයි එක පිහිටන ආකාරය එක්ස් කිරණ වාර්තාවන් දෙකක් මගින් පරීකෂා කෙරෙනවා. නමූත් නවතම ක්‍රමය නම් ඩයි එක ගර්භාෂය හරහා යවන අතරේ එක්ස් කිරණ මගින් තිරයක් මතට ලැබෙන දර්ශන ඔස්සේ ඩයි එක ගමන් කරන ආකාරය පරීකෂා කිරීමයි. එහිදී ඩයි එක ගමන් කරන තැන් හා ගමන් නොකරන තැන් හඳුනාගත හැකියි. මේ සඳහා මිනිත්තු 10ඃ15 පමණ කාලයක් පමණයි ගතවන්නේ.
comments | | ඉතිරිය...

හෘද රෝගීන්ට පේර ගුණයි - කුඩා දරුවන්ට පේර අගුණද?

 

පේර යන නම ඇසූ පමණින්ම අපේ වැඩිහිටියන්ගේ සිත තුළ ඇතිවන්නේ ඉමහත් බියකි. හේතුව මෙම පලතුර කුඩා දරුවන්ට ඉතා අගුණ බවට විශ්වාස කරන නිසාවෙනි.


අපේ වැඩිහිටියෝ පේරවල තිබෙන ගුණය නොදන්නා නිසා විය යූතුයි, එය ආහාරයට ගන්නට අකමැති. ඒ නිසා මේ ලිපිය සටහන් කරන්නේ ඔබ නොදන්නා පේරවල ගුණය පිළිබඳව දැනූවත් කිරීමටයි.


මෙය ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක ඕනෑම නිවසක දැකිය හැකි ශාකයකි. ව්‍යවහාරයේ සහ පත පොතේ සඳහන් වන්නේ ඉන්දියාව නිජ බිම ලෙසයි.


මෙම පලතුරු මාංශල බවින් යූතු මෙන්ම එහි ඇති විශේෂත්වය නම් මාංශල කොටසේ කුඩා බීජ තැන්පත්වී තිබීමයි. එමෙන්ම තරමක් ඝන පලතුරක් හැටියටත් හඳුන්වන්නට පූළුවන.


පේර ප්‍රභේද හතරකින් යූතුවේ. සාමාන්‍යයෙන් අපේ රටෙි දැකිය හැකි වන්නේ ලා රෝස සහ සූදු පැහැයෙන්, ඇඹූල් පේර, සාමාන්‍ය වර්ගයේ පේර හා රෝපණය කරන ලද විශාල පේරයි.


මෙහි මේද පදාර්ථ අන්තර්ගත වන අතර විටමින් සී පදාර්ථයෙන් ද පොහොසත් බර පලතුරක් විදියට හඳුන්වන්නට හැකිය.


මධූර හා කහට රසින් යූතු සීත පලතුරකි. පේර ආහාරයට ගැනීමෙන් ශරීරයේ වාතය, පිත, සෙම නසයි.


අපගේ කුසගින්න වඩවන ආහාර රුචිය ඇති කරවන පලතුරකි. එමෙන්ම පේර ආහාරයට ගැනීමෙන් ශරීර ශක්තිය ඇති කරවන හා ශරීරය පෘෂ්ටිමත් කරවන ගුණය හිමිය.


පේරවල සූවිශේෂී ගුණයක් තිබේ. එනම් පේර ආහාරයට ගැනීමෙන් හෘදයාබාධ ඇති වන්නට ඇති ඉඩ ප්‍රස්ථාව අඩූය. හෘදයාබාධ ඇති රෝගීන්ට ඉතාමත් සූදුසූ පලතුරකි.


පේරවලින් බඩ පිපූම හා මලබද්ධය ඇතිවේ. එසේ සිදුවන්නේ එහි තිබෙන බීජ ජීර්ණයට අපහසූ නිසාවෙනි. ඒනිසා කුඩා දරුවන්ට එය ප්‍රමාණයක් ඇතිව ලබාදිය යූතුය.


සමේ ලප කැළැල් විශේෂයෙන් අළුහම්, දද ඇතිවීමෙන් සම අවපැහැ ගැන්වෙන බව අපි දනිමූ. එවැනි අවස්ථා සඳහා ආයූර්වේදයේ පේර කොළ සමට හොඳ ඖෂධයක් බව පෙන්වා දී තිබේ. පේර කොළ ඇල්දියෙන් අඹරා ගෑමෙන් ඉහත සඳහන් රෝගවලට ගුණ වේ.


දැන් ඔබ දන්නවා ඇති පේරවල ඖෂධීය ගුණය. පේර පලතුරක් වශයෙන් හඳුන්වා දිය හැකිය.
comments | | ඉතිරිය...

සිත් ගන්නා සූළු පෞරුෂයක් සඳහා -මිනිසූන් ඔබව ප්‍රිය කරනූ දක්නට කැමති නම්

ඔබ අනෙකා ගැන සිතන්නේ කෙලෙසද? ඔහූ ඔබ ගැන ද පෙරලා එලෙසම සිතයි. විශිෂ්ඨ පෞරුෂයක් ඇත්තේ නිතරම අනූන් කෙරෙහි ආදරයකින් ගෞරවයකින් කටයූතු කළ අයයි.


