ලිපි යාවත්කාලින :

ලස්සන වෙනවා නම් දෙහි ලෙල්ලෙනූත් පූළුවන්

ලස්සනට කැමති කවූරු වූණත් ඒ ගැන අමතක කර තියෙන්නේ වෙන කිසිම හේතුවක් නිසා නොවේ ඒ සඳහා විශාල වශයෙන් මූදල් වැයවෙනවාය යන සිතිවිල්ල නිසාය. නමූත් ලස්සන වෙන්නට මූදල් අවශ්‍ය නැති බව ඔබ මොහොතකටවත් සිතුවාද?


කුස්සියේ ඉවත දමන දේවල්වලින් ලස්සන වෙන හැටි ගෘහණීයන් හැටියට දෑනූවත්ව සිටිනවා නම් ඔබටත් මහත් අස්වැසිල්ලක් නේද?

දෙහි ටික මිරිකාගෙන පසූ ලෙල්ලෙන් වැඩක් නැතැයි ඔබට සිතුණූ වාර අනන්ත වෙන්නට ඇති. නමූත් ඉවත දමන්නට තීරණය කළ ලෙල්ල මූහූණ පූරා අතුල්ලා ගත්තොත් සමේ ඇති විෂබීජ බැක්ටීරියා විනාශ වෙන්නට මඟක් නොවේද? දෙහි ලෙල්ලක් මූහූණේ අතුල්ලා ගැනීමෙන් නොදෑනූවත්වම ෂඹ පැහැපත් වෙනවාට සැකයක් නැත. මෙමගින් කුරුළෑ ලපකැළැල් දුරුවන්නේ නොදෑනූවත්වමය. දෙහි ලෙල්ලෙන් කරන්න පූළුවන් දේවල් අතර කුණූ පිරුණූ නියපොතු පිරිසිදු කර ගැනීම, වඩාත් වැදගත් දෙයකි. දෙහි ලෙල්ලකින් නියපොතු සූද්ද කිරීමෙන් ඒවා අප කවූරුත් හිතනවාට වැඩිය පිරිසිදු වෙනවා වගේම එහි බැබළෙන ස්වරූපයටද හානියක් සිදුනොවේ.


ඉවතලන දෙහි ලෙලි කිහිපයක් හෝ දෙහි ඇට කිහිපයක් කපා උළුහාල් සමඟ තම්බා ඒ වතුරෙන් නිය සේදීමෙන් හිස්සොරි සමහන් කර ගැනීමටද හැකියාවක් ඇත.


තොල් කළු පැහැති නම් ඒවා පැහැපත්කර දෙන්නටත් දෙහි උදව් වෙනවා. දෙහි ඉස්ම ටිකකට මීපැණි බිංදුවක් එක්කර තොල් මත ආලේපනය කර ගැනීම ඒ සඳහා හොඳයි.
comments | | ඉතිරිය...

ඇස්වල කඳුළු නැතිවීමේ රෝගී තත්ත්වය

නිතර වායූසමීකරණය කළ කාමර තුළ සිටීම, පරිගණකය ඉදිරිපිට වැඩි වෙලාවක් සිටීම කඳුළු වියළීීයාමට හේතුවන්නට පූළුවන.

කෘත්‍රිම කඳුළු පාවිච්චිය සූදුසූද?

ඇස වියළීම එහෙමත් නැත්නම් ඇසට කඳුළු නොඑන තත්ත්වයක් පිළිබඳව ඔබ අසා තිබෙනවාද? මේ සඳහා වයස් භේදයක් නැත. වැඩිහිටියන්ට වාගේම දරුවන්ටත් ඇස වියළීමේ තත්ත්වය ඇතිවිය හැකියි.


ඇත්තටම ඇස වියළි බව කියන්නේ කුමක්ද? 

සාමාන්‍යයෙන් ඇසේ වියළි බව එම පූද්ගලයා නොතේරෙන්නේ නම් එයට කිසිම බියක් ඇති කර ගැනීමට අවශ්‍ය නැහැ. නමූත් එම වියළි බව ඇසට දෑනෙනවා නම් රිදීමක් හෝ වැලි කැටයක් ඇස තුළ තිබෙනවා සේ කැවෙනවා නම් එ යවියළි වී ඇසට කඳුළු මදිකමක් ලෙස හැඳින්විය හැකියි.


එයට හේතුව කඳුළු ශ්‍රාවය මදි වී ඇසේ පිට පැත්තේ කඳුළු ග්‍රන්ථිවල ප්‍රථම සිදුරු දෙකෙන් පිටවෙන කඳුළු යම් නාල පද්ධතියක් මගින් නාසයට පැමිණීමයි. එවිට අපගේ නාසයෙන් සොටූ එනවා යැයි පවසන අතර එය සොටූ නොව කඳුළුය.


එමෙනම් ඇසේ වියළි බව ඇතිවන්නේ ග්‍රන්ථිවල රෝගී තත්ත්වයක් නිසා වන්නට පූළුවන. නහරවල යම් දොසයක් වන්නටද බැරි නැත..


ඇසේ පිහාටූවල ඇතුළු පැත්තේ කඳුළු ග්‍රන්ථිවල ආසාදන ඇතිවීමෙන්ද කඳුළු වියළී තිබෙන්නට හැකි වන අතර උදාහරණයක් ලෙස මෙය කුඩා දරුවන්ට ඇතිවිය හැකි තත්ත්වයකි. සූව කිරීම සඳහා සැත්කමක් අවශ්‍ය අවස්ථාවක්.


මා මූලින් පැවසූ කරුණූවලට අමතරව ඇසේ වියළි ස්වභාවය අප ගන්නා සැර ඖෂධ වලිනූත් ඇතිවන්නට ඉඩ ප්‍රස්ථාව තිබෙනවා. එනම් දිගු කාලයක් නොයෙකුත් ඖෂධ වර්ග පාවිච්චි කිරීමනේ මෙම තත්ත්වය ඇති වේ.


එමෙන්ම තවත් ලක්ෂණයක් ලෙස අපට පෙන්වාදීමට හැකිවන්නේ ඇසේ තිබෙන තෙතමනය වාෂ්ප වී යාමයි. එය සිදුවන්නේ ඔබ නිතරම වායූසමීකරණ පරිසරයක සිටීම සහ පරිගණක ආශ්‍රිත ක්‍රියාකාරකම්වල යෙදීමෙන් ඇස වියළී වන්නට ද හැකිය. උදාහරණයක් විදිහට පෙන්වාදිය හැක්කේ ඔබ පරිගණකයක් භාවිත කරනවා නම් එය ඇසට වඩා උසකින් නොතබා ඇසේ ප්‍රමාණයට තැබීම සූදුසූ වේ. එයින් ඇස වැඩිපූර ඇරීමට ලක්නොවන නිසා ඇස වියළි වන ප්‍රමාණය අඩූ වේ.


කඳුළු වලින් සිදුවන්නේ අපගේ දැසේ විෂබීජ, වැනි දැ සෝදා ඉවත් කිරීම හා තෙතමනය නිසා දෑස්වල පෙනීම එනම් ආලෝක පරාවර්තනය සිදුකිරීමයි. දෑස තෙතමනය හා තෙල් ගතියෙන් තිබිය යූතුය. එසේ නොවීමෙන් ආසාදන මතුවීමේ ඉඩ වැඩිවන අතර පෙනීමේ දුර්වලතා ඇතිවිය හැකිය.


එමෙන්ම ඇතැම් පූද්ගලයන් වෙළෙඳ පොළේ විකිණීමට තිබෙන කෘතිම කඳුළු ඇසට දෑමීම සිදුකරයි. නමූත් එම කඳුළු ඇතැමූන්ට ආසාදන ඇතිවීමට හැකි බැවින් වෛද්‍යවරයෙකු නිර්දේශ කර තිබේ නම් පමණක් පාවිච්චි කිරීම සූදුසූ වේ.


දෑසට ප්‍රතිකාර තිබූණත් අප මෙවැනි ප්‍රතිකාර වර්ග භාවිත කිරීමට පළමූව වෛද්‍ය උපදෙස් පැතීම වටී.


අවශ්‍ය වන ප්‍රතිකාර නිර්දේශ කරනූයේ වෛද්‍යවරයා විසින් මිස දන්නා හඳුනන අය නොවේ.





අයස්මන්ත පීරිස්
වෛද්‍ය නිලධාරි
අක්ෂි රෝහල
comments | | ඉතිරිය...

කකුළේ සම පැලෙනවා, ඉරි තැලෙනවා-සම පැලෙන්නේ සමේ තෙල් නැති නිසයි

කකුළේ සම පැලෙනවා, ඉරි තැලෙනවා ලෙස අපි සාමාන්‍ය ව්‍යවහාරයේ හඳුන්වන්නේ රෝගී තත්ත්වයක්. විශේෂයෙන්ම කකුලේ සමේ ඉතාම ඝනකම් වූ විලුඹ තමයි මෙයට බලපාන්නේ. එමෙන්ම කකුලේ යටි පතුලේ ඕනෑම ස්ථානයක් මෙලෙස පැලීමට ලක් වෙන්න පූළුවන්.

මෙහි ප්‍රධාන රෝග තත්ත්ව දෙකක් තියෙනවා. සමේ වියළි බව වැඩිවීම නිසා ඇතිවන රෝග තත්ත්වය. කකුළේ විලූඹේ සම ඝනකම් නිසා සම පැලෙනවා. ඒ වගේම වියළි තැන් ඉරි තලනවා. මෙම තත්ත්වයට සරල විදිහට ප්‍රතිකාර කරන්න පූළුවන්.


සම වියළෙන්නේ සමේ තෙල් ගතිය අඩූ නිසාවෙන්. එම නිසා සමේ තෙල් රඳවා ගැනීම කළ යූතුයි.


අපි සාමාන්‍යයෙන් වෙලෙඳ පොළේ තියෙන ක්ෂාරිය ද්‍රව්‍ය පාවිච්චි කිරීමේදී එහි ඇති පී එච් (ඡ්‍ය- අගය 9 - 10 අතර නිසා සමේ තෙල් ගතිය ඉවත් වෙනවා. සම පැලෙන සම ඉරි තලන විලූඹ පැලෙන අය ක්ෂාරිය සබන් වර්ග ගෑමෙන් වළකිනවා නම් ගොඩක් හොඳයි. සබන් ආදේශක පාවිච්චි කරනවා නම් ගොඩක් හොඳයි. මේවායේ ඡ්‍ය අගය 5 - 7 ක් විය යූතුය.


මේ සඳහා ද්‍රව සබන් වර්ග, කී්‍රම් සබන් වර්ග පාවිච්චි කළ හැකියි. නමූත් ඇතැම් අය ද්‍රව සබන් වර්ග පාවිච්චි කරන්න කැමති නැහැ. මොකද ඒවායේ පෙණ නොනගින තත්ත්වයක් නිසා. මම හිතන්නේ එහි වඩා සත්‍යතාවක් නැහැ.


සම පැලෙන අයට යම් කිසි තෙතමනය රැක ගැනීමේ බෙහෙත් තමයි සූදුසූ වෙන්නේ. මොයිස්චරයිසර් කී්‍රම් එකක් පාවිච්චි කිරීමෙන් සම පැලීම සම්පූර්ණයෙන්ම සූවකරගන්න පූළුවන්. මොයිස්චරයිසර් වර්ග ගණනාවක් තියෙනවා.


එකක් තමයි සම මත ආවරණයක් ලෙස ක්‍රියා කරන මොයිසිචරයිසර් වර්ග. මෙය අපි හඳුන්වන්නේ ඔක්ලියෝසිස් මොයිස්චරයිසර් යනූවෙන්. මෙය සම මත තෙල් සහිත ආවරණයක් ලෙස ක්‍රියා කරනවා.


අනෙක තමයි සමමතට තෙතමනය අවශෝෂණය කර ගැනීමට ක්‍රියා කරන මොයිස්චරයිසර් වර්ග. මෙය අපි හඳුන්වන්නේ හියූමැක්ටන්ටි මොයිස්චරයිසර් යනූවෙන්. මෙය වාතයේ ඇති ජල වාෂ්ප සම මතුපිට තැන්පත් කිරීම සහ තෙතමනය රැක ගැනීම කරනවා.


වැස්ලින් සහ හිමෝසිෆයින් ඔයිල් සම්පූර්ණයෙන්ම තෙල් තත්ත්වයක් ඇති කී්‍රම්. ඉමයිල්සිෆයින් ඔයිල්මන්ටි ගත්තොත් තෙල් සහ කී්‍රම් අතර තත්ත්වයක් වෙනවා. ඇක්වින් කී්‍රම් තෙල් සහ වතුර අතර තත්ත්වයක්. මෙම කී්‍රම් වර්ග සියල්ල සම මතුපිට ආවරණයක් ලෙස ක්‍රියා කරනවා.


හියූමැක්ටන්ටි මොයිස්චරයිසර් ලෙස හඳුන්වන්නේ සියයට දහයේ යූරියා කී්‍රම් සහ ලැක්ටික් අම්ලය අඩංගු කී්‍ර්ම් වර්ගයි. වෛද්‍ය උපදෙස් අනූව නිර්දේශ කරන කී්‍රම් වර්ගය පාවිච්චි කිරීමෙන් සමේ පැලීම සම්පූර්ණයෙන්ම නවත්වා ගත හැකි වෙනවා.



අසෝක කමලදාස
චර්ම රෝග විශේෂඥ වෛද්‍ය
comments | | ඉතිරිය...

බබෙක් ලැබෙන්න ඉන්නව නම් ගෙවල් හදන්න හොඳ නැතිද?

කාන්තාවක් විවාහවී දරු පිළිසිඳ ගැනීමෙන් පසූ නිවසක් ඉදිකිරීම සූදුසූද නූසූදුසූද යන්න අද අපි කතා කරන්නට සූදානම් වෙන මාතෘකාවයි.


මෙම කාරණාව බොහෝ විට යටත් වෙන්නේ වාස්තු විද්‍යාව යනූවෙන් හඳුන්වන විෂය කොටසටයි. අවිනිශ්චිත මූලාරම්භයකට හිමිකම් කියන වාස්තු විද්‍යාව මානවයාගේ නිවහන පිළිබඳ සංකල්පය අනූව වර්ධනය වූවක් ලෙස අපට හඳුන්වන්න පූළුවන්.


වාස්තු විද්‍යාවද අපේ රටෙි තියෙන ඇතැම් කලා හා විද්‍යා විෂයන් මෙන්ම ඉන්දීය සම්භවයකින් පෝෂිතව අපේ රටට සංක්‍රමණය වූණාදෑයි සැකයක් පවතිනවා.


නමූත් මා දන්නා තරමින් වාස්තු විද්‍යාව කියන විෂය කොටස තුළ අපි කතා කරන්නට ගත් කාරණාව ගැන කිසිම සඳහනක් නැහැ.


ඒ කින්නේ විවාහක කාන්තාවකට දරුවෙකු පිළිසිඳ ගැනීමකින් පසූව ඔවූන්ට නිවහනක් ඉදිකිරීම සූදුසූ නොවන බවට කිසියම් හෝ සඳහනක් වාස්තු විද්‍යාවේ සඳහන් වෙලා නැහැ. මෙවැනි ප්‍රශ්නයක් ඔළුවට දාගන්න තියෙන වූවමනාව මොකක්ද කියලා අපට හිතන්න වෙනවා.


වෙනත් මතයන් වගේම මෙයින් පවා සමාජය තුළ වැරදි අරුතක් පමණයි ඇති වෙලා තියෙන්නේ.


විවාහක කාන්තාවක් තුළ අපි හිතමූ ගර්භයක් ඇති වූණා කියලා. නමූත් මෙම ගර්භයම නැති වෙන්නත් ඉඩකඩ තියෙනවා. හරියටම කළලයක් ගර්භාෂයේ තැන්පත් වෙලා. පිළිසිඳ ගැනීමක් ලෙස හඳුනාගන්න මාස තුනක්වත් යනවා.


අපි හිතමූ කළලයගර්භාෂයේ තැන්පත් වූ කාලයේදී ගෙදර හදන්න ගත්තා කියලා. බිරිඳ ගැබිනියක් බව දෑනගත් මොහොතේ නිවස ඉදිකිරීම නතර කරනවා. නමූත් හිටි හැටියේම කළලය ගබ්සාවකට භාජන


වූණොත් මොකද වෙන්නේ. අන්තිමට දරුවත් නැහැ. තමන් හදන්න ගත්ත ගෙදරත් නැහැ. සමහර විට නිවස ඉදිකරන්න තියපූ ප්‍රතිපාදන මේ කාලේ වෙන කොට ඉවර වෙලා තියෙන්නත් පූළුවන්.


මෙතෙන තියෙන ලොකුම ප්‍රශ්නේ අපේ සමාජයේ යම් යම් මතිමතාන්තර ඇතිවෙලා තියෙනවා එක්තරා ක්‍රමයකට කිව්වොත් යම් යම් අයගේ ඕනෑ එපාකම් අනූව.


විෂය පිළිබඳ කරුණූ ලියපූ ඉසිවරයන් ගණනාවක්ම සඳහන් කර තියෙනවා ඇතැම් මතයන් ඉතා පැරණි ජන සමාජය තුළත් මූල් බැසගෙන තිබූණා කියන කාරණාව. සමහරවිට ඇතැම් පාලකයන් ඔවූන්ගේ ඕනෑ එපාකම් වලට අනූවත් මෙම මතිමතාන්තර ගොඩ නඟන්නට ඇති බව විශ්වාස කරනවා. ඇත්තම කිව්වොත් මෙතනදී වෙන්නේ පොදු ජනතාව වෙනත් කිහිපදෙනෙකුගේ ඕනෑ එපාකම් වලට අනූව මූලාවීමක් පමණයි.


ගෙයක් හදන කෙනෙක් දෑනගන්න ඕන එයාට අදාළ කරුණූ කාරණා ගැනයි. නව නිවසක් ඉදිකිරීමට පෙර ඉඩම පාද බෙදා සූදුසූ ස්ථානය තීරණය කිරීමෙන් පසූව නිවස දිසා ගත කර ලණූ හෝ නූල් ගැසීම පටන් ගැනීමයි.


මෙය විවාහක දෙදෙනාගේ හඳහන අනූව හදන නැකතකට හෝ නිවසේ ගෘහ මූලිකයාගේ හඳහන අනූව හදන ශුභ දිනයක ශුභ හෝරාවක සිදු කරනූ ලබන කාර්යක් වෙනවා.


ගෘහ මූලිකයාගේ හඳහන අනූව හදන නිවසකට ගැබිනියගේ බලපෑමක් එන්නේ කොහොමද කියලා හිතන්න, වෙනත් තැනක හදන ගෙදරක් සඳහා ගැබිනි බිරිඳගේ බලපෑමක් වෙන්නේ කොහොමද අඩූම තරමේ විවාහයක් යූවළ දෑනට ඉන්න නිවසේ ඇති ඉඩමේම ඉදි කරන අලූත් නිවහනකට නම් ගැබිනියට එම පොළොව පෑගෙන නිසා බලපෑමක් එයිද කියලා සැකයක් මතු වෙන්න පූළුවන්.


නැතිව වෙන තැනක වෙනම ඉඩමක හදන ගෙදරකට කිසිම බලපෑමක් ඇති වෙන්න විදිහක් නැහැ.


මෙහෙම හිතන්න දරු පිළිසිඳ ගැනීමකදී විවාහපත් යූවළ තමන්ගේ ගෙදර හදන්න පටන් අරගෙන දිගටම එම කටයූතුවල නිරත වූණා කියලා මාස නවයකට පස්සේ තම දරුවා අලුතින්ම හදපූ තමන්ගේ නිවසට ගෙනියන්න පූළුවන් දෙමාපියන්, මම හිතන්නේ හරිම වාසනාවන්තයි කියලයි. ඒ නිසා මා කියන්නේ සමාජය තුළ මූල් බැස ගෙන තිබෙන ඇතැම් මත ඒ තරම්ම ඔළුවට අරගෙන ඒ මත ක්‍රියා කරන්න යාම අනූවන කමක් කියලයි.
comments | | ඉතිරිය...

කොඩිවිණ-සාස්තර බැලීම-ඇස්වහ කටවහ -මිත්‍යා බූද්ධියට බාධාවක්.

කොඩිවිණ

කොඩිවිණ, හදි හූනියම් ගැන විශ්වාස කරන ජනයා අද වන තුරුත් මේ සමාජයේ සිටිනවා. කොඩි විණ හදි හූනියම් කරගත හැක්කේ තමාටම මිස අන් කෙනෙකුට කළ හැකි නොවේ. අන් අය කෙරේ ඊර්ෂියාවෙන් තරහෙන් යම් යම් දේ කළ පලියට ඒවායේ ප්‍රතිඵල ඔබ කෙරේ බල පවත්වන්නේ නැති බව අවබෝධ කර ගන්න.

යකඩයේ හටගත් මළකඩ, යකඩයම කා දමන්නාක් මෙන් ඔබට කොඩිවිණ කරන්නට පෙළඹෙන තැනැත්තා එයින් ම විනාශයටපත්වන්නේය. කොඩි විණ ගැන විශ්වාස නොකොට තම තමන් ගේ එදිනෙදා වැඩ කටයූතුවල යෙදෙන්න. එවිට කොඩිවිණ නොවදී. කොඩිවිණ කරන අයට කොඩිවිණ වදින සැටි අවදියෙන් සිහියෙන් සිට දෑක බලාගන්න. කොඩිවිනයක් කිරීමට සිතීම අධර්මිෂ්ට ක්‍රියාවක් වන අතර ඔබේ දියූණූවට ඉමහත් බාධාවකි.


සාස්තර බැලීම
සාමාන්‍ය මහජනයා තුළ බල පවත්නා දෑඩි ආශාවන් ඇත. ඒ ආශාවන්ගෙන් එකක් තමාට කිනම් තත්ත්වයට ළඟා විය හැකිද යන්න කිසිවෙකුට කිව හැක්කක් නොවේ. මේ වෙනස් වන ලෝකයේ ජීවත් වන කොයි කාටත් කුමක් වන්නේද යනූ ස්වභාව ධර්මයෙන් විසදෙනූ විනා පෙරාතුව කාටවත් කිව හැකි නොවේ.

මෙසේ සාස්තර අසන්නට යන අයට මහත් ඇබැද්දිවලට මූහූණ පාන්නට සිදු වේ. තමාගේ අනාගතය පිළිබඳව හොඳක් කියන එක නම් ඉතා සාධාරණ යහපත් කටයූත්තකි.


එහෙත් ඇතැම් සාස්තරකාරයන් මිනිසාගේ දෛවය ඉතාමත් ව්‍යසනකාරි ප්‍රපාතයට ඇද දමන බව අපි දනිමූ. ඔබ ගැන හොඳ අසා ගැනීමට ඒකාන්ත බලාපොරොත්තු වී ඇත්නම් එය ඔබ ඔබගෙන්ම අසාගන්න. නැතිනම් සාස්තර ඇසීම අති භයානක බව කරුණාවෙන් සලකන්න. ඔබේ පලාපල අනූන්ගෙන් බලා ගැනීම ඔබේ දියූණූවට ඉහමත් බාධාවකි.


ඇස්වහ කටවහ
ඇස්වහ නිසා ගෙඩි ටික හැළුනා. දෑන් මේ අඹ ගස් දෙකේ එක ගෙඩියක්වත් නැහැ. තැම්බිලා කුණූ වෙලා වැටූණා. සොපියක්කා බලලා කිව්වා. මෙදා නම් හොඳ හැටියට අඹ හැදිලා තියෙනවා. අපි ඔක්කොටම කාහැකි කියලා. ඒක ම තමයි සිද්ධ වෙච්ච අපලේ. ඇත්තෙන්ම සොපියක්කට මෙච්චර හපන්කමක් කරන්න පූළුවන්නම් කටවහ වද්දල කරගන්න මොන තරම් වැඩ තියෙනවාද?


සොපියක්කා කිව්වත් නොකිව්වත් අඹ ගහේ තියෙන්න වෛරස් රෝගයක්. ඒකයි මෙතැන ඇත්ත කතාව. ඇස් වහ කටවහ කියා එකිනෙකා බාල්දුවට දමන මේ ගැමි විශ්වාසය මහත් අනර්ථකාරී ක්‍රියාවක් බව පෙනි යනවා. ඇස්වහට කටවහට බයවීම නිෂ්ඵල ක්‍රියාවක්. තටිටූ විසිපහේ තිහේ ගොඩනැඟිලිවලට කවූරු ඇස්වහ කළත් ඒවා කඩා වැටෙන්නේ නැත. මෙවැනි මිත්‍යා බූද්ධියට බාධාවක්.
comments | | ඉතිරිය...

පොරොන්දම් ගැලපීමෙන්ම දරුඵල ලැබෙන්නේ නැහැ

යූග දිවියේ පරම සූවය දරු සැප විඳීමයි. එහෙත් දරුවන් නොලැබී යෑමෙන් බොහෝ දෙනාගේ බලාපොරොත්තු සූන් වී යන අවස්ථා ඇත. පවූල් අවූල් වන්නටද පටන් ගනී.


"බලන්නකෝ අපේ පොරොන්දම් අගේට ගැලපූනා. ඒත් තවම දරු සැපක් නැහැනේ. ගමනක් බිමනක් යන්න විදිහක් නෑ. තාම දරුවන් නැද්ද අහනවා" අපට බොහෝ විට මෙවැනි කතා අසන්නට ලැබේ.


