අවශ්‍ය වූ විටෙකදී සැණෙකින් ඔබේ නිවසේදී වැදගත් ලියවිල්ලක් සොයා ගැනීම පහසූකර ගැනීමට නම්...

 




වැදගත් ලියකියවිල්ලක් හෝ බිල්පතක් තැබූ තැනකින් වහා අතට ගැනීමට නොහැකිවීම ඔබේ සිත ආතතියට පත් කරවන්නකි. කාර්යාලයේදී ද ලිපි ගොනූවක් හෝ අදාළ රාජකාරී ලිපියක් සොයා ගැනීමට අසීරුවීම රාජකාරීය ප්‍රමාදයට හේතුවේ. කාමරය, නිවස හා කාර්යාලීය මේසය අවූල්ව තිබීමෙන් ඔබ සැමවිටම අසීරුවට, ප්‍රමාදයට හා කෝපයට පත් කරවන්නකි. නමූත් ඒ වෙනූවට බිල්පත් ලිපි ගොනූ, පෑන් පැන්සල් දිනපොත් පිටූ ඇමූණූම් යන්ත්‍රය ආදිය එක්තරා රිද්මයකට තැන්පත්කර තිබේ නම් සියලු දේ සොයා ගැනීම අසීරු නොවේ.


මෙසේ යම් දෙයක් නිවැරදි ස්ථානයේ නොතබන හා තැබූ තැනකින් යම් දෙයක් ක්ෂණිකව සොයා ගැනීමට අසීරු අයට යම් මානසික තත්ත්වයක් ඇතැයි මනෝ විශ්ලේෂකයන්ගේ මතය වේ. ඔවූන් වගකීම් නොදරන සෑමවිටම මානසික ආතතියකින් පසූවන්නෝය. එමෙන්ම කාර්යාලයේදී කටයූතුවලදී අසංවිධානාත්මක ස්වරූපයක් පෙන්නූම් කරන්නෝ එම ස්වභාවය නිවසේදී ද පෙන්නූම් කෙරේ.


නිවසේ අපිළිවෙල

නිවස තුළ වටිනා දේ සූරක්ෂිතව තැබිය යූතුවේ. ඒ ඔප්පූ තිරප්පූ, ක්‍රෙඩිටි කාර්ඩ් බිල්පත්, දුරකතන, විදුලි ජල බිල්පත් ආදියද වෙති. නිවසේදී එම වටිනා ලියකියවිලි ආරක්ෂා කර ගැනීම හා අවශ්‍ය වූ විටෙකදී ලබා ගැනීමට පහසූම මඟ වන්නේ එකින් එක සඳහා ලිපි ගොනූ සකස් කිරීමය. එයට


රැඳවූමක්ද දැමීමෙන් සෑම බිල්පතකම හා ගෙවීම් කළ රිසිටි පතද ඊට අමූණා දැමීමට හැකිය. මීළඟට ඔබ කළ යූත්තේ උසින් වැඩි පළලින් අඩූ රාක්කයක් මිළදී ගෙන බැංකු, ක්‍රෙඩිටි කාර්ඩ්, ජල, විදුලි බිල්පත් ආදී වශයෙන් අංශවලට බෙදා එහි තැන්පත් කිරීමය. අලුත් බිල්පත් හා ගෙවීම් කුවිතාන්සියද එයට ලද සැණින්ම ඇමිණිය යූතුය. එවිට අවශ්‍ය වූ විටෙකදී එය සෙවීම පහසූය. එයට අමතරව පෑන්, පැන්සල්, මකන කෑල්ල, අඩි රූල, ඇමනූම් යන්ත්‍රය ආදී දේ එහි පිළිවෙලකට තබන්න. ලිපි ද්‍රව්‍ය තැන්පත් කිරීමට වෙනම ලාච්චූවක් හෝ පෙටිටියක් තිබීම අවශ්‍යවේ. එවිට අවශ්‍ය යමක් සෙවීම පහසූවේ.


සේප්පූවක් හෝ රාක්කයක් මිළදී ගැනීමේදී

ලිපි ද්‍රව්‍ය තැන්පත් කිරීමට සේප්පූවක් හෝ රාක්කයක් මිළදී ගැනීමට පෙර එය තැන්පත් කර තැබිය යූතු ස්ථානය ඔබ තීරණය කළ යූතුවේ. එය ලියන කාමරයේ හෝ ඉඩ ඇති තැනක රඳවා තැබීමට හැකිය. මූලින්ම ඉඩ මැනගන්න. එයට ගැළපෙන රාක්කයක් මිළදී ගැනීමට නොහැකි නම් අලුතින් එකක් සාදා ගන්න. තවද එය රතු, සූදු හා තැඹිලි වැනි දීප්තිමත් වර්ණයකින් යූතු නම් එයින් ඔබේ නිවසට අලංකාරයක් ද එක්වේ.


නිවසේ ලාච්චූවක යම් යම් අවශ්‍ය ලියකියවිලි රඳවන්නේ නම් මසකට වරක් හෝ එය පිිරිසිදු කිරීම හෝ පිළිවෙලට තැබීම අවශ්‍ය වේ. තවද, සැමවිටම සියලු දේ තැන්පත් කළ යූත්තේ තේමාවක් යටතේය. එම තේමාවන් ද ගැළපීම අනූව එක්ව තිබිය යූතුය. උදාහරණයක් ලෙසින් බැංකු ගිණූම් ප්‍රකාශය එකට තබද්දී ඒ අද්දර තැබිය යූත්තේ ක්‍රෙඩිටි කාර්ඩ් බිල්පත්ය. ඒ සියල්ල බැංකුවලට සම්බන්ධ වූ ඒවා වේ. එමෙන්ම ජල විදුලි දුරකතන බිල්පත් එක ළඟින් තැබිය යූතුවේ.


බොහෝ අවස්ථාවලදී අප නිවෙසේ ලාච්චූ රාක්ක හෝ සේප්පූ තුළ වරින්වර අනවශ්‍ය දේ රැස්වේ. ඒ අප කළබලයට යම් යම් දේ ඒ තුළට දැමීමෙනි. එහෙයින් වරින්වර ඒවා විමසා බලා අනවශ්‍ය දේ ඉවත් කිරීමෙන් අවශ්‍ය දෙයක් සෙවීම පහසූවේ.


උප්පැන්න, විවාහ හා අධ්‍යාපන සහතික, ඔප්පූ, මිළදී ගැනීම් කුවිතාන්සි ආදිය නිතරම අතට ගැනීමට සිදුනොවේ. එහෙයින් ඒවා තැබිය යූත්තේ නිතර නොඅඳින ස්ථානයකය. ඒවා තැන්පත් කිරීමේදී වඩාත් සූදුසූ ක්‍රමය වන්නේ පවූලේ සාමාජිකයන්ගේ හා නිවසේ ලිපිගොනූ ලෙසිනි. වත්මන් වෙළඳ පොළේ ඒවා රැඳවිය හැකි ප්ලාස්ටික් කවර අලෙවියට ඇති අතර ඒවා මිළ අධිකද නොවේ. එවිට ඔබේ තොරතුරු අවශ්‍ය වූ විටදී ඔබේ නමට හිමි ලිපි ගොනූව ගත හැකිය. දෙවනූව නිවසේ වීදි රේඛා සහතික හෝ ඔප්පූව පරීකෂා කර බැලීමට අවශ්‍ය වූ විටදී කළ යූත්තේ එම ලිපි ගොනූව අතට ගැනීම පමණි. මේ අයූරෙන් ඔබට වෛද්‍ය වාර්තා, රක්ෂණ ඔප්පූ ආදී වශයෙන් ද වෙන් කර තැබීමට හැකියි.


වටිනා ලියකියවිලි තැන්පත් කිරීමේදී

වටිනා හා රහස්‍ය ලියකියවිලි සාලයේ රාක්කයක් තුළ තැන්පත් කිරීම වරදකි. ඒවා තැබිය යූත්තේ යතුරකින් අඟුළු දැමිය හැකි කැබිනෙටිටූවක කාමරයේය. ලියකියවිලි සම්බන්ධයෙන් ඔබ අවධානය යොමූ කළ යූතු මීළඟ කරුණූ වන්නේ එය කාවූන්, කැරපොත්තන් ආදීන්ගෙන් ප්‍රවේශම් කර ගැනීමයි. ඒ සඳහා යම් රසායනිකයක් දැමීමට ඔබට සිදුවේ. එමෙන්ම කඩදාසි ආහාරයට ගන්නා කෘමින්ගේ පැමිණීමක් සිදුවී ඇත්දැයි ඔබට වරින්වර පරීකෂා කර බැලීමට සිදුවේ.


ලිපිගොනූ සම්බන්ධයෙන් තවත් වැදගත් කරුණූ

1 නව තාකෂණයේ දියූණූව තුළින්ද ඔබට වැදගත් ලිපිගොනූ පරිගණක ගත කළ හැකිය. එමෙන්ම බිල්පත් හා එහි ගෙවීමද පරිගණකයේ සටහන් කර තැබීමට හැකිවේ.


2සියලුම වැදගත් ලියකියවිලි ඡායා පිටපත් ගෙන ඒවා වෙනම ආරක්ෂාකර තබන්න. එයට අමතරව ඒවායේ අංක වෙනම සටහන් කර තබන්න. එය වඩාත් සූරක්ෂිතය.


කාර්යාලයේ ලිපි ගොනූ

කාර්යාලයේ මේසය මත අවශ්‍ය ලියකියවිලි රඳවා ගැනීමේදී අදාල දිනයේදී කටයූතු කළ යූතු ලිපි ගොනූ එක් පැත්තකද, සෙසූ ඒවා, අනෙක් පැත්තෙහිද තබාගන්න. සෑම ලියවිල්ලක්ම පසූවට කල් නොතබා ලිපි ගොනූවෙහි ඇමූණූම කළ යූතුය. රහස්‍ය ලියකියවිලි අඟුළු දැමිය හැකි ලාච්චූවක දැමීම කරද්දී එහි ඡායා පිටපතක් ගෙන අන් ස්ථානයක ප්‍රවේශමට තැබීම ඔබේ යහපතට හේතුවේ.


නිතර භාවිත නොකරන ලිපිගොනූ එකට රැස්කර අන් ස්ථානයක රඳවන්න. සේවය නිමා වෙද්දී මේසය පිළිවෙලකට තැබීමද පසූ දිනයේදී යහපත් මානසිකත්වයෙන් කටයූතු කිරීමට පහසූවකි.

by SM · 0

නියපොතු රැකගත්තේ නැතිනම් රෝග බොහොමයක් ඇතිවෙන්න පූළුවන්

මූූහූණට තරම් සැලකිල්ලක් නොදෑක්වූවාට ශරීරයේ සෑම කොටසක්ම පිරිසිදුවත්, නිරෝගීවත් තබා ගැනීම, ඉතාම වැදගත්. එම නිසා ඔබේ අතේ සහ පාදයේ නියපොතු වලට පවා අවදානයක් සැලකිල්ලක් යොමූ කිරීම ඉතා වැදගත්.

 

නියපොතු ආසාධනයට එහෙමත් නැත්නම් විවිධ රෝග වලට ලක්විය හැකියැයි ඔබ නොසිතන්නට ඇති. නමූත් නියපොත්ත ආශ්‍රිතව විවිධ රෝග හටගන්නා බව ඔබ අසා ඇති. අද අපි කතා කරන්නේ නියපොත්ත ආශ්‍රිතව හටගන්නා රෝග පිළිබඳවයි.


නියපොත්ත ලෙස අප හඳුන්වන්නේ සමෙන් ව්‍යූත්පන්න වන කොටසක්. අපේ සමේ අපිචර්මයේ අඩංගු ෙසෙල විශේෂ තමයි නියපොත්තේ තියෙන්නේ. ඇතැම් අය නියපොත්ත අජීවි කොටසක් එහෙමත් නැත්නම් මැරුණූ කොටසක් ලෙස හඳුන්වනවා. එය වැරදියි. නියපොත්ත සජීවී කොටසක් ලෙස හඳුන්වන්න පූළුවන්. නියපොත්තේ මූල හෙවත් සමට යටින් කොටසට පෝෂණය ලැබෙන්නේ රුධිර නාලවල ගමන් කරන රුධිරයෙන්. නියපොත්ත මැරුණූ එකක් ලෙස හඳුන්වන්න බැහැ ඇත්තටම. නමූත් නියපොත්තේ කෙළවරට වන්නට සජීවි තත්ත්වය නැති වෙන්න පූළුවන්.