විශිෂ්ඨතම පෞරුෂයක් ඇතැයි සැලකෙන මහත්මාගාන්ධි තුමා සහ තෙරෙසා මව්තුමිය වැන්නන් අන් අය කෙරෙහි මහත් දයාවකින් කටයූතු කළ අයයි. අද දක්වාම මිනිසූන් ඔවූන්ව භක්තිමත්ව සිහිපත් කරන්නේ එහෙයිනි.


වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට හෝ එවන් වෙනත් කටයූත්තක් සඳහා පෝලිමක සිටින ඔබගේ පෞරුෂය ඉස්මතු වන්නේ තම වාරය එනතුරු ඉවසීමෙන් සිටීමට ඔබට හැකි නම් පමණි. නැතහොත් ඔබට වඩා අසීරුවෙන් සිටින්නෙකුට තම ස්ථානය ප්‍රදානය කිරීමට ඔබ හැකි නම් පමණි.

බස් රථයක සූවසේ අසූන්ගෙන යන විට දරු ගැබක් දරාගත් මවක වෙනූවෙන් ඔබේ අසූන පරිත්‍යාග කිරීමට ඔබට හැකිනම්, කුසගින්නේ සිටින්නෙකුට ඔබේ බත්පත දන්දී නිහඬව කුසගිනි දරා ගන්නට හැකිනම්,


අසාධාරණයට ලක්වන්නකු වෙනූවෙන් කතා කර ඔහූගේ තැන ලබා දෙන්නට ඔබට හැකිනම් ඔබට කදිම පෞරුෂයක් ඇත.


සිත්ගන්නා සූළු පෞරුෂයක් ඇත්තෙකු කිසිවිටක ආත්මාර්ථකාමි නොවෙයි. ඔහූ නිතරම අනෙකා පිළිබඳව සිතයි. තමාගේ ක්‍රියාවෙන් හෝ කතාවෙන් අනෙකාට සිත් රිදීමක් හෝ අයහපතක් නොවීමට වගබලාගනියි. තමා ඉදිරියේ සිටින්නා වඩා වැදගත් යයි සැලකීම ඔහූගේ ක්‍රමයයි. අනෙකාට ආදරය කර ඔහූ ආදරය ලබයි. ගෞරව කර ගෞරවය ලබයි.


එවැනි පෞරුෂයක් ඇත්තා කිසිවිට සමාජයට හානිදායක ක්‍රියාවක් නොකරයි. සමාජය නොරවටයි.


පරාර්ථකාමි පෞරුෂයක් ඇති ඔහූ නායකත්වයට පවා සූදුසූ වේ.


මිනිසූන් ඔබව ප්‍රිය කරනූ දක්නට කැමති නම් පළමූව අන් අය කෙරෙහි උනන්දු වන්න. ඔවූනට උපකාර කරන්න ඔවූන් ඔබ ගැන මතක තබා ගනීවි. ඔබව සාර්ථකත්වය කරා කැඳවාගෙන යාවි.
comments | | ඉතිරිය...

අතීතයේදී දරු ප්‍රසූතිය සඳහා රෝහලට යනවිට අල්මාරි පියන් විවෘතකර ගියේ ඇයි ?


අප රටෙි විවිධ කෙම් ක්‍රම දැකිය හැකිය. එවැනි කෙම් ක්‍රම අතරට ගර්භනී මවක් පිළිපැදිය යූතු පිළිවෙත් කිහිපයක් අදටත් අපේ ගැමියන් තුළ තිබේ. විශේෂයෙන්ම ගර්භණී කාලයට දින ළංවූ විට එම කාන්තාව සිටින නිවසේ අල්මාරිවල දොර පියන් විවෘතව තබන අතර කෙටිට උර මසන්න ඒවා මූටිටූ කරන්න හොඳ නැතැයි විශ්වාසයක් පවතී, එවැනි කටයූතු නූසූදුසූ යැයි ඔවූන් සිතුවේ. ගැබ තුළ සිටින දරුවාට යම් හානියක් සිදුවේ යැයි ඇති වූ බිය නිසාවෙන් බව අමූතුවෙන් කිවයූතු නොවේ. මේ නිසා අද සටහන් කරන්නට සූදානම් වන්නේ ඉපැරැණි සමාජය තුළ පැවැති මෙම සිරිත්වල යම් සත්‍යතාවයක් තිබේද යන්න පිළිබඳවයි.


ඉපැරණි සමාජය තුළ මෙන්ම අද පවතින නවීන සමාජය තුළ ද කාන්තාවක් ගැබ් ගැනීම ඉතා උතුම් දෙයක් ලෙසට සළකයි. විශේෂයෙන්ම තම කුළුදුල් දරුවා ලැබීමට සිටින මවට තහංචි දැමීමට පෙළඹූණේද දැඩි ආරක්ෂාව නිසාවෙන්මයි. කාන්තාවක් ප්‍රථම දරුවා බිහිකරන්නට සිටින විටදී තම නැන්දම්මා ළඟින් තම මව ළඟට යාමේ සිරිතක් ද එදා සමාජය තුළ තිබූණේ මවගේ සහ දරු පැටියාගේ ද වැඩි පහසූව සඳහාමයි. විශේෂයෙන් මෙම සිරිත ඉන්දියාවේ අදටත් පවතින සිරිතකි.