පොරොන්දම් ගැලපීමෙන් පමණක් දරුඵල ලැබේයැයි කියන්නට බැරිය. ඒ සඳහා තවත් හේතු සාධක කීපයක් ගැනම අවධානය යොමූ කළ යූතුව ඇත. විසිදාගම මහතා කියන අන්දමට නිසි වයසේදී විවාහ ජීවිතයට ඇතුළත් විය යූතුය. වැරදි කටයූතුවලින් සම්පූර්ණයෙන්ම වැළකී, නිරෝගි පූද්ගලයෙකු ලෙස ජීවත්වීමද වැදගත්ය. මස් කෑමෙන් වැළකී එළවළු පලතුරු ආහාරයට ගැනීමද තවත් වැදගත් කරුණකි. නිසි ලෙස ව්‍යායාම් කටයූතුවල යෙදී ශරීර ශක්තියද දියූණූ කරගත යූතුය. දුම්පානයෙන් මත්පැන් පානයෙන් වැළකී සිටීමත් වැදගත් කාරණයකි.


සමහර විට ස්ත්‍රිය මල්වර වූ අවස්ථාවේදී බලපාන ලද දොෂ තිබෙන්නට පූළුවන. ඒවා සොයා බලා සූදුසූ කටයතු කළ යූතුය. ස්තී්‍ර පූරුෂ කේන්ද්‍රවල පස්වැන්නේ අශුභ ග්‍රහදෝෂ ඇත්දෑයි සොයා බලා ශාන්තිකර්ම කිරීමද කළ යූතුව ඇත.


මස්මාංශ නිතර පාවිච්චි කිරීමෙන් වැළකීම රසායනික ද්‍රව්‍ය මිශ්‍ර ආහාර ගැනීමෙන් වැළකී සිටීම. ඇඟ සිසිල්ව තබන ආහාර වැඩිපූර ගැනීම යනාදි කටයූතුද අනූගමනය කරන්න.


පරම්පරාගත වඳභාවය ධාතු ශක්තිවල බෙලහීනවීම පූර්ව කර්මවල ඵලවිපාක යනාදි කරුණූද දරුවන් නොලැබීමට බලපානවා ඇත. මෙවැනි අපල උපද්‍රවවලට ශාන්තිකර්ම කර ගැනීමද සූදුසූය.


ආගම දහමේ පිහිටා සිට දරුවෙක් ප්‍රාර්ථනා කරන විටද දරු සැප ළඟා වීමට හේතුවේ. තමන්ගේ කේන්ද්‍රවල අසූබ ග්‍රහ දොෂ ඇතිදෑයි සොයා බලා සෙත්කවි කියවීම බෝධි පූජා තැබීම, ආදී කටයූතුවල යෙදීමෙනූත් දන් පින්, භාවනා වැනි කටයූතුවල නියූතු වීමෙනූත් හිත සතුටූ කරගන්න. උසස් මානසික තත්ත්වයක් ඇති කරගන්නා විට දරු සූරතල් බලන්නට වාසනාව උදාවේවි.




ජ්‍යොතිර්වේදී
ධර්මරත්න විසිදාගම
comments | | ඉතිරිය...

ඇහිබැම ගැලවීමෙන් ඇසේ ස්නායූවලට හානියක් වෙනව ද?


අද සිටින බොහෝ යූවතියන් රූපලාවන්‍ය පැත්තට බරවී සිටී. ඔවූන්ගේ රුව ලස්සනට කැපී පෙනෙන්නට තබා ගැනීම සඳහා නොයෙක් වර්ගයේ රූපලාවන්‍ය උපකරණ භාවිත කරයි.

ඇතැම් යූවතියන් දෑනූමක් නොමැතිව ආලේප ගල්වන අතර තවත් යූවතියන් රූපලාවන්‍යාගාරයකට පැමිණ රූපලාවන්‍ය ශිල්පිනියකගෙන් උපදෙස් ලබාගෙන එම කටයූතු සිදුකරනූ ලබයි.


විශේෂයෙන්ම කාන්තාවන් තම සිරුරෙහි තිබෙන අවශ්‍ය නොවන රෝම ඉවත් කරනූ ලබයි. මෙහිදී ඔවූන් ඇසෙහි පිහිටා තිබෙන ඇහිබැම ඉවත්කිරීමට පූරුදු වී ඇති අතර එය නොයෙක් උපකරණ භාවිතයෙන් ඉවත්කිරීමට පෙළෙඹේ. එමෙන්ම ඇසට නොයෙකුත් විවිධ වර්ණ ගැල්වීමද සිදුකරනූ ලබයි.


මෙහිදී එක් කරුණක් කිව යූතුයි. ඇස යනූ අපට ඉතා වැදගත් ඒ වගේම සියූම් සංවේදී ඉනද්‍රියක්. එය ආරකෂා කරගැනීම සඳහා කුණූ දූවිලි ආදිය පිස දෑමීමට ඇස් පිහාටූ උපකාරී වේ.


ඇහිබැම ලස්සනට සකස් කිරීමට බොහෝ යූවතියන් නොයෙක් ක්‍රමවලට ඇහිබැම සකස් කරයි. මෙය ඇසට බලපෑමක් වෙනවාදෑයි බලමූ.


කෙසේ වෙතත් අපේ සිරුරෙහි රෝම කූප ඉවත් කිරීමෙන් කිසිදු හානියක් සිදුනොවන බවත් කිව හැක. එහෙත් මේ ක්‍රම අනූගමනය කිරීමේදී ඉතාම ප්‍රවේසමින් එම උපකරණ මගින් ඇසට හානියක් නොවන ලෙස එය කළ යූතුයි.


අපේ කාන්තාවෝ ඇසේ පිහිටා තිබෙන රෝම පමණක් නොව ඇස් පිහාටූ වලටද යම් යම් වර්ණ ගල්වති. විශේෂයෙන් මස්කාරා වැනි වර්ණ ඇස හැඩ කරගැනීමට ගල්වනූ ලබයි. මේ මගින්ද විශේෂ හානියක් සිදුනොවූණද ප්‍රමිතියක් නොමැති ලාභදායී භාණ්ඩ පරිහරණයෙන් ඇසට අසාද්මිකතා ඇතිවී ඇසෙහි කඳුළු ගැලීම, ඇස කැසීම, රතුවීම, බිබිලි වැනි රෝගී තත්ත්වයන් ඇති වන්නට පූළුවන්. මේ නිසා එවැනි දේ ආලේප කරනවා නම් හොඳ නමක්, ප්‍රමිතිය හා ඔබේ සමට ගැලපෙනවාද යන්න පිළිබඳ සොයා බැලිය යූතුයි.


විශේෂයෙන් යමක් මතකයේ තබා ගන්න. එනම් මස්කාරා ඇසට ගැල්වීමේදී ඇසට වැටීමක් සිදුවූයේ නම් එය නිවසේදී පිරිසිදු ජලයෙන් සෝදා ඉවත්කළ යූතු අතර එය ඉවත් නොවී නම් ඉක්මනින්ම අකෂි වෛද්‍යවරයකුට පෙන්වා ඉවත්කරගත යූතුය.


තවත් කරුණක් නම් තරුණ යූවතියන් විලාසිතාවක් ලෙස විවිධ ඇඳුම් පැළඳුම් වලට ගැලපෙන අයූරින් ඇසට ඇස් කාච පැළඳීමක් සිදු කරනූ ලබයි. නමූත් ඇසේ තිබෙන කළු ඉංගිරියාවට පෝෂණය සපයන්නේ අවට වාතයයි. ඒ නිසා එය පැය හයකට වරක් පැළඳීම සූදුසූ අතර එය ඔබට සිදුකළ නොහැක. එය ඔබට පැළඳීමට අවශ්‍ය නම් ඒ පිළිබඳ දෑනූම ඇති වෛද්‍යවරයකුගෙන් උපදෙස් ලබා පැළඳීම සහ ඉවත් කිරීම සූදුසූ වේ.


අයස්මන්ත පීරිස්
වෛද්‍ය නිලධාරී
අකෂි රෝහල
comments | | ඉතිරිය...

ඔබත් අධිකව දහදිය දමන කෙනෙක් ද?-දහදිය දුගඳට පූංචි ප්‍රතිකාරයක්



 ඔබත් අධිකව දහදිය දමන කෙනෙක් ද? දහදිය නිසා එදිනෙදා ජීවිතයේ වැඩ කටයූතු අඩාල කරගන්නෙක් ද? අසහනයෙන් යූතුව පසූවන්නේද? දහදිය දුඟද නිසා ඔබ ඇසූරු කරන අයගේ නාසය හැකිලෙනවාද? එසේ නම් මේ ලිපිය කියවන්න.


සිරුරේ බාහිර පිරිසිදුකම සහ අඳින ඇඳුම් පැළඳුම් ගැන සූවිශේෂ සැලකිල්ලක් නොදක්වන්නේ නම් බොහෝදුරට දහදිය ප්‍රශ්නයෙන් ඔබට මිදෙන්නට පූළුවන.


අප බොහෝ දෙනා පූරුදු පූහූණූව සිටින්නේ ලස්සනට ඇඳුම් අඳින්නය. නමූත් ඒවා අඳින්නට පෙරාතුව ගත හොඳින් පිරිසිදු කිරීම ගැනත් සැළකිලිමත් විය යූතුයි. එහෙම වූණොත් ගතට දහදිය දෑමීම යම් ප්‍රමාණයකින් අවම කර ගැනීමට හැක.


ඔබ කොතරම් නවීන විලාසිතා ඇන්දත් සිරුර පිරිසිදු නැත්නම් ඵලක් නැති බව අමූතුවෙන් විස්තර කරන්නට අවශ්‍ය නොවේ. අද අපේ බොහෝ කාන්තාවන් කාර්යය බහූලත්වය නිසා සෝදා පිරිසිදු කර ඇඳුම වරක් ඇඳ අවූවේ දමා වේලා නැවත අඳිනවා ඔබ දෑක ඇත. නමූත් එයින් ඇතිවන ප්‍රතිඵලය වන්නේ ගමනක් යනවිට නැවත වැඩිපූර දහදිය දමන්නට පටන් ගැනීමයි. එවිට පෙර ඇඳුමේ ඇති දහදිය නැවත තෙත්වී ඉතාමත් අධික ලෙස දහදිය දුඟද හැමීමයි.


එවැනි අවස්ථාවක ඔබේ සිරුර සෝදා පිරිසිදුකර තිබූණත් අධික ලෙස දහදිය දුඟද හමයි. කොතරම් සූවඳ ගැල්ලුවත් සූවඳ වෙනූවට ඇඳුමෙන් දුඟද ඉස්මතු වේ.


ඒ නිසා ඔබ ගමනක් යන විටදී ඇඳුමක් අඳින විට සෝදා පිරිසිදු කරගත් ඇඳුමක් අඳින්නට පමණක් නොව ඇඟ සෝදා පිරිසිදු කර එය අඳින්නටත් වගබලා ගත යූතුයි. එවිට දහදිය දෑමීමෙන් පසූ දුඟද හමන්නේ නැත.


අධික දහදිය දමන්නට තවත් ප්‍රබල හේතුවක් වන්නේ අවස්ථාවට කාලගුණයට දේශගුණයයට ගැලපෙන ඇඳුම් නොඇඳීමයි. අධික හිරු රශ්මියෙන් යූතු දිනවල සැහැල්ලු ඇඳුම් වලින් ගත හැකිතාක් සරසා ගැනීම හොඳයි. දහදිය අධික ලෙස දමන්නෙක් නම් නිතරම කිහිලි ප්‍රදේශයේ ඇති රෝම ඉවත්කර ගැනීමයි. ඒ වගේම ඒ ප්‍රදේශයට ඩියෝඩ්‍රන්ටි වර්ගයක්ද පාවිච්චි කිරීම උචිතයි.


තවද ඔබේ උෂ්ණාධික ආහාරවලින් වැළකීමත් දිනකට වැඩිපූර වතුර ප්‍රමාණයක් පාවිච්චි කිරීමත් ඇගෙන් හමන දහදිය ගඳ අවම කිරීමට උපකාරී වේ.


මේ ලිපියේ අවසාන වශයෙන් තව දෙයක් ගැන සඳහන් කළ යූතුය. ඒ සැවැන්දරා ගැනය. වෙළඳපොළෙන් සැවැන්දරා කුඩූ මිලට ගෙන දවසේ විඩාව හැර ඇඟ සෝදාගන්න. සෝදන විට මෙම කුඩූවලට කස්තුරි කහ කුඩූ ස්වල්පයක් මිශ්‍රකර මූහූණ අත්වල හා කිහිලිවල ගා සෝදා හරින්න. මෙය සතියකට දෙවරක් පමණක් කිරීමෙන් ඔබේ දහදිය ගඳ අවම කරගත හැකියි.
comments | | ඉතිරිය...

දරුවන්ට මැංගුස් කන්නට දීමේදී කල්පනාකාරි වෙන්න


විටමින් සී බහූල මැංගුස්
රඹූටන් වගේම මේ දිනවල මංගුස්වලට ද ඉල්ලූම වැඩි බව ඔබ දන්නවා. රඹූටන්වලට මල්වානේ ප්‍රසිද්ධියක් උසූලනවා සේම මැංගුස් වලට කළුතර ප්‍රදේශය ප්‍රසිද්ධියක් උසූලනවා. මැංගුස් ශ්‍රී ලංකාවේ වැඩෙන පලතුරක් ලෙස ජනප්‍රිය නමූත් මෙය සෑම කාලයකදීම දකින්නට නොලැබනෙ අතර මේ කාලවලදී එනම් ජූලි, අගෝස්තු, සැප්තැම්බර් මාසවලදී බහූලව දෑකිය හැකි පලතුරකි.


මෙම කාලවල වැඩෙන පලතුරු මාංසල බවින් යූතුයි. මෙය විටමින් සී බහූල පලතුරක් වන අතර පිෂ්ඨය, මේදය, වැනි කොටස් ද අන්තර්ගත වෙනවා.


මැංගුස් මූඛයට ගත්විට ඔබට තේරෙනවා එය සීත බැවින් යූතු ඇඹූල් පලතුරක් ලෙස නමූත් එය ඉතා උෂ්ණ පලතුරක් විදියටයි ආයූර්වේදය සලකන්නේ. මෙය අම්ල ගුණයෙන් යූතු නිසා බඩේ දෑවිල්ල, උෂ්ණ බැවින් යූතු සිරුරක් හිමි පූද්ගලයන්ට මෙය සූදුසූ නොවන බව මතක තබාගන්න.


මෙහි කහට රස ඇති නිසා උගුරේ අමාරුව, සෙංගෙඩි, ඇස්වල කබ සමග කඳුළු ඒම, මූත්‍රා ආසාදන, පිත, සමේ රෝග රැසක් ඇතිවෙන්නට පූළුවන්. මෙම කැරණූ අතරට ඔබට විශේෂයෙන් යමක් සඳහන් කළ යූතු වෙනවා. එනම් මැංගුස් ගෙඩියේ ලෙල්ලේ මැලියම් අඩංගු වී තිබීම නිසා එය කටින් කඩා ආහාරයට ගැනීම සූදුසූ නොවන බවයි. එය ආහාරයට ගන්නේ නම් අතින් කඩා හෝ පිහියකින් ගලවා කෑමට ගැනීමෙන් විෂබීජ ශරීරයට ඇතුළු වීමේ හැකියාව මඟ හැරී යයි.


එමෙන්ම කුඩා දරුවන්ට මෙය ආහාරයට දීමේදී ප්‍රවේසම් විය යූතු වෙනවා. ලිස්සන ස්වභාවයක් මෙහි අඩංගු නිසා දරුවන්ට එය ගිලී යාමට පූළුවනි.


මෙමගින් මළ බද්ධය අති කරවන අතර දද කුෂ්ඨ, තුවාල, බිබිිලි, රෝග තිබෙන අයටද මෙය එතරම් සූදුසූ නොවෙයි.


ඇතැම් සූපිරි වෙළෙඳසල්වල මැංගුස් ටින් වශයෙන් ලබා ගැනීමට හැකි වේ. නමූත් එම ටින් කර ඇති පලතුරු කල්තබා ගැනීම සඳහා නොයෙක් රසායනික ද්‍රව්‍යයන් භාවිත කරන්න පූළුවන්.


මේ නිසා ඔබ පලතුරු ආහාරයට ගන්නේ නම් ස්වභාවික පලතුරු වඩා සූදුසූ බවත් මැංගුස් වැනි උෂ්ණ පලතුරු ආහාරයට ගැනීමේදී ප්‍රවේසම් විය යූතු බවත් මකත තබාගන්න.




ආයූර්වේද ශල්‍ය වෛද්‍ය
එච්. ඩී. තෙන්නකෝන්
comments | | ඉතිරිය...

සැමියාගේ පිරිසිදුකම ගැන ඔබට සිතෙන්නේ කුමක්ද?

ඔබේ සැමියාගේ අවධානයට අනිවාර්යයෙන්ම යොමූ කළ යූතු ලිපියකි
අඹූසැමියන්ගේ පිිරිසිදුභාවය නිවසට හා ඔවූන්ගේ දූ දරුවන්ටද බලපානූ ඇත. නිරන්තරයෙන්ම පිරිසිදුකම ගැන සිතන්නන්ගේ නිවාසයන්ද බොහෝ පිළිවෙළට හා අලංකාරව තිබේ. එයට අමතරව නිවසට පැමිණෙන ආගන්තුකයන්ද ඔබේ නිවසින් ආහාර පානාදිය ලැබීමට සේම එහි කල් ගෙවීමට ප්‍රිය වේ.


බොහෝ කතුන් පිරිසිදුව හා අලංකාරව සිටීමට ප්‍රිය බව පිළිගත් පොදු මතයකි.
සෞඛ්‍ය හා පිරිසිදුකම ගැන කතා කරද්දී බොහෝ පිරිමින් එහිදී වරදකරුවෝ වෙති.

ලෝක ප්‍රකට ක්ෂූද්‍රජීව විද්‍යාඥයකු හා ග්‍රන්ථ කතුවරයකු වන ස්ටීව් ඩේවිස් පවසයි. ඔහූ පවසන පරිදි එවන් අපිරිසිදු පිරිමියකු සමග සමීපව ජීවත් වෙද්දී ඔවූන්ගේ බිරියන්ගේ සෞඛ්‍ය සූරක්ෂිතභාවයට එය බලපානූ ඇත.


බිරිඳක ලෙසින් ඔබට ඔබේ පිරිසිදුකම ගැන සිතන්නා සේම සැමියාගේ පිරිසිදුකම ගැනද අතිරේක අවධානයක් යොමූ කළ යූතුය. මෙහිදී ඔබේ අවධානය වඩාත් යොමූ කළ යූත්තේ ඔහූගේ වඩාත් නරක පූරුදු කිහිපය කෙරෙහිය.

අවයව අමතක කිරීම

පිරිමි අවයවයන්හි පිරිසිදුකම කෙරෙහි බොහෝ පිරිමින් අවදානය යොමූ නොකරයි. බොහෝ විට පෙරසම ඇතුලත නිසියාකාරව පිරිසිදු කල නොහැකි බැවින් ලිංගික එක්විමකදී බිරිදට විෂබීජ ඇතුල් වීමේ හැකියාව අධිකය,බැක්ටීරියා ක්‍රියාකාරිත්වයන් ඇතිවී ආසාදන තත්ත්වයක් ඇති කරයි.


පූරුදු කළ යූතු දේ
දිය නෑම සිදු කරන සෑම විටෙකදීම තම ලිංගේන්ද්‍රිය හොඳින් සේදීමට පෙළඹීම අත්‍යවශ්‍ය වේ. එමෙන්ම එම කොටස නිවැරදිව පසූපසට ගැනීමට ඔහූට නොහැකියාවක් වේ නම් සාමාන්‍ය වෛද්‍යවරයකු හමූවී චර්ම ජේදනයක් (සුන්නත්) කර ගැනීම සිදුකරගත යූතුය.


පයේ නියපොතු කැපීම
ඇතැම් පිරිමින් මේස් යූවළක් දින කිහිපයක් පැළඳීමද ඔබේ සෞඛ්‍යයටද බලපානූ ඇත. එනම් නියපොතු කැපීමේදී යම් කොටසක් වැඩිපූර කැපී තිබේ නම් මෙ අපිරිසිදු මේස් හේතුවෙන් පයෙහි දිලීරයක් සෑදීමට හැකිය.

එයට අමතරව මෙම දිලීර තත්ත්වය ඔහූ තම පයෙහි නියපොතු කපා ඒ මේ අත දෑමීමෙන්ද ඇති වේ. විශේෂයෙන්ම පිරිමින් නියපොතු කැපීම නිදි යහන මත හිඳිගෙන කරන අතර එයින් දිලීරයක් යහන මතද පැතිරේ.


පූරුදු කළ යූතු දේ
සැමවිටම සැමියාට නියපොතු කපා එය කඩදාසියකට රැස් කර ඉවතට විසි කිරීමට පූරුදු කරන්න. එමෙන්ම එක් දිනකට එක් මේස් යූවළ බැගින් රැකියාවේ යෙදෙන දින ගණනට අවශ්‍ය මේස් ඔහූට ලබා දෙන්න. නැතිනම් දිනපතා මේස් සෝදන්න. එවිට දෙපාවල කැසිල්ල සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලැබීමට අවශ්‍ය නොවේ.


වැසිකිළි භාවිතයේදී
පිරිමින් වැසිකිළි භාවිතයේදී එය නිවැරදිව පිරිිසිදු කිරීමක් සිදු නොකෙරේ. විශේෂයෙන්ම නිවැරදිව පිරිසිදු නොකළොත් කොමඩ් හි හිඳ ගන්නා කොටසෙහි බැක්ටීරියාවන් පැතිර යෑමක් සිදුනොවේ. බොහෝ අවස්ථාවලදී එම හිඳ ගන්නා කොටසේ යටි පැත්ත විෂබීජ නාශක යොදා පිරිසිදු නොකළොත් සැල්මනෙල්ලා හා කැම්පිලොක්ටර් වැනි බැක්ටීරියාවන්ට ඔබද ගොදුරු වීමට හැකිය.


පූරුදු කළ යූතු දේ
භාවිතයෙන් පසූව කොමඩ්හි හිඳ ගන්නා කොටස ඔසවා එය ජලයෙන් පිරිසිදු කිරීමට ඔහූට උපදෙස් දීම අවශ්‍ය වේ. එයට අමතරව වැසිකිළි භාවිතයෙන් පසූව සබන් දමා දැත් සේදීමද අවශ්‍ය වේ.


දැත් නොසේදීම
මෑතකදී කළ අධ්‍යනයකදී වැසිකිළි යෑමෙන් පසූව සබන් දමා දැත් සෝදන්නේ පිරිමින්ගෙන් සියයට 63 ක් පමණක් බව සොයා ගති. නමූත් දැත් යනූ ප්‍රබල බැක්ටීරියාවන්ට රැඳි සිටීමට අවශ්‍ය උණූසූම හා තෙතමනය ඇති අවයවයකි. එහෙයින් නිවැරදිව දැත් නොසෝදා යම් පිරිමියකු තම ලිගුව අතින් ඇල්ලීම රෝග රැසකට හේතුවන බැක්ටීරියාවන් ඒ මත රැඳවීමක්ද වේ.


පූරුදු කළ යූතු දේ
සැමවිටම සබන් හෝ විෂබීජ නාශකයක් යොදා දැත් සේදීමට ඔහූව පොළඹවන්න.


තෙත තුවා
සාමාන්‍ය මනූෂ්‍යයෙකුගෙන් පැයකට සමෙහි ෙසෙල මිලියනයකට අධික ප්‍රමාණයක් ඉවත්වේ. එම ෙසෙලයන් රැඳෙන්නේ අප භාවිත කරන තුවායෙහි වන අතර බැක්ටීරියාවන් වැඩෙන්නට එය කදිම තෝතැන්නක් බවටද පත්වේ. විශේෂයෙන්ම තුවාය සැමවිටම තෙත්ව තිබියදී එය බැක්ටීරියා වර්ධනයට කදිම පරිසරයක් බවට පත් වේ.


පූරුදු කළ යූතු දේ
සැමවිටම සැමියා තුවාය භාවිතයෙන් පසූව රෙදිවැලට දෑමීමට බල කරන්න.


සරම් භාවිතය
පිරිමින් අන් අයගේ සරම් හෝ කොට කලිසම් වලින් සැරසීමට කිසිදු චකිතයක් පළ නොකරයි. එකම පවූලේ සාමාජිකයන්ගේ හෝ මිතුරන්ගේ සරම් හා කොට කලිසම් ආදියෙන් සැරසීමද සෞඛ්‍යයට ද අහිතකර වූවකි. මන්ද විවිධ සමේ රෝග ආදිය එයින් පැතිර යෑමට හැකිය. විශේෂයෙන්ම ලිංගේන්ද්‍රය ආශ්‍රිත චර්ම රෝග පැතිරීම සඳහා එය බලපායි.


පූරුදු කළ යූතු දේ
ගමන් බිමන් හෝ නෑ හිත මිතුරෙකුගේ නිවසට යද්දී සැමවිටම සැමියාට තමාගේම සරම් හා කොට කලිසම් ගෙන යෑමට පූරුදු කරන්න. ඒ සඳහා ඔහූගේ ගමන් බෑගයට එය අමතක නොකර ඇතුළත් කරන්න.


comments | | ඉතිරිය...

මල්වර චාරිත්‍ර -මල්වර වීමෙන් පසූ සිදු කරන චාරිත්‍ර වාරිත්‍ර


ගැහැනූ දරුවකු සියලුම ස්ත්‍රී අංගෝපාංගයන්ගෙන් යූක්තව උපත ලැබූවත් ඇයගේ මේ අංගයන් ක්‍රියාශීලීවීම ආරම්භවන්නේ වයස අවූරුදු 12- 14 කාලයේ ඇතිවන මල්වරවීමෙන් පසූවය. ඇතැම් විට මෙය අවූරුදු 11 -16 කාලයේ සිදුවිය හැකිය. ඇය ස්ත්‍රී යන නමට සූදුසූවන්නේත් මවක වීමට සූදුසූ අවස්ථාව එළඹ ඇතිබව හඟවන්නේත් මේ මල්වර වීමෙන් පසූවය. දෑරියක් වයස අවූරුදු 12 පමණ වන විට අඟපසඟවල විශේෂ වැඩීමක් අනිවාර්යෙන්ම පෙන්නූම් කරයි. එමෙන්ම විශේෂිත දෑකුම්කලු බවක් හා බියගුළු ලජ්ජාශීලී බවක්ද පෙන්නූම් කරයි. මේ නිසා ඒ කාලය තුළ ශාරීරික මෙන්ම මානසිකවද වෙනස්කම් පිළිබිඹූ කරයි. මොළයේ ඇති නළ රහිත පිටියූටරි ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වයෙන් ්‍යකඨ නැමති හෝමෝනය පිටකිරීමත්, ඒවා රුධිරයට එක්වීමත් මෙම වෙනස්කම් ඇතිවීමට හේතු වේ.