සමහර පූද්ගලයින් වයසට යෑමත් සමග නියපොතුවල දිග අතට පොඩි ඉරි වගේ දෙයක් හටගන්නවා. මෙය සාමාන්‍ය දෙයක්. මෙය රෝගයක් නොවෙයි. බොහෝ දෙනකුට ආරෙට යන තත්ත්වයක් ලෙස මෙය හඳුන්වන්න පූළුවන්. යම් පවූලක අම්මලා තාත්තලාගෙ මෙම තත්ත්වය තිබූණොත් දරුවන්ගෙත් තියෙන්න පූළුවනි.


බොහෝ වෙලාවට මෙවැනි තත්ත්වයක් දැක ගත හැකි වෙන්නේ වයස අවූරුදු හතළිහෙන් පසූවයි. මෙම තත්ත්වයට බෙහෙත් කිරීමක් අවශ්‍ය වෙන්නේ නෑ. මෙයින් නියපොත්තට හානියක් ඇති වෙන්නෙත් නෑ.


ඊළඟට නියපොතුවල බහූලව තියෙන රෝගයක් තමයි දිලීර නිසා නියපොතු ආසාදනයන්. අපි මෙම රෝගය ඔනිකොමයිකොසිස් ලෙස හඳුන්වනවා. මෙතනදී වෙන්නේ දිලීරයක් මඟින් නියපොත්ත ආසාදනය වීමයි. මෙවැනි තත්ත්වයකදී නියපොත්තේ විවිධ වෙනස්කම් ඇති වෙනවා.


මෙතනදී නියපොත්ත ඇඟිල්ලේ සමට ඇලිලා තියෙන නියකන්න ලෙස අපි හඳුන්වන කොටසින් වෙන් වෙනවා. නියපොත්ත හරහා අපට සූදු පැහැයක් එහෙමත් නැත්නම් දුඹූරු හෝ කළු පැහැයක් දෑකගන්න ලැබෙනවා. මෙම අවස්ථාවේදී බොහෝ විට වේදනාවක් දෑනෙන්නේ නෑ. කැසීමක් ඇතිවෙන්නෙත් නෑ. එකම දෙය තියෙන්නේ නියපොත්තේ පෙනූමට යම් බලපෑමක් ඇතිවෙලා තිබීම පමණයි. නමූත් ඔනිකොමයිකොසීස් ලෙස හඳුන්වන රෝගී තත්ත්වය දිගටම තියෙන්න හැරියොත් නියපොත්ත යටින් දිලීර පැතිරිලා ගිහිල්ලා මූළු නියපොත්තම ආසාදනය වෙන්න පූළුවන්. එවිට සම්පූර්ණ නියපොත්තෙම පාට වෙනස් වෙනවා. එය අපි හඳුන්වනවා නේල් ඩිෆොම් කියලා. මෙම තත්ත්වය හරියටම හඳුනාගත යූතුයි.


මෙවැනි රෝගියකු වෛද්‍යවරයෙක් වෙත පැමිණි විට මූලින්ම කරන්නේ නියපොත්තේ කෑල්ලක් කපලා දිලීරය හඳුනා ගැනීමේ පරීීකෂණයකට භාජනය කරන එක. එතනදී කරන්නේ නියපොත්තේ කොටසක් පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයකට දාලා නියපොත්තේ කෙරටින් ප්‍රමාණය දියකර හැරලා නියපොත්ත තුළ තිබෙන දිලීර ඉතිරි කරන එක. දිලීර තන්තු මාධ්‍ය තුළ ඉතිරි වෙනවා. එම තන්තු පරිකෂා කිරීමෙන් රෝග විනිශ්චය කළ හැකියි.


ඊට අමතරව අවපැහැ වූ දිලීර අඩංගු නියපොතු කැබලි රෝපණ මාධ්‍යයක් තුළට දෑමිමෙන් දිලීරය වැවෙන්න ගන්නවා. එම ක්‍රමයෙනූත් දිලීරය හඳුනාගන්න පූළුවන්. මෙම පරීකෂණ දෙකම ලංකාවේ ප්‍රධාන රෝහල් වල සිදු කරනූ ලබනවා. මෙම රෝගයත් සාමාන්‍යයෙන් හැදෙන්නේ වැඩිහිටි අයට. දරුවන්ට නියපොතු ආසාධන වැළඳීමේ ප්‍රවණතාවය ඉතාම අඩූයි. දරුවන් තුළ නියපොතු ආශ්‍රීත රෝග බොහෝ විට ඇති වෙන්නේ දරුවන්ගේ ප්‍රතිශක්ති ඌනතාවය එක්කයි.

by SM · 0

වලව්වේ සම්බෝල මීට පෙර කාලා තියෙනවද?




පොලොස් වාරයේ   රසට කන්න පොලොස්  වෑංජනයක් හදමූ

පොලොස් මාළුව

අවශ්‍ය ද්‍රව්‍ය

පොලොස් කිලෝ 1


පොල් ගෙඩි 1 1/2 දිය කිරි, මිටි කිරි


මිරිස් කුඩූ


කහ කුඩූ


ලුණූ


රතු ළුෑනූ ග්‍රෑම් 50


කරපිංචා කිනිත්තක්


කුරුඳු පොතු කැබැල්ලක්


ගොරකා කැබලි 3 ක් පමණ


උළුහාල් ස්වල්පයක්


බැදගත් දුරු ස්වල්පයක්


කරි කුඩූ


උම්බලකඩ කුඩූ මේස හැඳි 2


රම්පේ කැබැල්ලක්.


සාදන ක්‍රමය

පොලොස් කපා කහ, ලුණූ, මිශ්‍ර වතුරට දමන්න. අඟල් 1 1/2 පමණ කැබලි වඩා හොඳයි. කරි කුඩූ, කහ කුඩූ, මිරිස් කුඩූ කබලේ බැදගන්න. දිය කිරි, මිටි දමා ගන්න. දුරු, ගොරකා සහ පොලොස් හැර ඉතිරි සියල්ලම එයට දමා ලිප තබන්න. මෙය රත්වන විට පොලොස් කැබලි හා ගොරකා දමාගන්න. මෙය උතුරන තෙක් තැම්බෙන්න හරින්න. උතුරන විට ගින්දර අඩූ කරන්න., උඩින් දුරු දමාගන්න. අඩූ තරමින් පැය 6 ක් මෙය මඳ ගින්නේ තැම්බෙන්නට හරින්න හිඳීගෙන එනවිට උඩින් තෙල් මතුවෙනවා. මේ තෙල් ඉවත් කරගන්න. මෙය නියම අයූරින් හදා ගන්නවා නම් බෝතල්වල අසූරා අවූරුදු දෙකක් තබාගන්නට පූළුවන්.


වලව්වේ සම්බෝල

වලව්වේ සම්බෝල හෙවත් කොප්පරා සම්බෝල හදන ක්‍රමයයි මේ. පොල් ගාන විට කැඩෙන, ඉලිප්පෙන පොල් කැබලිවලින් මේවා හදන්නට පූළුවන්. පෙර කාලයේදී වලව්වල එකතුවූ කොප්පරා පොල්වලින් මේවා සෑදූ නිසයි මේ නම ලැබිලා තියෙන්නේ. ඉතිරි වූ පොල් අවන් එකේ දමා පූළුස්සා එකතුකර තබා ගැනීමෙන් මෙය සාදා ගන්නට පූළුවන්.


රතු ළුෑනූ හෝ ලොකු ළුෑනූ හීනියට කපා ගැඹූරු තෙලේ බැදගන්න.


උම්බලකඩ


කෑලි මිරිස්


ලුණූ


කොප්පරා හෝ පූළුස්සා ගත් පොල්


මේ සියල්ල එකට දමා වංගෙඩියේ කොටාගන්න. මෙයට දෙහි ස්වල්පයක් එකතු කරගන්න.


වම්බටූ මෝජූ


අවශ්‍ය ද්‍රව්‍ය


වම්බටූ හීනියට කපා කර කර ගා හැපෙන තරමට බැදගන්න. පිච්චෙන්නට දෙන්න එපා.


විනාකිරෙන් අඹරාගත් අබ මේස හැඳි 3


කහ කුඩූ තේ හැඳි 1/2


ගම්මිරිස් කුඩූ තේ හැඳි 1


අමූමිරිස් කරල් 15 (බාගෙට නැටිට කපා අච්චාරුවලට මෙන් සාදාගන්න.)


සීනි මේස හැඳි 1 1/2


කුඩා රතු ළුෑනූ ග්‍රෑම් 200


වියළි හාල් මැස්සෝ ග්‍රෑම් 100 (ඔළු කඩා සෝදා)


ලුණූ, විනාකිරි


අඹ චටිනි.


සාදන ක්‍රමය

හාල් මැස්සෝ බැදගන්න. ළුෑනූ හා මිරිස් උනූන් ගස්සා ගන්න. (උණූ තෙලට දමා ඉක්මණින් ගන්න.) අඹරාගත් අබ, කහ, ගම්මිරිස්, සීනි මේස හැඳි 1 1/2, ලුණූ, විනාකිරි දමා කලවම් කරන්න. එයටම, අඹ චටිනි මේස හැඳි 2 පමණ අඹරා එකතු කරගන්න. ලුණූ රස බලා එයට හාල් මැස්සෝ වම්බටූ, ළුෑනූ, මිරිස් එකතුකර කලවම් කරන්න.


වැලි තලප

හාල් පිටි ස්වල්පයක් ගෙන එයින් කැට සාදාගන්න. වතුර ස්වල්පය බැගින් ඉසිමින් සිහින් කැට සාදාගත යූතුය. කල් තියා ගැනීමට අවශ්‍ය නම් පොල් නොදා පිටිටූ සෑදිය යූතුයි. දැන් මෙයින් පිටිටූ තම්බාගෙන උණූවෙන්ම ලිහා ගන්න.


සීනි හා කරඳමූංගු, කරාබූ නැටි දමා ලිප තබා යන්තම් උණූ කර උකුවීගෙන එනවිට පිටිටූ දමා මිශ්‍ර කරගන්න. පත් පැණි වනතෙක් තබන්න එපා. එවිට සවි වෙන්නට පූළුවන්. මිශ්‍රණය ලෑල්ලක් මත තුනී කර කපාගන්න. ගම්මිරිස් කුඩූ ස්වල්පයක් ද එකතු කිරීම හොඳයි.


උළුඳු වඩේ

අවශ්‍ය ද්‍රව්‍ය

උළුඳු ග්‍රෑම් 500


අමූ මිරිස් ස්වල්පයක්


දුරු ස්වල්පයක්


ළුෑනූ ස්වල්පයක්


තෙල් (බැද ගැනීමට)


සාදන ක්‍රමය (


උළුඳු පැය 6 ක් පෙඟෙන්නට තබා වතුර ඉවත් කරගන්න. විනාඩි 10 ඃ 15 පසූව වතුර නොදා අඹරාගන්න. සිහින්ව ලියාගත් අමූ මිරිස්, දුරු, කරපිංචා, ළුෑනූ දමා කලවම් කරන්න. මෙය එවේලේම බැදගත යූතුයි. රවූමට හැඩ කර මැදින් සිදුරක් තබා සාදාගෙන බැදගන්න. හොඳින් පිපෙනවා. පිපෙන ද්‍රව්‍ය හෝ වෙනත් පිටි වර්ග දැමීම අවශ්‍ය වන්නේ නෑ.




පබිලිස් සිල්වා

by SM · 0

මානසික පීඩාව හෘද රෝග ඇතිවීමට හේතුවක් වෙනවාද?

 
සිතට වදදෙන නොයෙකුත් ගැටළු ඔබටත් ඇතිවනවා විය හැකියි. එවැනි වෙලාවල් වලදී එම ගැටළු සහගත ස්වභාවය නිසාම ශරීරයේ ඇතිවන වෙනස්වීම් පිළිබඳවද ඔබට දෑනිලත් ඇති. එසේ ඇතිවන ගැටළු බොහෝ විට තාවකාලිකයි. ක්‍රමයෙන් කාලය ගත වී යාමත් සමගම එම අසහන කාරි ස්වභාවය මඟහැරි ගොස් ඔබ යථා තත්ත්වයට පත්වෙනවා. නමූත් සමහර උදවිය නිරන්තරයෙන්ම තමන්ට ඇතිවන ගැටළු ගැන සිත සිතා එම සිතුවිලිවල එළබගෙන සිටීම නිසා දීර්ඝ කාලීනව මානසික අසහනයට ගොදුරුවනවා. මෙවන් මානසිකව අසහනය නිසා ශරීරයේ විවිධ වෙනස්කම් ඇතිවනවා.