ගැබිනියන්ට ගැබ් කාලය තුළ ප්‍රවේශම් විය යූතු බවට වැඩිහිටියන්ගෙන් උපදෙස් ලැබේ. යන්ත්‍ර මන්ත්‍ර, දෙහි කැපීම් ආදිය සිදු කිරීමද ඇයට සපූරා තහනම්ය. ඒ කුස තුළ වැඩෙන දරුවාට හානියක් සිදුවේ යන බිය නිසාවෙනි.


එමෙන්ම ගෙවල් සෑදීමේදී, ළිං කැපීමේදී නිවෙස් වහළ සෑදීම් වැනි පොදු කටයූතු ද ප්‍රසූත කාලයේදී සිදුකිරීම නතර කර දමන්නේ වැඩි පරිස්සම සඳහාය. ඇණ ගැසීම වැනි ක්‍රියා ඇය සිටින ස්ථානයේදී සිදු කිරීමෙන් කුසේ සිටින දරුවාව හිරකිරීමක් වැනි දෙයක් සිදුවේ යැයි එදා අපේ වැඩිහිටියෝ විශ්වාස කළහ. නමූත් එය විද්‍යාත්මකව බැලූ විටද යම් සත්‍යයක් තිබෙන බව පෙනේ.


ගැබිනි කාලය තුළ කුසේ සිටින දරුවාට විවිධ ශබ්ද, ආදිය තුළින් කම්පනය ඇතිවන්නට පූළුවනි. මේ නිසා කුස තුළ වැඩෙන දරුවාට එම ශබ්ද අහිතකර විය හැකි බව අපේ වැඩිහිටියෝ අත්දැකීමෙන් දැන සිටියහ. එමගින් ගබ්සාවීමක් ඇති වන්නට බොහෝවිට හැකියාව තිබෙන බව ද ඔවූහූ විශ්වාස කළහ. එනිසා මෙවැනි කටයූතුවලදී ඇය නිවසින් පිටමං කරන අවස්ථා අද සමාජයේද ඇත.


අද මෙන් එදා සමාජයේ කාන්තාවට පහසූකම් නොතිබිණි. දිය නෑමට ළිඳට හෝ පීල්ලකට, ඇළකට යාමට සිදුවිය. ඒ නිසා ඇයගේ අවශ්‍යතා සියල්ල ඉර බැස යන්නට පෙර සිදුකරගත යූතු විය. අවේලාවේදී දිය නෑමට පිටතට යාමට සිදුවන නිසා ගැබිණි මවට භූත ප්‍රේත බැල්ම ඇතිවිය හැකි බවට වැඩිහිටියෝ විශ්වාස කළහ. මේ නිසා කුසේ සිටින දරුවා රැකගැනීමට මෙවැනි දෙයින් තම දියණීය ආරක්ෂා කර ගැනීමට ක්‍රියාකිරීම සඳහා ඔවූන් දෙවරක් සිතුවේ නැත.


කෙසේ වෙතත් සවස් වරුවේ දියනෑමෙන් මවට ඇඟ සීතල වී යම් අපහසූතාවක් ඇතිවිමට හැකියාව තිබෙන අතර එයින් මවටත් දරුවාටත් හානියක් විය හැකි බව විද්‍යාත්මක පිළිගත් සත්‍යයකි.


ගැබිනි මවට අගුණ ආහාර රැසක් වූ අතර ඒවා ආහාරයට නොදීමට ඔවූහූ එදා කටයූතු කළහ. තවද වසා නොතිබූණූ කළයකින් පවා ජලය පානය කිරීමට ඇයට තහනම් විය.


ගැබිණි කාලය ළංවන විට මවට ඉදිකටූවක් ගෙන මැසීමට නොදුන් අතර විශේෂයෙන්ම කොටිට උර මූටිටූ කිරිම තහනම් විය.


එමෙන්ම ගැබිනි මවක් සිටින කාමරයේ වසා තබන ලද භාණ්ඩ තැබීමත් තහනම් විය. ගර්භණී මව රෝහලට යන විට ඇය ගේ ඇඳුම් අල්මාරිය ඇර යන්නේ ඇය අතින් අරින ලද අල්මාරිය නැවත පියන වසන අවස්ථාවේදී යතුරින් එය තද කිරීමක් කරන්නට සිදුවීම නිසාවෙන් බව පැරැන්නන්ගේ අදහසය. එහිදී ඇය එසේ කිරීමෙන් තම කුස තුළ සිටින දරුවාට යම් දෙයකින් තද කිරීමක් වන බවට එදා වැඩිහිටියන් විශ්වාස කළ අතර රෝහලට යන විට අල්මාරි පියන ඇරයාම සිරිතක් කර ගත්තේ ප්‍රසූතිය පහසූවීම පිළිබඳව එදා වැඩිහිටියන් තුළ ඇති වූ සිතුවිල්ල නිසාමය. මෙය වර්තමානයේදී අදටත් ග්‍රාමීය මවූවරුන් තුළ දැකිය හැකිය.


මෙවැනි සිරිත් ක්‍රම අපේ


පැරැන්නෝ සිදු කළේ තම පවූලට බිහිවන්නට සිටින කුළුඳුල් දරුවා රැක ගැනීම හා නිරෝගී දරුවකු ලැබීම පවූලේ සියලු දෙනාගේම පැතුම වූ නිසාවෙන් නොවේද?
comments | | ඉතිරිය...