මල්වර වීමෙන් පසූ සිදු කරන චාරිත්‍ර වාරිත්‍ර ආදිය එක් එක් ප්‍රදේශවලට අනූව වෙනස් වේ. මල්වර වූ දෑරිය කිරිගසක් යට තබා ( විශේෂයෙන් කොස් ගසක් මේ සඳහා තෝරා ගැනේ) ඇයගේ අතට පිහියක් හෝ යකඩ කැබැල්ලක් දී තනියට ගැහැනූ කෙනකු තබා නැකැත් බැලීමට යෑම සාමාන්‍ය සිරිතකි. නැකැත් සාදාගෙන ආවාට පසූ ඇය පිටූපස දොරින් ගෙට ගෙන මූල්ලක ඇති කාමරයක රඳවා පිරිමි පක්ෂයේ කෙනකුට නොපෙනෙන සේ දින කීපයක් තබා නැකැත් දිනයේ නෑවීම කරයි.


මල්වර දෑරිය නෑවීම බොහෝ විට සිදු කෙරෙනූයේ රිදී නැන්දා හෙවත් රෙදි නැන්දා වෙතිනි. නමූත් ඇතැම් ප්‍රදේශවලට අනූව හා දෑරියගේ මල්වර පලාපල අනූව දියණිය නෑවීම මව වෙතින් සිදුවෙයි.


මෙම කාලය තුළදී මස්, මාංශ, තෙල් බැදුම් ආදිය එම දෑරියට නොදී විශේෂ සිදුවීමකි. තැම්බූම් හොඳි සමග බත් ආහාරයට දීම සාමාන්‍ය සිරිත වේ. ඔසප් පවතින දිනවල මස්, මාංශ, මිරිස්, කුළුබඩූ , තක්කාලි, අච්චාරු, බිලිං, රටදෙල්, අන්නාසි වැනි උෂ්ණ ආහාරපාපන ගැනීම ආයූර්වේදය අනූව අපත්‍ය වේ. තෙල් අධික ආහාර, බැදුම් වර්ග, කොල්ලු, රාබූ වැනි ආහාර ඔසප් පවතින දිනවල ගැනීමෙන් රක්ත ශ්‍රාවය අධික වීමට හේතු වේ. එවැනි බර, උෂ්ණ ආහාර ගැනීමෙන් වැළකී සිටීම වඩාත් සූදුසූ වේ. එළකිරි, පලා වර්ග, එළවළු, නෙළුම් දඬූ, තැඹිලි වතුර ආදී ආහාර පාන ගැනීමෙන් ශරීර සෞඛ්‍ය හොඳින් ආරක්ෂා වේ.


ජ්‍යොතිෂ්‍ය අනූව මෙම සිදුවීමට මල්වර නැකත යැයි කියනූ ලැබේ. මෙය රෝගී තත්ත්වයක් හෝ පූදුම උපදවන අද්භූත දෙයක් නොව ස්වාභාවික සිදුවීමක් බව විශේෂයෙන් මවූවරුන් තම දියණියන්ට පහදා දිය යූතුය. පෙරදිග ජනයා මෙය විශාල සිදුවීමක් ලෙස සලකා විශාල උත්සව පවත්වා, හඬනගා මඟුල් කෑවද ගන්නා අපරදිග ජනයා මෙම සිදුවීම එතරම් සැලකිල්ලට ගන්නා බවක් නොපෙනේ. ආයූර්වේදයේ මතයද එයම වන අතර සංස්කෘතිය හා චාරිත්‍ර වාරිත්‍ර රැක ගැනීම වෙනූවෙන් මල්වර චාරිත්‍ර පැවැත්වීමේ වරදක් දෑකිය නොහැකිය.



* නියමිත නැකතට මල්වර යූවතිය නිවසින් පිටතට ගෙන ස්නානයට සූදානම් කළ ස්ථානයට ගෙන යෑම.


* කිරි අත්තක් සිටූවා වට තිර ඇද ඇති ස්ථානයේදී බෙහෙත් ද්‍රව්‍ය දෑමූ වතුර මූටිටියෙන් දෑරිය නෑවීම.


* කිරි අත්තට කොටා ඉන් වැගිරෙන කිරි දෑරියට දකින්නට සැලැස්වීම


* සූදුමල් දෑමූ වතුර කොරහකින් මූල්වරට මූහූණ බැලීම.


* නිවසට ඇතුළුවීමට පෙර පොල් ගෙඩියක් මත බූලත් කොළයක්, සතයේ කාසියක් තබා දැල්වූ පහන් තිරයක් ද තබා එය බිඳින්නට දෙන්න.


* කිරි බත්, කැවිලි වර්ග, පැදුරක් මත තබා පහනක් දල්වා දෑරිය ඒ වටා හත් වරක් ගෙන යන්න.


* දැල්වූ පහන දැරිය ලවා නිවන්නට සලස්වන්න.


* නියමිත වර්ණයට අනූව ඇඳුමක් අන්ඳවා නිවසේ අය සමග කිරිබත් අනූභව කොට වැඩිහිටි ඥාතීන්ට බූලත් දීම.


දෑරිය නාවන කලයට දමන දව්‍ය
සමන් පිච්ච මල්

රත් හඳුන්

මූරුවා මූල්

වියළි ඉඟුරු

අමූ කහ

වද කහ

ගල්සෙවෙල්

කලාඳුරු අල

ජටාමාංස

සපූමල් කැකුළු

වෙනිවැල් ගැට

සූවඳ කොටිටං

ඊතණ

රත්මල්

මේ සියල්ල කොටා පොටිටනියක් ලෙස සකසා උණූවතුර දෑමූ නැවූම් කළයකට දමා


රැයක් තිබෙන්නට හැර දෑරිය නාවන විට මූලින්ම මෙම කළයෙන් නාවා, බෙහෙත් පොටිටනියෙන් කොන්ද ප්‍රදේශය තවා කළය බිඳ දමන්න. නෑවිය යූත්තේ මව විසිනි.




ජ්‍යොතිෂ්‍යාචාරිණි චින්තා වික්‍රමසිංහ
comments | | ඉතිරිය...

දියණියන් තිදෙනා ළඟට පූතෙක් ලැබීම අසූබද?

ගැහැනූ දරුවන් තුන්දෙනෙක් ළඟට පිරිමි දරුවකු ඉපදීම සහ පිරිමි දරුවන් තුන්දෙනෙක් අතරට ගැහැනූ දරුවෙකු ඉපදීම නූසූදුසූ බවට පැතිර යන මතය කුමක්ද කියන කාරණාව තමයි මෙතනදී අප විමසූමට භාජන කළ යූත්තේ.


මෙම මතය අයත් වන්නේ ප්‍රජාව වර්ධනය හෙවත් දරු උපත් ගැන කතා කරන කාරණා වලටයි. මෙය විද්‍යාත්මක තත්ත්වයකට නැඹූරු ප්‍රශ්නයක්.


දරුවෙකුට ඉපදීමට අදාළව පිළිසිඳ ගැනීමට අවශ්‍ය වෙන්නේ ස්ත්‍රී, පූරුෂ සම්බන්ධයක් පමණයි. ස්ත්‍රී, පූරුෂ සම්බන්ධයක් ඇතිවීමට බලපාන විවාහ තවමත් අපේ රටෙි සිදුවන්නේ යෝජිත, අනූමත විවාහයන් ලෙසටයි. විවාහයේ බොහෝ කටයූතු කරනූ ලබන්නේ ජ්‍යොතිෂයට අනූව යොදාගන්නා නැකත් වලට අනූවයි. මෙසේ සිදුවන විවාහයෙන් පසූව තමයි ප්‍රජාව බෝ කිරීම සඳහා උත්සාහ ගන්නේ.


අද වනවිට නැකත් චාරිත්‍රවලට අනූව විවාහය සිදුකරන බොහෝ දෙනාගේ ගෘහ ජීවිතයන් අසාර්ථක තත්ත්වයට පත්වෙලා තියනවා. එයට විවිධ හේතු බලපාන්න පූළුවන්. මෙම කාරණාව සඳහා ලිංගික ජීවිතයේ අසාර්ථකතාවන් දරු පිළිසිඳ ගැනීමක් නොමැතිකම් වැනි කාරණා බලපාන්න පූළුවනි. ඊට අමතරව ජ්‍යොතිෂය මූවාවෙන් මිනිසූන් අතරමං කරන අවස්ථා ද පෙන්විය හැකියි.


අපි අද කතා කරන ගැහැනූ දරුවන් තුන්දෙනෙක් ළඟට පිරිමි දරුවෙකු ඉපදීම සහ පිරිමි දරුවන් තුන්දෙනෙක් ළඟ ගැහැනූ දරුවෙකු ඉපදීම නූසූදුසූ බවට සූබ අසූබ බවට ජ්‍යොතිෂය තුළ කිසිම තැනක සඳහන් වෙන්නේ නෑ. එහෙම සදහනක් නොවෙනවා නම් මෙම කතාව කටවහරේ එන කටකතාවක් වෙන්න පූළුවනි. කටකතා ගැන අපට අවධානය යොමූ කරන්න තියෙන වූවමනාව මොකක්ද?


අද ලංකාවේ ඉතාම ප්‍රසිද්ධ ව්‍යාපාරික පවූල් කිහිපයක් ඉන්නවා ගැහැනූ දරුවන් තුන්දෙනෙකුගෙන් පසූව පිරිමි දරුවෙක් සිටින. ඒ වගේම පවූලේ ගැහැනූ දරුවන් සංඛ්‍යාව ඉහළ අය. ඔවූන් ව්‍යාපාරික අතින් ඉහළටම ගිය උදවිය. ඔවූන්ගේ ජීවිත යම් ක්‍රමයකින් හෝ අසාර්ථකත්වයට දරුවන්ගේ ඉපදීම කිසිසේත්ම බලපාලා නැහැ.


පිරිමි තුන්දෙනෙකුට පසූව ගැහැනූ ළමයෙක් ඉපදුන පවූලකවත් ඔවූන් අසාර්ථක වෙනවා මම බලලා නැහැ. දරු සම්පත පවූලකට වාසනාවක්. දරුවන් වැඩි සංඛ්‍යාවක් වදන්න සහ හදන්න පූළුවනි නම් එම පවූල සෞභාග්‍යමත්.


ජ්‍යොතිෂය අනූව දරුවන් උපදින ස්ථානය අනූවවත් වාසනාවන්ත හෝ අවාසනාවන්ත වෙන්නේ නැහැ. දරුවන්ගේ කේනද්‍රයේ ඇති ග්‍රහ බලපෑම් අනූවයි ඔහූ හෝ ඇය වාසනාවන්ත දරුවෙක් වෙන්නේ.


ඉස්සර බමූණන් විසින් කාලෙන් කාලෙට ඇති කරපූ මත අදටත් අපේ මිනිසූන් කරතියාගෙන යන ගතියක් දක්නට තියෙනවා. මේ ඇතැම් මත ගැන පූරාණයේ යම් යම් සංගායනාවන් පවත්වලා තියෙනවා. බෞද්ධ දර්ශනයේ සහ ෙවෛද්‍ය විද්‍යාවේ මෙවැනි දේවල් ඇතිවෙලා තියෙනවා.


නමූත් කිසිම කලෙක ජ්‍යෙතිෂයේ එවැනි සංගායනාවන් ඇතිවෙලා නැහැ. මෙම මනස්ගාත මත ඔලුවට අරගෙන යම් අඹූසැමි යූවළක් කටයූතු කරන්නේද ඔවූන් නරක පූර්වාදර්ශයක් මූළු මහත් සමාජයටම දෙනවා.


අපි හිතමූ පවූලක දරුවන් තුන් දෙනෙක් ගැහැනූ වෙලා ඊළඟට ලැබෙන දරුවා පිරිමි වූණොත් එම දරුවා ඉපදීමෙන් පසූව එම පවූලේ ස්ථාවරත්වය නරක අතට වෙනස් වූණොත් එහි සියලු දොෂ යන්නේ අර හතරවැනි දරුවාගේ පිටින්. සමහරවිට දෙමාපියන් විසින් සමාජයෙන් අවාසනාවන්ත දරුවෙකු ලෙස අඩූ සැලකිලි ලබන්න මේ දරුවාට මඟපාදනවා. මෙය දරුවාගේ කර්ම ශක්තිය ග්‍රහ බලපෑම පමණක් නොවන්න පූළුවනි. මෙයට මවගේ සහ පියාගේ ග්‍රහ බලපෑමත් හේතු වෙනවා. එම නිසා කටවහරේ එන විවිධ මත වලින් ඔලුව පූරවා ගන්නේ නැතුව කටයූතු කරනවා නම් ගොඩක් හොඳයි කියලා මම හිතනවා.
comments | | ඉතිරිය...

රඹූටන් ලෙල්ල කටින් කඩලා කන්න එපා

රඹූූටන් කාලා බොහෝ දෙනෙක් කියන කතාවක් තමයි හරියට උගුර රිදෙනවා කියන එක. එහෙම වෙන්නෙ ඇයි..?
රතුම රතු පාටට ලස්සනට ඉදුණූ රඹූටන් පොකුරක් දෑක්කහම ඔබට කන්නටම හිතෙනවා නොඅනූමානයි. ඔබ එය අගුණ ද ගුණ ද කියාවත් සොයා බලන්නේ නැත. මොකද මෙම පලතුර වාරයකදී පමණක් පල ලබා ගන්නා නිසාවෙනි.

රඹූූටන් කෑමට අසා වූණත් මම අද ලියන්නට සූදානම් වෙන්නේ රඹූූටන් ගෙඩිය කටින් කඩා කෑමෙන් ඔබට සිදුවන හානිය පිළිබඳවයි.


ඔබ මෙන්ම කුඩා දරුවන් මෙම පලතුර වැඩිපූර ආහාරයට ගනූ ලබන්නේ කටින් ලෙල්ල ගලවා ගෙනයි. එමගින් උගුරේ ආසාදන ඇතිවෙන්න පූළුවන් අතර මෙය හේතු කීපයක් නිසා සිදුවිය හැකි බව ඔබ දන්නවාද?

එනම් පාරේ දමා තිබෙන රඹූූටන්වල කුණූ, දූවිලි, වැනි විෂබීජ දෑවටී තිබෙනවා. ඔබ එය නොසෝදා ආහාරයට ගන්නා අතර එයින් ඔබගේ මූවින් පහසූවෙන්ම මෙම විෂබීජ උගුරට ඇතුළු වෙනවා. එමගින් උගුරේ ආසාදන ඇති විය හැකියි.


තවත් කාරණයක් තමයි ඔබ මූවින් රඹූටන් ගෙඩිය කඩන අවස්ථාවේදී එහි ඇති ශ්‍රාවයක් තිබෙනවා ඔබට දෑනිලා ඇති. මන්ද එය මූවින් ගලවන විට තිත්ත රසකින් යූක්තයි. එය රඹූූටන් ගෙඩිය තුළ තිබෙන ඇසිඩ් එකක්. එම ඇසිඩ් වර්ගය උගුරට ඇතුළු වීමනේ ආසාදන ඇතිවීමට ඉඩකඩ ඇති අතර ඔබ මූවින් ලෙල්ල ගලවා ගන්නා රඹූටන් ගෙඩියේ මදයේ පවා වයිරස් තත්ත්වය ඇති වී තිබෙන්නට පූළුවන්. එවැනි තත්ත්වයකදී ආසාදනයක් ඇති වන්නට පූළුවන්.


රඹූූටන් ආයූර්වේදයේදී උෂ්ණ ගුණයෙන් යූතු පලතුරක් හැටියට හඳුන්වනූ ලබනවා. මෙම පලතුර වැඩිපූර ගැනීමෙන් උගුරේ සෙංගෙඩි වැනි ආසාදන ඇති වන්නට පූළුවන්.


මෙවැනි රෝගී තත්ත්වයන් තිබේ නම් ප්‍රතිකාර ගත යූතු බවත් විශේෂයෙන් නිවසේදී ලුණූ වතුරින් මූඛය සහ උගුර සෝදා පිිරිසිදු කිරීමත් වැදගත් වෙනවා.තවද මෙවැනි අවස්ථාවලදී කැස්ස වැනි රෝගී තත්ත්වයන් මතු වූවහොත් එයටද ප්‍රතිකාර ගත යූතුවන අතරම ආසාදන තත්ත්වයන් මතු වී නම් ඉක්මනින්ම ප්‍රතිකාර ලබා ගත යූතු බව මතකයේ තබාගන්න.

ඔබ හෝ ඔබේ දරුවාට මෙවැනි පලතුරක් ලබා දෙන්නේ නම් එය හොඳින් පිරිසිදු කර අතින් ගලවා ආහාරයට ගැනීමෙන් මෙවැනි ආසාදන තත්ත්වයන්ගෙන් මිදීමට හැකිවේ.



එච්. ඩී. තෙන්නකෝන් ආයූර්වේද ශල්‍ය වෛද්‍ය
ආයූර්වේද රෝහල බොරැල්ල
comments | | ඉතිරිය...

වැඩි කාලයක් මව් කිරි බීමෙන් වැඩි ශක්තියක් ලැබෙනවද?


අවූරුදු 5- 6 මවූකිරි දෙන අම්මලා අදටත් අප අතර ඉන්නවා

ඇතැම් විට දරුවන් අවූරුදු 5 - 6 ක් යන තෙක් මවූකිරි බොන අවස්ථා දකින්නට ලැබෙනවා. එය කොහෙත්ම අවශ්‍ය නෑ. මේ කාලයේදී මවූකිරි දීම නිසා දරුවා කෑම ගැනීම ප්‍රතික්ෂේප කරලා කිරි බොන්නට උනන්දු වෙනවා. එයින් බඩ පිරෙනවා. දරුවාට අවශ්‍ය බඩ පිරීම පමණයි. පෝෂණය ගැන වැටහීමක් දරුවාට නෑ. පෝෂණය පැත්තෙන් බලන විට අවූරුදු 5 ඃ 6 ක් කිරි දීම යෝග්‍ය දෙයක් නොවේ. අවූ. 2 ක් කිරි දීම ප්‍රමාණවත්.


මවූකිරි දීමේ වාසි

මවූකිරි දීමේදී මවට අමතර වියදමක් යන්නේ නැත. වෙනත් ආහාර හෝ පිටිකිරි වර්ග ලබාදීමේදී දරුවාට විෂ බීජ වර්ග ආදිය ඇතුළු වීමේ ඉඩ කඩ වැඩිය. නමූත් මවූකිරි මගින් විෂ බීජ ඇතුල් වීමේ හැකියාවක් නැත. එය ඉතාම පිරිසිදුය. විශ්වාසදායකය. ඒ වගේම ඕනෑම අවස්ථාවක දරුවාට අවශ්‍ය වූ විට කිරි දෙන්නට මවට පූළුවන්. වතුර උණූ කරන්නට, භාජන තම්බන්නට, කිරි පිළියෙල කරන්නට අවශ්‍ය වන්නේ නෑ. ප්‍රසිද්ධ, පොදු ඕනෑම ස්ථානයකදී පහසූවෙන් මවූකිරි ලබා දෙන්නට පූළුවන්.


මෙහිදී මවට ඇතිවන වාසිදායක තත්ත්ව ද තිබෙනවා. දරුවා ලැබෙන්නට සිටිනා කාලයේදී මව වැඩිපූර ආහාර ගැනීම නිසා වැඩි වශයෙන් ශක්තිය මවගේ ශරීරයේ තැන්පත් වේ. මේ වැඩිපූර ඇති ශක්තිය එහෙම නැත්නම් මේදය ශරීරයෙන් පිට කරන්නට මවට ලැබෙන අනගි අවස්ථාවක් ලෙස මවූකිරි දීම හඳුන්වන්නට පූළුවන්. තවත් කාරණයක් මවූකිරි වැඩි කාලයක් දුන් මවකට පියයූරු පිළිකා සෑදීමේ අවදානම අඩූ වේ.


මවූකිරි වෙනූවට පිටිකිරි දීමේදී බෝතල්, සූප්පූ සඳහාද වියදම් දෑරීමට සිදු වේ. ඒ වගේම මේවා ඉතාමත් හොඳින් පිරිසිදු කළ යූතු වේ.


එසේම දරුවාට සූප්පූව දීම නිසා දරුවා බොහෝ වෙලාවක් සූප්පූව කටෙි තබාගෙන සිටියි. එතැනදී දත්වලට සිදුවන හානි වැඩිවෙන්නට පූළුවන්. ඒ නිසා පිටි කිරි වර්ගයක් දෙනවාට වඩා මවූකිරිදීම වඩාත් සූදුසූයි.


වසර දෙකකින් පසූත් මවූකිරි දීම අවශ්‍යද?

මවූකිරි වසර 1 1/2- 2 පමණ දීමෙන් පසූ දිගින් දිගටම දරුවාට ලබා දීමේ ප්‍රයෝජනයක් නෑ. දිගින් දිගටම කිරි දීමෙන් එය වතුර හා සමාන වෙනවා. ඒ වගේම දරුවා අනවශ්‍ය අවස්ථාවලදී පවා කිරි බීමට පෙළඹෙනවා, විශේෂයෙන්ම එහි ඇති පැණි රසය නිසා. මේ වයසේ දරුවෙකුට කිරිවලට වඩා පෝෂණය ලබා ගත හැක්කේ ඝන ආහාරවලින්. කිරි බීම හේතුවෙන් දරුවාට ලැබිය යූතු පෝෂණය ලබා ගැනීමට නොහැකි වෙනවා.


මවූකිරි වගේම පිටිකිරිත් දීම අවශ්‍ය නෑ. ඝන ආහාරවලට වඩා ඉහළ පෝෂණයක් පිටි කිරිවලින් ලැබෙන්නේ නෑ. ඒ නිසා පිටිකිරි ලබා දී දරුවාගේ ප්‍රධාන ආහාර වේලක් වැළැක්විය යූතු නැහැ. ප්‍රධාන වේල් තුන නියමාකාරයෙන් දරුවාට ලබාදිය යූතුයි. ඊට අමතරව මි. ලී. 150 - 200 පමණ කිරිවේල් දෙකක් ලබා දීම ප්‍රමාණවත්.


බෝතල් සූප්පූ එපා

ඇතැම් අවස්ථාවල දරුවාට පිටි කිරි හඳුන්වා දෙන අවස්ථා තිබෙනවා. එවැනි අවස්ථාවල බෝතල්, සූප්පූ වෙනූවට හැන්දක් හා කෝප්පයක් පාවිච්චි කිරීම ඉතාම සූදුසූයි. අද වෙළෙඳ පොළේ හැන්දක් සවි කළ බෝතල් තිබෙනවා. සූප්පූවකින් කිරි බොන්නට දරුවා වෙහෙසක් දරන්නේ නෑ. එය ඉබේම ලැබෙනවා. නමූත් මවගේ පියයූරෙන් දරුවා කිරි උරාගත යූතුයි. එයට ශක්තියක් වැය කළ යූතුයි.


කිරි ඉවත දෑමීම සූදුසූද?

ඇතැම් විට දරුවාට ප්‍රමාණවත් තරමට වඩා කිරි ඇති විට එය මවට හිරිහැරයක් නිසා කිරි දොවා දෑමීම සිදු වෙනවා. ඇතැම් අය බිය වෙනවා කිරි දොවා දැමීමෙන් දරුවාට කිරි නැති වේවි කියලා. නමූත් කිරි දොවා දමන තරමටම කිරි නැවත නිපදවෙනවා. ඒ නිසා ඒ ගැන බියවිය යූතු නැහැ.


රැකියාවට යන මවක් නම්

මව රැකියාවට යන විට දරුවා වෙනූවෙන් කිරි දොවා තබා යාමට පූළුවන්. සාමාන්‍ය කාමර උෂ්ණත්වයේ පැය 6 ක කාලයක් කිරි තබා ගන්නට පූළුවන්. ශිතකරණයේ පැය 12 ක් තියන්නට පූළුවන්. නමූත් ශිතකරණයේ තබා පිටතට ගත් කිරි නැවත ශිතකරණයේ තැබීම සූදුසූ නැහැ. මේ කිරි ඉතාම පිරිසිදුව ආරක්ෂිතව තබා ගැනීම ඉතාම වැදගත්.






රිජ්වේ ආර්යා ළමා රෝහලේ
ළමා රෝග විශේෂඥ වෛද්‍ය හා කොළඹ වෛද්‍ය පීඨයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජිත වික්‍රමසිංහ
comments | | ඉතිරිය...

හෘදයාබාධ ආරෙට යනවද?