එසේ අප ශරීරයේ සිදුවන වෙනස්කම් මෙසේ සඳහන් කළ හැකියි. හෘදය ගැහෙන වාර ගණන (නාඩි) වැඩිවීම , රුධිර පීඩනය වැඩිවීම, ඇඩ්‍රිනලින් ස්‍රාවය වැඩිවීම නිසා රුධිර නාලවල අභ්‍යන්තර ස්ථරයට හානි පැමිණවීමෙන් රුධිර නාලවල කොලෙස්ටරෝල් බැදීම ඉහළයාම, රුධිර පටිටිකාවල ඇතිවන වෙනස්කම් නිසා රුධිර කැටි ඇතිවීමේ හැකියාව ඉහළ යාම, රුධිරයේ සීනි මටිටම ඉහළ යාම, ඉහත විස්තර කිරීම අනූව ඔබට පැහැදිලි වනවා ඇති මානසික අසහනයට තුඩූදෙන දේවල් නිතර නිතර කල්පනා කර කර විඳවීම නිසා ඒ මගින් ඔබගේ හදවතට යහපතක් නම් නොවන බව. එසේ නම් ඔබ රාජකාරි කරන ස්ථානයේ හෝ ඔබේ නිවසේ, අසල්වැසි නිවෙස්වල යම් යම් කරුණූ කාරණා නිසා ඔබ මානසික අසහනයට පත්වනවා නම් ඔබ එයින් ගැලවීමට මගක් සොයාගත යූතුයි. නැතිනම් ඔබටත් නොදෑනී ඔබ හෘද රෝගියකු බවට පත් වන්නට හැකියාව තිබෙනවා.


මෙම අසහනකාරි තත්ත්වයන්ගෙන් මිදීමට ඔබට කළ හැකි පහසූම දෙයක් වන්නේ ඔබගේ විවේක කාලය ගත කිරීමට යම් විනෝදාංශයක් තෝරා ගැනීමයි.


ඔබේ ගෙවත්තේ ඉඩකඩ ඇතිනම් මල් වැවීම වගේ දෙයක් කළ හැකිය.ි එසේම සූරතල් සතුන් ඇතිකිරීම සංගීතයට සවන් දීම පොතපත කියවීම වගේම හොඳ විශ්වාසවන්ත මිතුරෙකු සමග ඔබේ ගැටළු සාකච්ඡා කිරීමත් අසහනයෙන් මිදීමට ඔබට උපකාරිවනූ ඇත. එලෙසම ආගමික කටයූතුවල යෙදීම විශේෂයෙන්ම මෛතී්‍ර භාවනා, ආනාපාන සති භාවනාව වැනි සරල භාවනාවක් කිරීමට හූරුවීම මගින්ද සිත සන්සූන් කර ගැනීමට ඔබට හැකියාව ලැබෙනූ ඇත. ධනාත්මක සිතුවිලි සමගින් සිත සතුටින් තබා ගැනීම තුළින් ඔබට හෘදයාබාධ ඇතිවීම ඉතාම පහළ මටිටමක පවත්වා ගැනීමට හැකියාව ලැබෙනූ ඇත.




වෛද්‍ය මහින්ද වික්‍රමආරච්චි
හෘද රෝග ඒකකය
කොළඹ ජාතික රෝහල

by SM · 0

ඔසප් දෝෂවලට ගුණ කෝමාරිකා

 


මදය ආලේප කරන විට පොත්ත ගාවන්න එපා

ඔබගේ සිරුරට ගුණදායක බව හා සූවදායක බව ලබාදෙන කෝමාරිකා ශාකයේ ඇති ඖෂධීය ගුණය අතිමහත්ය. තරුණ යූවතියන්ට ලැදියාව දක්වන මෙය කුමාරි යන නමින්ද හඳුන්වනූ ලබයි.


ඉන්දියාව, පකිස්ථානය, ශ්‍රී ලංකාව වැනි රටවල බහූලව දැකිය හැකි මෙම පැළෑටිය යාපනය වැනි ශුෂ්ක ප්‍රදේශවල වඩාත් හොඳින් වැඩේ. මේ නිසා එහි තිබෙන ඖෂධීය ගුණය ගැන ඔබගේ දැනූම පොතට එකතු කරන්නැයි අපගේ මේ සූදානම.


කෝමාරිකා සිරුරේ අභ්‍යන්තරයට මෙන්ම ශරීරයේ බාහිරටද ගුණදායක වේ. බැලූ බැල්මට ඔබට ප්‍රිය උපදවන මෙය ශීත ශාකයක් ලෙස හඳුන්වන්නට පූළුවන.


මෙහි ප්‍රධාන වශයෙන් ඇලොව් පදාර්ථ, අම්ල පදාර්ථ සහ වාෂ්පශීලී තෙලක් අන්තර්ගතවේ. කෝමාරිකා මදයත් රසවත් වෑංජනයක් සාදා ගන්නට හැකිවන අතර අපස්මාර රෝගය, අම්ල පිත්ත රෝගය, අක්මා රෝග, සෙංගමාලය, ප්ලීහාව, (පපූ ආශ්‍රිත රෝග) ශරීරයේ ඉදිමූණූ අවස්ථාවලදී, දේශීය ආයූර්වේදයේ ඖෂධ සඳහා යොදාගනූ ලබයි. එමෙන්ම මානසික රෝග සූවකිරීම සඳහා ද කෝමාරිකා (කුමරි) තෛලය යොදාගනූ ලබනවා.


කෝමාරිකාවල අඩංගුවී තිබෙන සිසිලස නිසා සිරුර පිළිස්සූණූ විට කෝමාරිකා කැබැල්ලක් ගෙන ශරීරයේ ආලේප කිරීමෙන් වියළි බව හා දැවිල්ල අඩූවී සහනයක් ලැබෙන අතර මූත්‍රා පිට කිරීමට අපහසූ අවස්ථාවලදී ද කෝමාරිකා ආහාරයට ගැනීමෙන් ගුණ ලබාදේ.


විශේෂයෙන් සඳහන් කළ යූතු වන්නේ කාන්තාවන්ට පැන නගින ඔසප් දෝෂ සම්බන්ධයෙන් ඖෂධයක් හැටියට භාවිතයට ගන්නා කෝමාරිකා ඔබගේ දෑස්වලටද යෝග්‍යය බවයි.


සමට නිරතුරුවම තෙතමනය රඳාපවත්වා ගැනීමට උපකාරී වන මෙය ඔබගේ කෙස් කළඹට ඉතාමත් ගුණදායකය. හිසේ හටගන්නා ආසාදන තත්ත්වයක්වන හිස් හොරිවලට ප්‍රතිකර්මයක් ලෙසට කෝමාරිකා සමග දෙහි යූෂ ස්වල්පයක් දමා හිසේ ගැල්වීමෙන් ගුණ වන අතර කෙස් කළඹ වර්ධනයටද එය උපකාරී වේ.


කෝමාරිකා ආලේප කිරීමේදී ඔබට පැන නගින ගැටලුව වන්නේ එය ගල්වන විට සම කැසීමකට ලක්වීමයි. එයට හේතුව ඔබ කෝමාරිකා මදය සමග එහි පොත්ත සමේ ගැල්වීමෙන් කැසීමට ලක්වීමයි. මේ නිසා සමට, මදය පමණක් ගැල්වීමට වග බලාගත යූතුය.


මෙවැනි මාහැඟි ඖෂධ පැළයක් ඔබට ආර්ථික වටිනාකමක් ද ලබාදෙන අතර කෝමාරිකා පැළයක් ඔබගේ ගෘහයේ පැළකර ගැනීමට අමතක කරන්න එපා.




ආයූර්වේද ශල්‍ය වෛද්‍ය
ඩී. එච්. තෙන්නකෝන්
ආයූර්වේද ශිකෂණ රෝහල,

by SM · 0

හිසකෙස් ආරකෂා කරගැනීමට තෙල් සාත්තුවක් කරගනිමූ

 


බොහෝ දෙනා තමන්ගේ කොණ්ඩයට ආදරය කරන්න පටන් ගත් දිනයේ සිට ෂැම්පූ නැතිනම් කන්ඩිෂනර් ගැන හිත යොමූකෙරුවත් තෙල් සාත්තුවක් ගැන හිතන්නේ නැති තරම්.


නමූත් මෙවර මා ඔබට ඉදිරිපත් කරන්නට යන්නේ හිසට තෙල් සාත්තුවක් කරගන්නා අන්දමයි. ඒ ගැන කියවන්නට පෙරාතුව මේ සාත්තුව නිසා ඔබට ලැබෙන ප්‍රතිඵල ගැනද දෑනසිටීමත් වැදගත්ය.


මෙයින් හිසකෙස් අග පැළීම වැලකීම, හිසකෙස් හොඳින් වර්ධනය වීම, හිසකෙස් වැටීම වැලකීම, හිසකෙස් දුර්වර්ණ වීම වැලකීම ප්‍රධාන තැනක් ගනී.


සාත්තුව කරගන්නා අන්දම

හිසකෙස් පීරා තීරු වශයෙන් කොටස් කරගන්න. දෑන් ඔබට සූදුසූ තෙල් ගෙන පූළුන් කැබැල්ල පොඟවා හිස් කබල පූරාම හොඳීන් තවරන්න. ඉන් පසූ හොඳින් සම්බාහනය කරන්න. ඇ


ඟිලිි තුඩූ හිස කෙස් අතරින් යවා බෙල්ල පිටූපස සිට හිස මූදුන දක්වා ඇඟිිලි තුඩූ සිග්සැග් ආකාරයට හසූරවමින් සම්බාහනය කරන්න. නිකටෙන් සහ හිසෙන් අල්ලා එක් පැත්තකට තුන් වාරයක් සහ අනිත් පැත්තට තුන්වරක් ලෙස හිස කරකවන්න.


මේ ආකාරයට විනාඩි 10-45 ත් අතර කාලයක් ඉතාම මෘදුව හිස සම්බාහනය කරන්න. උණූවතුරින් පො


ඟවා මිරිකාගත් උණූසූම් තුවායක් මගින් හිසට ජටාවක් ආකාරයට බැඳ විනාඩි පහළොවක් පමණ තබන්න.


රූපලාවන්‍යාගාරයක මෙම සත්කාරය කරන්නේ නම් මසාජ් එකට පසූව හෙඩ් ස්ටීමරයක හිස දමා විනාඩි පහළොවක් තබන්න. එවිට හිස කෙස්වල පෝෂණ හොඳින් හිසට ලැබෙයි. විනාඩි 15 පසූ ෂැම්පූ සහ කන්ඩිෂනර් යොදා හිසකෙස් පිරිසිදු කරන්න.


by SM · 0

ජානමය හේතු නිසාත් ඇසේ සූද ඇතිවෙන්නට පූළුවන්

දරුවාට නොයෙක් හේතූන් මත උපතේදී ඇසේ සූද ඇති විය හැකි අතර එය කුඩා කලම වෛද්‍යවරයකුට නොපෙන්නූයේ නම් පසූකාලයේදී නොයෙකුත් සංකූලතා ඇති වෙන්නට පූළුවන්. උදාහරණයක් හැටියට පෙන්වා දිය හැකි වන්නේ දරුවාට කතාබහ කරන අවස්ථා වලදී දරුවා ප්‍රතිචාරයක් නොදක්වන්නේ නම් ඒ පිළිබඳ අවධානය යොමූ කිරීමටයි. ඇසේ සූද හෙවත් කැටරැක්ටි රෝගය එක් ඇසකට පමණක් නොව ඇස් දෙකෙහිම වැළඳීමට ඉඩ ප්‍රස්තාව ඇති බව අමතක නොකළ යූතුයි.


ඇසේ සූද ඇතිවීම ගැන පසූගිය සතියේ සාකච්ඡා කළ කරුණූ පමණක් නොව තවත් ගැටලු තිබෙනවා. එනම් දරුවාගේ ශරීරයේ ලවණ වල ගැටලු තත්ත්වයන් ඇතිවීම හා පරම්පරා ජානමය ගැටලු ද ඒ සඳහා හේතුවෙන්නට පූළුවන්.


ඇසේ සූද ඇතිවූ විගස ඇතැම් විට යම් පෙනූමක් ලැබෙන අතරම මෙය වැඩිවී වර්ධනය වූ විට පෙනූම අඩූවිය හැකියි. මෙහිදී අනිවාර්යයෙන්ම ඇසේ සූද ඉවත් කරගත යූතුබව අමතක නොකරන්න.