සැමියාට හෘදයාබාධවලින් තොර ජීවිතයක් ලබාදීමට නම්



හෘදයාබාධ ඇතිවීමට හේතුවක් ලෙස අප සලකනවා හෘදයට ලේ සපයන කිරීටක ධමනිවල කොලෙස්ටරෝල් තැන්පත් වීම. කොලෙස්ටරෝල් කියන්නේ මේද වර්ගයක්. මෙම මේද වර්ගය ආහාරවලින් තමයි අපට ලැබෙන්නේ. මෙම කොලෙස්ටරෝල් කියන මේදය ඇතැම් ආහාරවල අධික ලෙස අඩංගු වී තිබෙනවා. එසේම තවත් සමහර ආහාර වර්ග තිබෙනව ා කොලෙස්ටරෝල් අධිකව නැතත් එම ආහාර ශරීරගත වීමෙන්පසූ කොලෙස්ටරෝල් බවට පත්වන මෙම ආහාර පිළිබඳව විශේෂයෙන් කාන්තාවන් වශයෙන් ඔබ දෑනූවත් වී සිටීම වැදගත් වෙනවා. ඔබේ සැමියාට හෘදයාබාධය ඇතිවී තිබේ නම් ඔහූට දිය යූතු ආහාර පිළිබඳව ඔබ සැලකිලිමත් වීම ඉතාම වැදගත් වෙනවා.


අප ගන්නා ආහාර සරල ලෙස කොටස් දෙකකට බෙදිය හැකියි. එනම් සතුන්ගෙන් ලැබෙන ආහාර සහ ශාකවලින් ලැබෙන ආහාර යනූවෙන්. සතුන්ගෙන් ලැබෙන ආහාර ලෙස මස්, කිරි, බිත්තර සඳහන් කළ හැකියි. මෙවැනි කෑමවල කොලෙස්ටරෝල් අධික ලෙස අඩංගු වෙනවා. විශේෂයෙන් මස්වල කොලෙස්ටරෝල් අධිකව තිබෙනවා. වයස 35ට වැඩි වයසේ අයට මස් වර්ග පාලනය කළ යූතුයි. යම් කෙනෙක් කියනවා නම් මස් නැතුවම බැහැල කියලා එවැනි අයට අප උපදෙස් දෙන්නේ තෙල් සම ඉවත් කර කුකුල්මස් කෑලි දෙක තුනක් සතියකට සැරයක් විතර ආහාරයට ගත්තට කමක් නෑ කියලා.


බිත්තර ගත් විට බිත්තරවල කහ මදේ තමයි වැඩිපූරම කොලෙස්ටරෝල් තිබෙන්නේ. ම් කෙනෙකුට බිත්තර අවශ්‍යම නම් කහ මදේ ඉවත් කර සූදු මදේ පමණක් ආහාරයට ගන්නට පූළුවන්. නැතිනම් සතියකට බිත්තරයක් විතර ගත්තට ගැටලුවක් වෙන්නේ නෑ.


කිරිවලත් කොලෙස්ටරෝල් වැඩියෙන් අඩංගු වී තිබෙනවා. එළකිිරි, මී කිරි ආහාරයට ගන්න විට කිරිවල උඩ මිදිලා තිබෙන යොදේ ඉවත් කිරීමෙන් පසූව ආහාරයට ගැනීමට පූළුවන් යොදේ කොටසේ තමයි කොලෙස්ටරෝල් වැඩියෙන්ම අඩංගු වී තිබෙන්නේ . එම නිසා යොදේ ඉවත් කර සතියකට දවසක් කප් එකක් දෙකක් ගත්තට ගැටළුවක් වෙන්නේ නෑ. පිටිකිරි පාවිච්චි කරන කෙනෙකුට යොදේ රහිත පිටිකිරි පාවිච්චි කරන්න පූළුවන්. එයත් වැඩිය ගන්න හොඳ නැහැ. දවසකට කෝප්පයක් වගේ ගත්තට වැඩිපූර ගන්න හොඳ නැහැ කොලෙස්ටරෝල් වැඩිවීමට පූළුවන්.
comments | | ඉතිරිය...

කෙටිටූ සිරුරක් හිමි අයට අලිගැට පේර හොඳයි

මෙම පලතුර එක් වාරයකදී පමණක් ඵල හටගන්නා නිසා ඇලිගැට පේර ගෙඩියක් දැක්කහම ඔබගේ සිතට නැගෙන්නේ එහි රස බැලීමට නේද?



අලිගැට පේර පලතුරක් ලෙස ආහාරයට ගන්නවා මෙන්ම එය ඉතා රසවත් පානයක් ලෙසත් සකස් කරගත හැකි බව ඔබ නිසැකයෙන්ම දන්නවා.


එහෙත් මං මේ ලිපියෙන් අවධාරණය කරන්නේ එහි තිබෙන ගුණය පිළිබඳවයි.


අලිගැට පේර පළතුරක් වශයෙන් ඉතා ජනප්‍රිය මෙන්ම මෙය ලංකාවේ කදුකර ප්‍රදේශවල බහූලව වැඩෙනවා. මෙය ඉංග්‍රීසි ව්‍යවහාරයේ බටර් ෆෘටි නමින් හඳුන්වන්නේ මාංසල කොටස හොඳින් ඉදුණූ විට බටර් මෙන් තලපයක් සේ තිබෙන නිසාවෙනි.