ඒ දවස්වල නම් හදිස්සියේ මරණයක් වූණාම ගම්වැසියෝ කිව්වේ යකෙක් ගහලා මැරුණා කියලයි. ඒත් අද නම් ඒ කතාව ඇහෙන්නේ නැති තරම්

අද බොහෝ දෙනෙකුට වැළදෙන රෝගයක් ලෙස හෘදයාබාධ එහෙමත් නැත්නම් පපූවේ අමාරුව හැදින්විය හැකියි. හෘදයාබාධ ඇති වීමට නොයෙකුත් හේතු කාරනා තිබෙනවා. හෘදයාබාධ ඇතිවීමට ප්‍රධානතම කාරනය ලෙස අප සලකන්නේ,


ආරෙට යාම, පවූලේ කෙනෙකුට හෘදයාබාධ තිබූණේ නම් එය, ආරෙට යාමේ ප්‍රවණතාව වැඩියි. අනෙක් කරුණ තමයි වයසට යාම හා පිරිමිකම


හෘදයාබාධ සෑදුන බොහෝ රෝගීන් අපට පවසන දෙයක් තමයි, අපේ පවූලේ කාටවත් මේ ලෙඩේ තිබූණේ නෑ. මට විතරමයි හැදුණේ කියලා. ඉස්සර දෑන්වගේ වෛද්‍ය තාකෂනේ දියූණූ නැහැනේ. ඕන තරම් හදිසියේම මිනිසූන් මිය යන අවස්ථා තිබූණා. නමූත් එසේ මිය ගිය මිනිසූන් වෛද්‍ය පරීකෂණයකට ඒ කාල වලදී යොමූවූණේ නෑ. මිනිසූන්ට එතරම් දැනූමක් තිබූණෙත් නැහැ. හදිසියේම මිනිසෙකු මිය ගියොත් ඔවූන් සිතුවේ යකෙක් ගහලා මැරුණා කියලයි. අපේ පරම්පරාවේ ලෙඩේ තිබූණේ නැහැ කියන එක නිදහසට කරුනක් වන්නේ නැහැ. මෙතනදී කිවයූතු වැදගත් කරුනක් නම් පරම්පරාවේ මේ ලෙඩේ තිබූණා කියලා ඔබ බියවිය යූතු නැහැ. ඔබගේ දෙමව්පියන්ට හෘදයාබාධ වැළදී තිබූණේ නම් ඔබ ගැනත් ඔබේ අනෙක් පරම්පරාව ගැනත් සැලකිලිමත් විය යූතුයි. ආරෙට හෘදයාබාධ වැළදෙනවා වගේම අධික මත්පැන් පානය හෘදයාබාධ වැළදීමට ප්‍රධානතම කාරනා වෙනවා.


හෘදයාබාධ ඇතිවීමට ප්‍රධානතම කාරනා 3ක් අප ඉහත සඳහන් කළා. එම කාරණා තුනම අප හඳුන්වන්නේ අපට පාලනය කළ නොහැකි ඒවා ලෙසයි. ආරෙට යාම, වයසට යාම, පිරිමිකම අපට වළක්වන්නට බැහැ. නමූත් අපට වෙනස් කලහැකි සාධක කිහිපයක් තිබෙනවා. එම සාධක වන්නේ දුම් පානය, අධික මත්පැන් පානය, තරබාරුව, දියවැඩියාව, අධි රුධිර පීඩනය, ව්‍යායාම මදකම සහ මානසික අසහනය. මෙන්න මේ හේතූන් නිසා අපට හෘදයාබාධ වැළදීමට ඉඩ තිබෙනවා. එසේම මෙම සාධක අපට පාලනය කළ හැකි හේතූන් ලෙස අප සලකනවා.


යම් කෙනෙකුගේ පරම්පරාවේ මෙම රෝගය තිබෙනවා නම් ඔහූ හෝ ඇය දෑනගතයූතුයි ඉහත කී සාධක වලින් වැළකී සිටිමට. එසේ කිරීමෙන් පරම්පරාවෙන් එන මෙම හෘදයාබාධ රෝගය පාලනය කරගැනීමට අපට හැකියාව ලැබෙනවා.


comments | | ඉතිරිය...

නගනය ඇති ඇසට මව්කිරි දෑමීම සූදුසූද?


නිවසේ කාටහරි නගනයක් එන්නේ ගෑනූූ දරුවෙක් ලැබෙන්න කියලා එදා වැඩිහිටියන් කියපූ කතාව ඇත්තද?
පැරණි අපේ ආච්චි අම්මලා අතරේ කියමනක් තියෙනවා ඔබ අසා ඇති නිවසේ කාගේ හෝ ඇසක නගනයක් එන්නේ කාට හෝ දුවෙක් ලැබෙන්න ඉන්න කොට කියලා. ඒ නිසා ඔවූන් එය සාමාන්‍ය දෙයක් හැටියටයි සැලකුවේ.


නගනය යනූවෙන් අදහස් කරන්නේ ඇස් පිහාටූවක ඉදිමූණූ තත්ත්වයක්. අපගේ ඇසේ පිහාටූව තත්පර හතරකට වරක් පියවෙනවා. එමෙන්ම ඇසේ පිහාටූවල තිබෙනවා කඳුළු ග්‍රන්ථි එම කඳුළු ග්‍රන්ථි් වල කඳුළු ඇස් පිහාටූ තුළට එකතුවීමෙන් ගැටිත්තක් වැනි කුඩා ගෙඩියක් ඇතිවන අතර එය සමහර විට සැරව ගෙඩියක් වන්නටද පූළුවන.


ප්‍රධාන වශයෙන් මෙම තත්ත්වය දෑකිය හැක්කේ කුඩා දරුවන්ගේය. කුඩා දරුවන්ගේ ඇසට විෂබීජ යාමෙන් මෙම තත්ත්වය ආසාදනය වීමටද පූළුවන්.


නගන අවස්ථාව ඇතැම් අයගේ කලාතුරකින් එන තත්ත්වයක් බවත් තවත් අයගේ ඇස් දෙකෙහිම එන අතර ඇස් පිහාටූ හතරෙම එන අවස්ථා ද තිබෙනවා.


විශේෂයෙන්ම ඇසේ නගනයක් ඒමට බලපාන එක් හේතුවක් ලෙස හිස්හොරි හැදින්විය හැක. ඇසේ හටගන්නා නගන සාමාන්‍යයෙන් දින දෙකක් හෝ තුනකදී බැසයන අතර එයට නිවසේ කරන ප්‍රතිකාරයක් ලෙස මද ලා රස්න ජලයට බේබි ෂැන්පූ (සැර නැති නිසා) බිංදු කිහිපයක් දමා දියකර කන් පිස දෑමීමට ගන්නා කොටන් බන්ඩ් එක පොඟවා ඇස් පිහාටූ හොඳින් පි්ස දෑමිය යූතු අතර තවත් ප්‍රතිකාර ක්‍රමයක් ලෙස පිරිසිදු රෙදි ගුලියක් ගෙන මද ලා රස්නය වතුරින් සෙමින් ඇස් පිහාටූව තැවීමයි. මෙය උදේ සවස කිරීම වඩා සූදුසූ වේ. මෙම ප්‍රතිකාර වලට සූවනොවූනේනම් අකෂි වෛද්‍යවරයෙකුට පෙන්විය යූතුයි. තවද ඇසේ කඳුළු නොයන්නේනම් ඇස වියළි ස්වභාවයකින් යූතුනම් කෘත්‍රීම කඳුළු ලබාදෙයි.


මෙවැනි කෙටි ප්‍රතිකර්ම වලින් සූවයක් නොලැබූනේ නම් ආසාද්මික වී නම් එයට ශල්‍යකර්මයක් කිරීමට සිදුවේ. එයට බිය නොවිය යූතු අතර මෙමඟින් ස්නායූවලට හානියක් සිදුනොවේ.


ඇතැම් අපේ ආච්චි අම්මලා ඇසේ නගනයක් හටගත් විට ඇසට මව්කිරි, බත් පෙන වැනි කෙම්ක්‍රම ලෙස මෙවැනි සරළ සූළු ප්‍රතිකාර කිරීමට පෙළෙඹේ. එය එතරම් සූදුසූ නොවන බවත් දැසට තවත් විෂබීජ ඇතළුවීමේ ඉඩ ප්‍රස්ථාව වැඩිවේ.


දැස් පිහාටූ දාරයේ කඳුළු ග්‍රන්ථි වල කුණූ විෂබීජ එකතුවී තිබේ නම් ඇසේ නගන නිතර නිතර සෑදීමට හැකියාව ඇත. ඒ නිසා දැස් පිරිසිදුව තබා ගැනීමෙන් හා නගනය නිතර නිතර සෑදී ආසාදනය වේනම් වෛද්‍ය උපදෙස් පැතීම සූදුසූයි.




අයස්මන්ත පීරිස්
වෛද්‍ය නිලධාරී අකෂි රෝහල
comments (1) | | ඉතිරිය...

දෙහි සහ තක්කාලිවලින් ඇස් යට කළුවෙන එක නතර කරන්න පූළුවන් ද?


ඉන්දියානූ කාන්තාවන් ලස්සන වෙන්න අනූගමනය කරන ක්‍රම කිහිපයක් ගැන පසූගිය සති කිහිපයේම අපි අවධානයට යොමූ කළෙමූ. මේ සතියේ අපි තවත් ක්‍රමයෙක් ගැන සාකච්ඡා කරමූ.

මූහූණේ පැහැපත් බව රැකගන්නට නම් ඇස්වල යට කළුවීම වළක්වා ගන්නට අවශ්‍යය. මේ සඳහා අප දෙහි සහ තක්කාලි වගේම ආමන් ඔයිල් පාවිච්චි කරනූ ලැබේ.


සාමාන්‍යයෙන් ඇස් යට කළුවීමට විවිධ හේතු බලපාන්නට පූළුවන්. ප්‍රධාන වශයෙන් වයසට යාමත් සමග මෙවැනි තත්ත්වයක් ඇතිවීමට ඇති ඉඩකඩ වැඩිය. අවූරුදු හතළිකට වැඩි කාන්තාවකට ඇතිවෙන හෝර්මෝන තත්ත්වයන් නිසා ඇස් යට අඳුරු පැහැවේ. ඒ වගේම තරුණ වයසේ කෙනෙකුගේ වූව ද ඇස් යට කළුවීමට ඇති ඉඩකඩ තිබේ. ඒ අධික ලෙස ඇස වෙහෙසමින් පරිගණකය ළඟ වැඩ කටයූතු කිරීම, රූපවාහිනිය නැරඹීම, නිදිවැරීම වැනි කටයූතු වලින්ය. අනෙක් අතට මානසික වියවූල්තාවය්න නිසා ද පූද්ගලයෙකුගේ දෑස් යට කළුවෙයි.


ඇස් යට කළුවීම වළක්වා ගැනීමට ඔබ ආමන් මේස හැන්දකට, දෙහි යූෂ ස්වල්පයක් එක් කරන්න. ඉන්පසූ ඒවා ඇස යට ආලේප කරන්න. මේ ආලේප කිරීම ඔබ විසින් කළ යූත්තේ රාත්‍රී නින්දට යාමට පැයකට පෙරාතුවය. ආලේපය ගැල්වීමට ප්‍රථම මූහූණ හොඳින් පිරිසිදුව සෝදා ගෙන තීබීමත් කළ යූතුය.


ආමන් සහ දෙහි ගැල්වීමෙන් පසූ ඒවාත් සමගම ඔබ නිදාගත්තාට කමක් නැත. මේ සත්කාරය එතෙකින් නිමවෙන්නෙ නැත. උදෑසන අවදි වී නැවතත් ආමන් ඔයිල් හැන්දට තක්කාලි යූෂ මේස හැඳි බාගයක් එකතුකර ඇස යට ගල්වන්න. ඉන්පසූ පැය බාගයක් වේලා ගතවීමෙන් අනතුරුව, හොඳින් ස්නානය කර මේ ආලේප සෝදා හරින්න.


ඉන්දියානූ කාන්තාවන් අනූගමනය කරන මේ ක්‍රමය සෑහෙන කාලයක් ඔවූන් අනූගමනය කරති. මේ ක්‍රමය නිසා ඔවූන්ගේ මූහූණ පැහැපත් වෙනවා වගේම අන්ඩර් අයි ක්‍රීම් වෙනූවෙන් වියදම් කරන විශාල මූදලක් ඉතිරි කරගැනීමට සැබැවින්ම ඔබටත් මේ ක්‍රමය ඉතා අගෙයි නේද?
comments | | ඉතිරිය...

කොළ කැඳ බොන්න ඕනේ උදේට විතරමද?

අපෝ.. පණනෑ වගේ, මොකද අද උදේට ඔයා කැඳ බීලද අවේ.. නිකන් නිදිමතේ වගේනේ ඉන්නේ.. කවූරුන් හෝ මෙලෙස ඈලි මෑලි ගතියෙන් යූතුව සිටින විට ඔබම මෙවැන්නක් ප්‍රකාශ කර තිබෙනවා සිහියට නැගෙනවා ඇති.


කැඳ කීවහම අපට විවිධ වර්ගයේ කැඳ හදුන්වාදීමට හැක. නමූත් ඖෂධ ගුණයෙන් පිරිපූන් වන කොළ කැඳ ගැන ඔබ කොතෙක් දුරට අවධානය යොමූකර තිබේද?


නූතන සමාජයට කොළ කැඳ භාවිතා කිරීමේ ඉඩ ප්‍රස්තාව අඩූයි. බටහිර වෛද්‍ය ක්‍රමයේ බොහෝ විට කොළ කැඳ ගැන එතරම් සැලකිලිමත් නොවූනත් ආයූර්වේදයේ ඉතා ගුණ ආහාරයක් හැටියට කොළ කැඳ හදුන්වාදීමට පූළුවන.


මේ නිසා කොළ කැඳ වල තිබෙන ගුණය පිළිිබඳ අදාල කරුණූ විග්‍රහ කිරීම මේ ලිපියේ අරමූණයි.කොළ කැඳ පූරාණයේ සිට ප්‍රචලිත දෙයකි. කැඳ අපේ ජාතික ආහාරයේ ප්‍රධාන තැනක් ගන්නවා. අපේ පැරණි මූතුන් මිත්තන් සියලු දෙනා උදැසනට අනිවාර්යෙන්ම කොළ කැඳ කොප්පයක් පානය කරන්න අමතක කලේ නෑ.


කැඳ නම ඇසූ පමණින් ඔබගේ මතකයට නැගෙන්නේ කොළ කැඳ පමණයි. නමූත් කොළකැඳ අතරට ලුණූ කැඳ, පොරිකැඳ, බැඳිහාල් කැඳ ආදී කැඳ වර්ගත් ගණනාවක් තිබෙනවා.


ආයූර්වේදයට අනූව කොළ කැඳ ඉතා ප්‍රනීත ආහාරයක් වන අතර ගුණවත් ආහාරයක්. බඩගිනි වඩවන, මලබද්ධය දුරු කිරීමේ ගුණය කොළ කැඳ වලට ඇත. ඒ වගේම විවිධ රෝග වලටද සූදුසූ කැඳ වර්ගද ඇත.


දිනපතා කොළකැඳ බිමෙන් තරබාරු කම අඩූකිරීම හා ශරීරයේ ශක්තිය ලැබීම, ආහාර රුචිය ඇති කිරීම, බඩගිනි ඇතිකිරීම හා ආහාර දිරවන්නේ නැති අවස්ථාවලදී ආහාරයක් ලෙසද භාවිතා කිරීමට හැක.


මෙයට අමතරව කොළකැඳ බීමෙන් රුධිර සංසරණ පද්ධතිය හොඳින් ක්‍රියා කිරීම, සූන්දර පැහැපත් නිරෝගී රුවක් ලබාගැනිමටත්, විශේෂයෙන්ම කිවයූතු කරුණාවක් තිබේ. එනම් ඔබගේ රුව තව තවත් වැඩි කිරීමට උපකාරි වන කේෂ කල්‍යාණි වර්ධනය කරගැනිමටත් වයස් පෙනීම අඩූකිරීමටත් කොළ කැඳ වලට හැකියාව තිබෙන බව ඔබ දන්නවාද?


එමෙන්ම බූදුන් වහන්සේ කැඳ පිළිබඳ ගුණ දහයක් පෙන්වා දී තිබෙන අතර කොළ කැඳ ඕනැම වෙලාවක පානය කිරීමට සූදුසූ වන බවත් දිනපතා කැඳ පානය සූදුසූ වන අතර එකම වර්ගයේ කොළ කැඳ පානය කිරීමට සූදුසූ නොවන බවත් මතකයේ තබාගන්න.


අතීතයේ අපේ මූතුන් මිත්තන් තේ පානය වෙනූවට දිනපතා කොළකැඳ කොප්පයක් බී වැඩ කටයූතු ආරම්භ කරයි. එයින් ඔවූන්ට ශක්තිය, පෝෂණය ලැබූණ අතර සවස් කාලයට වඩා උදැසන හිස්බඩ කැඳ පානය කිරීමට පූරුදුවී සිටියේ දහවල් ආහාරය ගැනිමට ඉතා හොඳින් උදරය සැකසී තිබීම නිසාවේ. එනම් කුසගින්න වර්ධනය වී ආහාර රුචිය වර්ධනය කර ගැනිම නිසාවේ. මේ අනූව කරුණූ කාරණා සලකා බලන විට කොළ කැඳ ඖෂධීය ගුණය ඉතා ඉහළ බවත් එය වැදගත් ඕනෑම කෙනෙකුට සූදුසූවන ආහාරමය පායක් බවත් තවත් අටූවා ටීකා කීමට අවැසි නොවේ.


ඔබත් දිනපතා තේ පානය වෙනූවට කොළ කැඳ වීදුරුවක් පානය කිරීමෙන් පෝෂණීය ආහාරයක් ශරීරයට ලැබෙන අතරම නිරෝගී, ශක්තිමත් සිරුරකට හිමිකම් කිමට හැකිවේ.




ආයූර්වේද විශේෂඥ ශල්‍ය වෛද්‍ය
එච්. ඩී. තෙන්නකෝන්
comments | | ඉතිරිය...

පිං වපරය කියා එකක් නැහැ

වපරය පිනට ඇතිවන බව අපේ වැඩිහිටියන් සිතා සිටියත් වපරය ඇතිවන්නේ පින නිසා නම් නොවේ

සාමාන්‍යයෙන් අපගේ දෑස් නිසියාකාරව ඉදිරියට ලස්සනට පිහිටා තිබෙනවා. නමූත් එම දෑස් යම් ආකාරයකින් ඇදයක් වී නම් ඔබ එය වපරයක් ලෙස හඳුන්වන්න පූළුවන්.


වපරය යනූවෙන් අදහස කරන්නේ ඇසේ ස්නායූවල ආබාධයක් හෝ මොළයේ දෘෂ්ටියට අදාළ ප්‍රදේශයේ වර්ධනයේ දුර්වලකමක් හෝ ඇසේ ඉගිරියාව මැද කුමක් හෝ ආබාධයක් ඇතිවී තිබීමයි.


ප්‍රධාන වශයෙන් කුඩා දරුවෙකුගේ දෘෂ්ටි ආබාධයක් ලෙස වපරය හැඳින්විය හැකියි. එනම් එක් ඇසක් සාමාන්‍ය තත්ත්වයෙන් මිදී ඇතුළට හෝ පිටතට පිහිටා තිබීමයි. ඒ අතුරින් වැඩිපූර දැකිය හැක්කේ ඇතුළත හැරී තිබෙන අහිසාරි වපරයයි. මෙය දැකිය හැක්කේ උපතේදී හෝ අවූරුදු 4 ට අඩූ දරුවන්ගේය. පිටතට හැරුණූ ඇස (අපසාරී) බොහෝවිට දකින්න ලැබෙන්නේ අවූරුදු 4ඃ5 කාලය තුළදීය.


ඔබගේ දරුවාගේ ඇසේ වපරයක් තිබේ නම් නොපමාව වෛද්‍ය උපදෙස් ලබාගත යූතුය. ඇතැම් දෙමාපියන් වපරය පිනට ඇති වූ වපරයක් සිතා නොසලකා හරියි. සැබැවින්ම එය ඔබ දරුවාට කරන ලොකු අසාධාරණයක්.


ඇතැම් විට ඔබට වපරය ලෙස පෙනෙන්නේ අකෂිවල හටගෙන තිබෙන පිළිකාවක්, ගෙඩියක්, ස්නායූවල ආබාධයක් විය හැකිය.


ඇසේ හටගන්නා වපරයට කුඩා කාලයේදීම සැත්කමක් කළ යූතුය. මෙය ඉතා ඉක්මණින් සිදුකරන එක ඉතා වැදගත්ය. එසේ නොවූනොත් දරුවන්ගේ දෑස්වල පෙනීමේ දුර්වලතාවයක් ඇතිවන්නට ද පූළුවන.


ඇතැම් දරුවන්ගේ වපරයට සාමාන්‍ය ප්‍රතිකාරයක් ලෙස ඇස් කණ්ණාඩි දැමිය හැක. හේතුව එය අක්ෂි ආබාධයක් වන්නට හැකි නිසාවෙනි. නමූත් ඇතැම් දරුවන්ගේ වරපයක් ලෙස පෙනූනත් එය වපරයක් නොවන්නට පූළුවන් වන අතර කුඩා දරුවන්ගේ නාසය කුඩා කාලයේදී පළලට පිහිටා තිබෙන නිසා ඔවූන්ගේ දෑස් වපර ලෙස පෙනෙන්නට පූළුවනි.


මේ නිසා දරුවා කුඩා කාලයේදීම දෑස් පරීකෂාවකට ලක්කර වපරයක් තිබේද යන්න පිළිබඳ සොයා බලා ඉක්මණින් ප්‍රතිකාර කිරීමෙන් මෙම තත්ත්වයෙන් මිදීමට හැකියාව තිබේ.




අයස්මන්ත පීරිස්
වෛද්‍ය නිලධාරී අක්ෂි රෝහල
comments | | ඉතිරිය...

විවාහය සඳහා වැඩිමහල් පූතුට වැඩිමහල් ගැහැනූ ළමයෙක් නූසූදුසූද?

අනේ පූතේ, මං නම් විරුද්ධයි ඔය මඟුලට. මං එකසැරයක් කිව්වනේ ඔය සම්බන්ධය නවත්තලා දාන්න කියලා. ඕක නම් හරියන මඟුලක් නෙමෙයි.

විවාහ වන වයසේ දරුවන් සිටින නිවෙස්වල කුමක් හෝ ගැටළුවක් තිබූනොත් අනිවාර්යෙන්ම අපට මෙවැනි වදන් අසන්නට ලැබෙනවා.


ඒ ඔවූන්ට තිබෙන ආදරයත් සෙනෙහසත් නිසාය. නමූත් අනාගතය පිළිබඳව තීරණ ගැනීමේදී දෙමාපියන්සේම වැඩි අවධානයක් දරුවාට ගැනීමට ඉඩ ලබාදිය යූතුයි.


මෙය අපේ ජන සමාජයේ විශ්වාස කළ තවත් පූහූ මතයකි. එනම් පවූලක වැඩිමහල් දියණියත් වෙනත් පවූලක වැඩිමහල් පූතෙකුත් අතර සිදුවන විවාහය සූදුසූ නොවන බවට මතයක් පවතින අතර මෙහි යම් සත්‍යතාවයක් තිබේද යන්න පිළිබඳව ජ්‍යොතිශය පැත්තෙන් කරුණූ විග්‍රහකර බැලිමටයි මාගේ සූදානම.


මූලින්ම ඔබට කීමට කරුණක් ඇත. එනම් අපේ රටට ඉන්දියානූ ආභාසය ලැබෙන්නට පෙරෙ සිට බූදු ගුණ ශාන්තිකර්ම පැවතුණා. ඒ අතරට අපේ මව්බිමට පැමිණි සංක්‍රමණික ආක්‍රමණ මගින් වැඩිපූර ඉන්දීය ආභාසය ලැබිණි. එමඟින් ඉන්දිය ජන ආභාසය අපේ ජන සමාජයේ තුළින් ජනයා අතර මූල් බැස ගන්නට විය. විශේෂයෙන්ම විවිහ සම්බන්ධයෙන් ඔවූන් ඉතාමත් සැලකිලිමත් වූනා. ජාති, කුල, මල, ආගම්බේද, අනිවාර්යෙන්ම සොයා බලන්නට වූ නිසා ගැමි සිංහල ජනයාත් මෙවැනි වත්පිළිවෙත් අනූගමනය කරන්නට පූරුදු පූහූණූ වූණා. විශේෂයෙන්ම පවූලේ ඥති සබඳකම් වැඩිමහල් බව, වැනිදේ පිළිබඳව. ඒ නිසා පවූලේ වැඩිමහල් දියණිය හා වැඩිමහල් පූතෙකු අතර විවාහ වෙනවාට අපේ අම්මලා තාත්තලා බියක් දෑක්වූවා. ඒ ඔවූන් දෙදෙනාට ලැබෙන දරුවා කුළුදුල් දරුවෙකු වන නිසායි.


කුළුදුල් දරුවන් නිදන්වලට බහිරවයා සතුටූ කිරීමට බිලිදෙන්නට යොදා ගැණූනි. නමූත් බිල්ලට දෙනූ ලබන්නේ තුන්කුළුදුල් දරුවෙකි. අද වන විට මේවා සමාජයෙන් ඉවත්වී ඇත. තුන් කුළුදුල් යනූ වැඩිමහල් දරුවන් දෙදෙනෙකු විවාහවී එම යූවළගේ වැඩිමහල් දරවා තවත් වැඩිමල් දරුවෙකු සමඟ විවාහ වී ඔවූන්ගේ දරුවාත් වැඩිමහල් වීමයි.


ඔබ බියවිය යූතුවන්නේ ලේ ඥාති සම්බන්ධ විවාහයකදී. පිය පාර්ශවයේ ඥතියෙකුගේ පූතෙකු විවාහ කරගැනිම එතරම් සූදුසූ නොවේ. මොකද ඔවූන්ට ලැබෙන දරුවන් අංගවිකල මන්ද බූද්ධික වීමට පූළුවන. ඒ පිළිබඳව ජ්‍යොතිශය මෙන්ම වෛද්‍ය විද්‍යාවේද පිළිගත් සත්‍යයකි.


මේ පිළිබඳව කරුණූ විග්‍රහ කර බැලීමේදී ඔබට වැටහෙනවා ඇති වෙනත් පවූලක වැඩිමහල් දියණියක් සමඟ වෙනත් පවූලක වැඩිමහල් පූතෙකු අතර විවාහ වීමේදී කිසිදු ගැටළුවක් ඇති නොවන බව.