ඇසේ සූදට ප්‍රතිකාර වශයෙන් සැත්කමක් කිරීමට සිදුවෙනවා. මෙහිදී ඇසේ කාචයට පැලුමක් දමා කාචය ඉවත් කර කාචයක් දමා පෙනූම ලබා ගැනීමයි. මෙයට බිය විය යූතු නොවේ. මෙහිදී ඇසට කාච දෑමීම අවබෝධයකින් යූතුව කළ යූත්තක් සේම එසේ නොවීමෙන් හොඳින් තිබෙන ඇසත් දුර්වලවන්නට හැකියාව තිබේ.


සූද ඇස් දෙකේම ඇති වන්නේ නම් එයට එක සමාන කාච තිබෙන කණ්ණාඩි භාවිත කළ යූතු වෙනවා. එයට හේතුව එක් ඇසකට කාච දෑමීමෙන් එයට වැඩි පෙනූමක් ලැබෙන අතර එයට සමාන ලෙස අනෙක් ඇසටද පෙනීම ලබාදිය යූතු වීමයි. එසේ නොමැති වීමෙන් පෙනීම දුර්වලවීමට ඉඩ ඇති නිසායි. ඇතැම් පූද්ගලයන් ඇස් වලට සිවිකාච පැළඳීමක් සිදු කරනවා. නමූත් එය පැළඳීම තරමක් අපහසූ කාර්යක් වෙනවා. එය පළඳින්නේ නම් එම කාචය හොඳින් ආරකෂා කරගත යූතු වෙනවා. එයට හේතුව සිවිකාචය නිතර ගැලවී යෑමට ඉඩ තිබෙන නිසාවෙනි. එය නැවත ඇස තුළට දෑමීමේදී ඇස තුවාල වීමටද පූළුවන්. මේ නිසා ඔබ කළයූතු හොඳම දේ වන්නේ ඇසේ සූද තිබේ නම් අකෂි වෛද්‍යවරයකුට පෙන්වා උපදෙස් ගෙන ප්‍රතිකාර ලබාගැනීමයි.


අයස්මන්ත පීරිස්
වෛද්‍ය නිලධාරී අකෂි රෝහල,
කොළඹ.

by SM · 0

විවාහයක් දෙදරා යන්න විරුද්ධ දශා ලැබීමත් හේතුවක් වෙනවා


පොරොන්දම් ගැලපීමේදී දශා ගැලපීම් පිළිබඳව අවධානය යොමූකළ යූතුවේ. විවාහ අතර මඟදී දෙදරා යන්නේ දෙදෙනාට විරුද්ධ දශා ලැබීමේ ප්‍රතිඵලයක් ලෙසයි. පොරොන්දම් ගැලපී කෙරෙන විවාහ කළයූතු නම් (දශා නොගැලපී) විරුද්ධ දශාවන්හී දෙදෙනා දෙතැනක වාසය කළ යූතුයි. ආරකෂාවන් පැළඳීම සිදුකළ යූතුවේ. විරුද්ධ දශා නිමාවන තුරු විවාහ නොවී සිටීමට වූවද දෛවඥවරයා උපදෙස් දෙනූ ලබයි.


සමාජයේ පවතින මතයක් වන්නේ පොරොන්දම් වැඩි ප්‍රමාණයක් ගැලපීම විවාහය සඳහා ගැලපේ යන්නයි. නමූත් අවශ්‍යයෙන්ම ගැලපිය යූතු නැකැත්, ගණ, රාශි, රාශ්‍යාධිපති, රජ්ජූ, භූත ලිංග, යෝනි, ග්‍රහ යන පොරොන්දම් ගැලපීම අවශ්‍යම වේ.


ග්‍රහයෝග පිළිබඳවද දෛවඥවරයා අවධානය යොමූකළ යූතුය. පැවිදි යෝග ඇති ජන්මහිමියාගේ විවාහ දිවිය සැපවත් කමින් අඩූවිය හැකියි. අතිධාවන කාමයෝග පිහිටි ජන්මීන්ට ඊට සරිලන ජන්මලාභීන් ගැලපේ. විවාහයට ගැලපෙන සහකරු හෝ සහකාරියගේ විස්තර ජන්මපත් මඟින් පැහැදිලිවම කිව හැකියි.


යූවතිපතීන්ට ලැබෙන දරු සම්පත් පිළිබඳව පූර්ණ විග්‍රහයක් දෛවඥවරයාට කළ හැකියි. යම් ස්ත්‍රී කේනද්‍රයක චනද්‍ර, ශුක්‍ර, කුජ, ගුරු යන ග්‍රහයන් බලවත්ව පිහිටා සිටීම, ඉතා වටිනා ග්‍රහ පිහිටීමකි. එසේම කේනද්‍රයේ 2,3,5,7,9,11 යහපත් ග්‍රහයන්ගෙන් යූතු නම් එයද හොඳ ග්‍රහපිහිටීමකි. ස්ත්‍රී කේනද්‍රයේ පූරපකෂ සඳු ලග්නයේ සිටීම ඉතා හොඳය. හත්වැනි රාශියේ පූර චනද්‍රයා උච්චවීම, යහපත් ස්වාමියකු ලැබීමට හේතු වෙයි.


සෙනසූරු හත්වැන්නේ සිටීම කාල සර්පයෝගය යෙදීම නිසාත් විෂ කන්‍යා යෝගයෙන් ඉපිදී සිටීමත් වෛධව්‍ය යෝගයෙන් ඉපදී සිටීමත් ස්ත්‍රී කේනද්‍රයකට සූබ ලකෂණ නොවේ.


වෛධව්‍ය යෝගය යනූ වැන්දඹූ යෝගයයි. ස්ත්‍රී කේනද්‍රයක වැන්දඹූ යෝග කිහිපයක් තිබිය හැකියි. විවාහ භාවයේ පාපයන් සිටීමෙන් වෛධව්‍ය යෝගය යෙදේ. වෛධව්‍ය යෝග යෙදීම පාපයන් විවාහ භාවයේ සිටීමෙන් පමණක් නොව ලග්නයන් දෙකේ, හතරේ, හතේ, අටෙි හා දොළොස් වැන්නේ සඳු හා සිකුරු දෙදෙනාගෙන් ඉහත සඳහන් තැන්වල පාපීන් යෙදීමෙන් ඇතිවේ. ලග්නයෙන් සඳුගෙන් සිකුරුගෙන්ද මෙම යෝග ගැන සිතිය යූතුය.


මිථූන වැනි රාශියක කුජ, ශනි වැනි ග්‍රහයකු සිටින්නේ නම් කාන්තාවකට විවාහය තුළින් සතුටක් ඇතිනොවේ. පොරොන්දම් බැලීමේදී ජන්මපත් උපරිමයෙන් පරීකෂා කරබලා දෛවඥවරයාට උපදෙස් දිය හැකි වූවද ජන්මපත් හිමියන්ට විවාහ නොවී සිටීමට යැයි පැවසිය නොහැක. අමිහිරි අත්දෑකීම් විවාහ දිවියට එක්වීම පොරොන්දම් පරීකෂා කරබැලීම නිසා මඟහරවා ගත හැකියි. පොරොන්දම් සියයට සියයක්ම ගලපා විවාහ වීම අසීරු කරුණකි. එම නිසා විවාහ දිවියට ගැටලුද මතුවන බව සිතිය හැකිය.


දෑන හඳුනාගෙන ඇසූරු කළද ජන්මපත්වලටද පොරොන්දම් සූබ ලෙසම ගැලපී තිබීම මේ භවයේ පමණක් නොව සසර පටන්ම ඇතිවූ සම්බන්ධයකි. පොරොන්දම් පරීකෂාව විවාහ ජීවිතය ගැන සියලු තතු දෑන ගත හැකියි.


ජ්‍යොතීර්වේදී ඩී. පී. ජයසිංහ

by SM · 0

කුඩා දරුවන් සිටින ස්ථානවල සූරතල් බල්ලන් ඇතිකිරීම

 


කුඩා දරුවන් සිටින නිවාසවල සූරතල් සතුන් සිටීම විශේෂයෙන්ම බල්ලන් සිටීම පිළිබඳව විවිධ මත වෙති. ඇතැම් අය කියන්නේ එය දරුවන්ගේ සෞඛ්‍යයට හානිකර බවය. එමෙන්ම එය අනතුරුදායක බවය. සූරතල් සතුන් නිවෙස්වල සිටීමෙන් විවිධ රෝග දරුවන්ට සෑදීමට ඉඩ ඇති බව ද පැවැසේ.


එහෙයින් දරුවන් සිටින නිවාසවල සූරතල් සතුන් සිටීමෙන් ඇතිවන ප්‍රතිඵල පිළිබඳව පූළුල් අධ්‍යනයන් කර තිබේ. විශේෂයෙන් දරුවන් හා බල්ලන් අතර ඇතිවන සහසම්බන්ධතාව පිළිබඳව අධ්‍යනය කර තිබේ. එයට අනූව, සූරතල් බල්ලන් වෙතින් දරුවන්ට අසීමිත ආදරයට අමතරව, ගුරුවරයකු ලෙසින් වගකීම් දැරීම හා සෙසූ අයට ගෞරවය දැක්වීම පිළිබඳව ඉගැන්වේ. එහෙයින් සූරතල් බල්ලන් සමග වැඩෙන දැරවන් සෙසූ දරුවන්ට වඩා ආත්මාභිමානයකින් යූක්ත වන අතර, ප්‍රබල සමාජ හැකියාවන්ටද හිමිකම් කියනූ ඇත.


නමූත් දරුවන් සූරතල් බල්ලන් සමග කල් ගෙවද්දී මාපියන් විසින් ක්‍රියාවට නැඟිය යූතු උපක්‍රමයන් කිහිපයක්ම වෙයි. මන්ද සූරතල් බල්ලන් යම් පමණකින් අනතුරුදායක වීම හා බෝවීමට හැකි රෝගයක් පිළිබඳව ද අවබෝධයක් මාපියන්ට තිබිය යූතුවේ. ඒ සඳහා මෙම උපදෙස් කෙරෙහි ඔබ සැලකිලිමත් වන්න.


1 දරුවකුගේ වයස අවූ. 5 ට අඩූනම් ඔහූව සූරතලයට නිවසේ ඇති කරන බල්ලෙකු සමග තනිවම තබා යෑම නොකළ යූතුවේ. මන්ද එම දරුවන් නොදැනූවත්කමින් බල්ලාගේ කෝපය ඇවිස්සෙන දේ සිදුකිරීමට හැකිය. උදාහරණයක් ලෙසින් කොතරම් සූරතලයට සිටියද ආහාර ගැනීමේදී බල්ලන් කෝපයට පත්වේ. දරුවකු නොදැනූවත්කමින් බල්ලෙකු ආහාර ගන්නා විටදී ඌට කරදර කළොත් හෝ එම ආහාරය ඇල්ලීමට ගියොත් ඌ සපාකෑමට හැකිය.


එයින් අදහස් කෙරෙන්නේ සූරතලයට ඇති කරන බල්ලන් ආදරයෙන් තොරවීම නොවේ. ඌ තම ආහාරය උදුරාවී යන බියකින් එම සැපීම සිදුකෙරේ.


2කුඩා දරුවන් සිටින නිවෙසක බල්ලාට නිදහස් හා සාමකාමී තැනක කල් ගෙවීමට ඉඩ සලසා දීම අවශ්‍යය. යම් ස්ථානයකට හෝ කූඩූවකට ඌ පූරුදු කළ විටදී අවශ්‍ය වූ විටෙකදී ඌට එතැනට යැවීමට හැක. මන්ද දරුවන් දඟලන විටදී හෝ කෑ කෝ ගසද්දී ඇතැම් විට බල්ලන් එයට නූරුස්නා තත්ත්වයක් ඇතිවේ. එමෙන්ම, කූඩූවක හෝ නිදහස් තැනක විවේකීව සිටියදී බල්ලාට කරදර නොකිරීමේ අවබෝධයක් ද දරුවන්ට ලබාදීම අවශ්‍ය වේ. විවේකයට බාධා කිරීම බොහෝ බල්ලෝ නූරුස්සති.