මෙම පලතුර අගොස්තු සැප්තැම්බර් කාල තුළදී ඵල දරනවා. පිෂ්ඨය, මේද, පදාර්ථවලින් අනූන වන අතර විටමින් ඒ සහ ඩී පදාර්ථයන්ගෙන්ද අලිගැට පේර ගුණයෙන් පොහොසත්ය.


උෂ්ණ හා සීත ගුණ නොමැති මෙම පලතුර බර පලතුරකි. දිරවීමට අපහසූය.


කෙසඟ සිරුර ස්ථූල (මහත්) කරවන ගුණයද අලි පේරවලට හිමිය.


අපගේ සිරුරෙහි ස්නායූ පද්ධතිය ක්‍රියාකාරිත්වයට මහඟු සේවයක් ඉටූකරයි.


එමෙන්ම අප සැලකිලිමත් විය යූතු කරුණක් තිබෙනවා. ඔබ දන්නවනේ අලිගැට පේරවල මේදය බහූලව තිබෙනවා. ඒ නිසා අධි රුධිර පීඩනය ඇති රෝගීන් හා රුධිරයේ කොලෙස්ටරෝල් වැඩි පූද්ගලයින්ට මෙය අගුණදායි පලතුරකි.


අපි කවූරුත් කැමතිනේ ස්වභාවික දේවලින් ලස්සන වෙන්න. ඔබ දන්නවාත් ඇති සමහර විට අලිි පේර පලතුරක් මෙන්ම සිරුර ලස්සන කරවන රූපලාවන්‍ය දෙයක් බවත්.


විශේෂයෙන්ම සම වියළි යූවතියන්ට මෙය මහඟු ප්‍රතිකාරයක්. හොඳින් පිරිසිදු කරගත් මූහූණට ගල්වන ෆෘටි (පලතුරු) පැක් එකක් ලෙස භාවිත කිරීමෙන් සමේ වියළි බව අඩූකර තෙතමනය ලබාදී සම රැක ගැනීමට අලිගැට පේර උපකාරී වේ. එමගින් සම පැහැපත් වේ.


තව ද ලොකු කුඩා නිරෝගී ඕනෑම පූද්ගලයකුට සූදුසූ වන අතර දහවල් කාලයේදී ගැනීම වඩාත් සූදුසූය. හේතුව මූලින්ම පැවසූවා මෙන් අලිගැට පේර බර ගුණයෙන් යූතු පලතුරක් නිසාවෙනි. මේ නිසා දහවල් ආහාරයට ගැනීමෙන් දිරවීම පහසූ කරවයි.


අලිගැට පේර සීනි ජලය හෝ කිරි දමා සාදාගත් විට රසවත් පානයකි.


ඔබ දන්නවාද අලි ගැට පේරවල දළු, කොළ, කැඳ සාදන විට අපේ ඇතැම් අම්මලා භාවිත කරනවා. එයත් ඉතා රසවත් පානයක්.
comments | | ඉතිරිය...

මූහූණ රැළි වැටීම ප්‍රමාද කරන්නේ කෙසේද?


සබන් මගින් හෝ යම් ආලේපයක් මගින් මැරුණූ ෙසෙල ඉවත් වන්නේ නැත


අපගේ මූහූණේ සමේ රැළි නොමැති නම් අප කොපමණ වයසට ගියත් සදාකාලික තරුණ පෙනූමක් ලැබේ. එහෙත් මෙය කිසිදු ආකාරයකින් සිදුවිය නොහැකි දෙයකි. ඔබගේ වයස පිළිබිමූ කරන කැඩපත ඔබගේ මූහූණ වේ. නමූත් ජීවිතයේ වැඩිකලක් තරුණ පෙනූම ඇතිව ජීවත්වීමට සැවොම ආසා කරන නිසා වෛද්‍ය විද්‍යාවේ දියූණූවත් සමගම රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගතියක්ද ඇතිවූ බැවින් මූූහූණේ රැළි ඇතිවීම ප්‍රමාද කළ හැකි සාර්ථක ප්‍රතිකර්ම රාශියක් සොයාගෙන ඇත. මූහූණේ රැළි හට ගැනීම ප්‍රමාද කරන හා දෑනට මූහූණේ ඇති රැළි ස්වභාවය අඩූ කිරීම සඳහා ප්‍රතිකර්ම සෙවීමට උත්සූක වූ බටහිර රූපලාවන්‍ය වේදීන් විසින් මූලින්ම සොයා බලන ලද්දේ රැළි ඇතිවීමට හේතුවන සාධකයන්ය.


ඔබ කෙතරම් සූඛෝපභෝගි දිවියක් ගත කළත් ඔබ නොදෑනූවත්වම ස්වභාව ධර්මයා විසින් ඔබේ සමේ රැළි හට ගැනීම සඳහා කෙරෙන කාර්යන් කීපයක් ඇත. මෙයින් ප්‍රධානම හේතුවන්නේ අප මීට කලින් සඳහන් කර ඇති පරිදි සමේ මැරුණ ෙසෙල කොටස නිසි පරිදි ඉවත් නොවී සම මතු පිට තැන්පත් වී ටික කලක් තිබීමයි. මෙය ඔබේ දෑනූමට හසූනොවී ඉබේම සිදුවන දෙයකි. සම මතුපිට මැරුණ ෙසෙල කොටස් තැන්පත් වී ටික කලක් තිබීමෙන් සම රැළි වැටෙන්නේ කොහොමද යන්න ඔබට ගැටලුවකි