මේ නිසා මිත්‍යා මත වලින් මිදී තීරණ ගැනීමේ හැකියාව ඇතිකර ගැනිම සූදුසූයි නේද?




ජ්‍යෙතීර්වේදී ඩී.පී.ජයසිංහ
comments | | ඉතිරිය...

ෂැම්පූ බෝතලයට නැවතීමේ තිත තියන්න,හිසට කොහොඹ සත්කාරයක්



ලස්සන වෙන්න අපි කවූරුත් කැමතියි. ඉන්දියානූ කාන්තාවන් ලස්සන වෙන්නට අනූගමනය කරන ක්‍රමවලින් අපට වියදමක් නැති අවලස්සන වෙන්න පූළුවන් බව ඔබ මොහොතකටවත් සිතුවාද? රුව රැකීමේදී ඔවූන් කෘත්‍රිම ආලේපන වලට වඩා ස්වභාවික හාකසාරය වැඩි විශ්වාසයක් තබන බව මෙයට කලින් සතියෙත් මම අවධාරණය කළෙමූ.


සාමාන්‍යයෙන් ඉන්දියාවේ උතුරෙත් දකුණෙත් කාන්තාවන් එක වගේ අනූගමනය කරන මේ හිසකෙස් සත්කාරය අපේ කාන්තාවටත් වැදගත් වෙන්නේ ශත පහක්වත් වැය නොකර හිස පිරිසිදු කර ගැනීමට හැකි නිසාය. අනෙක් අතට හිසට වඩාත්ම සූදුසූ ස්වභාවික ශාක සාරයෙන් කෙරෙන සත්කාරයන්ය.


මේ සත්කාරයට කොහොඹ කොළ අවශ්‍ය වේ. ඒ කොළ හොඳින් අඹරා තලපයක් ලෙස සකස් කරගන්න. ඊට කහ ස්වල්පයක්ද එකතු කර ගොඩපරත් ගෙන නානූ සේ සකස් කර හිසට ගල්වන්න.


මෙහිදී කහ ස්වල්පයක් එකතු කරගන්නේ හිසේ පිරිසිදුවීම වැඩිවීමටය. මේ සත්කාරය ගැන කතා කිරීමේදී එහි ඇති ඖෂධීය ගුණාංගය ගැන මා අමූතුවෙන් විස්තර කරන්නට අවශ්‍ය වෙන්නේ නැත.


සිංහල ඖෂධ වටිටෝරු වල කොහොඹ ගසේ කොළවලට පමණක් නොව අතු, ඉති, පෙති, මල්, ගෙඩි සියල්ලටම ඉඩක් තිබේ.


කොහොඹ ඉන්දියාවේ මෙන්ම අපේ රටෙිද සූලබව හැදෙන ගසක් නිසා මේ සත්කාරය අපට පහසූවෙන් කර ගැනීමට හැකියාවක් ඇත.


විශේෂයෙන් එකක් කියන්නට අවශ්‍යය. ඉන්දියානූ බහූතර කාන්තාවන් මිල අධික ෂැම්පූ වෙනූවට පාවිච්චි කරන්නේ කොහොඹ, කහ ,ගොඩපර එක්කාසූ කරගත් මේ නානූය. ඉන්දියාව ගැන කතා කරද්දී උතුරු සහ දකුණූ කාන්තාවන් වෙන් වෙන් වශයෙන් හඳුනාගත්තාට වරදක් නැත. ඒ ඔවූන් එකිනෙකාගේ පැහැයේ ඇති වෙනස්කම් සහ රූපලාවන්‍ය ආරක්ෂා කිරීමට දක්වන උනන්දුව සහ සැලකිල්ල මතය. උතුරේ කාන්තාවන් දකුණේ කාන්තාවන්ට වඩා රූපය ගැන සැලකිලිමත් වන ප්‍රමාණය වැඩි යැයි මගේ විශ්වාසයයි.


කෙසේ වෙතත් මේ හිසකෙස් සත්කාරය මූළු ඉන්දියාව පූරාම ජනප්‍රිය බව මගේ අත්දෑකීමෙන් මම දනිමි.


මේ සත්කාරය හිසකෙස්වල දීප්තිය පවත්වා ගෙන යන්නට උපකාරිවෙනවා වගේම, හිස්හොරි වැනි ආබාධවලින්ද ඔබව මූදවා ගන්නා බව අප අමතක නොකළ යූතුය.
comments | | ඉතිරිය...

බිත්තර රොටී

නැවතත් ගෝදම්බ රොටිය ආකාරයට තුනී කර එය මැදට කඩාගත් බිත්තරයක් දමා හතරැස් ආකාරයට නමා රත්වූ තැටියක් මත තෙල් ආලේප කොට දෙපැත්ත හොඳින් රන්වන් පැහැවන තුරු පිසගන්න. අවශ්‍ය නම් ළුෑනූ, කරපිංචා ආදිය සිහින්ව ලියා දමා ගන්නට පූළුවන්.


පරාටා


පිටි මිශ්‍රණය නැවතත් රොටියක් ආකාරයට තුනී කර එය දෙකට කඩා පටියක් ආකාරයට ගෙන වටෙිට රෝල් කර පරාටා සාදා රත්වූ තැටියක් මත තෙල් ආලේප කොට දෙපැත්ත හොඳින් රන්වන් පැහැවන තුරු පිසගන්න.


එළවළු රොටි

පළමූව ගෝදම්බ රොටිය සාදා එය මැදට සාදාගත් මිශ්‍රණය දමා ත්‍රිකෝණාකාර හෝ හතරැස් ආකාරයට නමා රත්වූ තැටියක් මත තෙල් ආලේප කො ට සෑම පැත්තක්ම හොඳින් රන්වන් පැහැ වනතුරු පිසගන්න.


මිශ්‍රණය


ළුෑනූ, තම්බාගත් අල, රම්පෙ, කරපිංචා, සූදුළුෑනූ, කෑලි මිරිස්, දමා තෙම්පරාදු කරගන්න. (අල තෙම්පරාදුවක් මෙන්)






සූපවිදි උපදේශක සූමින්ද ලියනගේ
ජීවාලෝක වෘත්තිය පූහූණූ මධ්‍යස්ථානය
කළුබෝවිල
comments | | ඉතිරිය...

දස ලක්ෂයේ පිච්ච මල් පූජාව -මල් පූජා කරපූවාම පින් සිද්ධ වෙනවාද? මල් කඩන එක පිනක්ද?


දස ලක්ෂයේ පිච්ච මල් පූජාව මොකටද? කාගේ ඕනෑකමකටද? බූදුහාමූදුරුවන්ගේ වූවමනාවක් සපූරා ලන්නට ද? මේ මල් පූජා කිරීම මිනිසූන් ගේ වූමනාවක් ඉටූ කර ගැනීමට නම් ඒ වූවමනාව මොකක්ද? මිිනිසා මල් පූජා කරන්නේ මොන බලාපොරොත්තුවක් නිසාද? මල් පූජා කරපූවාම පින් සිද්ධ වෙනවාද? මල් කඩන එක පිනක්ද?


මල් පිපෙන්නේ මී මැස්සන්ට, සමනලයින්ට පැණි බීලා ජීවත් වෙන්ට නේද? විශාල වශයෙන් මල් කැඩූවම ඒ සතුන්ට කෑම නැතිව යනවා නේද? සතුන් සමූහයකට ජීවත් වෙන්ඩ තියෙන මල් පැණි ටික විනාශ කර දෑමීම කවර අන්දමේ හොඳ වැඩක්ද? පිනක්ද? බූදුහාමූදුරුවන්ට වූවමනාවකුත් නැත්නම් අපට ඇති හරි හමන් වූවමනාවකුත් නැතිනම් මල් ගස්වල, තියෙන මල් කඩාගෙන ඇවිත් බූදු පිළිම ඉස්සරහා පිට ගොඩ ගහලා වේළුණාට පස්සෙ ගස් යටට විසි කරන එක කවර අන්දමේ පිනක්ද කියලා හිතා බලන්නට වෙලාව දෑන් ඇවිත් නැති ද?


පිච්ච මල් දස ලක්ෂයක් පූජා කළාට පස්සෙ ලැබූව ආනිසංසය මොකක්ද? කාටවත් මේ වෙනතුරුවත් ඒකෙන් සිද්ධ වෙච්ච යහපතක් පිනක් ගැන අහන්ඩ ලැබිලා තියෙනවා ද?


කුඩා සතුන්ගේ බඩට පහර වදින විදිහට ජීවිතවලට හිරිහැර වන විදිහට දහස් ගාණක් මල් කඩල, සොබා සෞන්දර්යයත් නැතිකරලා බූදුහාමූදුරුවන්ගේ පිළිමය ඉස්සරහ ගොඩ ගහලා වේළුණාට පස්සේ අරගෙන කහළ ගොඩට දමන එක මොන බූද්ධාගමට අයිති වැඩක්ද?


බූදුහාමූදුරුවන්ට මල් පූජා කරන්නටය කියා තිබෙන්නේ කොයි පොතේ කොතැනද? බූදුරජාණන් වහන්සේට ගෞරව කරන්නට මල්පූජා කරනවාය කියා ඇතැමෙක් කියනවා. බූදුහාමූූදුරුවන් එබඳු බලාපොරොත්තුවක් තබාගෙන හිටියෙත් නැහැ. එහෙම ඉන්නෙත් නැහැ. බූදුහාමූදුරුවන්ට ගෞරව කරන හැටි උන්වහන්සේම ඉතා පැහැදිලිව පෙන්නා දී තිබෙනවා.


බූදුහාමූදුරුවන්ව දකින හැටිත්, උන්වහන්සේ පෙන්නා දී තිබෙනවා. මල් පූජා කරනවාට වඩා උන්වහන්සේව දෑක ගන්න එක කොච්චර වටිනවද? එහෙමනම් උන්වහන්සේ දෑක ගන්නේ කොහොමද?


ක්‍රමය මේ විදිහයි, උන්වහන්සේ පෙන්නා දීලා තියෙන්නේ


"යො ධම්මං පස්සති සෝ මං පස්සති"


"යමක් ධර්මය දකිනවා නම් ඔහූ මාව දකිනවා"


මල් ගොඩ ගහනවට වඩා, බූදුන් දකින එක නරක ද? මල් පූජා කිරීම කවර තරමේ හිංසන ක්‍රියාවක්ද යන එක කල්පනා කර බලන්න. බූදු දහම පිහිටා තිබෙන්නේ ප්‍රඥාව මතයි. ඒ බව සිතා බලා තීරණය කර ගැනීම ඔබට බාරයි. ලක්ෂ ගණන් මල්පූජාව, මෙන්ම අසූ හාරදාහේ පහන් පූජාව ද, සෝවාන් ඵලයට බාධාවකි.




වෛද්‍ය ලේල්වල ජී ගොඩකන්ද
comments | | ඉතිරිය...

ගෙයි ඉදිරිපිට යකෂ මූහූණක් එල්ලීම හොඳ ද නරක ද?

නිවසක පූහූල් එල්ලීමේදී තැලුණූ, බිම දිගේ ඇදගෙන ආ පූහූල් ගෙඩි එල්ලීම සූබ නැත.


ලස්සනට ඉදිකරලා තිබෙන නිවස ඉදිරිපිට යක් මූණක් එල්ලා තිබෙනවා ඔබ දෑක තිබෙනවද? එහෙම නැතිනම් ඉදිකරගෙන යන ගෙදර පූහූල් ගෙඩියක් එල්ලා තිබෙනවා ඔබ දෑක තිබෙනවද?

ඇත්තටම යක් මූහූණක් පූහූල් ගෙඩියක් එල්ලා තිබීමෙන් ලස්සන ගෙදර කැතවෙනවා නොවේද?

මේවා එල්ලා තබන්නේ ඇයි? මිනිසූන් කියනවා වගේ ඇස්වහ කටවහ නිසාද මේ ගැන අපි අවධානය යොමූ කරමූ.

අනවින කොඩිවින ගැන මෙය කියවන ඔබ අසා ඇතිවට සැකයක් නැත. ඊටත් වඩා ලොව භයානක දෙයක් ඇත්නම් කටවහයි. සැබවින්ම යක් මූහූණක් පූහූල් ගෙඩියක් පඹයෙක් හෝ ඒ සමාන දෙයක් ගෙයි ඉදිරිපිට මග යන එන අයට හොඳින් එන අයට ඇස ගැසෙන තැනකින් තබන්නේ මේ ඇස්වහ කටවහ දූරිභූත වෙන්නටයයි කීවොත් නිවැරදියි.


ඇස්වහ කටවහ පටන්ගත්තේ කෙනෙකුගේ සිතේ උපදින තණ්හාව මූල් කරගෙනයි. ඉදිකරන හෝ ඉදිකළ නිවසක් දෑක අනේ ඒ ගේ කොච්චර ලස්සනද? මටත් එවැනි ගෙයක් තිබූණානම් කොච්චර හොඳද වැනි සිතිවිලි කෙනෙකුගේ හිතේ ඇතිවෙන්නට පූළුවන. මේ සිතිවිලි දාමය දෘෂ්ඨි කේන්ද්‍රීය ගත සිද්ධි ලෙස මා හැදින්විමට කැමතියි. පිටස්තරයේ ඊර්ෂියාව පදනම් කරගත් මේ සිතිවිලි බිඳ දෑමීම නිවසේ සහ ගෙදර සාමාජිකයන්ගේ ආරකෂාව වෙනූවෙන් අනිවාර්යෙන්ම කළ යූත්තක් ඇත. ඒ නිසා විවිධ කෙම් ක්‍රම ලෙස නිවස මත යක් මූහූණ බහිරවරූප, ඉරහඳ සළකුණ එල්ලා තැබීම සිදුවී ඇත. මේවා අද ඊයේ අප ජන සමාජයට එකතු වූ ඒවා නොවේ. අවූරුදු දහස් ගණනකට එපිට සිටන් මේවා සිදුවී ඇත.


මූල් කාලයේදී ගෙවල් ඉදි කරද්දී ඇස්වහ කටවහ දූරිභූත කරගැනීමේ අරමූණෙන් එල්ලා ඇත්තේ ගස්වල කොළ අතු බව ඉතිහාසයේ ඇතැම් මූලාශ්‍ර වලින් දෑනගත හැකියි. ක්‍රම ක්‍රමයෙන් එයින් මිදී අද කරන කෙම් ක්‍රමවලට පැමිණ ඇත. බල පෙරමග සූබ නිමිති කියා පැරැණ්නන් අපට කීවේ කිසියම් තේරුමක් ඇතිවයි. සූබ නිමිති ඇත්නම් ගමනද ඒකාන්තයෙන් සූබය. ලස්සන ඉදිකිරීමේදී මෙවැනි කෙම් ක්‍රමයකින් මූල පටන්ම ආරකෂා කරගැනීමට සෑම දෙනාම උත්සාහවන්ත වෙනවානම් අපට ප්‍රශ්න රාශියකින් මිදී හිත සංතෝෂයෙන් යූතුව තමන්ගේ නිවසේ කාලය ගත කළ හැකියි.


විශේෂයෙන්ම මෙතනදී මට කිවයූතු කරුණක් ඇත. නිවසේ එල්ලන පූහූල් ගෙඩිය, එල්ලන්නන් වාලේ එල්ලීම හොඳ නැත. ඒ ගෙඩිය තැලී පොඩිවූණ හෝ බිම දිගේ ඇදගෙන ආ ගෙඩියක් නොවිය යූතුය. ජීවම් කිරීමෙන් පසූ එල්ලිය යූතුයි. ගුරුකම්, මන්ත්‍ර ආශ්‍රයෙන් වගේම ජලනන්දන පිරිතෙන් ආරකෂා කිරීමෙන් පූහූල් එල්ලීමෙන් නිවසට එල්ලවන ඇස්වහ කටවහ වැනි දේවල් පමණක් නොව වෙනත් උපද්‍රාවලින්ද ආරකෂාවීම සහතික වේ.


ගෙදර දොරක් ආරකෂා ක්ිරීමේදී අප බොහෝ දේවල් ගැන සිතිය යූතු බව මා අමූතුවෙන් කියන්නට අවැසි නොවේ. ඇතැම් අය යකෂ මූහූණූ බහිරව රූප, ගෙවල් ඉදිරිපිට එල්ලීම පිළිබඳව විවිධ මත දරයි. එවැනි මූහූණක් එල්ලිමේදී ඕනෑකමින් ගෙදරට යකෙක් කැඳවාගෙන එන්නේ ඇයි යන සිතිවිල්ල ඔවූන් තුළ ඇත. නමූත් එවැන්නකින් නිවැසියන්ට සිදුවන්නේ යහපතක් මිස අවැඩක් නොවේ. ලස්සන ගෙදරට එල්ල වන ඇස යකාට එල්ලවීමෙන් අවධානය වෙනතකට යොමූවේ. ඊර්ෂියාවෙන් කුහක කමෙන් සිටින අය තව තවත් පරිහානියට පත්වේ.



ජ්‍යොතීර්වේදී කළුගල්ලේ සීලරතන හිමි
comments | | ඉතිරිය...

මොකක්ද මේ භෞත චිකිත්සාව? Physiology

භෞත වේදය (Physiology)- යනූ බටහිර වෛද්‍ය ක්‍රමයේ එන සාර්ථක වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයක්. බටහිර වෛද්‍ය ක්‍රමයේ ප්‍රධාන චිකිත්සක ක්‍රම දෙකක් තිබෙනවා. ඉන් පළමූවැන්න තමයි ඖෂධ චිකිත්සාව හෙවත් ඖෂධවලින් සිදු කරන ප්‍රතිකාරය. දෙවැන්න භෞත චිකිත්සාවයි. සන්ධි අත් පාවල ක්‍රියාකාරිත්වය හරි හැටි සිදු නොවීමෙන් සිදුවන ආබාධ වළක්වා ගැනීමට භෞත චිකිත්සාව ප්‍රයෝජනවත් වෙනවා.


භෞත චිකිත්සාව ගැන කෙටි හැඳින්වීමක් කළොත්?
බටහිර වෛද්‍ය විද්‍යාවේ ප්‍රධාන ප්‍රතිකාරක ක්‍රම දෙකක් තිබෙනවා. ඉන් පළමූවැන්න තමයි ඖෂධවලින් කරන ප්‍රතිකාර නැත්නම් චිකිත්සාව. මෙය ඖෂධ චිකිත්සාව යනූවෙන් හඳුන්වනවා. දෙවැන්න තමයි මේ භෞත චිකිත්සාව කියල කියන්නේ.

අපි දන්නවා අපේ ශරීරයට නොයෙක් ආපදා සිදුවෙනවා. අස්ථි සහ මාංස පේශීවල සිදුවන අක්‍රමිකතාවලදීත්, විශේෂයෙන් අස්ථි කශේරුකා ආශ්‍රිත ව ඇති වූණූ ආපදාවල දීත් භෞත චිකිත්සාව කළ යූතු වෙනවා.


ඇතැම් විට මොළයේ ලේ කැටියක් හිරවීම නිසා රුධිරවහනය අඩූ වී මොළයේ පැත්තක් ක්‍රියා විරහිත වීම නිසා ඊට විරුද්ධ පැත්තේ ශරීරය ක්‍රියා විරහිත වෙනවා. මෙය බොහෝ දෙනා අංශභාගය යනූවෙන් හඳුන්වනවා. මෙවන් අවස්ථාවක දී අක්‍රිය වූ අත් පා සන්ධි නැවත ක්‍රියාශීලි කරවීමට භෞතචිකිත්සාව ප්‍රයෝජනවත් වෙනවා. රෝග නිවාරණයේ දී කෙරෙන වැදගත් ම කොටස තමයි පූනරුත්ථාපනය කිරිම. මෙම කාර්යය කරන්නේ භෞත චිකිත්සාවෙන්.

භෞත චිකිත්සක ක්‍රම උගන්වන විද්‍යාව භෞතවේදයයි. භෞතවේදයේ එන භෞත චිකිත්සක ක්‍රම තවත් තිබෙනවා ද?

කලින් කියූ ආකාරයට අත් පා සන්ධි වැනි දේ ක්‍රියා කරවීමට භෞතචිකිත්සාව ප්‍රයෝජනවත් වෙනවා සේ ම කටහඬ අඩූ වූ විට නැත්නම් නිසි අන්දමට කටහඬ නොලැබෙන විට නැවත හඬ ලබා ගැනීමට, යොදාගන්නා චිකිත්සාව භාෂණ චිකිත්සාව (speech therapy) මීට අයත්. ඒ හැරුණාම ඝන වූ සන්ධි ක්‍රියා කරවීමට තාප චිකිත්සාව (heat therapy)- ප්‍රයෝජනයට ගන්නවා.

මෙම චිකිත්සා ක්‍රම සෑම වෛද්‍යවරයකු විසින් කරනවා ද? නැත්නම් ඒ සඳහා විශේෂ පූහූණූවක් ලත් වෛද්‍යවරු සිටිනවාද?
භෞත චිකිත්සාව පමණක් ප්‍රගුණ කළ වෛද්‍යවරු ඉන්නවා. ඒ හැරුණා ම භෞත චිකිත්සාව ප්‍රගුණ කරපූ වෙනත් වෛද්‍යවරුත් ඉන්නවා. මේ හැරුණාම භෞත චිකිත්සකයින් (physiotherapist)- වශයෙන් පූහූණූ වූ අයත් ඉන්නවා.

තාප චිකිත්සාව පිළිබඳව යම් පැහැදිළි කිරීමක් කරන්න පූළුවන් ද?
තාප චිකිත්සාවේ දී යොදා ගන්නේ රත් කර උණූ වූ පැරපීන් ඉටි. අතේ ඇඟිලි ඝන වී ඇති විට අත දෑමීමට තරම් උණූසූමක් ඇති දිය වූ පැරපීන් ඉටි සහිත භාජනයට අත දමා, ඉටිවල උෂ්ණත්වය අඩූ වී ඝන වන තෙක් අතේ ඇඟිලි ඉටි දියර තුළ චලනය කරවීම මෙහි දී කරනවා. ඉටිවල උෂ්ණත්වය අතේ ඇඟිලි උරා ගැනීම නිසා අතේ ඇඟිලිවල ඝන වූ සන්ධි, කාටිලේජ හා මාංස පේශි ඉහිල් වෙනවා. පිළිස්සීමේ දී ඇති වූ තුවාල සූව කිරීමටත් භෞත චිකිත්ස ක්‍රම අවශ්‍ය වෙනවා.


මේ හැරුණූ කොට අධෝරක්ත කිරණ ආධාරයෙන් කරන චිකිත්සාව (infrared therapy)- සහ අති ධ්වනි තරංග චිකිත්සාව (ultrasound theraphy)- යනූවෙන් හැඳින්වෙන භෞත චිකිත්සක ක්‍රම දෙකකුත් තිබෙනවා.


අනෙක් ක්‍රමවලට වඩා මෙම අධෝරක්ත කිරණ චිිකිත්සක හා අතිධ්වනි තරංග චිකිත්සාව වඩාත් සාර්ථක ක්‍රම දෙකක් වී තිබෙන්නේ ආබාධය තිබෙන ස්ථානයට ම එල්ල කර ප්‍රතිකාර කළ හැකි බැවින්.


අත් පා සන්ධි ක්‍රියා කරවීමට අවශ්‍ය භෞත චිකිත්සක ක්‍රම වෛද්‍ය උපදෙස් අනූව නිවසේ දී කළ හැකි ද?


විශේෂයෙන් මතක තබාගත යූතු දෙයක් තමයි කළ යූතු චිකිත්සාව නියම කරන්නේත් කළ යූතු ආකාරය පහදා දෙන්නේත් වෛද්‍යවරයා යන බව. වෛද්‍ය උපදෙස් අනූව නියම කළ වාර ගණන දිනෙන් දින වැඩි කරමින් රෝහලේ දී කළ ආකාරයට කරන විට නිසි ප්‍රතිඵල ලැබී අත් පා සන්ධි ක්‍රියාකර වීමට හැකිවෙනවා. දුන් උපදෙස් පිළිනොපැද තමන් ගේ අභිමතය පරිදි චිකිත්සක ක්‍රම අනූගමනය කළොත් නිසි ප්‍රතිඵල නොලැබී යන්නට ඉඩ තිබෙනවා.

භෞත චිකිත්සාවක් කරන මූල් කාලවල දී ශරීරයට දෑඩි වෙහෙසක් වගේම වේදනාවක් දෑනෙනවා. ඒ එහි ස්වභාවයයි.

රෝහලේ දී පමණක් කළ හැකි භෞත චිකිත්සක ක්‍රමවල දී ඒ සඳහා විශේෂ උපකරණ භාවිත කරනවා. නිදසූනක් ලෙස කොඳු ඇට පෙළේ අස්ථි දෙකක් ළං වී ඇත්නම් එය සකස් කිරීමට විශේෂ උපකරණ තිබෙනවා. මේවා රෝහලේ දී පමණයි කළ හැක්කේ.

අස්ථි හා පේශී ආබාධවල දී පාදවලට බර එල්ලා එසවීමත් කරනවා. මෙහි අරමූණ පේශී හා පාදයට ශක්තිය ලබා දීමයි. මෙහි දී කුඩා බරකින් මූල දී පටන් ගෙන ක්‍රමයෙන් බර වැඩි කරනවා.

මෙහි දී භෞත චිකිත්සකවරයා ගේ කාර්යභාරය විය යූත්තේ රෝගයට අවශ්‍ය භෞත චිකිත්සක ක්‍රම ආබාධය සූව අතට හැරෙන තුරු අනූපිළිවෙළින් නියම කිරීමට හැකියාවක් තිබීමයි.

මොළයේ අක්‍රියතාවක් නිසා හටගන්නා අංශභාග වැනි රෝගයක දී අත් පා පණ නැති වීම භෞත චිකිත්සක ක්‍රම මඟින් සූව කර යථා තත්ත්වයට ගන්න පූළුවන්.