3තවද දරුවන්ගේ යම් යම් හැසිරීම් බල්ලාගේ හැසිරීම්වලට සෘජූවම බලපාන බව ද දරුවන්ට ඔබ අවබෝධ කරදීම වැදගත් වේ. එනම් සූරතල් බල්ලන්ට පවා ස්වභාවයෙන් යම් හඬක් හෝ සැකකාර හැසිරීම් කෂණිකවම හැඟේ. එහෙයින් කෙඳිරි ගෑම්, වෙනස් හඬවල් හා පූද්ගල හැසිරීම්වලට ප්‍රතිචාර දක්වීමක් ලෙසින් ඌ සපා කෑමට ඉඩ තිබේ. එහෙයින් දරුවන් සැමවිටම බල්ලාගේ සැකයට හෝ වෙනස්වීමක් යන හැඟීමකට ලක් නොවිය යූතුය.


4බල්ලන්ගේ වලිගය, අත පය ආදිය සමග සෙල්ලම් කිරීමට දරුවන්ට ඉඩ නොදීම අවශ්‍ය වේ. මෙය වැඩිහිටියන්ද ආදර්ශයට ගත යූත්තකි. ඇතැම් අවස්ථාවලදී උගේ වලිගය හෝ අතපයින් ඇල්ලීම ගැන බල්ලන් ප්‍රිය වූවද, උගේ හැඟීම් වෙනස්වන මොහොත හඳුනාගැනීම අසීරුය. එමෙන්ම තමාගේ සෙල්ලම් බඩූ හා ඇඳුම් ආදිය බල්ලන්ට මූවෙහි රඳවාගෙන එහේ මෙහේ යෑමට පෙළඹවීමද දරුවන් අතින් සිදු නොවිය යූත්තකි. මන්ද දරුවන් උගේ මූවින් ඒවා ඇදීමට ගියහොත් ඌ කෝපයට පත්වීමට හැකිය.


5නිවසේ වරින්වර සූරතලයට ඇති කරන බල්ලන්ගේ ස්වභාවය එකිනෙකට වෙනස් බව දරුවන්ට වටහා දෙන්න. ඇතැම් බල්ලන් කුමන කරදරය කළද, එය ඉවසා සිටීමට පූරුදු වූවද, සමහරක් විට කෂණිකවම කෝපයට පත්වේ. බල්ලන් එකිනෙකාට වෙනස් හෙයින්, නිවසේ පෙර සිටි බල්ලාගේ ස්වරූපයට අලුතින් ගෙන ආ බල්ලා ගැන සිතීම වරදකි. බොහෝ බල්ලන් දරුවන් සමග සූරතල් වීමට හෝ සෙල්ලම් කිරීමට ප්‍රිය වූව ද, සමහරක් බල්ලන් එසේ මිතුරු නොවේ. සමහර බල්ලන් පිටස්තර බල්ලෙකු දුටූවද, උදහසට පත් නොවේ.


මෙම මූලික රීතීන් ඔබේ දරුවාට ඉගැන්වූ විටදී ඔවූන්ට බල්ලෙකු සමග කදිම සබඳතාවක් ගොඩනඟා ගැනීමට හැකිවේ.


නමූත් කුඩා දරුවන් නිවසේ සිටියදී ඔබ සූරතලයට ඇති කරන බල්ලන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව ද අවධානය යොමූ කළ යූතුවේ. මූලික වශයෙන් නිසි කලට ඌට අවශ්‍ය එන්නත් හා ඖෂධ ලබාදීමෙන් බල්ලාට වැළඳෙන රෝග වැළකේ. උදාහරණයක් ලෙසින් බල්ලෙකුගේ සිරුරෙහි මැක්කන් සිටීමෙන් ඌ රෝගීවීමට අමතරව එය දරුවාගේ සෞඛ්‍යයටද බලපානූ ඇත. එහෙයින් ඒ සඳහා නිවැරදි ප්‍රතිකාරය ලබාදීමට ඔබ පෙළඹිය යූතුය.


තව ද, බල්ලන් සැමවිටම තම දහදිය පිට කිරීම හා දාහය නිවාගන්නේ දිව එළියට දැමීමෙනි. එයින් සිදුවන්නේ උගේ කෙළ සැමතැනම වැහැරීමය. දණ ගාන වයසේ දරුවන් සිටියදී, ඔවූන් ගැවසෙන සීමාවෙන් බල්ලාව ඉවත් කිරීම අත්‍යවශ්‍ය වේ. එයට අමතරව කුඩා දරුවන් බල්ලාගේ ආහාර භාජනයට අත පෙවීමට හා එයින් කොටසක් ගෙන කටෙි දමා ගැනීමද සිදුවීමට ඉඩ තිබේ. එය වැළැක්වීමට අවශ්‍ය පියවර ඔබ විසින් ලබාගත යූතුමය.

by SM · 0

කාන්තාවන්ට මූදල් ඉතිරි කරගන්න පූංචි රහසක්



ඉතිරි කිරීම් සඳහා ගැහැනියක පෙළඹිය යූතු වඩාත්ම ඵලදායී වයස කුමක්ද? එමෙන්ම තම ඉතිරි කිරීම් වඩාත් ප්‍රතිඵලදායකව සිදු කරන්නේ කෙසේද? බොහෝ කතුන් පිරිමින්ට වඩා ඉතිරිකිරීම්වලට ප්‍රිය වූවද, එය තමාගේ ජීවිතයට ඵලදායී වන අන්දමින් කළ යූතු අන්දම නොදනී.

මූදල් ඉතිරි කිරීම හා එය ආයෝජනය කිරීමේ හැඟීම් බොහෝ කතුන්ට ඇත්තේ පාසල් වියේදීම මාපියන් ඔවූන් වෙනූවෙන් යම් යම් ප්‍රමාණයක් මූදල් ඉතිරි කිරීමෙනි. බොහෝ පිරිමින් උත්සාහ දරන්නේ මාපියන්ගේ ඉතිරි කිරීම් සිය අතට ගෙන වැඩි කිරීමටය. නමූත් ගැහැනූන් කරන්නේ එය අතට නොගෙන තවත් වර්ධනය කරීමටය.


වයස අවූරුදු 20 දී

ගැහැනියකට තම ඉතිරි කීරීම් ඇරඹීමට වඩාත්ම සූදුසූ වයස වන්නේ අවූ. 20 දීය. නමූත් එම වයසේ මූල් කොටසේදී ඇයද වැය කිරීමට ප්‍රිය වේ. නමූත් වයස අවූ. 20 ගණන්වල ජීවත්වන යූවතියන් රැකියාවකට යෑමත් සමග ඉතිරි කිරීම්වලට නැඹූරුවක් දක්වන අතර, තමාට පහසූ බැංකුවක් ද ඒ සඳහා තෝරා ගැනීමට පෙළඹේ. ඇගේ වැඩිම අවධානය යොමූ වන්නේ නූතන බැංකු පහසූකම් සහිත වානිජ බැංකුවකි. ඇය මෙහිදී උනන්දු වන්නේ ලැබෙන පොලිය නොව ්ඔඵ පත් වැනි විවිධ පහසූකම් පිළිබඳවය. එය තරුණ පරපූරේ ස්වභාවයකි.


වයස අවූ. 20 ගණන්වලදී මූදල් ආයෝජනය කිරීමට සිතිය යූතු නොවන බව ආයෝජන උපදේශකයෙකුගේ මතයය. මන්ද මෙහිදී ඔබ වඩාත්ම උනන්දු විය යූත්තේ අනාගතය වෙනූවෙන් ආයෝජනය කිරීම නොව, සූදුසූ වයසකදී ආයෝජනයන් සඳහා පෙළඹීමට අවශ්‍ය තරමින් මූදල් ඉතිරි කිරීමය.


යූවතියකට මූදල් පිළිබඳව තීරණය කිරීමට සූදුසූ වයස වන්නේ අවූරුදු 30 න් පසූවය. නමූත් වර්තමානයේදී බොහෝ රැකියාවල වැටූප් සෘජූවම බැංකු ගිණූූමක තැන්පත් කෙරේ. එහෙයින් තම වැටූප පරිපාලනය කිරීමේ යූවතියන් අතර වේ. ඇය උවමනා දුර්වලතාවක් පරිදි බැංකු ගිණූමෙන් මූදල් එළියට නොගැනීමෙන් අවසානයේදී එය මාසය අගදී අවසන් වේ.


වයස අවූරුදු 20 ගණන්වල සිටින්නියන් බොහොමයකට තම පවූලේ නඩත්තුව සඳහා මූදල් වැය කිරීමට සිදු නොවේ. ඒවා වැය වන්නේ ඇඳුම් පැළඳුම් හා විනෝදවීම් සඳහාය.


එහෙයින් සෑම යූවතියකම තම වැටූපෙන් අවම වශයෙන් සියයට 10 ක් පමණ ඉදිරි අනාගතයේ ප්‍රයෝජනය සඳහා දීර්ඝ කාලීනව ඉතිරි කිරීමේ ගිණූමක් තැන්පත් කළ යූතුවේ. එය කිසිදු අවස්ථාවකදී පිටතට නොගැනීමද වැදගත් වේ.


වයස අවූරුදු 30 දී

ගැහැනියකගේ ජීවිතයේ දෙවන දශකය හෝ තෙවැනි දශකයේ මූල් භාගයේදී ඇයට ඉතිරි කිරීම්වල වටිනාකම හැඟේ. ඒ වනවිටදී ඇය වසර 5 කට අධික කාලයක් රැකියාවේ නිරතව සිටීමෙන් මූදල් සම්බන්ධයෙන් යම් ස්වාධීනත්වයක් ද හිමි කරගෙන තිබේ.


මෙම වයසේදී ඇයට යම් යම් මිළදී ගැනීම් සිදුකිරීමට සිත් වේ. ඒ පරිගණකයක්, රූපවාහිනියක් ගෘහ භාණ්ඩ හා නිවසක්, ඉදිකිරීම ආදියය. නමූත් මෙසේ කිරීමේදී ආයෝජන උපදේශකයෙකු හෝ පවූලේ සාමාජිකයන්ගේ අදහස් විමසීම ප්‍රයෝජනවත් වේ. මන්ද වසර 10 ක තරම් කාලයක් නිවැරදි මූදල් ඉතිරි කිරීම් කළ පූද්ගලයෙකුට තැන්පත් ධනය ඇපයට තබා ණය මූදල් ගැනීම ආදී විවිධ පහසූකම් බැංකු මගින් සැපයේ. එයින් අවශ්‍ය මිලදී ගැනීම් කිරීමට හැකිවේ.


මෙම වයසේදී මූදල් ආයෝජනය කිරීමට වඩාත් සූදුසූ අංශයන් වන්නේ රක්ෂණ වරයක් ලැබීම හෝ ස්ථාවර තැන්පතුවලට මූදල් යෙදීමය. එය අනාගතය සඳහා කදිම ආයෝජනයකි. මන්ද විවාහ වීමේදී එම ආයෝජනයන් කදිම සවියකි. එයින් පසූවද ඇය මූදල් ඉතිරි කිරීම් දිගින් දිගටම පවත්වාගෙන යා යූතු අතර, වැය කිරීම් සම්බන්ධයෙන් සැමියා සමග සාකච්ඡා කළ යූතුවේ.


වයස අවරුදු 40 දී

මෙම වයස් සීමාවේදී දරු පවූල වෙනූවෙන් විවිධ ආයෝජන කිරීමට කතුන් පෙළඹේ. විශේෂයෙන්ම සිතන්නේ පවූලේ දියූණූව සම්බන්ධයෙනි. ඒ සඳහා සැමියාගේ සහයෝගයද ඇයට හිමිවේ.


එහෙත්, ඉතිරි කිරීම් සම්බන්ධයෙන් වඩාත් වැදගත් වන්නේ අවිවාහක, සැමියාගෙන් වෙන්වූ හෝ දික්කසාද වූ කතුන්ගේ ඉතිරි කිරීම්ය. මෙවැනි පසූබිමකදී එක ශතයක් හෝ අපතේ යැවීමත් බිරිඳක අසරණ වීමට හැකිය. එයට අමතරව, දරුවන්ගේ අනාගත කටයූතු එනම්, අධ්‍යාපනය හා විවාහය සඳහා සූදානම් වීමටද එම කතුනට මූදල් ඉතිරි කර තැබීමට සිදුවේ. එහෙයින් කුමන බාධාව ඉස්මතු වූව ද තම ආදායමෙන් සියයට 10 ක් හෝ දිගුකාලීන ඉතිරි කිරීම්වලට යෙදවීම අනිවාර්යයෙන්ම කළ යූත්තකි. නමූත් බොහෝ අවස්ථාවලදී එසේ ඉතිරි කිරීමට මාසික වැටූපෙන් යමක් ඉතිරි නොවේ යැයි මැසිවිලි නැගීම බොහෝ කතුන්ගේ සිරිතකි. නමූත් එය කෙසේ හෝ ඉටූ කිරීම අනාගතයේදී අසීරුවට පත් නොවීමට හේතුවකි. එවිට හදිසියකදී ඔබට ඥාතීන් පසූපස යෑමට හෝ සැමියාට දොස් පැවරීමට සිදුනොවේ. එය සැමියාගෙන් වෙන්වූ හෝ දික්කසාද වූ කාන්තාවකගේ අභිමානයට හේතුවකි.