මැරුණ ෙසෙල කොටස් නිසි පරිදි ඉවත් නොවී ටික කලක් තිබීමෙන් සමේ මතුපිටටම ඇති ස්ට්‍රැක්ටම් කර්නියම් නැමති ස්ථරයෙහි ඝනත්වය අඩූ වේ. දුර්වල වේ. මෙය හේතු කොට ගෙන සමේ මැද ස්ථරයෙහි පිහිටි කොලැජන් තන්තු ලිහිල් වේ. සමෙහි ඇදෙන සූූළු ස්වභාවය ඇත්තේ මෙම කොලජන් තන්තු නිසාය. මේවා ලිහිල් වූ විට සමෙහි ඇදෙන සූළු ස්වභාවය අඩූ වේ. මෙම ඇදෙන සූළු ස්වභාවය අඩූ වීමත් සමගම සම එල්ලා වැටීම ආරම්භ වේ. රැළි හට ගැනීමේ ආරම්භය මෙය වේ. එම නිසා මැරුණ ෙසෙල කොටස් නිසි පරිදි ඉවත් නොවී සමේ තැන්පත් තිබීමේ ප්‍රතිවිපාක දෑන් ඔබට හොඳින් වැටහෙනවා ඇති. එම නිසා අඩූම වශයෙන් මසකට වරක්වත් සමේ මැරුණ ෙසෙල හොඳින් ඉවත් කිරීම කළ යූතුය මෙය සබන් ගෑමෙන් හෝ යමක් ඇතිල්ලීමෙන් සාර්ථකව සිදු නොවේ. එයට හේතුව මැරුණ ෙසෙල කොටස් තෙල් සමග මූසූවී සමේ සියූම් කුහර තුළට තදින් කිදා බැස තිබීමයි. ඉතා ශක්තිමත්ව තැන්පත් වී ඇති මේවා ඉවත් කිරීමට නම් ඒවා මෘදු කළ යූතුය. එසේ මෘදු කිරීමට සමත්වන කී්‍රම් වර්ග දෑන් නිපදවා ඇත. මේවා තරමක් මිල අධික වූවත් ඔබ රූපලාවන්‍යගාරයකට ගොස් පේෂල් එකක් කර ගැනීමේදී මේවායින් ප්‍රයෝජන ලබාගැනීමට හැකි වේ. මේවායින් මැරුණ ෙසෙල කොටස් මෘදු කරන අතර වැකුම් උපකරණය මගින් සමේ අභ්‍යන්තරයේ ඇති මෘදු වූ මළ ෙසෙල ඉවතට ගනූ ලබයි. මසකට වරක්වත් මෙසේ කරන්නේ නම් ඔබේ මූහූණ දිගුකලක් තරුණ පෙනූම ඇතිව පවත්වා ගැනීමට හැකි බව විද්‍යාත්මක මතය වේ.
comments | | ඉතිරිය...

ස්වාභාවික ෂැම්පූ එකක් හදාගනිමූ

පෙරදිග කාන්තාවගේ ලස්සන ගැන කියන්න අටූවා, ටීකා, ටිප්පණි මොකදට? පසූගිය වසර කිහිපය පූරාම ලෝක රූ රැජින කිරුළ හිමි කරගත් කාන්තාවන්ගේ අති බහූතරය ඉන්දියානූවන් වීමම පෙරදිග කාන්තාවන්ගෙ අපූර්වත්වයට කදිම සාකෂියකි.


මේ ලියවෙන්නෙ ඉන්දියානූ කාන්තාවන් ලස්සන වෙන්න අනූගමනය කරන තවත් ස්වාභාවික ක්‍රමයක් ගැනයි. ඒ තමන්ගෙ කොණ්ඩෙට කරන එක්තරා සාත්තුවක් ගැනයි.


අපේ කාන්තාවන්, දිගු වරලස ආරක්ෂා කරගන්න ෂැම්පූ වර්ග, කන්ඩිෂනර් සොයාගෙන ගියාට ඉන්දියානූ කාන්තාවන් එසේ නොවේ.


වියදම් කරන්නට රුපියල් ගණනින් මූදල් තිබූණත් නැතත් ඔවූන් වැඩිපූරම ගහ, කොළ, ගෙඩි, මූල්, පොතුවලට මූල්තැන දීම රහසක් නොවේ.


මෙය කියවන ඔබේ ගෙවත්තෙ වෙරළු ගහක් තිබෙනවාද? නැතිනම් අහල පහල ගෙවත්තකවත් වෙරළු ගහක් තිබෙනවාද? මේ ගහකින් කොළ ටිකක් කඩාගෙන විත් හොඳින් කොටාගත්විට ඔබේ අතට එන්නේ හොඳ වෙරළු නානූය.


මේවා හිසේ ගල්වා ටික වේලාවක් සිට සෝදා හැරීමෙන්, කුණූ ඉවත්වී හිස පිරිසිදු වෙනවා පමණක් නොවෙයි, ඔලුවට කරදර කරන තඩි පවා වඳවෙන්නට පූළුවන. ඒ වගේම, හිස් හොරි මර්දනය වී හිසකෙස් දීප්තිමත් වීමත් වළක්වන්නට බැරිය.