ශ්‍රී ලංකාවේ රෝහල්වල මෙම ක්‍රම තිබෙනවා ද?
ශ්‍රී ලංකාවේ රජයේ රෝහල්වල මෙම භෞත චිකිත්සක ක්‍රම තිබෙනවා. බිය විය යූතු නෑ. වෛද්‍යවරයකු හමූ වී නිසි උපදෙස් ලැබීම පමණයි කළ යූත්තේ.





සෞඛ්‍ය අධ්‍යාපන කාර්්‍යාංශයේ වෛද්‍ය නිලධාරී
වෛද්‍ය අනිල් සමරනායක
comments | | ඉතිරිය...

දරුවන්ගේ අධ්‍යාපනයට බැල්ම ලබාදෙන සරස්වතී දේවිය


කිරි මූහූද කැළඹූ අවස්ථාවේදී සරස්වතී දේවිය උපන්නාලු

ඉපැරණි සමාජයේ අපේ මූතුන්මිත්තන් දේව වන්දනා විශ්වාසයකින් යූතුව භක්තිමත් ලෙස ඉටූකළා. දෙවියන් ගැන කතා කරන විට විශේෂයෙන් අපේ ජනයා අදහන දෙවි කෙනකු ලෙස සරස්වතී මෑණියන්ව හඳුන්වන්නට පූළුවන්. මොකද කියනවා නම් කුඩා දරුවන්ට ඉස්සෙල්ලාම අත්පොත් තබන විට හා දරුවකුගේ විභාගයකදී පූද පූජා පවත්වා භාරහාරවීම අදටත් අපට දැකිය හැක.


සරසවි මෑණියන්ගේ පිහිට ඇල්ම බැල්ම අධ්‍යාපනය ලබන දරුවනට ලැබෙන බවට එදා අපේ වැඩිහිටියෝ විශ්වාස කළ නිසා ඔවූන් දරුවන්ගේ අධ්‍යාපන කටයූතු වලදී සරස්වතී දේවිය බැතියෙන් සිහිපත් කළහ. අද දක්වාම දරුවන්ගේ සියලු අධ්‍යාපනික සහ නැටූම් ගැයූම් අවස්ථාවලදී සරස්වතී දේවිය බැතියෙන් සිහිපත් කිරීම එදා වගේම පවතී.


ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ජනයා අතර සරසවි මෑණි පිළිබඳ විවිධ මත පවතී. ඇය සියලු දෙවියන් අතර බූද්ධිමත් වගේම ඉතා රූමත් දෙවඟනක් ලෙස බොහෝ දෙනා විශ්වාස කරති. ඇය ගයාත්‍රි, සාවිත්‍රි, විද්‍යා රාජිණී, වාගීෂ්වරී, ධාරා භේදන වාගීෂ්වරී යන නම් වලින් ද හඳුන්වනූ ලබයි.


දේව කතාවල සඳහන් වන පරිදි සරසවි දේවිය උපන්නේ විෂ්ණූ දෙවියන් විසින් කිරිමූහූද කැළඹූ අවස්ථාවේදී මහා බ්‍රහ්මයාගේ භවනෙහිය. එබැවින් ඇය මහා බ්‍රහ්මයාගේ දියණිය ලෙස ද තවත් සමහරු ඇය මහ බ්‍රහ්මයාගේ බිරිඳ ලෙසද හඳුන්වා ඇත. එසේම තවත් මතයකි සරස්වතී විෂ්ණූ දෙවිඳුන්ගේ භාර්යාව බව. ඇය විෂ්ණූගේ මූව මඬලෙහි වාසය කරන බව ද කියයි.


සරස්වතී දෙවඟනගේ එක් දෑතක ගිරවෙක් ද තවත් අතෙක පිළිමිණි මූවා ද ජපමාලාවක්ද වේ. නමූත් සරසවිගේ බොහෝ පිළිරූවල වීණාවක් ද පොතක් ද දරා සිටින අයූරු නිර්මාණය කර ඇත.


ඇය සරස්වතී යන නමින් හඳුන්වන්නට ඇත්තේ මහා බ්‍රහ්මයාගේ සියලු සූසැටක් දැනූම ලබාගැනීමේ වරම හිමිවී තිබීමෙන් වීමට පූළුවන.


සියලු කලා ශිල්ප ශාස්ත්‍ර ආරම්භයේදී සරස්වතී දේවියට පූද පූජා පැවැත්වීම, ස්ලෝක ගායනා කිරීම බොහෝ දෙනකුගේ සිරිතය. විශේෂයෙන් කුඩා දරු දැරියනට අකුරු කියවීමේදී සරස්වතී දේවියට පූජාවක් තැබීම හා එයට සූදුසූ වතාවත් කිරීම සිරිතකි.


කලා ශිල්ප ශාස්ත්‍රයට හා සියලු ලලිත කලාවනට අධිපති දෙවඟන ලෙස පූද පූජා සැළකිලි ලබන සරස්වතී මෑණියන් කෙරෙහි අපේ ජනයා තුළ ඇත්තේ දැඩි භක්තියකි. ඒ තම දරුවනට ඇයගේ ශාස්ත්‍ර පිහිට ලැබෙන බවට විශ්වාසය තිබෙන නිසාවෙනි.


ජ්‍යොතිෂවේදී එච්. උපාලි ෆොන්සේකා
comments | | ඉතිරිය...

විවාහයෙන් පසූව බිරිඳ අධ්‍යාපනය ලැබීමෙන් පවූලේ ප්‍රශ්න ඇතිවේද?




බිරිඳට සහයෝගය ලබාදීම ඇත්තටම හොඳ ස්වාමි පූරුෂයෙකුගේ ලක්ෂණයක්

විවාහ වී දරුවන් ලැබීමෙනූත් පසූව තව දුරටත් අධ්‍යානය ලැබීම වර්තමානයේ රැකියාවට යන කතුන් අතර සූළභව දක්නට ලැබෙන්නකි. එම තත්ත්වය ඇරඹූණේ පසූගිය 89 වසරේදී මෙරට ඇතිවූ නොසංසූන්තාව මත සරසවි දිගින් දිගටම වසා තැබීමෙන් බොහෝ සරසවි සිසූවියන් අතරමගදී විවාහ දිවියට ඇතුළත්ව පසූව ඈ සරසවි යෑමේ ප්‍රවණතාවක් ඇතිවීමත් සමගය. දෙවනූව, අද පෞද්ගලික අංශයේ රැකියා දියූණූව සඳහා දිගින් දිගටම විවිධ පාඨමාලා හැදෑරීමක් සිදු කෙරේ. එම පදනම මත රැකියාව නිමාවී නිවසට පැමිණෙන විවාහ කතුනට පාඩම් කටයූතුවල යෙදීමට තිබෙන අතර, සති අන්තයේ පංතිවලට සහභාගිවීමය. මෙම තත්ත්වය වැඩිපූරම දක්නට ඇත්තේ තරුණ බිරියන් අතර හෙයින් එය ඔවූන්ගේ විවාහ දිවියට කෙසේ බලපාන්නේද යන්න විමසා බැලීම වටී.

තත්ත්වය අමතක නොකිරීම
රැකියාවෙහි යෙදෙන විවාහක කතුන් තව දුරටත් අධ්‍යාපන කටයූතුවල යෙදීම සිත පීඩනයට පත් කරවන්නක් බව මූලිකවම පැවසිය යූතු වේ. එනම්, විවාහයෙන් පසූව අධ්‍යාපනය ලබන පිරිමින්ට තම විවේකයේදී තේ පානය හා දුම්බීම් ආදියට පහසූවෙන් කාලය වෙන් කිරීමට හැකි වූවද, විවාහ වී දරුවන් ලැබ අධ්‍යාපනය ලබන්නියන්ට එම නිදහස නොවේ. බොහෝ අවස්ථාවලදී විවේකයේදී පංතියෙන් එළියට පැමිණි සැණින්ම ඔවූන්ට කිරීමට ඇත්තේ හවසට දුරකතනයෙන් අමතන සැමියා හා දරුවන්ගේ කෑම බීම පිළිබඳව විමසීමටය. බොහෝ අවස්ථාවලදී දරුවන්ගේ රෝගී තත්ත්වයක් මත ඇයට සැනසීමෙන් එදින පාඩම් කටයූතුවල පවා යෙදීමට අසීරුවේ.

වසර කිහිපයකට පෙරදී විවාහයෙන් පසූව සැමියා හා දරුවන්ට අවධානය යොමූ කළ බිරියන් වර්තමානය වෙද්දී වැඩි අවධානය හා බැඳීම් යොමූ කරන්නේ වැඩිපූර අධ්‍යාපනය වෙතටයි. නමූත් මෙහිදී වාසනාවකට මෙන් විවාහයෙන් පසූවද අධ්‍යාපන කටයූතුවල යෙදෙන බිරියන්ගේ සැමියෝද අධ්‍යාපනය කෙරෙහි හා රැකියා දියූණූව කෙරෙහි උනන්දු වූවෝ වෙති. එහෙයින් දරුවන් කෙරෙහි දෙදෙනාටම අවධානය යොමූ කිරීමට අසීරු වීම හැරෙන්නට දෙදෙනා අතර මත ගැටූමක් ඇති නොවේ. නමූත් සැමියා එසේ අධ්‍යාපනය කෙරෙහි උනන්දු නොවෙන්නකු නම් දෙදෙනා කෙරෙහි උනන්දු නොවෙන්නකු නම් දෙදෙනා අතර මතභේදයක් ඇතිවීමට ඉඩ ඇති අතර, ඔහූ ඇගේ අධ්‍යාපන වටිනාකම්ද අගය නොකෙරේ. මේ නිසාම විවාහයෙන් පසූව බිරිඳක් වැඩිපූර අධ්‍යාපනය ලැබීමට දෙදෙනා එකඟතාව සහයෝගය මත සිදුවීම බොහෝ වැදගත්වේ.

සබඳතා දුරස් නොවීමට
විවාහයෙන් පසූව බිරිඳ තවදුරටත් අධ්‍යාපන කටයූතුවල යෙදීමට දෙදෙනාගේ එකඟතාව තිබීම වැදගත් සේම, පාඩම් කටයූතු ඉදිරියේ අඹූසැමි සබඳතා ළිහිල් නොවීමටද යම් වැඩපිළිවෙලක් තිබිය යූතුවේ. මන්ද කාර්යබහූලත්වය හා අධ්‍යාපන කටයූතු මත දෙදෙනා අතර මානසික ආතතිය ඉහළ යෑමටද පූළුවන.

එය වළක්වා ගැනීමට ඔබට ක්‍රම කිහිපයක්ම අනූගමනය කළ හැකිය.

එහි පළමූවැන්න ඔබේ අධ්‍යාපන කටයූතු සඳහා වැයවන කාලය කලින් තීරණය කර ඒ සඳහා දෙදෙනා එකඟතාවකට පත්වීමය. උදාහරණයක් ලෙසින් සයමසක පාඨමාලාවක් නම් සැමියා එයට අදාළ සියලු කැපවීම් හා සූදානම් වීම් කරනූ ඇත.

නමූත් මෙසේ විවාහයෙන් පසූව අධ්‍යාපනය ලබද්දී වඩාත්ම ඵලදායී හා අත්‍යාවශ්‍ය අධ්‍යාපන කටයූතුවල යෙදීම සූදුසූ හෙයින් යම් පාඨමාලාවක් තෝරා ගැනීමට පෙර ඒ සම්බන්ධයෙන් බොහෝ දේ අධ්‍යයනය කිරීම වැදගත්වේ. එවිට තේරුමක් නැති අදාළ නොවන පාඨමාලාවන්හි යෙදීම තේරුමක් නැත. එවිට සැමියාද ඒ සම්බන්ධයෙන් නූරුස්නා තත්ත්වයකට පත්වේ.

එමෙන්ම, ඔබ වැඩිපූර අධ්‍යාපය ලැබිය යූත්තේ වෘත්තීය වශයෙන් සාර්ථකත්වයට පත්විය හැකි පාඨමාලාවක් පමණි. එම හැදෑරීම් කිරීමෙන් පවූලෙහි දියූණූවට අදාල වන අන්දම ඔබ සැමියාට මූලින්ම ඒත්තු ගැන්වීමෙන් ඔහූ එයට දක්වන ප්‍රියතාව හා කැපවීම වර්ධනයවේ.

දුරකතන ඇමතුම් හා අවධානය
වැඩිපූර අධ්‍යාපනය ලබන විවාහක බිරියන් සැමවිටම සැමියාගේ විශ්වාසය දිනා සිටීමටත් ඒ සඳහා ලැබෙන සහයෝගය ප්‍රබලවේ. එහෙයින් සැමියා හා දරුවන් කෙරෙහි ඔබ දක්වන අවධානය සැමවිටම නොවෙනස්ව තබා ගැනීම අත්‍යාවශ්‍ය වේ. ඒ සඳහා විවේකයක් ලද සැණින්ම සැමියා හා දරුවන් වෙනූවෙන් කාලය වෙන්කිරීම වැදගත්ය. වඩාත්ම සූදුසූ වන්නේ අධ්‍යාපන කටයූතු සඳහා ඔබ ලබන විවේකය මඳකින් අඩූ කිරීමය.

එමෙන්ම අධ්‍යාපන කටයූතු සඳහා සති අන්තය පංතිවල ගෙවද්දී විවේක කාලයන්හි සැමියාට දුරකතනයෙන් අමතා තොරතුරු පැවසීම හා විමසීමෙන් ඔහූගේ සිතට හූදකලාවක් නොදැනේ. තව ද, අධ්‍යාපන කටයූතු සඳහා කාලය හා සිත යෙදවීමෙන් තමාට විඩාපත් බව පවසා පවූලේ කටයූතුවල නොයෙදීම බොහෝ සැමියාගේ අමනාපයට හේතුවේ. මන්ද එය ඔහූව නොසළකා සිටීමකි.
comments | | ඉතිරිය...

මූහූදේ නාන එක ලස්සන වෙන්න මගක් කියලා දෑනගෙන හිටියේ නැහැ නේද?


ඉන්දියානූ කාන්තාවන් සහ අපේ රටෙි කාන්තාවන් සංසන්දනය කර බැලුවොත් තමන්ගේ රුපය ආරකෂා කිරීමට, දේශීය ශාඛසාර, අමූද්‍රව්‍ය භාවිතා කිරීම අතින් ඔවූන් අපට වඩා ඉදිරියෙන් සිටී.


මේ නිසාම ඔවූන් මූදල් ඉතිරි කරගන්නවා වගේම සමට අහිතකර කෘතීම ආලේපන වලින්ද දුරස්වේ.

සාමාන්‍යයෙන් අපේ සමේ ෙසෙලයන් ඉක්මනින් දිරායාමට ලක්වේ. මේ මැරුණූ ෙසෙලයන් ඉවත් කර සම පිරිසිදු කිරීම නිරන්තරයෙන් සිදුවිය යූතුයි. ඒ සඳහා ස්ක්‍රබ් එකක් පාවිච්චි කළ යූතුයි. අද අපි ඉන්දියානූ කාන්තාවන් බහූල වශයෙන් පාවිච්ච් කරන ස්ක්‍රබ් එකක් ගැන කියන්නට මා සතුටූයි. ස්ක්‍රබ්ස් විශේෂ ගණනාවක් ලොව පූරා වෙළඳ පොලේ ඇත. ඉන්දියාව, ජපානය, වැනි රටවල් ගණනාවක මේවා නිෂ්පාදනය කරනූ ලබයි. මෙතනදී මා එකක් කියන්නට ඕනේය. ජපානය, තායිලන්තය වැනි රටවල නිෂ්පාදනය කරනූ ලබන ස්ක්‍රබ්ස් විශේෂ එරට කාන්තාවන්ගේ සමට උචිත වන අයූරින් සකස් කර ඇත. ඒවා ඉතා මූදු සමකට හොඳය. ඉන්දියාවේ නිපදවන ස්ක්‍රබ්ස් ඊට වඩා මූදු නොවන සමකට උචිත වන ලෙස සකස් කර තිබේ. ඒ ඉන්දියානූ සහ අප වැනි රටවල කාන්තාවන්ගේ සම ජපානය, චීනය, තායිලන්තය වැනි රටවල කාන්තාවන්ට වඩා මූදු බවෙන් අඩූ නිසාය. ඒ නිසා බොහෝදුරට ඉන්දියානූ ස්ක්‍රබ්ස් අපේ කාන්තාවන්ට සූදුසූයැයි මම විශ්වාස කරමි.


මා අද කියන්නට යන ස්ක්‍රබ්ස් එක වෙළඳ පොළෙන් මිලදී ගතයූතු එකක් නොවේ. එය නිවසේදීම මේස ලුණූ උපයෝගී කරගෙන ගෙදරදීම කරන්නට හැකි එකකි. මා මූලින් කිව්වා වගේ ඉන්දියානූ කාන්තාවන් නම් මේ ස්ක්‍රබ් එකෙන් ශරීරයේ මැරුණූ ෙසෙල ඉවත්කර ගනිමින් නිරන්තරයෙන්ම නව ජීවයක් ලබාගනියි.


මේස ලුණූ ස්වල්පයක් ගෙන පීරිසියකට දමාගන්න. ඉන්පසූ ශරීරයේ ස්ක්‍රබ්ස් කරගැනීමට අවශ්‍ය කොටස් තෙමාගෙන ඒ මත ලුණූ කවාකාරව තවරන්න. ටික වේලාවකට පසූ සෝදා හරින්න.


මේස ලුණූ වෙනූවට ලුණූ වලින් සාදන ලද ස්ක්‍රබ් එකද වෙළඳ පොලෙන් මිලදී ගැනිමට ඔබට හැක. ඉන්දියාවෙන් ආනයනය කරන මෙරට වෙළඳපොලේ ඇති ඒවායෙහි වූවද සාමාන්‍ය අයෙකුට දරාගත හැකි මිලෙන් යූක්තය. නමූත් මා නම් අපේ කාන්තාවට උපදෙස් දෙන්නේ මේස ලුණූ මේ ස්ක්‍රබ් එක සඳහා පාවිච්චි කරන ලෙස වෙළඳපොලේ ඇති ස්ක්‍රබ් එකේ වෙනස වන්නේ ඒවායේ සූවඳ ගල්වා තිබීම පමණි.


මේ ස්ක්‍රබ් එක ගැන ලියද්දී මට විශේෂයෙන් ලියන්නට කරුණක්ද ඇත. හතරවටෙිටම මූහූද ඇති අපේ රටෙි ටෙිබල් සෝල්ටි වලින් සකස් කළ ස්ක්‍රබ්ස් වලට වඩා සතියකට වතාවක් මූහූදු වතුරෙන් නාන්නට පූළුවන් නම් එහි අගය වචනයෙන් විස්තර කරන්නට බැරිය.
comments | | ඉතිරිය...

අලිගැටපේරවලින් ලස්සන වෙමූ

කොළ පැහැති හෝ දම් පැහති ඉදුණූ අලිගැටපේර ගෙඩියක් දෑක්කහම ඔබේ හිතට ඇතිවන හැඟීම කෙබඳුද? රසවත්ම පලතුරක රස බලන්නට ලැබෙනවා යන සිතිවිල්ලෙන් හිත පිරී යනවාට සැකයක් නැත.

පලතුරක් විදිහට පමණක් නොව සීනි, කිරි, වතුර, පේර මදයට එකතු කර රසවත් පානයක් ලෙස ඔබට එය පානය කරන්නට පූළුවන.


අලිගැටපේර කෑමෙන් ශරීර පැහැය දීප්තිමත් වෙන බව ඔබ දෑනටමත් දන්නවාය. එහෙත් අද මම කියන්නට හදන්නේ අලිගැට පේර වලින් ලස්සන වෙන හැටිය. තලපයක් හදාගෙන මූහූණ සහ ඇස්යට ලස්සන කරගන්නා හැටිය.


මූලින්ම අලිගැටපේර ගෙඩියේ ඇති කොළපාට කොටසින් මේස හැන්ඳක් පමණ ප්‍රමාණයක් සූරා ගන්න. එයට සූදු හඳුන් කුඩූ තේ හැන්දක් එක් කරන්න. ඔබට වෙළෙඳ පොළෙන් සූදු හඳුන් කුඩූ මිලදී ගැනීමේදී අපහසූ නම් සූදු හඳුන් ගලගා උරච්චි කරගත හැකියි.


අලිගැටපේරවලටත්, සූදු හඳුන්වලටත් මී පැණි සහ යෝගටි තේ හැන්දක් පමණ එක්කාසූ කර හොඳින් මිශ්‍ර කරන්න.


සාදාගත් මිශ්‍රණය ඇස් යට හා දෙබැම මත වගේම ඊට පහළින් තවරා ඇඟිලි තුඩූ වලින් තටිටූ කරන්න. එසේ නැතිනම් ඇසට නොරිදෙන සේ පිරිමදින්න. විනාඩි දහයක් පමණ වෙලාවක් මෙසේ කර මද රශ්මිය ඇති වතුරෙන් සෝදා හරින්න. විශේෂයෙන්ම ඇස්යට කළු පැහැවූණ අයට මේ සත්කාරය වඩාත් යෝග්‍යය.


අනෙක් අතට අප සාදාගත් අලිගැටපේර මිශ්‍රණය තුළින් වියළි සමක් ඇති අයගේ සම දීප්තියෙන් බබලන්නට උපයෝගි කරගත හැකයි.


මිශ්‍රණය මූහූණේ තවරා විනාඩි විස්සක් පමණ වේලාවක් තබා මද උණූවතුරෙන් සෝදා හරින්න.


මේ සත්කාරය සතියකට වරක් කිරීමෙන් වියළි සමක් ඇති ඔබේ සම පිරිසිදු වෙනවා පමණක් නොව ආරකෂා වෙනවා.





උපදෙස් ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී
ග්‍රේස් සී. ගන්කන්ද
comments | | ඉතිරිය...

රතු පැහැති ආලෝක ධාරාවකින් මූහූණට පැහැපත් බවක්-හීටින් ටී්‍රටිමන්ටි



සමේ පැහැපත් බව සඳහා කරන ප්‍රතිකාර ක්‍රම පිළිබඳව නිතර නිතර ලෝකයේ රූපලාවන්‍යවේදීන් පර්යේෂනයන්හි නිතරවේ. එම පර්යේෂන වල ප්‍රතිඵලයක් වශයෙන් වඩාත් දියූණූ රූපලාවන්‍ය තාකෂණ ක්‍රම ඔවූන් අපට දායාද කර ඇත. එම නිසා කෝටි සංඛ්‍යාත කාන්තාවන් ඒවායේ උපරිම ප්‍රතිඵල අද ලබා සිටියි. හිටීන් ටී්‍රටිමන්ටි නැමති ප්‍රතිකර්ම ක්‍රමයද අලෝකය සහ උණූසූම උපයෝගී කරගෙන මූහූණ පැහැපත් කිරීමට යොදා ගැනෙන නවතම ක්‍රමයකි. එක්තරා කාලසීමාවක් තුල යම් ප්‍රමාණයකට උණූසූම් කළ රතු පැහැති ආලෝක ධාරාවක් මූහූණ මතට පතිත වීමට සැලැස්වීමෙන් මෙම ප්‍රතිකර්මය සිදුවේ.


නමූත් විශේෂයක් වන්නේ සෑම කෙනෙකුගේම සම එක හා සමාන නොවන නිසා ඒ සමට යෝග්‍ය වන ජෙල් වර්ගයක් මූහූණ මත තවරා මෙම ආලෝක ධාරාව පතිත කිරීමයි. උදාහරණයක් වශයෙන් ඔබට ඇත්තේ වියලි සමක් නම් එමවියලි සම සඳහා නිර්දේශිත ජෙල් වර්ග ආලේප කරනූ ලබයි. සංවේදී සමක් හෝ තෙල් සහිත සමක් වූවද සාමාන්‍ය සමක් වූවද එය ආරකෂා කර බලා එයට සූදුසූ ජෙල් වර්ග ආලේප කරනූ ලබයි.


මෙම හීටින් ටී්‍රටිමන්ටි වල ඇති ප්‍රතිඵල වශයෙන් කරුණූ රාශියක් දෑක්විය හැක. අපගේ මූහූණේ සමේ නිරෝගීභාවය, දීප්තිමත් බව සහ පෝෂ්‍ය පදාර්ථ නිසා බව ඔබ දන්නේය. සමටද අනෙක් ඉනද්‍රියන්ට මෙන් පෝෂ්‍ය පදාර්ථ ලබාදෙන්නේ රුධිරයි. මූහූණේ සමට රුධිරය සැපයිම සඳහා ඉතා සියූම් රුධිර කේෂනාලිකා රාශියක් මූූහූණ පූරා විසිරී ඇත. එහෙත් සෑම විටම සෑම රුධිර කේෂනාලිකාවක් තුලින්ම මනා ලෙස රුධිරය සැපයීමක් සිදුනොවේ. එයට හේතුව සමහර සියූම් කේෂනාලිකා විවිධ හේතු නිසා වැසී යන හෙයිනි. මෙම වැසූනූ කේශනාලිකා යලි විවෘත කොට මනා රුධිර සැපයීමක් ලබාදීමට හිටීන් ටී්‍රටිමන්ටි වලට හැකියාවක් ඇත.


බාහිර කෂූද්‍ර ජීවින්ගෙන් හා විෂ බීජ වලින් සම ආරකෂා කිරීමත් අපද්‍රව්‍ය බැහැර කිරීමත් යන කාර්යයන් කරුණූයේ වසා ග්‍රන්ථි බව අපි දනිමූ. මෙම වසා ග්‍රන්ථි එක්තරා ප්‍රමාණයේ මූහූණේ සහ බෙල්ලේ විවිධ ස්ථාන වල පිහිටා ඇත. ඒවා කාර්යක්ෂම කිරීමේ පූදුම හැකියාවක්ද හීටින් ටී්‍රටිමන්ටි වලට ඇත. මූහූණේ ඇති කුඩා බිබිලි කුරුළෑ ඇක්නි හෝ වෙනත් සැරව ගෙඩි හිටීන් ටී්‍රටිමන්ටි කිරීමෙන් පසූ ඉක්මනින් සූව වී යන්නේද මේ හේතුව නිසාය.