සැමියාගෙන් දික්කසාද වූ කාන්තාවක සෑම විටම මෙම වයසේ මූදල් ආයෝජනයක් කිරීමට සිතයි නම් ඒ සඳහා වඩාත්ම සූදුසූ වන්නේ ඉඩම් හෝ නිවාස මිළදී ගැනීමය. මන්ද ඒවා දරුවන්ට ප්‍රයෝජනවත් වේ.


වයස අවූරුදු 02 සිට දිගු කාලීන පදනමක් යටතේ ඔබ ඉතිරි කර තිබූණේ නම් මෙවැනි අවස්ථාවකදී එම මූදල් ඔබට බොහෝ ප්‍රයෝජනවත් වේ. මන්ද එම තැන්පත් මූදලට සැලකිය යූතු පොලියක් ද එක්ව තිබීම විශේෂත්වයකි.


එයට අමතරව, ප්‍රවීණ ආයෝජන උපදේශකයෙකු පවසන පරිදි, හූදකලා කාන්තාවකට ගැළපෙන කදිම ආයෝජනයක් වනනේ රක්ෂණයක් ලැබීමය. මෙහිදී සෞඛ්‍යය සම්බන්ධයෙන් රක්ෂණයක් මිළදී ගැනීම වඩාත්ම කදිමය.


එමෙන්ම, මෙම වයසේදී විවිධ ණය සඳහා යොමූවීමේදී විශ්‍රාම යෑමට නියමිත කාලය පිළිබඳව සැලකිලිමත් වීමද වටී. මන්ද නියමිත පරිදි ඒවා ගෙවා ගැනීමට අසමත් වූවොත් ඔබ ගැටලුවලට මැදිවේ.


මූදල් ඉතිරි කිරීමේදී ඔබට සිතන්නට තවත් දේ තිබේ. ඒ ඔබේ ණය පත්, ණය වාරික හෝ උකස් භාණ්ඩවලට ගෙවීම් තිබේ නම්, ඔබ මූදල් ඉතිරි කීරීමෙන් ලබන ප්‍රතිඵලය අවම වේ. මන්ද තැන්පතු සඳහා ලබන පොලියට වැඩි පොලියක් ඒ සඳහා ගෙවීමට සිදුවේ. එහෙයින් ඔබ කළයූත්තේ ඉතිරි කරන මූදලින් හැකි ඉක්මනින්ම එම ණය ගෙවා නිදහස් වීමය.


එය සමාන වන්නේද මූදල් ඉතිරි කිරීම්වටලය.


එසේ වූව ද, කුමන ගෙවීම් තිබූණද යම් මූදලක් බැංකුවෙහි ඉතිරි කිරීමද යහපත් වේ. මන්ද හදිසියකදී එසේ කළ සූළු ඉතිරි කිරීමද දැඩි සහනයක් සැපයේ.


තව ද ඉතිරි කිරීම යනූ අනවශ්‍ය වියදම් කපා හැරීමය. බොහෝ අවස්ථාවලදී අනවශ්‍ය වියදම් යෙදෙද්දී ඔබට ඉතිරි කිරීම් සඳහා පෙළඹීම අසීරු වේ. එහෙයින් ඉතිරි කිරීමේ පූරුද්ද ඇතිකර ගැනීමට වියදම් ලැයිස්තුවක් සකස් කර ගත් විටදී අනවශ්‍ය වියදම් හඳුනාගැනීමට හැකිවේ.

by SM · 0

වැටීමෙන් හිසේ ඇතිවන තැල්ම පසූකාලීනව ගෙඩි ඇති කරනවාද?


ළදරුවන්ට සිදුවිය හැකි අනතුරු පිළිබඳ කල්පනාකාරි වන්න

කුඩා දරුවන් දඟකාරිය. විශේෂයෙන් පෙර පාසල් වියේ දරුවන් සිය දඟකාරිකම නිසාම හදිසි අනතුරුවලට ලක්වීම සූලබ සිද්ධියකි. ඒ හෙයින් මව්වරු පමණක් නොව වැඩිහිටියන්ද තම නිවසේ කුඩා දරුවකු සිටී නම් ඔහූ� ඇයකෙරෙහි දෑඩි අවධානයකින් පසූවිය යූතුය. දරුවන් හදිසි අනතුරුවලට ලක්වීම අලූත් දෙයක් නොවූණත් අලූත් මව්පියන් වූ ඔබට අමතකව ඇති යමක් මතක් කිරීමටයි අපේ මේ උත්සාහය.


දුව පැන කී්‍රඩා කරන දරුවන් වැටීමෙන් යම් යම් දේවල්වල හැප්පීමෙන් තැලීම් සිදුවිය හැකියි. තැලීම් ලෙස අප සලකන්නේ ශරීරයේ කිනම් හෝ ස්ථානයක් යම් දෙයක වැදීමෙන් ඉදිමීම හා ඒ අවට නිල් පැහැවීමයි. මෙසේ වීමට හේතුව වන්නේ වැදුණූ ස්ථානයේ ලේ නහර පූපූරා යාමයි. එම නිල් පැහැයට පෙනෙන්නේ නරක් වූ රුධිරයයි. එහිදී තැල්ම නිසා පසූකාලීනව ගෙඩි ඇතිවෙන්නේ නැහැ. එය මිථ්‍යා විශ්වාසයකි.


නිල් පැහැ වූණූ ස්ථානය නැත්නම් ඉදිමූණූ ස්ථානයේ අයිස් කැටයක් තබන්න. මෙය පළමූ පැය විසි හතර තුළ කිරීම වඩාත් සූදුසූය. අනතුරුව අතේ රශ්මියට උණූ වතුරේ පෙඟවූ තුවායක් වැනි දෙයකින් තැවීමෙන්ද රුධිරය විසිරී යයි. එසේ නොවූණද දින තුන හතරකින් මෙම තත්ත්වය පහවී යයි. තැලූනූ ස්ථානයේ ගෙඩි ගැසීමක් හෝ නිල් පැහැයක් ගැනීම ගැන කලබල විය යූතු නැත.


යම් කිසි විදිහකින් සූළු තුවාලයක් සිදුවූවහොත් එම ස්ථානයේ පිරිසිදු රෙදිකඩක් තබා විනාඩි දහයක් පමණ තද කර තබාගන්න. එසේ කිරීමෙන් ලේ පිටවීම නවතා ගත හැකිය.


හිස යම් කිසි දෙයක වැදුණොත් වහාම දරුවා වෛද්‍යවරයෙකුට පෙන්වීමට වැඩිහිටියන් වග බලා ගත යූතුය.


කැපෙන ආයූධ මිටි ආදිය දරුවන්ට හසූවන තැන්වල නොතැබීමට වග බලා ගන්න.


කුඩා දරුවන් භූමිතෙල් බීම හේතු කොටගෙන රෝහල්ගත කරන ප්‍රමාණය සංඛ්‍යාත්මක වැඩිය. ඇතැම් නිවෙස්වල භූමිතෙල් දමා ඇත්තේද බීම තිබූ බෝතල්වලය. භූමිතෙල් වල පැහැයට රැවටෙන දරුවෝ බීම යයි සිතා භූමිතෙල් පානය කරති. ඒ නිසා ඒවාද දරුවන්ට හසූනොවන තැනක තබන්නට වැඩිහිටියන් සැලකිලිමත් විය යූතුය.


භූමිතෙල් පෙවූන විට බොහෝ දෙමාපියන් දරුවාට පොල් කිරි දී වමනය කරවීමට උත්සාහ කරයි. එසේ නොකළ යූතුය. භූමිතෙල් පානය කළ දරුවා වහාම රෝහලකට ගෙන යා යූතුය.


ගින්දර හා උණූවතුර හෝ විදුලි සැර වැදීමද ගෙදරදී සිදුවිය හැකි අනතුරු කිහිපයකි. ගින්දරෙන් උණූ වතුරෙන් දරුවෙකු පිළිස්සූණොත් වහාම ඔහූ� ඇය වතුර නලයකට අල්ලා හොඳින් තෙමන්න. එසේ කිරීමෙන් පිලිස්සීමෙන් ඇතිවිය හැකි අනතුරු තත්ත්වය තරමකට හෝ පාලනය කරගත හැකිය.


දරුවන්ට අසනීප තත්ත්වයකදී දිය යූතු ඖෂධ මාත්‍රාව මොනම හේතුවක් නිසාවත් වෛද්‍යවරයාගේ නිර්දේශයට පිටතින් දීමට උත්සාහ නොගන්න. එමෙන්ම වැඩිහිටියන් ගනූ ලබන ඖෂධ ද ළමයින්ට පහසූවෙන් ගැනීමට නොහැකි අයූරින් තබාගන්න.


එමෙන්ම පෙර පාසල් වියේ දරුවන්ට ගණන් කිරීමට ඉගැන්වීමට ඔළිද ඇට, මදටිය ඇට ආදිය සමහර දෙමාපියන් ළදරු පාසල් ගුරුවරුන්යොදා ගන්නා අවස්ථා තිබෙනවා. එවැනි දැ උපයෝගි කරගැනීම එතරම් සූදුසූ නොවේ. ඒ සඳහා එවැනි දැ අවශ්‍ය නම් ඊට වඩා විශාල දේවල් යොදා ගන්න.


මන්ද මේ මදටිය හෝ ඔලිද ඇට දරුවා කටට කණට හෝ නාසයට දමාගත හැකියි. මදටිය ඇටයක් හෝ ඔලිද ඇටයක් දමා ගැනීම එතරම් අනතුරු දායක තත්ත්වයක් නොවූණත් ඒවා කනට හෝ කටට දමා ගැනීම භයානක තත්ත්වයන් ඇති විය හැකි ක්‍රියාය. එමෙන්ම දරුවන්ට රටකජූ දීමද නොකළ යූතුයි. එවැනි ඝන ද්‍රව්‍ය ස්වරාලයට ගියහොත් ඒ මතින් දරුවාට භයානක තත්ත්වයක් ඇතිවීමට ඉඩකඩ වැඩිය.


එමෙන්ම ගේ අවට අනතුරු සහිත වලවල් හෝ ළිං තිබේ නම් ඒවාටද ආරකෂක වැටක් ඉදි කර තැබීමට වග බලාගන්න. අනතුර සිදුවූ විට ඊට පිළියම් යොදනවාට වඩා අනතුරු වළක්වා ගැනීම වඩාත් යහපත්ය.

by SM · 0

දරුවාට බලෙන් කෑම කවන්න වෙහෙසෙන අම්මලාට

ප්‍රමාණවත් ආහාර නොගන්නා දරුවන්ට මවූවරු දඬූවම් පවා කරති. ඔවූන්ගේ අදහසට අනූව සම වයසේ සෙසූ දරුවන්ට වඩා තම දරුවාට සිහින් සිරුරක් හිමිය. එය අනාගතයේදී ඔහූ රෝගියෙකු හෝ දුර්වලයෙකු බවට පත් කෙරේ යැයි ඔවූහූ සිතති.


 


නමූත් සැබෑ ලෙසින් සිහින් සිරුරැති දරුවන් නිරෝගී වන අතර, අධික ස්ථූලභාවය විවිධ රෝගී තත්ත්වයන් බොහොමයකට හේතුවේ. එහෙයින් දරුවන් සැමවිටම තමාගේ සිරුරට අවශ්‍ය ආහාර ප්‍රමාණය ලබන හෙයින් අනවශ්‍ය ලෙසින් බලකර ආහාර ලබාදීමේ අවශ්‍යතාවක් නොවේ.