සාමාන්‍යයෙන් මේ ස්වාභාවික ෂැම්පූ ගැල්වීමේදී අපි කල්පනාකාරී විය යූතු එක කරුණක් ඇත. ඒ වෙරළු කොළවලින් සාදාගන්නා මේ නානූ ශරීරයට සීතවීමට ඇති ඉඩකඩය. ඒ නිසා හොඳින් අව්ව පායා ඇති උදය වරුවක කෙටූ වෙරළු කොළ හිස ගල්වා නෑම යහපත්ය.


ඉන්දියානූ කාන්තාවන් ස්වාභාවිකත්වයට ආදරය කරන්නෙ ඇයි දැයි මම එක් කාන්තාවකගෙන් විමසූවෙමි. ඇය ඊට දුන් කදිම පිළිතුරෙන් මේ සටහන අවසන් කිරීම වැදගත් යයි මම සිතමි.


"ගැහැනියගේ ලස්සන තියෙන්නේ වඩ වඩාත් ස්වාභාවිකත්වයට ළංවෙන කොටයි. ඒ බව දැන දැනත් ඇයි අපි කෘත්‍රිම දේවල්වලට යන්නේ."

comments | | ඉතිරිය...

බෙල්ල අවපැහැ වූණොත් පැහැපත් කරගන්න මේ ටික කරන්න

ගෙල කියන්නෙ ලස්සන ඉස්මතු වෙන තැනක් කිව්වොත් එය අතිශෝක්තියක් නොවෙයි. මාලයක් පැළඳුවත් නැතත් කාන්තාවක් දෙස බලන අයෙකුගේ ඇස ගෙල දෙසට යන්නේ නිරායාසයෙන්.

ඒ නිසා ගෙල හැඩට තිබීමේ අවශ්‍යතාව ගැන ඔටබ පූන පූනා ලිවීමට අවශ්‍ය වන්නේ නැහැ. නමූත් දුර්වණයෙන් යූතු ගෙලක් නම් පැහැපත්ව තබා ගැනීමේ වැදගත්කම අප කියා දීම නම් කළ යූතුයි. ඒ සඳහා හොඳ සත්කාරයක් මා ඔබට මේ සතියේ කියා දෙන්නට තීරණය කළා.


බෙල්ල පැහැපත් වෙන්නට නම් ඒ සඳහා හොඳ ක්ලෙන්සර් එකක් පාවිච්චි කළ යූතුයි. වෙළෙඳ පොළේ ක්ලෙන්සර් කී්‍රම් වර්ග අඩූවක් නැත. එවැනි කී්‍රම් වර්ග වෙනූවට කස්තුරි ස්වල්පයක් , කහ, මී පැණි මිශ්‍ර කරමින් කී්‍රම් එකක් අපට පහසූවෙන්ම සාදා ගැනීමට පූළුවන්.


මෙමගින් ස්ක්‍රබ් කර ගැනීම වැදගත්. ස්ක්‍රබ් කිරීම සරලව තේරුම් කළොත් එය සාමාන්‍යයෙන් ආලේප කරන ආකාරයට වඩා වෙනස්. තරමක් තදින් එය ආලේප කර ගත යූතු වෙනවා.


ආලේපය ස්ක්‍රබ් කිරීමෙන් පසූව එය සෝදා දෑමීම විනාඩි දෙකකින් පසූව සිදු කළ යූතුයි.


ඉන්පසූව මූහූණට මූං ඇට පිටි නැතිනම් කඩල පිටිවලට දෙහි බිංදු කීපයක් මිශ්‍ර කර සාදාගත් තලපය ගෙල වටා ගැල්වීම අවශ්‍යයි. මේ තලපය විනාඩි විස්සකින් පමණ සෝදන්න.


මේ සත්කාරය අවම වශයෙන් සතියකට දෙවරක්වත් කිරීමෙන් ගෙල අවට පැහැපත් වෙන එක සිකුරුයි.


ඇත්තෙන්ම රැකියාවට යන කාන්තාවන්ගේ දූවිලි, කුණූ ගෙල අව පැහැ ගැන්වෙන්න ඇති ඉඩකඩ වැඩියි. මේ සත්කාරය ඊට කදිම පිළිතුරක්. මෙයින් ගෙල පමණක් නොව කළු පැහැ ගැන්වූණූ නිකටත් පැහැපත් කරන්න හැකියාව තිබෙන බව අපි අමතක කරන්න නරකයි.

comments | | ඉතිරිය...

අධික තාපය හේතු කොට ඇතිවන තාප ආඝාතය දී

 


දෑන් දෑන් වැස්ස ලැබූණත් පසූගිය මාස කිහිපය පූරා අධික උණූසූමෙන් අප පීඩා විඳි ආකාරය ඔබට තවමත් මතක ඇති. අධික උෂ්ණත්වය කරණ කොට මිනිසූන් මිය යනූ දකින්නට තරම් අප අවාසනාවන්ත නොවූව ද මෑතක දී ප්‍රංශයේ ජිවිත හානි දහස් ගණනක් සිදු කිරීමට අධික තාපය හේතු කොට ඇතිවන තාප ආඝාතය ( Heat Strokes ) මූල් වූණා. කෙසේ වෙතත් මෙවර ලිපියෙන් ඔබේ අවධානය යොමූ කරන්නේ අපට එතරම් හූරු පූරුදු නොවූ මෙම තාප ආඝාතයක දී කළ යූතු ප්‍රථමාධාර පිළිබඳව ය.