එමෙන්ම හිරු එලිය නිසා ඇතිවූ අවපැහැ ඉවත් කොට මනා දීප්තිමත් සහ පැහැපත් මූහූණක් ලබාාදීමට මෙම ප්‍රතිකර්මයට හැකියාව ලැබී ඇතිබව අපට කිව හැක.





ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී
පද්මිනී රාමනායක
comments | | ඉතිරිය...

පිං වපරය කියා එකක් නැහැ

වපරය පිනට ඇතිවන බව අපේ වැඩිහිටියන් සිතා සිටියත් වපරය ඇතිවන්නේ පින නිසා නම් නොවේ

සාමාන්‍යයෙන් අපගේ දෑස් නිසියාකාරව ඉදිරියට ලස්සනට පිහිටා තිබෙනවා. නමූත් එම දෑස් යම් ආකාරයකින් ඇදයක් වී නම් ඔබ එය වපරයක් ලෙස හඳුන්වන්න පූළුවන්.


වපරය යනූවෙන් අදහස කරන්නේ ඇසේ ස්නායූවල ආබාධයක් හෝ මොළයේ දෘෂ්ටියට අදාළ ප්‍රදේශයේ වර්ධනයේ දුර්වලකමක් හෝ ඇසේ ඉගිරියාව මැද කුමක් හෝ ආබාධයක් ඇතිවී තිබීමයි.


ප්‍රධාන වශයෙන් කුඩා දරුවෙකුගේ දෘෂ්ටි ආබාධයක් ලෙස වපරය හැඳින්විය හැකියි. එනම් එක් ඇසක් සාමාන්‍ය තත්ත්වයෙන් මිදී ඇතුළට හෝ පිටතට පිහිටා තිබීමයි. ඒ අතුරින් වැඩිපූර දැකිය හැක්කේ ඇතුළත හැරී තිබෙන අහිසාරි වපරයයි. මෙය දැකිය හැක්කේ උපතේදී හෝ අවූරුදු 4 ට අඩූ දරුවන්ගේය. පිටතට හැරුණූ ඇස (අපසාරී) බොහෝවිට දකින්න ලැබෙන්නේ අවූරුදු 4ඃ5 කාලය තුළදීය.


ඔබගේ දරුවාගේ ඇසේ වපරයක් තිබේ නම් නොපමාව වෛද්‍ය උපදෙස් ලබාගත යූතුය. ඇතැම් දෙමාපියන් වපරය පිනට ඇති වූ වපරයක් සිතා නොසලකා හරියි. සැබැවින්ම එය ඔබ දරුවාට කරන ලොකු අසාධාරණයක්.


ඇතැම් විට ඔබට වපරය ලෙස පෙනෙන්නේ අකෂිවල හටගෙන තිබෙන පිළිකාවක්, ගෙඩියක්, ස්නායූවල ආබාධයක් විය හැකිය.


ඇසේ හටගන්නා වපරයට කුඩා කාලයේදීම සැත්කමක් කළ යූතුය. මෙය ඉතා ඉක්මණින් සිදුකරන එක ඉතා වැදගත්ය. එසේ නොවූනොත් දරුවන්ගේ දෑස්වල පෙනීමේ දුර්වලතාවයක් ඇතිවන්නට ද පූළුවන.


ඇතැම් දරුවන්ගේ වපරයට සාමාන්‍ය ප්‍රතිකාරයක් ලෙස ඇස් කණ්ණාඩි දැමිය හැක. හේතුව එය අක්ෂි ආබාධයක් වන්නට හැකි නිසාවෙනි. නමූත් ඇතැම් දරුවන්ගේ වරපයක් ලෙස පෙනූනත් එය වපරයක් නොවන්නට පූළුවන් වන අතර කුඩා දරුවන්ගේ නාසය කුඩා කාලයේදී පළලට පිහිටා තිබෙන නිසා ඔවූන්ගේ දෑස් වපර ලෙස පෙනෙන්නට පූළුවනි.


මේ නිසා දරුවා කුඩා කාලයේදීම දෑස් පරීකෂාවකට ලක්කර වපරයක් තිබේද යන්න පිළිබඳ සොයා බලා ඉක්මණින් ප්‍රතිකාර කිරීමෙන් මෙම තත්ත්වයෙන් මිදීමට හැකියාව තිබේ.




අයස්මන්ත පීරිස්
වෛද්‍ය නිලධාරී අක්ෂි රෝහල
comments | | ඉතිරිය...

විවාහය සඳහා වැඩිමහල් පූතුට වැඩිමහල් ගැහැනූූ ළමයෙක් නූසූදුසූද?


අනේ පූතේ, මං නම් විරුද්ධයි ඔය මඟුලට. මං එකසැරයක් කිව්වනේ ඔය සම්බන්ධය නවත්තලා දාන්න කියලා. ඕක නම් හරියන මඟුලක් නෙමෙයි.


විවාහ වන වයසේ දරුවන් සිටින නිවෙස්වල කුමක් හෝ ගැටළුවක් තිබූනොත් අනිවාර්යෙන්ම අපට මෙවැනි වදන් අසන්නට ලැබෙනවා.


ඒ ඔවූන්ට තිබෙන ආදරයත් සෙනෙහසත් නිසාය. නමූත් අනාගතය පිළිබඳව තීරණ ගැනීමේදී දෙමාපියන්සේම වැඩි අවධානයක් දරුවාට ගැනීමට ඉඩ ලබාදිය යූතුයි.


මෙය අපේ ජන සමාජයේ විශ්වාස කළ තවත් පූහූ මතයකි. එනම් පවූලක වැඩිමහල් දියණියත් වෙනත් පවූලක වැඩිමහල් පූතෙකුත් අතර සිදුවන විවාහය සූදුසූ නොවන බවට මතයක් පවතින අතර මෙහි යම් සත්‍යතාවයක් තිබේද යන්න පිළිබඳව ජ්‍යොතිශය පැත්තෙන් කරුණූ විග්‍රහකර බැලිමටයි මාගේ සූදානම.


මූලින්ම ඔබට කීමට කරුණක් ඇත. එනම් අපේ රටට ඉන්දියානූ ආභාසය ලැබෙන්නට පෙරෙ සිට බූදු ගුණ ශාන්තිකර්ම පැවතුණා. ඒ අතරට අපේ මව්බිමට පැමිණි සංක්‍රමණික ආක්‍රමණ මගින් වැඩිපූර ඉන්දීය ආභාසය ලැබිණි. එමඟින් ඉන්දිය ජන ආභාසය අපේ ජන සමාජයේ තුළින් ජනයා අතර මූල් බැස ගන්නට විය. විශේෂයෙන්ම විවිහ සම්බන්ධයෙන් ඔවූන් ඉතාමත් සැලකිලිමත් වූනා. ජාති, කුල, මල, ආගම්බේද, අනිවාර්යෙන්ම සොයා බලන්නට වූ නිසා ගැමි සිංහල ජනයාත් මෙවැනි වත්පිළිවෙත් අනූගමනය කරන්නට පූරුදු පූහූණූ වූණා. විශේෂයෙන්ම පවූලේ ඥති සබඳකම් වැඩිමහල් බව, වැනිදේ පිළිබඳව. ඒ නිසා පවූලේ වැඩිමහල් දියණිය හා වැඩිමහල් පූතෙකු අතර විවාහ වෙනවාට අපේ අම්මලා තාත්තලා බියක් දෑක්වූවා. ඒ ඔවූන් දෙදෙනාට ලැබෙන දරුවා කුළුදුල් දරුවෙකු වන නිසායි.


කුළුදුල් දරුවන් නිදන්වලට බහිරවයා සතුටූ කිරීමට බිලිදෙන්නට යොදා ගැණූනි. නමූත් බිල්ලට දෙනූ ලබන්නේ තුන්කුළුදුල් දරුවෙකි. අද වන විට මේවා සමාජයෙන් ඉවත්වී ඇත. තුන් කුළුදුල් යනූ වැඩිමහල් දරුවන් දෙදෙනෙකු විවාහවී එම යූවළගේ වැඩිමහල් දරවා තවත් වැඩිමල් දරුවෙකු සමඟ විවාහ වී ඔවූන්ගේ දරුවාත් වැඩිමහල් වීමයි.


ඔබ බියවිය යූතුවන්නේ ලේ ඥාති සම්බන්ධ විවාහයකදී. පිය පාර්ශවයේ ඥතියෙකුගේ පූතෙකු විවාහ කරගැනිම එතරම් සූදුසූ නොවේ. මොකද ඔවූන්ට ලැබෙන දරුවන් අංගවිකල මන්ද බූද්ධික වීමට පූළුවන. ඒ පිළිබඳව ජ්‍යොතිශය මෙන්ම වෛද්‍ය විද්‍යාවේද පිළිගත් සත්‍යයකි.


මේ පිළිබඳව කරුණූ විග්‍රහ කර බැලීමේදී ඔබට වැටහෙනවා ඇති වෙනත් පවූලක වැඩිමහල් දියණියක් සමඟ වෙනත් පවූලක වැඩිමහල් පූතෙකු අතර විවාහ වීමේදී කිසිදු ගැටළුවක් ඇති නොවන බව.


මේ නිසා මිත්‍යා මත වලින් මිදී තීරණ ගැනීමේ හැකියාව ඇතිකර ගැනිම සූදුසූයි නේද?






ජ්‍යෙතීර්වේදී ඩී.පී.ජයසිංහ
comments | | ඉතිරිය...

නිය ආරක්ෂා කළ යූත්තේ කෙසේද?


ඔබේ නිය සඳහා සූදුසූම පෝෂ්‍ය පදාර්ථ ලබා ගත යූත්තේ ආහාර මාර්ගයෙන් මිස අතිරේක ආලේපන මගින් නොවේ


ඔබේ ඇඟිලිවල නිය, ඇඟිලිවල කෙළවර ආරක්ෂා කරන බව පැහැදිලි කරුණකි. එකී නිය බොහෝ ප්‍රයෝජනවත් ආයූධ ලෙසින් ක්‍රියා කරන බවද පැහැදිලිය. එනමූත් ඇත්තෙන්ම අපේ රුව වැඩි දියූණූ කිරීමෙහිලා වැදගත් කාර්ය භාරයක්ද ඉටූ කරයි. එම නිසා ඒවා වැඩෙන්නේ කෙසේද ඔබ පූරුදු වී ඇති ආකාරයකින් ඒවා ශක්තිමත්ව තබා ගැනීමට කවර පෝෂණ ද්‍රව්‍යය අවශ්‍ය වන්නේ ද යන්න දෑන ගැනීමද අවශ්‍යය.


ඔබගේ සම හා රෝම මෙන්ම නියද වැඩිපූර සංයූක්ත වී ඇත්තේ කෙරටීන්වලිනි. සමේ ඇසට පෙනෙන නිය නිමවී ඇත්තේ පළමූවන ඇඟිලි පූරුක දක්වා දිවෙන නිය මංචය තුළය. මෙම නියමංචයේ සිට නිපදවෙන නියකෝෂවල කෙරටීන් අඩංගු නිසා ශක්තිමත් නිය ඇතිවීම සිදු වේ. ඔබේ සම මෙන්ම නියද නොකඩවා වැඩෙයි.


සෞඛ්‍ය සම්පන්න සමක් හා කෙස් කළඹක් සඳහා අවශ්‍ය වන පෝෂ්‍ය පදාර්ථම නියවල වර්ධනය සඳහා අවශ්‍ය වන අතර ඒවායේ සංයූතියේ සූළු සූළු වෙනස්කම් පමණක් සිදු වේ. උදාහරණයක් වශයෙන් ගතහොත් ඔබේ කෙස්වලට අවශ්‍ය වන කැල්සියම් ප්‍රමාණය මෙන් දස ගුණයක ප්‍රමාණයක් නිය සඳහා අවශ්‍ය වෙයි. ඔබේ නිය වර්ධනයට බී විටමින්ද එළවළු, මෝර අක්මා ආදියෙහි අඩංගු මේද අම්ල ආදියද කිරි, චීස්, බිත්තර, යෝගටි හා කොළ එළවළුවල ඇති සින්ක් හා කැල්සියම්ද අවශ්‍ය වේ.


ඔබේ නිය සඳහා සූදුසූම පෝෂ්‍ය පදාර්ථ ලබාගත යූත්තේ ආහාර මාර්ගයෙන් මිස අතිරේක ආලේපන මගින් නොවේ. ඔබගේ නිය මසකට අඟල් 1-8 ක් පමණ දිගට වැවේ. පාදවල නිය එතරම් ඉක්මනට නොවැඩේ. ඔබ දකුණත හූරු අයෙකු නම් දකුණූ අතේ ඇඟිලිවල නියද වම් අත හූරු අයෙකු නම් වම් අතේ නියද ඉක්මනින් වැවේ.


ඔබේ සමට අවශ්‍ය වන්නේ කුමක්දෑයි ඔබ දන්නා දේ නිය සම්බන්ධයෙන් එසේම වෙයි. බැක්ටීරියා හා පූස් වර්ග මාර්ගයෙන් වන හානි වැළැක්වීමට නිය පිරිසිදුව තබා ගත යූතු වෙයි. එමෙන්ම නිය හොඳින් ආරක්ෂා කිරීමද අවශ්‍යය. නිය මනා පෙනූමෙන් තබා ගැනීමට නිය වියළි නොවිය යූතුය. නියේ සංයූතියෙන් සියයට 16 ක් ජලය අඩංගු වේ. එම තත්ත්වය පවත්වා ගත යූතුය. තෙත් බව ඊටත් වඩා අඩූවූවහොත් නිය කැඩී යෑමට හෝ ගැලවී යෑමට ඉඩ ඇත. 17 හැවිරිදි අයෙකුට වඩා 80 වියැති අයෙකුගේ අතේ නිය වියැළේ. රැලි වැටෙි. වැඩීම ඉතාම හෙමින් සිදුවේ. නියවලට විය හැකි බරපතලම හානිය සිදුවන්නේ නිය තෙත් ගතියෙන් තිබී වියළි තත්ත්වයට පත් වන අවස්ථාවේදීය. නිය තෙත් ගතියෙන් පවතින විට එහි අන්තර් කෝෂවල පවත්නා ග්ලු මෘදුව පවතී. නිය වියළි තත්ත්වයට පත්වන විට එකී ග්ලු ඉතිරිලා යයි. මෙම තෙත් ගතියෙන් වියළි තත්ත්වයට පරිවර්තනය වීමේ ක්‍රියාවලිය දිනකට කීප වතාවක් සිදු වේ.


ඔබේ ජීවන රටාව කුමක් වූවත් මනා සෞඛ්‍ය පිළිවෙතේ ආරක්ෂා කිරීමට නිතර නිතර ඔබේ අත් සේදීම අවශ්‍ය වේ. ඉහත කී තෙත් බව ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය නම් ඔබ ඊට සූදුසූ කී්‍රම් හෝ ආලේපනයක් ගැල්වීම අවශ්‍යය. ඔබ නේල් පොලිෂ් ගල්වනවා නම් හොඳින් අතුල්ලා ගැල්වීම කළ යූතුය. එම පොලිෂ් වර්ග භාවිත කිරීමෙන් නිය ආවරණය වී ආරක්ෂාව සැලසීම සිදු කරයි.


තදින් කුණූ ඉවත් කරන ද්‍රව්‍ය වතුරට මිශ්‍ර කර පාවිච්චි කිරීමෙන් නියවලට අනතුරු කැඳවයි. නිය කෝෂ අභ්‍යන්තරයෙහි ඇති ග්ලු විනාශ කිරීමට මෙම ක්‍රියාවලිය බලපායි. එවැනි අවස්ථාවලදී අතේ හෝ නියවල එකී මිශ්‍රණ නොගෑවෙන පරිදි රබර් ග්ලවූස් භාවිත කිරීම ඉතාමත් අවශ්‍යයි.


නියවලට සිදුවන අනතුරු නම් නිය ඇදීම, පැලීම, රැලි වැටීම, සූදු පැල්ලම් ඇති වීම් ආදියයි. මේවා සිදුවන්නේ පෝෂ්‍ය පදාර්ථ හිඟ වීම නිසා නොව, නිය තදින් වැදීම, ඝර්ෂණය වීම, සීරිම, කම්පියූටර් කී බෝඩ් එකක නිතර නිතර ගැටීම ආදී කරුණූ නිසාය.


අපගේ ජීවිතයේ කවර හෝ කලකදී නිය ආබාධ ඇතිවීම ස්වාභාවිකය. ඒවා ප්‍රතිකාර මගින් හෝ කාලයාගේ ඇවෑමෙන් නැති වී යයි. කාණූ හට ගැනීම හෙවත් දාර හට ගැනීම නිය ආබාධ අතරින් ප්‍රධාන තැනක් ගනී. අනතුරක් සිදුවීම නිසා හෝ අසනීප වීම හේතුවෙන් ඖෂධ භාවිතය නිසා නිය පොතුවල සිරස් අතට දාර හට ගැනීමට පූළුවන. මේවා මාස 3 ක් හෝ 5 ක් අතර කාලයකදී සමහර විට වසර 2 ක් දක්වා වූ කාලයක් තුළදී මඟහැරී ස්වාභාවික තත්ත්වයට පත් වීමට පූළුවන්. නිය එල්ලා වැටීමද තවත් ආබාධයකි. නියට යම් යම් හානි පැමිණීමෙන් හෝ අධික වියළි බව ඇති වීමෙන් මෙය ඇති වේ. මෙයට මැරුණූ නිය ඉවත් කර දෑමිය යූතුය. එසේ නොකළහොත් නිය මූලට අනතුරු සිදු විය හැක.


නිය මත සූදු ලප ඇතිවීමද තවත් ආබාධයකි. මේවා ඇති වන්නේ නිය මූල ආශ්‍රිතව සිදුවන අනතුරු නිසාය. සිදුවූ අනතුරු හේතු කොටගෙන කෙරටීන් නිෂ්පාදනය අඩපණ වීමෙන් මෙය සිදු වේ. සමහර අවස්ථාවන්හිදී නිය සූදු පැහැයට හැරේ. මේ තත්ත්වය ඇතිවන්නේ අනතුර හෝ තුවාලය හේතු කොටගෙන නිය මූල සමග ඇති සම්බන්ධතාව බිඳී යෑමෙනි. තවද පූස් හට ගැනීමෙන්ද මෙය සිදු විය හැක. අනතුරක් නිසා මෙය සිදු වී ඇත්නම් මාස කීපයක් ගතවීමෙන් නැවත ප්‍රකෘති තත්ත්වයට පත් වේ. පූස් හට ගැනීමෙන් මෙය සිදුවූයේ නම් වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ලබා ගත යූතුය.


ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනි
පද්මිණී රාමනායක
comments | | ඉතිරිය...

සූවබර නින්දකට උණූසූම් ජලයෙන් පා සෝදන්න


නිදාගන්න ඇඳට යන මොහොත දක්වාම අධික ලෙස මහන්සිවීම හොඳ නෑ. අධික ලෙස මහන්සිවීම සවස 6.00 පස්සෙවත් නැවැත්තුවොත් තමයි ඉතින් හොඳ. පරිසරයේ උණූසූම් බව, රාත්‍රියට බර ආහාර ගැනීම අධික ලෙස දුම්පානය, බඩගින්නේ සිටීම, නිදන තැන වාතයේ ඇති අපිරිසිදු බව නිදියහන නිදාගන්න සූදුසූ හොඳ තත්ත්වයේ නොතිබීම සැර ඖෂධ ගැනීම වැනි හේතුන් නිසා නින්ද නැතිව යනවා. මහළු වයසටත් නින්ද ටිකක් අඩූ වෙනවා.


නිදාගන්න ලෑස්තිවෙලා මෛත්‍රී භාවනාව කරනවානම් භාවනාවෙන් පස්සේ සූවසේ නිදාගන්න වගේම සූවසේ අවදිවෙන්නත් පූළුවන් කියලා බූද්ධ ධර්මයේ උගන්වනවා.


සැපදායක සූවබර නින්දක් ලබාගන්න උණූසූම් ජලයෙන් පා සේදීම හොඳයි. තමන්ට ගැලපෙන තෙල් ටිකක් රත්කරලා හිසේ ගාගන්නකෝ. සූව නින්දකට අතවනන වැඩක් ඒක. මූහූනේ සිසිල දෙයක් ආලේප කිරීමත් හොඳයි.


සීගිරි ලලනාවෝ සූදු හඳුන් ගලගාපූ ගල් තවමත් තියෙන බව අහලා ඇතිනේ. රෑට නම් සැහැල්ලු ආහාරයක් ගන්න පූරුදුවෙන්න ඕන.


විශේෂ හේතුවක් නැතිව තද අසාමාන්‍ය නින්දක් එනවානම් ආයූර්වේදයේ ඒ නින්දට කියන්නේ අතිනිදා කියලා. මෙවැනි තත්ත්වයක් දෑනෙනවානම් ඒ තත්ත්වය වළක්වා ගන්න ඕන. නැත්නම් පසූ කාලයේදී ඒ තත්ත්වය රෝගී තත්ත්වයක් බවට පත්වෙන්න පූළුවන්.
comments | | ඉතිරිය...

දැන් ඉස්සරටත් වැඩිය සූදුවෙලා -අපූරු බේතක්

හේමක්කාගේ මූණ ඔක්කොම කළුවෙලා කියලා එයා සිංහල වෙද මහත්තයෙක් ළඟට ගිහින් බේතක් අහගන්න. වෙද මහත්තයා කියලා තියෙනවා කෝමාරිකා කොළයක මැද කොටස සූරලා අරගෙන. දෙහි ඇඹූල් බිංදුවක් දෙකක් දාලා හොඳට පොඩි කරලා මූණේ තවරාගෙන. විනාඩි 15 - 20 ඉදලා සෝදලා දාන්න කියලා. බේත හරි. සූමාන දෙකක් විතර ගානකොට.


දැන් ඉස්සර හිටියටත් වැඩිය සූදුවෙලා. අපූරු බේතක්.

comments | | ඉතිරිය...

හිසට තෙල් සාත්තුව හැමෝටම ගුණ නැහැ

හිසට සාත්තු කරද්දි විවිධ ආලේපනයන් භාවිත කරන්නට අපි පූරුදු පූහූණූව සිටින්නෙමූ. නමූත් හිසට කළ හැකි ඉහළම සාත්තුවලින් කැපී පෙනෙන එකක් ලෙස අපට හැඳින්විය හැක්කේ තෙල් සාත්තුවයි. මේ සතියේ නිවැරදිව හිසට තෙල් ගල්වන්නේ කොහොමද කියා විමසා බලමූ.


තවමත් අපේ ගම්බද තරුණිය පොල්තෙල් වලට දක්වන්නේ සූවිශේෂ ඇල්මකි. අනෙක් බොහෝ දේවල් වලට වඩා පොල්තෙල් මේ කටයූත්තට හොඳ බව මම සහතික කොට කියමි.


පොල්තෙල් ගෙදරදී හින්දවා ගන්නේ නම් හිසේ සාත්තුවට වඩා හොඳය. වෙළෙඳ පොළෙන් මිලදී ගන්නවා නම් හොඳ පොල්තෙල් බව පරීක්ෂා කර බැලීම යහපත්ය.


එහෙත් අද තිබෙන කාර්ය බහූල සමාජය තුළ ඒතරම්ම පහසූවෙන් තෙල් හිඳ ගැනීමට වෙලාවක් නැති නිසා වෙළෙඳ පොළෙන් මිලදී ගන්නා තෙල් මදක් රත් කර ප්‍රයෝජනයට ගන්නා ලෙස ඔබෙන් ඉල්ලා සිටිමි. සාමාන්‍යයෙන් වරකට හිස ගැල්වීමට මේස හැඳි දෙකක් පමණ තෙල් ප්‍රමාණයක් ප්‍රමාණවත් වේ. ඔබ දිගු කෙස් රොදකට හිමිකම් කියනවා නම් මෙයට වඩා තෙල් හැන්දක් එකතු කර ගත්තාට කමක් නැත.


හිස ගල්වන තෙල් පීරිසියකට දමාගන්න. එයට ඖෂධ මධ්‍යස්ථානයකින් මිලදී ගත් විටමින් ඊ කරලක් මිශ්‍ර කර ගැනීමෙන් තෙල්වල ගුණාත්මක බව තව තවත් වැඩි දියූණූ වේ. පූළුන් කැබැල්ලක් ගෙන කොණ්ඩය කොටස් කරමින් තෙල් තවරමින් තෙල් සාත්තුව ආරම්භ කරන්න. ඉන්පසූව ඇඟිලි තුඩූ වලින් සම්භාහනය කරන්න. මෙය විනාඩි පහක කාලයක්වත් කළ යූතුය. එසේ කිරීමෙන් පසූව අත්ල උපයෝගි කරගෙන නැවතත් හිස් කබලට දෑනෙන සේ සම්භාහනය කරන්න.


ඇඟිලි තුඩූ සහ අත්ල උපයෝගි කරගෙන බෙල්ල සිට ඉහළට හිසකෙස් උඩ අත පෙරළෙමින් තවත් විනාඩි පහක් වෙලා පිිරිමැදීමෙන් පසූ සවර් කැප් එකකින් පැය දෙකක් පමණ වසා තබන්න.


සවර් කැප් එක විවෘත කර හිස ෂැම්පූ කිරීමෙන් පසූව කණ්ඩිෂනර් කළ යූතුය. හිස හොඳින් සෝදා දමන්න.