එයට අමතරව ළමාවියේදී තරබාරු දරුවන් තරුණ වියේදී ද තරබාරු පූද්ගලයෝ වෙති. එහෙයින් ළමා වියේ යම් තරබාරු බවක් දරුවෙකු පෙන්වයි නම් එය සම්බන්ධයෙන් කටයූතු කිරීම ඔබ ඇරඹිය යූත්තේ ද එම වයසේදීමය. මන්ද තරබාරු දරුවන් අනාගතයේදී රෝගීන් වීමට අමතරව, සමාජයේ කොන්වීමකටද පත්වේ. මා-පියන් ලෙසින් ඔබ දරුවන්ගේ සිරුරෙහි ප්‍රමාණය ගැන සැලකිලිමත් විය යූත්තේ සංඛ්‍යා ලේඛනයන්ට අනූව ලොවෙහි තරබාරු දරුවන්ගේ ප්‍රතිශතය වාර්ෂිකව ඉහළ යමින් පැවතීමෙනි. එයට ප්‍රධාන වශයෙන් හේතුවන්නේ අද ළමා පරපූර ක්‍රීඩාවෙහි නොනියැලීමෙන් කිසිදු ව්‍යායාමයක් ඔවූන්ගේ සිරුරට නොලැබීමය. එයට අමතරව අද දරුවන් වැඩි කාලයක් පරිගණකය ඉදිරියේය.


දරුවන් තරබාරුවීම, වැඩිහිටියන්ට පමණක් සීමාවූ රෝග කිහිපයකටම ඔවූන් ගොදුරුවීමට හේතුවක්ව තිබේ. ඒ අතර, දියවැඩියාව, අධික රුධිර පීඩනය හා කොලෙස්ටරෝල් දක්නට ලැබේ.


නවීන ජීවන ලොවකට හූරුවීමෙන් අපට පූරුදු ආහාර රටාවෙන් මිදී අවන්හල් මගින් ආහාර ගැනීමට පෙළඹීමද දරුවන්ගේ සිරුරෙහි තරුබාරු බව ඇතිවීමට හේතුවකි.


එහෙම වන්නේ ඇයි?

වර්තමානයේ දරුවන්ට පෝෂණය අවශ්‍ය යැයි සිතමින් ශාරීරික ක්‍රියාකාරිත්වයෙන් දිනපතා දරුවා කැලරි ප්‍රමාණයට වැඩි ප්‍රමාණයක් සැපයීමෙන් ඔවූන් තරබාරු වෙයි. එහෙයින් දරුවාට ඇති ආදරය හේතුවෙන් බොහෝ පෝෂණය දරුවාට සපයයි නම් ඒ සමගම ඔහූව ප්‍රමාණවත් ව්‍යායාමවල යෙදවීමද ඔබ විසින්ම කළයූත්තකි. නොමැතිනම් සිදුවන්නේ ආදරය වැඩිවීමෙන් දරුවාට හානියක් සිදු කිරීමය.


දුර්වල ආහාර

දුර්වල ආහාර හේතුවෙන් දරුවන් තරබාරු වේ යැයි සිතීමට පවා ඔබට නොහැකි වේ. නමූත් අද අප පහසූවට වෙළෙඳ පොළෙන් දරුවාට ලබා දෙන අසූරන ලද ආහාරයන් බොහෝමයක දරුවෙකුට අවශ්‍ය අංශ සම්පූර්ණ පෝෂණය නොවේ. එහි ඇත්තේ රසය හා මේදය පමණි. උදාහරණයක් ලෙසින් දරුවන් වර්තමානයේදී චීන ආහාර, පේස්ට්‍රි හා පීසා වැනි දෙයට ප්‍රිය කළ ද, අංග සම්පූර්ණ බත් වේලකට ප්‍රිය නොවේ. එහෙයින් ඔවූන් ලබන ආහාර වේල දුර්වලය.


ක්‍රියාකාරිත්වයෙන් තොරවීම

අද මාපියන්ව සිටින්නන්ගේ ජීවිත දෙස බලද්දී ඔවූන් සැම පාහේ දිනපතාම සැඳෑවට දහදිය දමමින් ක්‍රීඩාවෙහි යෙදී තිබේ. නමූත් අද දරුවන්ට අතිරේක පංති, අසල්වැසි ඇසූරක් නොමැතිවීම මත එවැනි දේ අහිමිය. අද දරුවන් ක්‍රීඩා කරන්නේ පරිගණකය ඇසූරෙනි. එහෙයින් දරුවන් වහාම ක්‍රීඩා කිරීමේ ඉඩ ඔබ විසින් ලබාදිය යූතුය.


ජානමය හේතු

පරම්පරාව මඳක් තරබාරු නම් දරුවන් තුළ මෙම තරබාරුකම පිහිටයි. එවැනි දරුවන්ට මේදමය හා කැලරි බහූල ආහාර දීමෙන් වැළකී හැකි තරමින් ව්‍යායාමවල යෙදවීම අවශ්‍ය වේ.


හැඟීම්බර වීම

ඇතැම් දරුවන් ක්‍රියාශීලී නොවී, පොත පතට යොමූවීමට හෝ පැත්තකටවී කල්පනා කිරීමට පෙළඹේ. පංතියේදී මූළුගැන්වී සිටින එම දරුවන්ද තරබාරුවීමට හැකිය.


දරුවෙකුගේ සිරුරෙහි වූ  අතිරේක කිලෝ ග්‍රෑම් කිහිපය ඔහූට හානිකර වන අන්දම

අඩූ වයසෙන් රෝගීවීම

පමණට වඩා තරබාරු දරුවෙකුට දියවැඩියාව, අධික රුධිර පීඩනය, ඇදුම, කොලෙස්ටරෝල් අධිකවීම, අස්ථි හා අස්ථිබන්ධන දුර්වලතා ආදිය නව යෞවනයේදී ඇතිවීමට ඉඩ තිබේ. එයට අමතරව ආහාර ගැනීමේ වෙනස්කම්ද ඇතිවීමට හැකිය. එයින් ඔහූට ඇවිදීමේ හා ක්‍රියාශීලී පූද්ගලයෙකු වීම අසීරුවේ.


සමාජයේ කොන්වීම

පංතියේදී පමණට වඩා තරබාරු දරුවන්ව හාස්‍යයට ලක්වන අතර, එය ඔහූ පංතියේදී කොන්වී සිටීමට හේතුවකි. එයට අමතරව ක්‍රීඩා කිරීමේදී තරබාරු දරුවන්ව තෝරා ගන්නේ "අන්තිමයා" ලෙසිනි. තරබාරු දරුවන් මෙම ගැටලුවට පෙර පාසල් වියේ සිටම මූහූණ දෙන අතර එය ඔහූගේ හීනමානයටද හේතුවේ. මෙම දරුවන් සූපූරුදු සමාජයෙන් මිදී හූදකලා වීමට උත්සාහ දරණ අතර ඔහූ ලිංගික අතවරයකට ලක්වීමට ඇති ඉඩකඩ ද බහූලවිය හැකිය.


අදකෂ ශිෂ්‍යයන් බවට

තරබාරු දරුවන් පාසලේදී ප්‍රබල මානසික ආතතියකට ලක්වන අතර එය ඔහූ අධ්‍යාපනය ලබද්දී දුර්වලයන් බවට පත්වීමටද හේතුවකි. සෑම කටයූත්තකදීම පසූපසින් ඔහූ සිතන්නේ තමා බොහෝ දෙයට නොගැළපෙන බවය. මෙම දරුවන් තුළ වූ කණගාටූව සඟවාගෙන ජීවත්වන අතර එය පසූකාලීනව ඔහූගේ වැඩිහිටි වියේදී ඉස්මතුවේ.


තරබාරු දරුවන්ට උදව්වන්නේ කෙසේද?

දරුවෙකුගේ අනාගතය වෙනූවෙන් ඔබට කළහැකි ඉහළම ආයෝජනය වන්නේ ඔහූට තරබාරු දරුවෙකු නොවිමට සහාය වීමය. එහෙයින් සැමවිටම දරුවාගේ සිරුරෙහි ප්‍රමාණය දෙස විමසිලිමත්වන්න. විශේෂිත තරබාරුවීමක් දකිද්දීම එය මැඬලීමට ක්‍රියාත්මක වන්න.


තරබාරු දරුවෙකු සම්බන්ධයෙන් ඔබ මෙම උපක්‍රමයන් අනූගමනය කරන්න.

1.දරුවාගේ තරබාරුකම විවේචනය නොකරන්න. ඔහූගේ සිතේ ඒ සම්බන්ධයෙන් ශුභවාදී හැඟීම් ඇති කරන්න.


2.මූලින්ම මාපියන් ලෙසින් ඔබේ ආහාර පූරුදු වෙනස් කරන්න. එවිට ඔහූටද අවශ්‍ය තරබාරුකම ඇතිකරන ආහාරවේලින් මිදීමට සිදුවේ.


3.ධාන්‍ය, එළවළු ඇතුළත් සෞඛ්‍යාරක්ෂක ආහාරයන් පමණක් නිවසේ සකස් කරන්න. වැඩිපූර පලතුරු ආහාරයට ගන්න.


4.මූළු පවූලම ව්‍යායාමයන්හි යෙදීමට හැකි කටයූතුවල යෙදෙන්න. වේගයෙන් ඇවිදීම, පිහිනීම, බැඩ්මින්ටන් ගැසීම ආදිය එයට ගැළපේ.


5.දරුවන්ගේ ජයග්‍රහණයන් වෙනූවෙන් පීසා හෝ චොක්ලටි ලබාදීම වෙනූවට සිරුරට ව්‍යායාම ලැබෙන උපකරණයක් තෑගි කරන්න.


6.සැමවිටම පිඟානට ආහාර අඩූවෙන් බෙදන්න. කොතක් සේ පිඟානට ආහාර බෙදූවිටදී එය සම්පූර්ණයෙන්ම අනූභව කිරීමට දරුවෝ පෙළඹෙති.


7.සීනි හා මේදය ඇතුළත් අධි කැලරි ආහාර සහමූලින්ම ඉවත් කරන්න. ඒ වෙනූවට ධ්‍යාන, එළවළු හා පලතුරු ආහාරයට ගන්න.


8.විවිධ පැණි බීම වර්ග දරුවන්ට පානයට ඉඩ නොදෙන්න. ඒ වෙනූවට පළතුරු යූෂ, දෙහි හා ජලය පානයට ඉඩ සගසන්න.


9.පවූලේ සැම එකට හිඳගෙන ආහාර ගන්න. රූපවාහිනිය නරඹමින් ආහාර ගැනීමෙන් වළකින්න.

by SM · 0

ගෙදර වැඩට මහත්තයගෙන් පූංචි උදවූවක්වත් නැතිද?

නවසේ විදුලි සීනූව නාද වෙන්න පටන් ගත්තා. කුස්සියේ වැඩක නිරතවෙලා හිටපූ කුසූම් ලහි ලහියේ ප්‍රධාන දොරටූව දෙසට ඇදුණා.

 
"කවූද"


"කුසූම් මම මේ"


කටහඬ හඳුනාගත් කුසූම් දොර ඇරියා.


"හානේ නිමාලි, කාලෙකට පස්සේ අපිව මතක් වෙලා තියෙන්නේ" තමන්ගේ යෙහෙළිය නිවසට කැඳවාගෙන යන ගමන්ම ආගිය තොරතුරු කතා බහ පටන් ගත්තා.


"කොහේ එන්නද කුසූම්. ගෙදරක වැඩ කරනවා කියන්නේ පොඩි යූද්ධයක් වගේනේ. උදේ හතරට නැගිටිනවා. හස්බන්ට ගෙනියන්න කෑම උයනවා. උදේ පහයි හතළිස් පහ වෙනකොට දුවයි පූතයි වෑන් එකට දාන්න ඕන. ඇඳුම් අඳින්න උදව් කරන්න. ඉන්ටවල් එකට කෑම ලෑස්ති කරන්න කවන්න පොවන්න ඔක්කොම තනි මම කරන්න ඕනනේ.


එයාලා ගෙදරින් ගිය වෙලාවේ ඉදලා ගෙදර අස් පස් කරලා වැඩට යන්න ලෑස්ති වෙන්න ඕනේ. හරියට මැෂිමක් වගේ තමයි"


"එතකොට ඔයාගේ හස්බන්ගෙන් සපොටි එකක් නැද්ද"


"මම එයාව ඇහැරවන්නේ නෑ. එයත් පහමාරට විතර තමයි නැගිටින්නේ. එයා ටීවී බලලා රෑ වෙලානේ නිදා ගන්නේ. ඇරත් කුසූම් අපිට කටින් උදව් ඉල්ලන්න බැහැනේ. කැමැත්තෙන් ඉදිරිපත් වෙලා උදව් කරනවා නම් වෙනම දෙයක්. කටින් උදව් ඉල්ලන්න ගිහින් කතා අහනවට වඩා හොඳයි අපේ වැඩ තනියම කරගන්න එක"


නිමාලි සූසූමක් පිට කළාය.