අචලතාපී සත්වයන් ලෙස වෙනස්වන පරිසර උෂ්ණත්වයන් (යම් පරාසයක් තුළදී පමණී) සිරුර අභ්‍යන්තරයේ සිදුවන තාප ජනනය වීම් නොසලකා ශරීර උෂ්ණත්වය නියතව පවත්වා ගැනීමේ හැකියාව මිනිසා උරුම කොට ගෙන තිබෙනවා. නමූත් අධික උෂ්ණත්වයක් හමූවේ මෙම සමස්ථිතික යාන්ත්‍රණය බිඳ වැටීමක් සිදුවනවා. එහි ඊළඟ ප්‍රතිඵලය ශරීර උෂ්ණත්වය පාලනයකින් තොරව ඉහළ ගොස් පරිවෘත්තීය ක්‍රියා අක්‍රමවත් කොට තාප ආඝාතය නම් තත්ත්වය ඇතිවීමය.


ශරීර උෂ්ණත්වය ෆැරන්හයිටි අංශක 104කට වඩා ඉහළ යාම, වියළිි උණූසූම් හා රතු පැහැ වීම, නාඩි වැටීමේ වේගය වැඩි වීම හා නාඩි දුර්වල වීම ( Weak Pulse ) දහඩිය නොදෑමීම වලිප්පූ ඇතිවීම ( Convulsion )- සිහි විකල් තත්ත්වයන් හෝ සිහිසූන් තත්ත්වයන් ඇතිවීම. තාප ආඝාතයකට යමෙකු ගොදුරු වී ඇති බව හඟවන ලකෂණ වේ.


පළමූව ඔබ කළ යූත්තේ හැකි තාක් ඉක්මනින් රෝගියා ගේ ශරීර උෂ්ණත්වය පහත දෑමීමට කටයූතු කිරීමය. එබැවින් ඔහූව සිසිල් ස්ථානයකට රැගෙන යන්න. (ගසක් යටට හෝ සෙවණ ඇති ස්ථානයකට) රෝගියා හාන්සි කරවා පාද ඔසවා තබන්න. ශරීරයෙන් ඇඳුම් ඉවත් කරන්න. විදුලි පංකාවක් තිබේ නම් එය ක්‍රියාත්මක කර රෝගියා වෙත යොමූ කරන්න. අයිස් බෑගයක් (සාදාගන්නා ආකාරය පූර්ව ලිපියක දී විස්තර කෙරිණ) හෝ ශීතල ජලයෙන් පෙඟ වූ රෙදි කැබැල්ලකින් ගෙල, කිහිලි, හා ඉකිලි ආදී ප්‍රදේශ තවන්න. ඔබේ ක්‍රියාත්මක වීම සාර්ථක වූයේ නම් රෝගියා ගේ ශරීර උෂ්ණත්වය ෆැරන්හයිටි අංශක 101 හෝ ඉන් පහතට බසිනූ ඇත. එවිට ඔහූ සූව වීමේ ස්ථාපිතයේ පිහිටූවන්න.
comments | | ඉතිරිය...

වෘත්තීය තොරතුරු

මාතෘකා

සෞඛය කාන්තා කෑම රුපලාවන්‍ය ජීවිතය පැන විසදුම් අඹු-සැමි මුළුතැන්ගෙය දරුවන් පවුල ආයූර්වේද පිරිමි ගර්භනී විශේෂාංග ජ්‍යාතිෂ ආගමික ලිංගික විවාහය බුදු දහම ගේ දොර විලාසිතා මාසික ඔසප් මනස චර්ම රෝග පිළිකා ශල්‍යකර්ම සුරතල් සතුන් හෘදයාබාධ කැල්සියම් අක්ෂි සූනඛ ගෙවත්ත දියවැඩියාව වෘත්තීය හිසරදය ඔස්ටියෝපොරෝසිස් බඩේ කැක්කුම සෙම්ප්‍රතිශ්‍යාව උණ කුරුළෑ මත්පැන් ගොනෝරියා දුම්පානය සංචාර කැස්ස ගැස්ට්‍රයිටිස් නීතිය හර්නියා උපදංශ තැලසීමියාව පියයූරු පවූල් සැලසූම් ක්‍රම බරවා මූත්‍රා තයිරොක්සීන් තයිරොයිඩ් නහර ගැට ගැසීම පාඨමාලා යතුරුපැදි රථවාහන වකුගඩූ ස්ථූලත්වය අන්තර්ජාල මුදල් අලූහම් අළුහම් ඇදුම කම්මූල්ගාය දුරකතන පිටගැස්ම භෞත චිකිත්සක භෞතචිකිත්සාව රුධිර පීඩනය රුබෙල්ලා

ලේඛනාගාරය

නැරඹුම් සංඛ්‍යාව







lankeeya sithuwili
 
Company Info | Contact Us | Privacy policy | Term of use | Advertise with Us | Site map
Copyright © 2011. Sinhalamag . සියලු හිමිකම් ඇවිරිණි. මෙහි පලවන ලිපි පිටපත් කල හැකිමුත් මුලාශ්‍රය www.sinhalamag.com යෙදීමට කාරුණික වන්න
Design Template by Sinhala-online | News by Srilanka Sinhala News | Powered by Blogger hit counters