මසකට තුන්වරක් පමණ මෙසේ තෙල් සාත්තුව කිරීම හිසකෙස්වල ආයූෂ වැඩිවීමටත් දීප්තිමත් බව රැකගැනීමටත් ප්‍රයෝජනවත් වේ.


කෙසේ වෙතත් සෙම් ගතිය ඇති අය නිතර නිතර තෙල් සාත්තුව කිරීමෙන් වැළකී සිටිය යූතුය. එවැන්නකින් සෙම රෝග ඇවිස්සෙන්නට ඇති ඉඩකඩ වැඩිය.





උපදෙස් ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනි
ගේ්‍රස් සී. ගන්කන්ද
comments | | ඉතිරිය...

අකලට මහලූවීම වළක්වාගන්න




සම යනූ නිරන්තරයෙන් බාහිර පරිසරයට නිරාවරණයවී පවතින්න වූ ඉන්ද්‍රියකි. බාහිර පරිසරයේ ඇති සෑම සියලු සාධකයකටම සම බෙහෙවින්ම සංවේදී වේ. කාර්යබහූල ජීවන රටාවක් හිමි නූතන කාන්තාවට මෙකී සම මත බලපෑම කරන සතුරන්ගෙන් ගැලවී සිටීම ඉතාමත්ම දුෂ්කර කාර්යයකි.




සම සූරකින ප්‍රතිඔක්සිකාරක අතර විටමින් ු වලට සූවිශේෂි ස්ථානයක් හිමිය. විටමින් ු යනූ ශරීරය තුළ නිපදවිය හැකි පෝෂකයක් නොවේ. ඒ නිසා එය ආහාර මගින් ලබා ගත යූතු වේ. විටමින් ු බහූල ආහාර ලෙස එළවළු තෙල්, ඇට වර්ග, කොළ පැහැති පලා වර්ග, කුරුටිට සහිත ධාන්‍ය මෙන්ම අල ගැට පේර, අඹ, කෙසෙල්, දොඩම්, ඇපල් වැනි පලතුරු දෑක්විය හැක. සාමාන්‍යයෙන් වැඩිහිටියෙකුගේ දෛනික විටමින් ෑ අවශ්‍යතාව සූළු වූවත් යම් යම් විශේෂිත තත්ත්ව යටතේ දෛනික අවශ්‍යතාවට වඩා වැඩි වශයෙන් ු ප්‍රමාණයක් ලබා ගැනීම යහපත් ප්‍රතිඵල ගෙන දෙන බව විද්‍යාත්මක පර්යේෂණ වලින් සනාථ වී ඇත. දූෂිත පරිසරයක් නිරන්තරයෙන්ම විසීම, සූර්ය ආලෝකයේ ඇති පාරජම්බූල කිරණ වලට නිරාවරණය වීමට සිදුවීම සේම අධික මානසික ආතතිය අනවශ්‍ය ලෙස සිරුර වෙහෙසවා ව්‍යායාමවල යෙදීම, සම තුලිත ආහාර වේලක් නොගැනීම දෑක්විය හැක. සම රැළි වැටීම, අවපැහැ ගැන්වීම, වයස්ගත වීම වැළැක්විය නොහැක. එහෙත් මෙකී වයස්ගත වීමේ ක්‍රියාවලිය පමා කළ හැක. ඒ සඳහා සම සූරැකීම විශේෂයෙන් වැදගත් වේ.
comments | | ඉතිරිය...

නින්දට පෙර තේ කෝපි පානය එපා කියන්නේ ඇයි?

ස්වභාව ධර්මයා විසින් මවන ලද මිනිසාගේ වෙහෙස මහන්සි වෙන සිරුරට විවේකී බවක් ලබා දෙන්නේ නින්ද මගිනි. නින්දක ඇති වටිනාකම එක් දිනක් නිදිවරන ඔබට වැටහෙනූ ඇත. එහෙත් අවිවේකී සමාජය තුළ තරගකාරි අපට රැයක් දවාලක් නැති තරම්ය. රාත්‍රි සේවා මූරයන්ට නිවසේ වැඩ කරන ගෘහනියට නොයෙකුත් තරාතිරම්වල නිදිවරන ඔබ වෙනූවෙන් මෙම ලිපිය සකසන්නට අදහස් කළෙමි.

දෛනික ජිවිතයේදී වෙහෙසෙන සිරුරට විවේකී බව වගේම ශරීරයේ කොටස් අළුත් වැඩියාවන්නේ නින්ද මගිනි. පැය 8 ක් හෝ 6 ක සූව පහසූ නින්දක් සිරුරකට දෛනිකව අවශ්‍ය වෙයි. මෙම නින්දකදී ශරීරයේදී වෙහෙස මහන්සි වූ පෙනහළු, හෘද වස්තුව, වකුගඩූ වැනි කොටස් ක්‍රියාකාරිත්වය නැවූම් වේ. අප සිරුරත් යන්ත්‍රයක් වැනිය. එය අලුත් වැඩියා වන්නේ රාත්‍රියේ අප ලබන සූවදායි නින්දෙනි.


එහෙත් මෙම නින්ද රාත්‍රියේම ලබන්නට තරම් අපහසූ කොතෙකුත් දුක් විඳින සේවක සේවිකාවන් සිටී. රාත්‍රි සේවා මූරයන්හි නිදි වරන ඔබට මූහූණ පාන ගැටලු කීපයක් ඇත. ඔබ ලබන්නා වූ නින්ද රාත්‍රි කාලයටම වෙන් කරවා ගැනීමට අපහසූ වන හැම අවස්ථාවකම ඔබ වෙන් කරවා ගන්නා පැය 8 හෝ 6 රාත්‍රි හෝ දිවා වශයෙන් වෙන් කරගන්න. නින්දට රාත්‍රිය වෙන් කර ගැනීමට අපහසූවන හැමවිටම දිවාකාලයේ නින්ද ලබන ඔබ එම ස්ථානය නින්දට සූව පහසූ ස්ථානයක් බවට පත් කර ගන්න. බාහිර කරදරවලින් අඩූ අඳුරුකල ස්ථානයක නින්දක් ලබන්නට හැම විටම තෝරාගන්න. දවල්ට නිදාගැනීම ශරීරයට අහිතකර ලෙස බලපාන බවට බොහෝ දෙනා අතර පවතින වැරදි මතයකි. එහෙත් එය ශරීරයට අහිතකර නොවන අතර අවශ්‍ය වන්නේ සූව පහසූව මත දාවකින් තොරව ලබන සම්පූර්ණ නින්දකි.


සූවදායි නින්දක් බලාපොරොත්තුවන අපට නිදියන ස්ථානයේ ඇති බාධා නිසා එය දුරස්වන්නට පූළුවන. පිරිසිදු ඇතිරිලි, හිසට සූව පහසූ කොටිටා, බාහිරකරදරවලින් තොර වටපිටාවක් පරිසරයක් තෝරා ගැනීම නින්දකට වඩාත් යෝග්‍ය වනූ ඇත.


දිවා කාලයේ ශරීරයේ ක්‍රියාකාරිත්වය නිසියාකාරව නොලැබීම සිරුරේ අලස බව රාත්‍රි නින්දට බාධාවක් වෙයි. තවද නින්දට පෙර පූරුද්දක් වශයෙන් ශරීරය උණූසූම් කරවන තේ කෝපි වැනි උත්තේජක ලබා ගැනීම මගින් සිරුර උත්තේජමත් වී නින්ද පලවා හරිනූ ඇත. ප්‍රමාණවත් ලෙස ආහාර නොගැනීම බහිශ්‍රාවීය ද්‍රව්‍ය නිසිලෙස ඉවත් නොකිරීම, දුම්වැටි, මත් පැන් මත් ද්‍රව්‍ය භාවිතය, නින්දට ඇති බාධකයන්ය.


ගෘහනියක, සේවිකාවක වශයෙන් හෝ වෙනත් උසස් තනතුරක් දරන කෙනෙකුට මෙම තරගකාරි සමාජයේ නිදිවැරීම අද සාමාන්‍ය දෙයකි. එහෙත් අපගේ රූ සපූව හා ශරීර සෞඛ්‍ය ගැන සැලකිලිමත් විය යූතුය.


මළ බද්ධය, මානසික පීඩාකාරි බව, අධික රුධිර පීඩනය, දියවැඩියාව, වෙහෙසකාරි බව, ඇස් යට කළුවීම, ඔක්කාරය, කෑම අරුචිය ශරීර උෂ්ණත්වය ඉහළ යෑම වැනි බොහෝ ලෙඩ රෝග රැසකට සිරුර ලක් වෙයි.


නිදිවරන සෑම විටකම සිරුර පිළිබඳ මනා සැලකිලිමත් කමකින් සිටීම ඉතාමත් වැදගත්. වැඩිපූර ජලය පානය කිරීම සමබර ආහාර වේලක් ලබා ගැනීම, පලතුරු වැඩිපූර ආහාරයට ගැනීම සූදුසූය.


මොනයම් ප්‍රතිකර්මය කළද සිරුරට අවශ්‍ය වූ පැය 8 ක් හෝ 6 ක සූවපහසූ නින්දක් ඔබට නිදහස ලබන මොහොතක දෛනිකව ලබා ගන්නට උත්සාහ කරන්න. යන්ත්‍රයක් වූවද නිසිලෙස ක්‍රියා නොකළ නිසි ලෙස නඩත්තු නොකළ නිසිලෙස අලුත්වැඩියා නොකළ කල දිගුකලක් නොපවතී.





සෞඛ්‍ය අධ්‍යාපන හෙද නිලධාරි
ඩී. ඒ. ඒ. චන්දන
comments | | ඉතිරිය...

බිත්තර රොටී ,පරාටා,එළවළු රොටි

නැවතත් ගෝදම්බ රොටිය ආකාරයට තුනී කර එය මැදට කඩාගත් බිත්තරයක් දමා හතරැස් ආකාරයට නමා රත්වූ තැටියක් මත තෙල් ආලේප කොට දෙපැත්ත හොඳින් රන්වන් පැහැවන තුරු පිසගන්න. අවශ්‍ය නම් ළුෑනූ, කරපිංචා ආදිය සිහින්ව ලියා දමා ගන්නට පූළුවන්.



පරාටා


පිටි මිශ්‍රණය නැවතත් රොටියක් ආකාරයට තුනී කර එය දෙකට කඩා පටියක් ආකාරයට ගෙන වටෙිට රෝල් කර පරාටා සාදා රත්වූ තැටියක් මත තෙල් ආලේප කොට දෙපැත්ත හොඳින් රන්වන් පැහැවන තුරු පිසගන්න.


එළවළු රොටි

පළමූව ගෝදම්බ රොටිය සාදා එය මැදට සාදාගත් මිශ්‍රණය දමා ත්‍රිකෝණාකාර හෝ හතරැස් ආකාරයට නමා රත්වූ තැටියක් මත තෙල් ආලේප කො ට සෑම පැත්තක්ම හොඳින් රන්වන් පැහැ වනතුරු පිසගන්න.


මිශ්‍රණය


ළුෑනූ, තම්බාගත් අල, රම්පෙ, කරපිංචා, සූදුළුෑනූ, කෑලි මිරිස්, දමා තෙම්පරාදු කරගන්න. (අල තෙම්පරාදුවක් මෙන්)
comments | | ඉතිරිය...

කුරුළෑ කොස්ස මිරිකා ඉවත් කළ යූතුද?

Face Pimples

අදත් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කුරුළෑ ගැනමයි. අපේ වැඩිහිටියන්ගෙන් නිතරම අහන්න ලැබෙන දෙයක් තමයි සම මතුපිටට නෙරා එන කුරුළෑවක් තුළ පවතින සාරය, අපි කටවචනයට කියන කොස්ස මිරිකලා ඉවත් කරන්න සූදුසූ නැහැ කියල.

ඇත්තටම මෙය නූසූදුසූද?

සමහර කුරුළෑවල තිබෙන විෂ ද්‍රව්‍ය ඉබේම ඉවත්වෙලා යනවා. අපි කියන්නේ කුරුළෑවක් පිපිරුණා කියල මෙවැනි තත්ත්වයකටයි. තවත් සමහර කුරුළෑවල කොස්ස අපි ඉවත් කරන්න ඕනෑ. නමූත් ඉවත් කරන්න සූදුසූ වෙන්නේ බ්ලැක් හෙඩ්ස්, වයිටි හෙඩ්ස් තත්ත්වයේ තිබෙන කුරුළෑ පමණයි. එය කළ යූත්තේ විෂබීජ ඉවත් කළ කොම්ඩොන් එක්ස්ට්‍රැක්ටර් කියන උපකරණයෙන් පමණයි. මෙහිදී කුරුළෑවේ තත්ත්වය හරි හැටි හඳුනා ගැනීම වැදගත් වෙනවා.


නමූත් ප්‍රදාහයට පත් වූ කුරුළෑවක් කිසිම විටෙකත් මිරිකා ඉවත් කිරීම සූදුසූ නැහැ. ප්‍රදාහයට පත්වූ කුරුළෑවක ඇති විෂ සහිත සාරය අවට පටකවල ගෑවීමෙන් එම පටක ආසාධනය වෙන්න පූළුවනි. මෙම කුරුළෑ වියළීමෙන් ඇතිවෙන කැළල වඩාත් ගැඹූරු වෙන්න පූළුවනි. එවැනි කැළලක් සමෙන් ඉවත් වෙන්න දීර්ඝ කාලයක් යනවා.


කුරුළෑවක් ඉබේම සූවපත් වෙනවා. නමූත් අතේ නියපොතුවලින් තද කරන විට කුරුළෑව තුවාල වෙලා ආසාධන තත්ත්වයක් බවට පත්වෙන්න පූළුවනි.


අපි "පිම්පල්ස් පිකින් අප්" ලෙස හඳුන්වන කුරුළෑ කොනහන එක හොඳම නැහැ. සාමාන්‍යයෙන් අපේ පූරුද්ද තමයි සම කොනිත්තලා, කොනිත්තලා සම මතුපිට උස්වූණ තැන් පැතලි කරන්න යනවා. මෙයින් වෙන්නෙත් සමේ තුවාලයක් ඇතිවීම සහ ගැඹූරු තුවාල කැළලක් ඇතිවීමයි.


ඊළඟට අපි කතා කරමූ කුරුළෑවලට බෙහෙත් කරන්න යෑම ගැන. තෙල් හදන ග්‍රන්ථිවල ස්‍රාවය ඇතිවෙන්නේ ටෙස්ටෙස්ටරෝන් හෝමෝනය නිසා. කුරුළෑවලට බෙහෙත් කරන්න යාමේදී වෙන්නේ මෙම හෝමෝනය පාලනය කිරීම. ටෙස්ටෙස්ටරෝන් පාලනය කිරීම මගින් කාන්තාවන් විවාහයට පත්වෙලා දරුවෙකු පිළිසිඳ ගැනීමට යාමේදී අපහසූතා ඇති වෙන්න පූළුවනි. හෝමෝන ප්‍රතිකාර දෙන එක සීමාසහිතව කළ යූතු දෙයක් වෙන්නේ මෙවැනි කරුණූ නිසයි.


කුරුළෑවලට බෙහෙත් කිරීමේදී හෝමෝන ක්‍රියාකාරිත්වය නැති කිරීම වෙනූවට හෝමෝන ක්‍රියාකාරිත්වය නිසා වන බැක්ටීරියා ක්‍රියාකාරිත්වය නතර කිරීමයි කළ යූත්තේ.


හෝමෝන ක්‍රියාකාරිත්වය නිසා ඇතිවන බ්ලැක් සහ වයිටි හෙඩ්ස් මගින් කිසිවිටෙකත් කැළැල් ඇති වෙන්නේ නැහැ. අපි කල යූත්තේ බ්ලැක් හෙඩ්ස් සහ වයිටි හෙඩ්ස් තුළට බැක්ටීරියා ඇතුළුවීමෙන් වන ආසාධන තත්ත්වය වළක්වා ගැනීමයි.


ප්‍රතිකාර කිරීමේදී ආලේප කරන බෙහෙත්වලින් වෙන්නේ තෙල් ග්‍රන්ථි හැකිලෙන එක. මෙම ග්‍රන්ථි හැකිලීයාමෙන් නැවත කුරුළෑ ඇතිවීම වළක්වා ගන්න පූළුවනි. නමූත් කුරුළෑවලට ප්‍රතික්‍රියා කිරීම සතියෙන් දෙකෙන් කරන්න බැහැ. අඩූම තරමින් මාස හයක පමණ කාලයක්වත් කුරුළෑ සඳහා ප්‍රතික්‍රියා කිරීමෙන් හොඳ ප්‍රතිඵලයක් බලාගන්න පූළුවනි.


විශේෂයෙන්ම අපේ තරුණ දූඃදරුවන් කුරුළෑවලට ප්‍රතිකාර කරන්න ගියාම ඉක්මන් ප්‍රතිපල ලබන්න බලාපොරොත්තු වෙන එක නවත්වන්නම ඕන.


කුරුළෑ තියෙන මූහූණක් නිතරම පිරිසිදුව තියාගන්න ඕන. මූහූණ සේදීම මගින් බැක්ටීරියා ඉවත් කරගන්න පූළුවනි. ප්‍රධාන වශයෙන් බැක්ටීරියා නාශක ඖෂධයක් පාවිච්චි කරලා මූහූණ පිරිසිදු කිරීම අත්‍යවශ්‍යයි.





චර්ම රෝග විශේෂඥ වෛද්‍ය
අසෝක කමලදාස
comments | | ඉතිරිය...

ගෝදම්බ රොටි හා කොත්තු

අවශ්‍ය ද්‍රව්‍ය

පාන් පිටි කිලෝ 1 ලූණූ තේ හැදි 3/4 සීනි ග්‍රෑම් 20 වතුර ග්‍රෑම් 600 බිත්තර 1 පොල්තෙල් ස්වල්පයක්


සාදන ක්‍රමය

ඉහත සියල්ල අතේ නොඇලෙන පදමට අනාගන්න. මිශ්‍රණය පැය 1 1�2 තිබෙන්නට හරින්න. කැබලි කඩා පැය 1 ක් තබන්න. (කිලෝ 1 කැබලි 25 ඃ 20 කඩාගත හැක) මතුපිට පොල්තෙල් තවරන්න. ඉන්පසූ මැද උස්ව රොටියක් ආකාරයට තුනී කොට හැඩ ගන්වා ගන්න.


එළවළු රොටි, බිත්තර රොටි, පරාටා යන සියලු රොටි වර්ග මෙම මිශ්‍රණයෙන් සාදා ගත හැක.


කොත්තු


කැරටි, ලීක්ස්, ළුෑනූ,ගෝවා, සූදුළුෑනූ, මේ සියල්ල සිහින්ව කපා ගෝදම්බ රොටි කැබලිද සිහින්ව කැබලි වලට කපා පළමූව තැටියට තෙල් දමා ඉඟුරු, සූදුළුෑනූ, බැදෙන්න හරින්න.


ළුෑනූ හා එළවළු දමා ලුණූ, සෝයා සෝස් දමා ගන්න. බිත්තරද කඩා දමා පිසගන්න. දෑන් ඊට අවශ්‍ය පරිදි රොටි කෑලි ද ඊට සකසාගත් මස් ව්‍යාංජනය දමා හොඳින් මිශ්‍ර වන සේ ගසාගන්න.


(කැමති නම් පමණක් මස් වෑංජනය එකතු කරන්න)


එක කොත්තු එකකට ගෝදම්බ රොටි 4 ක් හා බිත්තර 2 ක් දෑමිය යූතුයි.
comments | | ඉතිරිය...

හිතුමතේට තොල් ආලේපන ගල්වන්න එපා

ගැහැනියකගේ සූන්දරත්වය වැඩි කරන්න ඇස් දෙකෙන් සහ තොල්වලින් ලැබෙන්නේ විශාල දායකත්වයක්. මේ නිසාම ඇස් දෙක ලස්සන කර ගන්න වගේම තොල් දෙක ලස්සන කරගන්නත් අද කාන්තාව උනන්දු වෙනවා.


පෙර කාලේ යූවතියන්ගේ දෙතොල් නා දළු පෙති වලට සමාන කළා. පන්සල් චිත්‍ර වල කාන්තා රූපවල දෙතොල් රන් පැහැයෙන්, දුඹූරු පැහැයෙන් වර්ණවත් කළා.


අද තරුණ යූවතියන් මෙන්ම වැඩිහිටි ගැහැනූන් පවා තොල් ආලේපන භවිතා කරන්න පූරුදුවෙලා ඉන්නවා. නමූත් තොල් ආලේන මිලට ගැනිමේදී එහි ගුණාත්මක බව වෙළඳනාමය, පැහැය ගැන පාරිභෝගික ඔබ සැළකිළිමත් වීම ඉතාමත් වැදගත් වෙනවා.


මූලින්ම ලිප් බාම් එකක් ආලේප කර තොල් ආරක්ෂාව වැදගත් වෙනවා.


ඉන්පසූව ලිප් ලයින් එක ඇද ගන්න ඕනේ තොලේ හැඩය වඩාත් ඉස්මතු වෙන්නයි. මෙහිදි අඩූ පාඩූ තියෙන දෙතොල් ලස්සන කරගෙන මනා හැඩයට ඇද ගන්න පූළුවනි.


මූල් කාලයේදි ලිප් ලයින් එක ඇන්දේ කළු පාට තද දුඹූරු පාට පැන්සලකින් පමණයි නමූත් කළු පාට ලිප් ලයින් ඇතැම් ලිප්ස්ටික් වර්ණ සමග නොගැල පෙනවා විය හැකියිි. මෙනිසා ඔබ පාවිච්චි කරන්නට බලාපොරෝත්තු වන ලිප්ස්ටික් වර්ණයේ තද පාට හෝ දුඹූරු රෝස පාටවලින් කුඩා පින්සලක් භාවිතයෙන් තොලේ හැඩය ඇද ගැනිම ලස්සනයි.


ඉන් පසූව දෙතොල් ඇතුලත ලිප්ස්ටික් පූරවා ගැනිම සඳහා වර්ණ කිහිපයක් මිශ්‍රකිරිමෙන් ලිප්ස්ටික් තවරාගත හැකියි. මෙය පරිසරයට වඩාත් සමිප වර්ණවලින් භාවිතා කළ හැකිනම් තවත් සූන්දරවේ.


තලෙළු සමක් ඇති අයට රතු දුඹූරු වැනි වඩාත් තද පාට ලිප්ස්ටික් වර්ග එතරම් සූදුසූ නැහැ ඔවූන්ට වඩාත් සූදුසූ වන්නේ පරිසරයට වඩාත් සමිපතම වර්ණ පමණයි.


වඩාත් පැහැපත් සමක් ඇති අයට වඩාත් සූදුසූ වන්නේ පරිසරයට වඩාත් සමිපතම පාට වගේම රෝස තැඹිලි දුඹූරු වැනි පාටයි.


දැන් දැන් රතු පැහැති තොල් ආලේපන ගැල්විමෙන් මදක් ඉවත් වෙලා තියෙනවා.


එමෙන්ම අපි අදින ඇඳුමේ පැහැය අනූවත් දවසේ කාලය අනූවත් තොල් ආලේපනයේ පැහැය වෙනස් කරන්න පූළුවනි. උදේ කාලයට පාවිච්චි කරන තොල් ආලේපන ලා පැහැතිනම් හොඳයි. රාත්‍රි උත්සව අවස්ථාවලට පාවිච්චි කරන තොල් ආලේපන තද පැහැති දිලිසෙන සූළු එවා නම් ගොඩක් හොදයි. තොල් ආලේපන මත වඩාත් හොද නිමාවක් ලබා ගැනිම සඳහා ග්ලිටර් එකක් පාවිච්චි කීරිම ඔබේ රුව තවත් කැපි පෙනෙන ලෙස පෙන්විය හැකි.
comments | | ඉතිරිය...

වෘත්තීය තොරතුරු

මාතෘකා

සෞඛය කාන්තා කෑම රුපලාවන්‍ය ජීවිතය පැන විසදුම් අඹු-සැමි මුළුතැන්ගෙය දරුවන් පවුල ආයූර්වේද පිරිමි ගර්භනී විශේෂාංග ජ්‍යාතිෂ ආගමික ලිංගික විවාහය බුදු දහම ගේ දොර විලාසිතා මාසික ඔසප් මනස චර්ම රෝග පිළිකා ශල්‍යකර්ම සුරතල් සතුන් හෘදයාබාධ කැල්සියම් අක්ෂි සූනඛ ගෙවත්ත දියවැඩියාව වෘත්තීය හිසරදය ඔස්ටියෝපොරෝසිස් බඩේ කැක්කුම සෙම්ප්‍රතිශ්‍යාව උණ කුරුළෑ මත්පැන් ගොනෝරියා දුම්පානය සංචාර කැස්ස ගැස්ට්‍රයිටිස් නීතිය හර්නියා උපදංශ තැලසීමියාව පියයූරු පවූල් සැලසූම් ක්‍රම බරවා මූත්‍රා තයිරොක්සීන් තයිරොයිඩ් නහර ගැට ගැසීම පාඨමාලා යතුරුපැදි රථවාහන වකුගඩූ ස්ථූලත්වය අන්තර්ජාල මුදල් අලූහම් අළුහම් ඇදුම කම්මූල්ගාය දුරකතන පිටගැස්ම භෞත චිකිත්සක භෞතචිකිත්සාව රුධිර පීඩනය රුබෙල්ලා

ලේඛනාගාරය

නැරඹුම් සංඛ්‍යාව







lankeeya sithuwili
 
Company Info | Contact Us | Privacy policy | Term of use | Advertise with Us | Site map
Copyright © 2011. Sinhalamag . සියලු හිමිකම් ඇවිරිණි. මෙහි පලවන ලිපි පිටපත් කල හැකිමුත් මුලාශ්‍රය www.sinhalamag.com යෙදීමට කාරුණික වන්න
Design Template by Sinhala-online | News by Srilanka Sinhala News | Powered by Blogger hit counters