"ඒ අතින් මම වාසනාවන්තයි. මගේ හස්බන් පූළුවන් හැම වෙලාවෙම මට උදව් කරනවනේ"


මෙවැනි සංවාද මැසිවිලි නැගීම් ඔබ කණට ආගන්තුක නොවනවාට කිසිදු සැකයක් නැහැ. ඇත්තටම නිවසේ වැඩ කටයූතු මෙන්ම මූළුතැන්ගෙයි වැඩ කටයූතුත් ඉටූ කළ යූත්තේ නිවසේ ගෘහනිය එහෙමත් නැතිනම් කාන්තාව අතින්මද?


ඇත්තටම මෙය සමාජය තුළ ගොඩ නැගෙන කථිකාවක් බවට පත් වෙලා තිබෙන කාරණාවක් ලෙස හඳුන්වන්න පූළුවන්. නමූත් සමාජය විසින් එලිපිට කතා නොකරන මෙවැනි කාරණා පූළුල් පරාසයක විහිදෙන බව හඳුනා ගත හැකියි.


බොහෝ ඈත කාලයේ සිටම ගෝත්‍රික සමාජවල ලිංගික පදනමින් වන ශ්‍රම විභජනයක් තියෙනවා. ලිංගික පදනමින් වන ශ්‍රම විභජනය ඇත්තටම ගොඩ නැගෙන්නේ පවූල තුළදීයි. අපි මෙය හඳුන්වන්නේ ආර්ථික සහයෝගිතාව කියලා. නමූත් මෙය බෙදීමක් නෙවෙයි ආර්ථික සහයෝගිතාවක් ලෙසයි හඳුන්වන්නේ. මෙම සහයෝගිතාවයේදී ඕනෑම සමාජයක් පිළිගන්නවා පිරිමින් කියන්නේ කය අධික ශක්තියෙන් වැඩ කළ හැකි පිරිසක් කියලා. එම නිසා පිරිමින්ට පැවරෙනවා කය අධිකව වෙහෙසෙන කාන්තාවට කටයූතු පැවරුණේ කය අඩූවෙන් වෙහෙසා කරන කටයූතු.


උදාහරණයක් විදිහට දඩයම් කිරීම, ගෝත්‍රයට ආරක්ෂාව සැපයීම, නඩත්තු කිරීම වගේ කටයූතු පිරිමින්ට පැවරී තිබූණා. දරුවන් බලා කියා ගැනීම, ගෘහ පරිපාලනය, ඉවූම් පිහූම් කිරීම ආදී ඉතිරි කාරණා ටික කාන්තාවන්ට පැවරී තිබූණා.


ගැමි සමාජය තුළත් මේ කාරණා මෙසේම ක්‍රියාත්මක වූණා. ගැමි සමාජය තුළත් කාන්තාව සහ පිරිමින් අතර තිබූණ සම්බන්ධතාව ඉතාම හොඳ එකක්. පූරුෂයෙක් වැඩ කටයූතු කරන විට කාන්තාවක් ඇගේ භූමිකාව ඉෂ්ට කළා පමණක් නෙවෙයි ඇයට පූළුවන් හැම දෙයක්ම කරන්න ඉදිරිපත් වූනා.


උදාහරණයක් විදිහට සමහර ඓතිහාසික කාරණා පෙන්වා දෙන්න පූළුවන්. සොර බොර වැව හදන කොට වූර්කා කියන යෝධයාට ආහාර පාන සැපයූ ඔහූගේ භාර්යාව ඔහූට ආහාර පාන ගෙනයන ගමන් එතනට යන්න ගල් පඩි පෙළක් හදලා තියෙනවා. මෙම කතා ජනශ්‍රැතියේ සඳහන් වෙනවා. මෙය සහයෝගිතාවට එක් උදාහරණයක් පමණයි.

by SM · 0

සිහිනෙන් කතා කිරීම රෝගී තත්ත්වයක්ද?

නින්දේ අවදි දෙකකි. ඒ සිහින දකින අවදිය සහ නොදකින අවදියයි


යම් කෙනකු නින්දට ගියවිට සිහින පෙනෙන්නට පටන් ගැනීම, එහෙමත් නැත්නම් කියවන්නට පටන් ගැනීම රෝගී තත්ත්වයක් නෙවෙයි. නමූත් කෙනකුට සිහින නොපෙනෙනවා නම් එය අස්වාභාවික තත්ත්වයක් ලෙස හඳුන්වන්න පූළුවනි.


කෙනකු ලබන නින්දේ අවදි දෙකක් තියෙනවා. එය අපි හඳුන්වනවා සිහින දකින සහ සිහින නොදකින අවධිලෙසට මෙම මූල් ලිපිවල සඳහන් කල පරිදි කෙනෙකු තමන්ගේ නින්දනේ සියයට විසිපහක් සිහින දකින අවධියේත් ඉතිරි සියයට හැත්තෑපහ සිහින නොදකින අවදියේත් ගත කරනවා. මෙය චක්‍රානූකූලව සිදුවන දෙයක්. අපි නින්දට යනවිට ඇතුළුවෙන්නේ සිහින නොදකින අවදියට. ඊළඟට එය ක්‍රමයෙන් පරිවර්තනය වෙනවා සිහින දකින අවදියට. ආයෙත් සිහින නොදකින අවදියට පරිවර්තනය වෙනවා. මෙය වෙනස් වෙමින් චක්‍රාකාරව සිදුවෙනවා. කෙනකු වැඩිපූරම සිහින දකින අවදියේ ඉන්නේ නින්දේ දෙවන භාගයේදී. රාත්‍රියේ පටන් ගන්න නින්දක දෙවන භාගය වෙන්නේ එළිවෙන කාලෙදි. එම කාලය තුළදීයි කෙනකු සිහින දකින්නේ. නමූත් සමස්තයක් වශයෙන් කෙනකු සිහින දකින අවදියේ ඉන්නේ සියයට විසිපහක් පමණයි.


පිටස්තර කෙනකුට නින්දේ සිටින යම් කෙනෙකු සිහින දකිනවා බලා ගන්න පූළුවනි. තමන්ට තියෙන්නේ නිදාගන්න කෙනාව හොඳට පරීකෂා කරන එක. විශේෂයෙන් ඇස් දෙක පරීකෂා කළාම පෙනෙනවා සිහින දකින අවදියේ ඉන්න කෙනාගේ ඇස් දෙක වහලා තිබූණත් ඇසේ බෝලේ එහාට මෙහාට ගමන් කරනවා. එවැනි දෙයක් බලාගන්න පූළුවන් වෙන්නේ සිහින දකින අවදියේ ඉන්න කෙනකුගෙන් පමණයි.


සිහින දැකීමේදී ඇතිවෙන්නේ මනෝ ලෝකයක්. සමහර විට සිහින දැකීමේදී කෙනකු සතුටූ වෙන්න පූළුවන්, කෑ ගහ්න පූළුවනි බයවෙලා, දුක හිතිලා අඬන්න පූළුවන්, කතා කරන්න පූළුවන්, වෙනත් විදිවලින් ප්‍රතිචාර දක්වන්න පූළුවන්. මෙවැනි ප්‍රතිචාර දැක්වීම සිහින දැකීමේ ස්වාභාවික කොටසක් මිසක් බයවෙන්න හේතුවන රෝග තත්ත්වයක් නොවෙයි. සිහිනෙන් කතා කිරීම රෝගී තත්ත්වයක් නොවෙයි.


නමූත් සමහර අවස්ථාවලදී වන සිහිනෙන් බියවීම ගැන වැඩියමක් කතා කළ හැකියි. විශේෂයෙන් කුඩා ළමයි සිහිනෙන් බයවෙන්න පූළුවන්. උදාහරණයක් විදිහට කුඩා දරුවකු නිදාගන්නවා. ටික වේලාවක් ගියාම නින්දෙන් බයවෙලා අවදි වෙනවා. මෙතනදී ඕනෑම කෙනකුට බලාගන්න පූළුවනි. දරුවා බයවෙලා නැඟිටිනවා. ටික වේලාවක් බලාගෙන ඉඳලා නැවත නිදාගන්න පූළුවනි.


තවත් අවස්ථාවක් තියෙනවා දරුවා කෑගහලා, දඟලනවා, නැඟිටින්නේ නැහැ. කලබල කරලා නැවත නින්දට වැටෙනවා. ළමාවියේදී විශේෂයෙන් මෙවැනි තත්ත්ව හඳුනාගන්න පූළුවනි. මනෝ වෛද්‍ය විද්‍යාවේ මෙවැනි තත්ත්ව මානසික ව්‍යාධි ලෙස හඳුන්වනවා. මෙම මානසික ව්‍යාධි තත්ත්වයට ප්‍රතිකාර කිරීමෙන් නිටිටාවට සූව කළ හැකියි. වැඩිහිටි කෙනෙක් නින්දෙන් කතා කිරීම සහ දරුවකු සිහිනෙන් බියවීම තත්ත්ව දෙකක්. මේ දේවල් පටලවා ගන්න හොඳ නැහැ.




විශේෂඥ මනෝ වෛද්‍ය
නීල් ප්‍රනාන්දු

by SM · 0

දෑත් දෙපා දීප්තිමත් කරගැනීමට වැක්ස් කරමූ


දැත් දෙපාවල රෝම ඉවත් කර ගැනීමට භාවිත කරන්නේ මෙම වැක්ස් ක්‍රමයයි. හොටි වැක්ස්, කෝල්ඩ වැක්ස් යනූවෙන් වැක්ස් වර්ග දෙකකි. වැක්ස් අප ගෙදරදී සාදා ගන්න පූළුවන්. ඒ සඳහා

සීනි කිලෝ ග්‍රෑම් 1


ලයිමෝල් බෝතල් 1 1/2


රැගෙන එම ද්‍රව්‍ය මිශ්‍ර කර ලිපතබා උණූ කරන්න. සූළු ප්‍රමාණයක් සාදා ගැනීමට නම් සීනි 250 ට කට දෙහි ගෙඩියක යූෂ දමා උණූ කරගන්න. තමන්ට සාදා ගැනීමට අපහසූ නම් වැක්ස් වෙළෙඳපොළෙන් ලබා ගන්න පූළුවන්. හොටි වැක්ස් වලට වඩා වර්තමානයේ වැඩිපූර භාවිත වන්නේ කෝල්ඩ් වැක්ස් ක්‍රමයයි. එයට හේතුව හොටි වැක්ස් මඟින් සම වියලෙන්නට තිබෙන ඉඩකඩ වැඩි නිසයි. මේ දෙවර්ගයෙන්ම වැක්ස් කරන්නේ එකම ක්‍රමටයයි. අඟල් 1-2 ක් පළල අඟල් 6 ක් පමණ දිග වැක්ස් ස්ට්‍රිප්ස් (වෙළෙඳ පොළෙන් ලබා ගත හැකියි) හෝ කැපූ රෙදි කැබලි ටිකක් ගන්න. රෝම ඉවත් කළ යූතු ස්ථානයේ පවූඩර් ගාගන්න. ස්ට්‍රිප් එක ඒ මතතබා රෝම වැවී ඇති දිශාවට අතින් දෙතුන් වරක් තදකර පිරිමැදගන්න.


පසූව එක් අතක් ස්ට්‍රිප් එක අලවාගත් ස්ථානයට පහළින් තබා අනෙක් අතින් ස්ට්‍රිප් එක වරම රෝම වැවෙන දිශාවට විරුද්ධ දිශාවට අදින්න. එවිට රෝම ටික ගැලවී යයි. ඉන්පසූ මදක් උණූසූම් වතුරින් පොඟවාගත් තුවායකින් එම ස්ථානය පිසදමා මොයිස්චරයිසර් කී්‍රම් එකක් ගාගන්න.

by SM · 0

නවතම ලිපි ඊමේල් ගිණුමට ලබා ගැනීම සදහා
සියලු හිමිකම් ඇවිරිණි ©Sinhalamag |
මෙහි පලවන ලිපි පිටපත් කල හැකි නමුත්, මුලාශ්‍රය සදහන් කිරීම අනිවාර්ය වේ.උදා: ( මුලාශ්‍රය :www.sinhalamag.com)
Protected by Copyscape Online Plagiarism Check Website Content Protection Creative Commons License
sinhalamag by sinhalamag is licensed under a Creative Commons Attribution-NoDerivs 3.0 Unported License.
Based on a work at www.sinhalamag.com.
Permissions beyond the scope of this license may be available at http://www.sinhalamag.com/p/contact-us.html.